13/05/2026
104වැනි ඡන්ම දිනයට පා තැබු අපේ දෙවිනුවර මහා නායක හාමුදුරැවෝ,,,,,
දෙව් පා පහස ලද පින්බිම දෙවුන්දර
ඉපැරැණි රාජමහා වෙහෙරේ උතුම්කර
සිරි සුනන්ද නා හිමියන් සුපින්බර
සමිදුට ආසිරිපතයි දහසක් අත් මුදුන්කර
රාවන භූපල් සුරිදු උපුල්වන්
සුරැ විරැවන් දිනු පින්බිම දෙව්පුර වන්
කිත් නම නංවු සිරි සුනන්ද අනු නාහිමිසදුන්
අනුනමවන වසක් රට දැය ශාසනය
නගන්නට ඉටුකල මෙහෙවර අබියස
නිලුපුල් දෝතක් ලෙස
මෙලෙස බැතිබර උපහාරය
පුදන්නෙමු බැතියෙන්,,,
අද දින 104වන වියට පා තැබු අපේ දෙවිනුවර නායක හාමුදුරුවන්ට තෙරැවන් සරණින් නිදුක් නිරෝගි දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් උන්වහන්සේ කල අපරිමිත මෙහෙවරේ ජිවන මතක සටහන් අප මෙසේ කෙටියෙන් සිහිපත් කර සිටිමු
අදින් වසර 104කට පෙර අප නාසමිදුන් එම ගමන ඇරඹු තැනින්ම මෙම මතක සටහන පටන් ගනිමු,,වර්ෂ 1923 මැයි මස 13 වැනි දින ලක්දිව දකුණු තුඩුවේ දෙවිනුවරදි මෙලොව නෙත් විවර කල මෙම කුමරැවානන්ගේ පියා M.H කරෝලිස් අප්පු මහතා වු අතර මව L.M සංගොහාමි මහත්මිය නම් වුවාය,මෙම මාපියෝ තම කුළුදුල් දරැවාට සිරිසේන යැයි නම් තැබුහ
කුඩා සිරිසේන ඉපදි දින කිහිපයකට පසුව හදිසි අනතුරකට ලක්ව තම පියා මිය ගියේය,කාලය ගෙවි යන්නට විය.නිසි විය පිරැණු සිරිසේන අකුරැ කරන්නට දෙවිනුවර දාපුළුසෙන් කනිටු විදුහලට ඇතුළු විය ඉගෙනිමේ සුරයෙකු වු ඔහු ගුරැවරැන්ගේ ආදරය දිනා ගත් හුරැබුහුටි සිසුවෙකු වුයේය,1933 දි පාසලේ පැවති විභාගයට මුහුණ දි ඉන් ඉහළින්ම සමත් විය,
අද මිනිකිරැළ රාජමහා විහාරය නමින් හැදින්වෙන කෙමගොඩ මාළිගාතැන්න රාජමහා විහාරයේ පැවිදිව වැඩ විසු අප නාසමිදුන්ගේ සියා එහිදි දැන හදුනා ගත් රදම්පොල නායක හාමුදුරැවන් එකළ සුප්‍රසිද්ධ දෛවයිඥයෙක් වුහ කුඩා සිරිසේනගේ ඡන්ම පත්‍රය පිරික්සු රදම්පොල නායක හාමුදුරැවෝ උපතින්ති කේන්ද්‍රයේ ග්‍රහ පිහිටිම අනුව මෙම දරැවාට පැවිදි යෝග තිබෙන බවත් පැවිදි වුවහොත් මහා නායක හිමිනමක් වන බවත් ගිහිව සිටියහොත් රටේ නම ගිය ව්‍යාපාරිකයෙකු වන බවත් පැවසුහ තවදුරටත් කරැනු විස්තර කල උන්වහන්සේ මොහු කිසි කලක බිම දැමිය නොහැකි බවත් කී සේක
මෙම තොරතුරැ ඇසු සියා තම මුණුබුරා සසුන්ගත කිරිමට සිතා ගත්තේය,ඒ අනුව 1933 අග භාගයේදි ඒ වන විට 6 වන පංතියේ ඉගෙනගනිමින් සිටි සිරිසේන පාසල් දිවියට ආයුබෝවන් කිව්වේය,,
