Sethsiri Matale

Sethsiri  Matale Sethsiri Driving School is one of Sri lanka's biggest private driving schools. 1 නව රියදුරු බලපත්‍රයක් ලබාගැනීම
2 රියදුරු බලපත්‍රයේ වලංගු කාලය දීර්ඝ කර ගැනීම

Established in 2003, sethsiri Driving School has helped numerous students learn and pass their Sri lanka traffic driving tests and obtained their driving license.

21/07/2014

නව මාර්ග සංඥා එයි.. සුදු පාට වැඩි වේ..


මෙරට තුල මේ දක්වා භාවිතා නොකල මාර්ග සංඥා සලකුණු විශාල පරැන්මාණයක් හදුන්වාදීමට මෝටර් රථ පරරට වාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති තිබේ.
මෝටර් රථ පර ‍කවාහන කොමසාරිස් ජනරාල් එච්.එස් හරිස්චන්ද්ර මහතා පවසන්නේ නව මාර්ග සංඥා සහ පැරණි මාර්ග සංඥා ඇතුළත් නව ගැසට් නිවේදනය නුදුරේදීම පරාල්කාශයට පත්කරන බවත්, එවිට භාවිතයට ගැනෙන මාර්ග සංඥා සලකුණු සංඛ්යාටව 215කට ආසන්න වන බවත්ය.
මෙරට මාර්ග පද්ධතියට අධිවේගී මාර්ග එක්වීමත් සමගම මෙතෙක් භාවිත නොකළ මාර්ග සංඥා සහ අන්තරායක රසායනික ද්රඅව්ය පර්වීවාහනය කිරීමේදී භාවිතයට ගන්නා මාර්ග සංඥා මෙලෙස එක්වන නව මාර්ග සංඥා වන බවද හරිස්චන්ද්රව මහතා කීය.
පැවති මාර්ග සංඥා සලකුණු බොහොමයක් මෙතෙක් කහ පාටින් වර්ණ ගැන්වුවද නව මාර්ග සංඥා සුදුපාටින් වර්ණ ගැන්වෙන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය

21/07/2014

මාර්ග නීති

මෙරට සියලුදෙනාම පාහේ මාර්ග භාවිතා කරති.පොදු මාර්ගවල ගමනාගමනයට අදාලව නීතිරිති ‍රැසක් කලින් කළ පනවා ඇත.මේවා නොදැන මහාමාර්ගය භාවිතා කිරිම බුද්ධිගෝචර ක්‍රියාවක් නොවේ.

මහාමාර්ග භාවිත කරන පිරිස් ආකාර කිහිපයකට බෙදා වර්ග කළ හැකිය.
• පදිකයන් : මහා මාර්ගයේ පයින් යන අය
• මගීන් : වාහනවල ගමන් කරන අය
• රියදුරන් : රිය පදවන අය

මේ එක් එක් කාණ්ඩයට අයත් පුද්ගලයන්ට බලපාන නීති රීති පැහැදිලිව දැන ගැනීම සුදුසුය.



මාර්ග සංඥා

මාර්ග දෙපස දක්වා ඇති විවිධාකාර සංඥාවන් මෙනමින් හැඳින්වේ. මාර්ග සංඥා හඳුනා ගැනීමේ පහසුව සඳහා වර්ග 03 කට බෙදා වෙන් කළ හැකිය.

1. තොරතුරු සංඥා (Useful Signals)

පදිකයන්ට ද රියදුරන්ට ද ප්රායෝජනවත් වන තොරතුරු අඩංගු සංඥා මේ වර්ගයට අයත්ය.සාමාන්යටයෙන් තොරතුරු සංඥා නිල් පටින් දක්වා ඇත. මාර්ග විස්තර දැක්වෙන තොරතුරු සංඥා මෑතක සිට කොළ පාටින් දැක්වීම සිරිතක්ව පවතී.(Direction Signals)

2. අනතුරු සංඥා (Danger Warning Signals)

විවිධකාර අනතුරු හැඟවීමේ සංඥා මේ වර්ගයට අයත්ය.සාමාන්ය්යෙන් කහ පාටින් අනතුරු සංඥා දක්වනු ලැබේ.

3. පාලන සංඥා (Regulatory Signals)
මේ ආකාරයේ මාර්ග සංඥා,

විධාන සංඥා (mandatory Signals)

තහනම් සංඥා (Prohibitory Signals)

සීමාකාරී සංඥා (Restrictive Signals) වශයෙන් තුන් ආකාරය.

