NEDA Biz Matale District

NEDA Biz Matale District Providing business development services

09/09/2025

🤖✨ COLOMBO ROBOTICS MEETUP 2025 ✨🤖

Are you ready to explore the future of robotics and innovation in agriculture? 🚀

Join us for an inspiring one-day gathering where technology meets creativity, and new opportunities take root in the agriculture sector!

📅 Date: 12th September 2025
🕗 Time: 8:30 AM onwards
📍 Venue: NSBM Green University

🔗 Register now and be part of the AgriTech revolution!
[Scan the QR code on the poster]

Contact us -
+94 (071) 4483055

Let’s shape the future of agriculture—today! 🌍💡

🤖✨ COLOMBO ROBOTICS MEETUP 2025 ✨🤖

කෘෂි කර්මාන්තයට අදාලව රොබෝ විද්‍යාවේ සහ නවෝත්පාදනයේ අනාගතය ගවේෂණය කිරීමට ඔබ සූදානම්ද? 🚀

තාක්ෂණය නිර්මාණශීලීත්වය සපුරාලන සහ කෘෂිකර්ම අංශයේ නව අවස්ථා මුල් බැස ගන්නා ආශ්වාදජනක එක්දින රැස්වීමක් සඳහා අප හා එක්වන්න!

📅 දිනය: 2025 සැප්තැම්බර් 12
🕗 වේලාව: පෙ.ව. 8.30
📍 ස්ථානය: NSBM හරිත විශ්ව විද්‍යාලය

🔗 දැන්ම ලියාපදිංචි වී කෘෂි තාක්ෂණික විප්ලවයේ කොටසක් වන්න!
[ඒ සදහා මෙම පෝස්ටුවේ ඇති QR කේතය පරිලෝකනය කරන්න.]

වැඩිදුර විමසීම් සදහා අමතන්න...
+94 (071) 4483055

කෘෂිකර්මාන්තයේ අනාගතය අද දින හැඩගස්වමු! 🌍💡

මධ්‍යම පලාත් ව්‍යවසායක ඔබ වෙනුවෙන්...
09/09/2025

මධ්‍යම පලාත් ව්‍යවසායක ඔබ වෙනුවෙන්...

🌟 Central Province Entrepreneur Awards 2025 🌟

Are you one of the leading entrepreneurs driving growth and innovation in the Central Province? This is your moment to shine! ✨

Recognizing and celebrating the Best Entrepreneurs of Central Province, the Entrepreneur Awards 2025 is now open for applications. 🏆

📌 Application Closing Date: October 15, 2025

📥 Applications & Instructions: 👉 www.mdccia.lk

For inquiries:
📞 070 2224000 | 📧 [email protected]

Organized by National Enterprise Development Authority (NEDA) & Matale District Chamber of Commerce, Industry and Agriculture.

✅ Don’t miss this golden opportunity to gain recognition and showcase your entrepreneurial journey!

🌟 මධ්‍යම පළාත් ව්‍යවසායක සම්මාන උළෙල - 2025 🌟

ඔබ මධ්‍යම පළාතේ ප්‍රමුඛ ව්‍යවසායකයෙකුද? මේ ඔබ බැබළීමට මොහොතයි! ✨

මධ්‍යම පළාතේ හොඳම ව්‍යවසායකයින් හඳුනා ගැනීම සඳහා මධ්‍යම පළාත් ව්‍යවසායක සම්මාන උළෙල සඳහා අයදුම්පත් දැන් කැඳවා ඇත 🏆

📌 අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2025 ඔක්තෝබර් 15

📥 අයදුම් කිරීම සහ වැඩිදුර උපදෙස්: 👉 www.mdccia.lk

විමසීම් සඳහා:
📞 070 2224000 | 📧 [email protected]

මෙම ව්‍යවසායක සම්මාන උළෙල ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ මාතලේ දිස්ත්‍රික් වාණිජ, කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබේ.

✅ ව්‍යවසායක ඔබේ ගමන් මග සමාජීය ඇගැයීමට පාත්‍ර කර වීම සඳහා ලැබෙන මෙම ස්වර්ණමය අවස්ථාව අතපසු නොකරන්න!

09/09/2025
✍️ මාතලේ දිස්ත්‍රික් ව්‍යවසායක ඔබට අවශ්‍ය  සියළු ව්‍යාපාර සේවා සපයන ආයතනයන් හි  සේවාවන් එකම වහලක් යටට ගෙනෙන OneStop Shop...
21/08/2025

✍️ මාතලේ දිස්ත්‍රික් ව්‍යවසායක ඔබට අවශ්‍ය සියළු ව්‍යාපාර සේවා සපයන ආයතනයන් හි සේවාවන් එකම වහලක් යටට ගෙනෙන OneStop Shop සංකල්පය හඳුන්වා දීමට ව්‍යවසායකත්වයේ මහගෙදර ( NEDA) උරදුන් වගයි....✍️

✍️ ඔබත් මාතලේ ව්‍යවසායකයෙකු නම් ,ඔබට උදව් කරන ආයතන හොයාගෙන ගොසින් රස්තියාදු වූ යුගය අවසන්...

