Tax & Accounting Solutions

Tax & Accounting Solutions Professional Business services. Taxes - Computerized Accounts - Accounting - Bookkeeping - Payroll - ETF - EPF -All Type Business Accounts

06/10/2024

Add some glamour to any space with a gorgeous interior decor!
Customized home decors handcrafted with love and care🧡

19/09/2024
14/04/2024

𝕡𝕣𝕠𝕗𝕖𝕤𝕤𝕚𝕠𝕟𝕒𝕝 𝕓𝕦𝕤𝕚𝕟𝕖𝕤𝕤 𝕤𝕖𝕣𝕧𝕚𝕔𝕖 ...
.𝔸𝕝𝕝 𝕥𝕪𝕡𝕖𝕤 𝕋𝕒𝕩𝕖𝕤
. 𝔸𝕔𝕔𝕠𝕦𝕟𝕥𝕚𝕟𝕘
. 𝕓𝕠𝕠𝕜𝕜𝕖𝕖𝕡𝕚𝕟𝕘
. 𝕔𝕠𝕞𝕡𝕦𝕥𝕖𝕣𝕚𝕤𝕖𝕕 𝕒𝕔𝕔𝕠𝕦𝕟𝕥
. 𝔼𝕋𝔽
. 𝔼ℙ𝔽
. 𝔸𝕝𝕝 𝕋𝕙𝕚𝕟𝕘𝕤 𝕒𝕓𝕠𝕦𝕥 𝕐𝕠𝕦𝕣 𝕓𝕦𝕤𝕚𝕟𝕖𝕤𝕤
Amavi Gamage Tax & Accounting Solutions
Tax & Accounting Solutions ( 🔹️PNRS Tax & Accounting Solutions)

👉2024 ජනවාරි මස 01 වන දා හෝ ඊට පසු වයස අවුරුදු 18 සම්පූර්ණ කරන සියලු ශ්‍රී ලාංකිකයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාප...
16/01/2024

👉2024 ජනවාරි මස 01 වන දා හෝ ඊට පසු වයස අවුරුදු 18 සම්පූර්ණ කරන සියලු ශ්‍රී ලාංකිකයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී 'බදු ගෙවන්නන්ගේ අනන්‍යතා අංකයක්' (Taxpayer Identification Number - TIN) ලබා ගත යුතු බව දැනුම් දී තිබේ.
කෙසේ වෙතත්, මෙම අංකය ලබා ගැනීම සම්බන්ධයෙන් සමාජය තුළ පැහැදිලි අවබෝධයක් නැති බව පෙනී යයි. මෙම ලිපියෙහි අරමුණ වන්නේ, එම අංකයක් ලබා ගන්නා ක්‍රමවේදය පිළිබඳ අවබෝධයක් ලබා දීම ය.

බදු ගෙවන්නන්ගේ අනන්‍යතා අංකය (TIN) තැපැල් මාර්ගයෙන් මෙන් ම ඔන්ලයින් මාර්ගයෙන් ද අයැදුම් කළ හැකි ය.

🔴 තැපැල් මාර්ගයෙන් අයැදුම් කිරීම 🔴

1. ඔබට ළඟ ම පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යාලයක් වෙත ගොස් අයැදුම් පතක් ලබා ගන්න. එසේ නැතහොත්, www.ird.gov.lk වෙබ් අඩවියට පිවිස අයැදුම් පත ඩවුන්ලෝඩ් කර ගත හැකි ය.

2. සම්පූර්ණ කරන ලද අයැදුම් පත සහ අවශ්‍ය සෙසු ලියකියවිලි පහත ලිපිනයට තැපැල් කරන්න.

කොමසාරිස් ජනරාල්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 02.

3. ඔබේ TIN අංකය සහිත සහතික පත්‍රය තැපැල් මාර්ගයෙන් ඔබ වෙත ලැබෙනු ඇත.

🔴 ඔන්ලයින් ඔස්සේ අයැදුම් කිරීම 🔴

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී 'බදු ගෙවන්නන්ගේ අනන්‍යතා අංකය' (Taxpayer Indentification Number -TIN) මාර්ගගත ආකාරයට ද ලබා ගැනීමට අවස්ථාව පවතී.