කාලය ගෙවෙන්නට විය පිළිවෙත් නිසියාකාරව සපුරා රදම්පොල නායක හාමුදුරුවන් සාදා දුන් නැකතට අනුව 1934 ජුනි මස 07වැනි දින සුභ මොහොතින් කිර්ති ශ්‍රී කහදාමෝදර පඤ්ඤාසාර නාහිමියන්ගේ ශිෂයෙකු ලෙස මේ කුමරැවෝ දෙවිනුවර සිරිසුනන්ද නමින් පැවිදි විය
එදා එම නැකතටම දෙවිනුවර පරම විචිත්‍රාරාම රාජමහා විහාරයේ ධර්ම ශාලාවටද මුල් ගල තැබහ
ඉන් පසු සිරි සුනන්ද පොඩි හාමුදුරැවෝ 1940 දක්වා වසර පහක් ප්‍රාචින ප්‍රාරම්භ විභාගය දක්වා සෞගතදෝය මහා පිරිවෙනෙන් අධ්‍යාපනය ලැබුහ
සිරි සුනන්ද පොඩි හාමුදුරුවන් දැක හදුනා ගත් දෙවිනුවර පරමවිචිත්‍රාරාම රාජමහා විහාරාධිපතිව වැඩ විසු අති පුජනිය දෙවිනුවර සිරිනිවාස නා හිමියන්ට ශිෂයෙකු නොමැති හෙයින් ශිෂයෙකු ලෙස හදා වඩා ගැනිමට තමාට භාර දෙන ලෙස පඤ්ඤාසාර නාහිමියන්ගෙන් ඉල්ලිමක් කර තිබුහ,,
ඒ අනුව වර්ෂ 1941 වෙසක් පුන් පොහෝදා සිරිසුනන්ද හිමියන් අතිපුජණිය කහදාමෝදර පඤ්ඤාසාර හිමියන්,රාජකිය පණ්ඩිත කහදාමෝදර පියරතන හිමියන් සහ දඹගස්ආරේ සරණංකර යන නාහිමිවරැන්ගේ ලිඛිත අනුමැතිය මත දෙවිනුවර රාජමහා විහාරයට වැඩම කල අතිපුජණිය දෙවිනුවර සිරිනිවාස නා හිමිපානන්ගේ ශිෂ්‍යයෙකු ලෙස එහි නතර වුහ
සිරි සුනන්ද පොඩි හාමුදුරුවෝ වර්ෂ 1943 ජුනි මස 26 වැනිදා අධිශිල සංඛ්‍යාත උපසම්පදා භූමියට පත්වු සේක
වසර 02 ක කාලයක් දෙවිනුවර මහ පන්සලේ වැඩ විසු අප නාහිමිපාණෝ පසුව 1945 මාර්තු මාසයේදි ගුරැ හිමියන්ගේද අවසරය ඇතිව දොඩන්දුව කුමාර කන්දේ කුමාර මහා විහාරයට වැඩම කල සේක පසුව වර්ෂ 1950 ජුලි මාසයේ සිරි සුනන්ද නාහිමියන් සේරැවිල මංගල රාජමහා විහාරයට වැඩම කළහ
ඇල්ල ගොවිජනපද ව්‍යාපාරයට සෝමපුර නමින් නව ගම්මානයක් ගොඩ නඟන්නටද අප නාහිමියන් පියවර ගත්හ පසුව 1958 ජුලි මාසයේ අප නාහිමියන්ගේ ඉමහත් උත්සහයෙන් සෝමපුර ප්‍රදේශයේ පශ්චිමාරාමය නමින් විහාරයක් ද ඉදි කළහ
ස්වභාවයෙන්ම තැලෙන පැගෙන නැතිබැරි මිනිසුන් ගේ හිත සුව පිණිස ඒදා කල මෙහෙවර අති මහත්ය
වර්ෂ 1960 දි සිය ගුරැ දේවයානන්ගේ ඉල්ලිම මත උන්වහන්සේ දෙවිනුවරට යළිත් වැඩම කළ සේක
ඒ පැමිණිමත් සමඟ දෙවිනුවර රාජ මහා වෙහෙරට මහා ආලෝකයක් උදා විය,අතිපුජණිය දෙවිනුවර සිරිනිවාස හිමියන් විහාරයේ සියළු වගකිම් සිරි සුනන්ද හිමියන්ට පැවරැහ