මෙහිදී දැනගත යුතු වැදගත්ම කරුණ වනුයේ පාලන සංඥාවලට අවනත නොවීම දඬුවම් ලැබිය යුතු වරදක් වන බවයි.පාලන සංඥාවලින් කිහිපයක් හැරෙන්නට ඉතිරි සියල්ල රතු පැහැ කවයක් තුළ දක්වා ඇත.

දකුණේ නීතිය

ඔබ වාහන පදවන්නෙක් නම් අනිවාර්යයෙන්ම දකුණේ නීතිය නමින් ප්රනසිද්ධ වී ඇති කරුණ දැන ගත යුතුය.

* මන්සන්ධියක දී හෝ

* වටරවුමක දී

තමාගේ දකුණු පසින් තමා වෙත පමිණෙන වාහනවලට ප්රණමුඛත්වය දිය යුතුය යන්න දකුණේ නීතියයි

18/07/2014

මේ.,රියදුරු බලපත්රූ ලිඛිත පරීක්ෂණය සඳහා අනුමාන කෙරෙන කාර්මික දැනුම ප්රිශ්න මාලාවකි.

එන්ජිම
Q.එන්ජිමට තෙල් (එන්ජින් ඔයිල්) යෙදීමට හේතුව :-
එන්ජිමේ කොටස් අතර ඝර්ෂනය අඩුකර කොටස් ගෙවීයාම, රත්වීම අවම කිරීමට.

Q.එන්ජිමේ තෙල් මට්ටම පරීක්ෂා කරන්නේ කුමක් මගින්ද?
ඩීප් ස්ටික් මගිනි.

Q.එන්ජිමේ තෙල් මට්ටම අඩුවීමට හේතුව :-
තෙල් කාන්දුවක් පැවතීම හෝ අනවශ්යී පරිදි තෙල් පිච්චීම

Q.වාහනයට ඉන්ධන පිරවීමේදී :- ඉන්ජිම නවතා තැබිය යුතුය.

Q.ඉන්ජිම අනවශ්යප පරිදි රත්වන්නේ :- ෆෑන් බෙල්ට් එක බුරුල් වීමෙන්, රේඩියේටරයේ වතුර නොමැති වීමෙන් හෝ වතුර කාන්දුවක් පැවතීමෙන්

Q.එන්ජිම රත්වී ඇති බව දැනගන්නේ :- ඉන්ඩිකේටර් බල්බය මගින්./ රේඩියේටරේ වතුර උණු වීමෙන්

Q.රේඩියේටරය බොයිල් කරන විට:- වාහනය නතරකර (ඉන්ජිම නවතා) රේඩියේටරයේ වතුර සිසිල් වීමට ඉඩ හරින්න. ඉන්පසු වතුර පුරවන්න.

Q.එන්ජිම පණගැන්වීමට නොහැකි වන්නේ :- බැටරිය දුර්වල වීම, ස්ටාටර් මෝටරය ක්රිැයාත්මක නොවීම , එන්ජිම හිරවීම

Q.ඉන්ජිම පණගන්වනවිට ඇද ඇද ක්රිීයාකරන්නේ :- බැටරිය දුර්වල වීම, ස්ටාටර් මෝටරය දුර්වල වීම

Q.ෆෑන් බෙල්ට් එක බුරුල්වූ විට :- ඉන්ජිම අධිකව රත්වේ. බැටරිය අරෝපණය නොවේ.

ගියර්
Q.ගියර් පෙට්ටියක් පැවතීමේ අවශ්යවතාව :- වාහනයේ වේග මාරු කිරීමට.

Q.ගියර් දැමීමට අපහසු වන්නේ :- ක්ලචය නිසි පරිදි ක්රිේයා නොකිරීම හෝ ගියර පෙට්ටියේ දෝෂයක් නිසා.

ක්ලචය
Q.ප්ර්යෝජනය:- ගියර් පෙට්ටිය හා ඉන්ජිම සුමටව එකතු කිරීම හා වෙන් කිරීම

Q.ක්ලචය ලිස්සන බව හඳුනාගන්නේ :- වේගය වැඩි කරන විට අධික ශබ්ධය සමඟ ක්ලච් ප්ලේට් ලිස්සා යාම. ඉන්ජිම රේස් වන තරමට වාහනය වේගවත් නොවීම.

Q.ක්ලචය ලිස්සීමට හේතු:- ක්ලච් ප්ලේට් ගෙවීම, ක්ලචයට තෙල් ගැසීම, පෙෂර් ප්ලේට් එකේ පීඩනය අඩු වීම.

