02/11/2022
Good Morning All..☀️☀️
ඔන්න අද උදෙන්ම අරන් ආවේ කොහොමද ඔයාගේ skin type එක හඳුන ගන්නේ කියලා..💆♂
🍃 🌼නිවැරැදිව සම හඳුනා ගනිමු🌼🍃
👉Normal Skin
🌼Tissue කඩදාසියෙන් පිස දැමූ විට, එම කඩදාසිය මත කිසිවක් තැවරී නොමැති නම්, ඔබට ඇත්තේ normal skin එකක්. ජීවි, flexible සහ තෙල් බැවින් තොර මෘදු skin එකක්. ඔබට අවම සැලකිල්ලකින් වුවද ඔබේ සම රැක ගත හැකියි.
👉Oily Skin
🌼මුහුණ පිස දැමීමෙන් පසු ඔබේ tissue කඩදාසියේ තෙල් සහිත බවක් දැකීමට ඇත් නම් (විශේෂයෙන් නාසය, නළල හා කම්මුල අවට), ඔබට ඇත්තේ oily skin එකක්. ඇත්තෙන්ම මෙය තරමක් ගැටළු සහිත සමකි. මෙවන් සමක ලක්ෂණ නම් තෙල් සහිත බව, shiny බව සහ විශාල සිදුරු තිබීමයි. නමුත් මෙවන් සමක ඇති හොඳ ලක්ෂණය වන්නේ සම වයසට යෑමේ හෝ රැලි වැටුන ස්වාභාවය දැකිය නොහැකි වීමයි. මෙවැනි සමක් යහපත් තත්වයෙන් රැක ගන්න නම්, very carefully පිරිසිදු කල යුතු අතර carbohydrate අඩංගු ආහාර අඩු කරන්න.
👉Dry Skin
🌼ඔබේ tissue කඩදාසියේ කිසිවක් නොමැති සේම මුහුණේ සමද තද ස්වභාවයක් හෝ මැරුණු සමේ flakes දැකිය හැකි අතර මුහුණ පිස දැමූ පසුත් සම ඉතා තද ස්වභාවයක් හැඟේ නම්, ඔබට ඇත්තේ dry skin එකකි.මෙවන් සමක ඉතා ඉක්මනින් සුදුමැලි බවක් ඇති වන අතර වයසට පත් වුනු ස්වභාවයක් පෙන්වයි. Dry skin එකක් නිරෝගීව තබා ගැනීමට නම් very carefully දිනපතා ස්වාභාවික masks and moisturizers මගින් skin එකට අවශ්‍ය treatment කල යුතුයි.
👉Combination Skin
🌼මෙහිදී, ඔබට ඉහත සදහන් කල සැම ලක්ෂණයක්ම දැකිය හැක. T කලාපයේ තෙල් සහිත ස්වභාවයක් හා අනෙකුත් ප්‍රදේශයේ normal හා වියලි ස්වාභාවයක් පවතී. මෙවන් සමක් ඔබට ඇත්නම්, ඔබේ සමේ එම විවිධ ප්‍රදේශ වලට විවිධ treatment කල යුතයි. වියලි ස්වාභාවයක් ඇති skin area එකට rich creams & moisturizers අවශ්‍ය වන අතර තෙල් සහිත skin area එක නිරතුරුම ඉතා හොඳින් පිරිසිදු කල යුතුයි.
👉Sensitive Skin
🌼ඔබේ සම වියලි ස්වාභාවයකින් යුතු නම්, තද ස්වාභාවයකින් යුතු නම්, හා ඉතා ඉක්මනින් දැවිල්ල හට ගැනෙන හෝ කැසීම ඇති වෙන ස්වාභාවයක් නම්, ඔබට ඇත්තේ Sensitive skin එකකි. Normally, reddish සහ කොරපොතු සහිත තැන් ඇති අතර කැලැල් ඇති කරන ස්වාභාවයක් ඇති සමකි. මෙය ගැටළු වැඩිම skin type එකක් වන අතර ඉතා විශේෂ සැලකිල්ලක් යොමු කල යුතුයි. ආලේපන තෝර ගැනීමේදී very careful විය යුතුයි.