විහාරස්ථානයේ පාලනය භාරගත් උන්වහන්සේ දඹදිව ආනන්ද බෝධියේ අංකුරයක් වඩමවා දෙවිනුවර රෝපණය කළහ,උඩමළුවේ ගරා වැටි තිබු පැරණි බුද්ධ මන්දිරය වෙනුවෙන් නව බුදුමැදුරක් ඉදිකරවිම ශ්‍රී ලංකාවේ දැනට තිබෙන උසම හිටි පිළිම වහන්සේ නිර්මාණය කරවිම,ලංකාවේ ප්‍රථම වතාවට ඉදි කල ධම්ම පද විහාරය ඉදිකරමින් දෙවිනුවර පුදබිම ඒකාලෝක කළහ
මේ අන්දමින් දෙවිනුවර රාජමහා විහාරයට උරැම සම්භාවනීයත්වය හා ගරැත්වය නැවත ලබා දුන් අප නා හිමිපානන්ට මහා සඟරැවන සහ කෘතවේදි ජනතාව උන්වහන්සේට විවිධ ගරැ සම්මුතියන්ගෙන් පිදුහ
වර්ෂ 1971 දි ශ්‍රී කළ්‍යානවංශ මහා නිකායේ කාරක සභාවට පත් කෙරැණු උන්වහන්සේ වර්ෂ 1998 පෙබරවාරි මස 20 වන දින අප නාහිමියන් ශ්‍රී සරණපාල වංශාලංකාර වාගීශ්වර යන ගෞරව නාමය සහිතව මාතර හම්බන්තොට දෙපලාතේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලැබුහ,වර්ෂ 1993 මැයි මස 17වැනි දින සිමා සහිත පරිසර සහ සමාධි සංරක්ෂණ සංසදය මගින් අප නාහිමියන්ට ධර්ම ශාස්ත්‍ර ශිරෝමනි යන ගරැ නාමයද
ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු කැලිෆෝනියාවේ බෞද්ධ සංඝ සම්මේලනය මගින් බුදු සසුනට කල උතුම් මෙහෙවර අගයමින් වර්ෂ 2001 ජුනි මස 23 වැනි දින උන්වහන්සේට බෞද්ධ දර්ශනය පිලිබද ආචාර්ය උපාධිය පිරිනැමුනු අතර වර්ෂ 2005 ඔක්තෝබර් මස 01 වැනි දින ශ්‍රී කළ්‍යානවංශ මහා නිකායේ අනුනායක පදවියට පත් කෙරිනි,වර්ෂ 2023 දි ශ්‍රී සම්බුද්ධ සාසනාභිමාණි ගෞරව සම්මානයෙන් ද,වර්ෂ 2023 දී අමරපුර ශ්‍රී කළ්‍යානවංශ මහා නිකායේ මහානායක ධුරයෙන්ද අප නාහියෝ පිදුම් ලැබුහ
වර්ථමාන වන විට දක්ෂිණලංකාවේ පැවිදි වයසින් වයස්ගතම නායක හාමුදුරුවන් මෙන්ම මෙරට සිටින වයස්ගතම මහානායක ස්වාමින් වහන්සේ වන්නේද අප නාහිමියන්,දෙවිනුවර ඉතිහාසයේ අස්පෘෂ්ප වු බොහෝ කරැණු කාරනා දැන කියා ගන්නට සිටින ප්‍රදේශයේ වයස්ගතම එකම මානව සම්පත වන්නේද අප නාමිපාණන් පමණි
අද දින 104වැනි වියට පා තැබු දෙවිනුවර නායක හාමුදුරුවන්ට තෙරැවන් සරණෙන් නිදුක් නිරෝගිව දිර්ඝායුෂ ලැබිමට වාසනාව ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කර සිටිමු
දෙවිනුවර නායක හාමුදුරුවන්ට දිගාසිරි සම්පත් ලබන නිරෝගිමත් සුභ උපන්දිනයක් වේවා!! 🙏🙏🙏🙏 උපුටා ගැනීම අසංක කොඩිකාර මුහුණු පොතෙන්