✍️ එසේම ව්‍යවසායකත්වයේ මහ ගෙදර - ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) මාතලේ දිස්ත්‍රික්කයට අදාළ සියළු සේවාවන්
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ව්‍යාපාර සේවා මධ්‍යස්ථානය (BSC) හරහා ලබාදීමට සියළු කටයුතු සූදානම්....

✍️ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයට අයත්... ව්‍යවසායකත්ව සංවර්ධන විෂය පථයට අදාළ සේවාවන් රැසක් දිගුකාලයක සිට ඉටුකරනු ලබන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, දිස්ත්‍රික් මට්ටමේ දී ශක්තිමත් සේවාවක් බවට පත්කිරීමට අවශ්‍ය මානව සම්පත හා භෞතික සම්පත් සහිතව නවමු ප්‍රවේශයකින් ඔබට සේවා සැපයීමට හැකිවීම අප ලද භාග්‍යයක් වන්නේය.

✍️ කර්මාන්ත අමාත්‍යාංශය හා ක්‍රිසලීස් ආයතනයේ නවමු සංකල්පයක් මත ස්ථාපිත කොට ඇති මෙම ව්‍යාපාර සේවා මධ්‍යස්ථානය ව්‍යවසායකයන් ට අවශ්‍ය සියළු සේවාවන් එකම ස්ථානයකින් හිමිවන පරිදි ස්ථාපිත OneStop Shop මොඩලයක් වන අතර මෙරට දිස්ත්‍රික්ක 5ක් පුරා නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කොට ඇති මෙය ඉදිරියේදී සෑම දිස්ත්‍රික්කයකම ස්ථාපිත කිරීමට නියමිතය.

✍️ එසේම කර්මාන්ත අමාත්‍යාංශයේ නව ආයතනික ඒකාබද්ධකරණය හරහා අමාත්‍යාංශයට අයත් සියළුම ව්‍යාපාර සේවා සපයන ආයතනයන් හි සේවාවන් ද ව්‍යාපාර සේවා මධ්‍යස්ථානය හරහා ව්‍යවසායක ඔබ වෙත ලබාදීමට නියමිත ය.

Join us now 👇👇👇
22/11/2024

Join us now 👇👇👇

Unlock growth, credibility, and endless opportunities—registering as a limited liability company is the first step to building a professional brand and securing your business’ future!"

Join Us!

Zoom Session on Business Registration!
Organized by National Enterprise Development Authority (NEDA) in line with

Are you ready to turn your business idea into reality? Don’t miss this opportunity to learn the essentials of business registration and take your first step toward entrepreneurial success!

📅 Date: 25th November 2024 (Monday)
🕢 Time: 6:30 PM – 7.30 PM
🌐 Platform: Zoom (Meeting ID: 837 3062 7460/Passcode: BizReg)

Secure your spot today, Register now

https://forms.gle/mFZTo4Kz8Fb2oRfE9

SUBMIT THE FORM ON OR BEFORE 24TH NOVEMBER 2024

14/03/2024

ව්‍යවසායකයින් යනු රටක ආර්ථිකයේ ගාමක බලවේගයයි.

අංකුර ව්‍යවසායකයන් බිහිකරනු උදෙසා... NEDA පාසල් ව්‍යවසායකත්ව ජාතික වැඩසටහන් මාලාවේ  තවත් සාර්ථක වැඩසටහනක් දඹුල්ල ජාතික ප...
14/03/2024

අංකුර ව්‍යවසායකයන් බිහිකරනු උදෙසා... NEDA පාසල් ව්‍යවසායකත්ව ජාතික වැඩසටහන් මාලාවේ තවත් සාර්ථක වැඩසටහනක් දඹුල්ල ජාතික පාසලේ දී 2024.03.05 දින ඇරඹෙයි...🌹🎯👩‍🎓👩‍💻👩‍🔧

✍️ ගණිතය,විද්‍යාව,ඉංග්‍රීසි ඇතුළු උසස් අධ්‍යාපන ප්‍රවේශයට අත්‍යවශ්‍ය විෂයයන් අසමත්වූ මෙම සමතුන් වෘත්තීය ජීවිතය දිනන බවට ඉඟි රැසක් දිනය පුරා ලැබුවෙමි.
ඔවුන් අතර
🌹පරිගණක වෘත්තිකයන්
🌹සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන්
🌹සූපවේදීන්
🌹රූපලාවණ්‍ය ශිල්පිනියන්
🌹පෙරපාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පාලිකාවන්
🌹ආහාර නිෂ්පාදන ව්‍යාපාරිකයන්
🌹ගෘහ අලංකරණ ශිල්පීන් ඇතුළු බොහෝ ව්‍යවසායකත්ව අංකුර ඉස්මතු කරගැනීමට අපට හැකිවිය.