Q.ක්ලචය ලිස්සන බව පරීක්ෂා කරන්නේ කෙසේද?
හෑන්ඩ් බ්රේචක් ඇද වාහනය පණගන්වා බර ගියරයකට දමන්න. ඉන්පසු සෙමින් ක්ලචය නිදහස් කරන්න. ක්ලචයේ වරදක් නැතිනම් මෙවිට ඉන්ජිම නතර විය යුතුය.
( 'බර ගියර' යනු 1/ෆස්ට්, 2/සෙකන්ඩ් යන ගියරයන් ය.)

තිරිංග
Q.හදිසියේම තිරිංග නොමැතිවී ගියවිට :- කිහිප වරක් තිරිංග පැඩලය පාගමින් අත හැරීම, හෑන්ඩ් බ්රේටක් ඇදීම , ක්ලචය නොපාගා එකවරම බර ගියරයකට දැමීම.

Q.තිරිංග නොමැතිවීමට හේතුව :- බ්රේරක් ඔයිල් නොමැති වීම.

Q.බ්රේංක් ඔයිල් අඩු වීමට හේතුව :- බ්රේලක් වොෂර් ගෙවීම

Q.තිරිංග යෙදූවිට පැත්තකට ඇදෙයි නම් :- ඇදීයන පැත්තට විරුද්ධ පැත්තේ රෝදයක බ්රේදක් ඔයිල් කාන්දු වෙනු ඇත.

Q.වාහනය නතර කිරීමේදී ;- තිරිංග පැඩලය පාගා, ඉන්ජිම නතරවීමට ආසන්න වන විට ක්ලච්ය පාගන්න.ඉන් පසුව ගියරය නිවුට්ර්ල් කරන්න.

කහ පාට මාර්ග සංඥා සුදු පාට වෙයි. SUNDAY, 06 JULY 2014 - 20:17 | DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE මෙතෙක් භාවිතයට ...
15/07/2014

කහ පාට මාර්ග සංඥා සුදු පාට වෙයි.
SUNDAY, 06 JULY 2014 - 20:17 | DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE මෙතෙක් භාවිතයට නොගැණුනු මාර්ග සංඥා සලකුණු විශාල ප‍්‍රමාණයක් හඳුන්වාදීමට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. එම සංඥා සහ පැරණි මාර්ග සංඥා ඇතුළත් කළ නව ගැසට් නිවේදනය නුදුරේදීම ප‍්‍රකාශයට පත් කරන බවයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එච්.එස් හරිස්චන්ද්‍ර කියා සිටියේ. එම ගැසට් නිවේදනයට අනුව ඉදිරියේදී භාවිතයට ගැනෙන මාර්ග සංඥා සලකුණු සංඛ්‍යාව 215 ඉක්මවනු ඇති. අධිවේගී මාර්ගයේ භාවිතයට ගන්නා සංඥා සලකුණු සහ අන්තරායක රසායනික ද්‍රව්‍ය ප‍්‍රවාහනය කිරීමේදී භාවිතයට ගන්නා මාර්ග සංඥා සලකුණු ද අලූතින් නිකුත් වන ගැසට් නිවේදනය මගින් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මෙතෙක් පැවති මාර්ග සංඥා සලකුණු බොහොමයක් කහපාටින් වර්ණ ගැන්වුණත් නව මාර්ග සංඥාවල විශේෂත්වය වන්නේ ඒවා සුදු පාටින් වර්ණ ගන්වා තිබීමයි. රාත‍්‍රී කාලයේදී කහපාටින් වර්ණ ගැන්වුණු මාර්ග සංඥා රියදුරන්ට පැහැදිලිව දිස් නොවීම ඊට හේතුව බව මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා. නව මාර්ග සංඥා ඇතුළත් ගැසට් නිවේදනය ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු ඒවා රියදුරු මාර්ගෝපදේශ ග‍්‍රන්ථවලට ඇතුළත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙතෙක් භාවිතයට නොගැණුනු මාර්ග සංඥා සලකුණු විශාල ප‍්‍රමාණයක් හඳුන්වාදීමට...

20/06/2014

Sethsiri Driving School is one of Sri lanka's biggest private driving schools. Established in 2003, sethsiri Driving School has helped numerous students learn and pass their Sri lanka traffic driving tests and obtained their driving license.

28/09/2013

How Car Brake Works

26/08/2013

වාහනයක engine lubrication system එක වැඩ කරන විදිය මේ විඩියෝවෙන් ඔබට නරඹන්න පුළුවන්.

08/08/2013
09/10/2012

How a clutch works -

07/10/2012

Address

NO 21-A VIHARA Road MATALE
Matale Town

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+66665715900

Alerts

Be the first to know and let us send you an email when Sethsiri Matale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sethsiri Matale:

Share