✍️ වැඩිහිටියන් ලෙස ඔවුනට නිවැරදි මාර්ගය පෙන්වාදීම අපේ පරම වගකීම බව උදක් ම විශ්වාස කරමි.

✍️ ඒ අවකාශය නිරන්තරයෙන් ලබාදෙන ව්‍යවසායකත්වයේ මහ ගෙදර, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය(NEDA) ප්‍රමුඛ ව,මේ සඳහා ආරාධනා කල දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිතුමන්,වෘත්තීය ප්‍රවේශය තාක්ෂණ විෂය අංශභාර ආචාර්ය මණ්ඩලය ඇතුළු සක්‍රීයව සහභාගී වූ දඹුල්ල කලාපයේ සමස්ත ශිෂ්‍ය ශිෂ්‍යාවන් 32 දෙනාගේ කණ්ඩායම ට මෙන්ම වැඩසටහන සාර්ථකව සංවිධානය කළ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමන් හා දඹුල්ල ව්‍යවසාය සංවර්ධන නිලධාරිනී නයෝමි බුලත්සිංහල මහත්මියට හා බැංකු හා මූල්‍ය ආයතන පිළිබඳ සිසුන් දැනුවත්කල දඹුල්ල මහජන බැංකුවේ කළමණාකාරතුමන්ට බෙහෙවින් ස්තූතියි.❤🙏

දිස්ත්‍රික් සම්බන්ධීකාරක,
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

යළි පිබිදෙන සංචාරක කර්මාන්තයේ ප්‍රතිලාභ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායක ඔබට හිමිකර දෙන අපි... නාඋල  Kandyan Natura...NED...
14/03/2024

යළි පිබිදෙන සංචාරක කර්මාන්තයේ ප්‍රතිලාභ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායක ඔබට හිමිකර දෙන අපි... නාඋල Kandyan Natura...
NEDA සාඩම්බර ව්‍යාපෘතිය ක්...

✍️ ව්‍යවසායකත්ව මහගෙදර හෙවත්
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) මඟින්...සංචාරක ආකර්ෂණීය භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ප්‍රජාව වෙනුවෙන්...සාඩම්බරයෙන් පිදෙන මාතලේ, නාඋල,බොබැල්ලේ පිහිටි Kandyan Natura වරලත් අලෙවිසැල හා සමස්ත අලෙවි මධ්‍යස්ථාන ව්‍යාපෘතියෙහි ප්‍රගති සමාලෝචනය හා ඉදිරි සැලසුම් සකස්කිරීම පසුගියදා බොබැල්ල පරිශ්‍රයේ දී සාර්ථකව අවසන් විය.
මේ සඳහා ව්‍යාපෘති හවුල්කරුවන් වන Kiyota Coffee පුදගලික සමාගම,Lakshara Products ආයතනය,Shyam Jem & Spice ආයතනය මෙන්ම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය වෙනුවෙන් මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක හා නාඋල ව්‍යවසාය සංවර්ධන නිලධාරී සක්‍රීයව සහභාගී වන ලදි.

✍️අර්බුද මැද ගොඩනැගෙමින් පවතින මෙම අලෙවිසැල් පරිශ්‍රය සඳහා නව සැපයුම්කරුවන් ලියාපදිංචිය දැන් ඇරඹී ඇත.

✍️ ඔබත් සංචාරක ක්ෂේත්‍රයේ ආකර්ෂණීය භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ නම් පහත සබැඳියෙන් අදම ලියාපදිංචි වී අප හා එක්වන්න.
https://forms.gle/o1vn6woDqEuLajN89
වැඩිදුර විමසීම් :0771760576/0707787538

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපතිතුමන් වන ලසන්ත කාරියප්පෙරුම මහතා ගේ සංකල්පයක් අනුව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන ඩ...
28/02/2024

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපතිතුමන් වන ලසන්ත කාරියප්පෙරුම මහතා ගේ සංකල්පයක් අනුව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ දෙදින තාක්ෂණ පුහුණු වැඩසටහන් මාලාවේ මාතලේ දිස්ත්‍රික් පුහුණු වැඩසටහන මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් 2024/02/21 හා 2024/02/22 දෙදින පුරා දිස්ත්‍රික්කයේ ව්‍යවසාය සංවර්ධන නිලධාරීන් හා ව්‍යවසායක ප්‍රජාව ගේ සහභාගිත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකයේ දී සාර්ථකව අවසන් වෙයි...

සම්පත්දායකත්වය :ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරී භාග්‍යා නාකන්දල මෙය හා හර්ෂිකා කුලසේකර මහත්මිය විසිනි.

සහයෝගය ලබාදුන් සැමට තුති...🙏🙏

Address

Matale Town

Website

Alerts

Be the first to know and let us send you an email when NEDA Biz Matale District posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NEDA Biz Matale District:

Share