'TIN Certificate' ලබා ගැනීමට ඔබ කිසියම් ආයතනයකින් හෝ පුද්ගලයෙකුගෙන් සේවාවක් / උපකාරයක් ලබාගන්නේ නම් කිසි ම හේතුවක් මත තමන්ගේ පෞද්ගලික තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැර අදාළ වෙනත් කිසි ම පාර්ශවයකට ලබා නොදෙන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අවශ්‍ය ලියකියවිලි
* බදු ගෙවන්නන්ගේ අනන්‍යතා අංකය (TIN) අයැදුම් කිරීමට පෙර පහත ලේඛනවල පැහැදිලි ස්කෑන් (scan) පිටපත් සූදානම් කරගත යුතු ය.
*ජාතික හැඳුනුම්පත / වලංගු රියැදුරු බලපත්‍රය / වැඩිහිටි හැඳුනුම්පත
*ඔබගේ ස්ථිර ලිපිනය, ජාතික හැඳුනුම්පතේ සඳහන් ලිපිනයට වඩා වෙනස් නම් ලිපිනය තහවුරු කිරීම සඳහා ඔබගේ නමට නිකුත් කළ ජල හෝ විදුලි බිල්පතක්/ ස්ථාවර දුරකතන බිල්පතක්/ ග්‍රාම නිලධාරී සහතිකයක්.
*ඔබ ලියාපදිංචි කරන ලද තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් අදාළ ව්‍යපාර ලියාපදිංචි කිරීමේ සහතිකය.

ඉන්පසු අනුගමනය කළ යුතු පියවර පහත දැක්වේ.

1. පියවර
TIN Certificate ලබා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ePortal වෙත පිවිසීම හෝ QR Code එක ස්කෑන් (scan) කළ යුතු ය.

https://eservices.ird.gov.lk/Registration/TINRegistration/ShowRequestHeader

2 පියවර
වෙබ් පිටුවෙහි 'Registration Type' ලෙස සඳහන්ව ඇති තැන 'INDIVIDUAL LOCAL' ලෙසින් තෝරා ගැනීමෙන් පසු ලැබෙන අයැදුම්පත නිවැරදිව පුරවන්න.
Nearest Regional Office යන කොටස පිරවීමෙන් වළකින්න.
CONTACT NUMBER කොටසේ, ඔබගේ ජංගම දුරකතන අංකය සහ භාවිතයේ පවතින email address එක නිවැරදිව ඇතුළත් කරන්න.

අයැදුම්පත පිරවීමේදී BANK INFORMATION ලබා දීම අනිවාර්ය නැත. ඔබ කැමති නම් එම කොටසට තොරතුරු ඇතුළත් කිරීම හෝ නොකිරීමට හැකියාව පවතී.

ඔබ විවාහක නම් FAMILY INFORMATION යටතේ සම්පූර්ණ කළ යුතු විස්තර ද නිවැරදිව සම්පූර්ණ කරන්න.

ඔබ තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් INDIVIDUAL BUSINESS යටතේ ඔබගේ ව්‍යාපාරයේ විස්තර නිවැරදිව ඇතුළත් කරන්න.

3 පියවර
Supporting Documents ලෙසින් ඇති කොටසට ඔබගේ ජාතික හැඳුනුම්පත ඇතුළු ස්කෑන් කර ගත් ලේඛන නිවැරදිව තෝරා අප්ලෝඩ් කරන්න.

Purpose of registration ලෙසින් ඇති කොටසට Tax Purpose ලෙස තෝරන්න.

එම පිටුව අවසානයේ පහළ ඇති Next Button එක click කරන්න.

4 පියවර
ඔබ ඇතුළත් කළ සම්පූර්ණ තොරතුරු දැන් ඔබට දැක ගැනීමට හැකි ය.

එම තොරතුරු වෙනස් විය යුතු නැත්නම් DECLARATION යන කොටස සම්පූර්ණ කර පසෙකින් පෙන්වන සත්‍යාපන කේතය (authentication code) ඇතුළත් කර ‘Submit’ කරන්න.

එවිට ඔබට ලැබෙන Acknowledgement නමැති තොරතුරු TIN Certificate ලැබෙන තුරු සුරැකිව තබාගන්න.

වැඩ කරන දින 5ක් ඇතුළත ඔබ ලබා දුන් ඊ-මේල් ලිපිනය වෙත ඔබගේ TIN Certificate සහ රහස්‍ය කේතය (PIN) එක ඔබට ලැබෙනු ඇත.

TIN Certificate ලබා ගත් පමණින් ඔබ ආදායම් බදු ගෙවීම සඳහා බැඳි නොසිටින අතර ඔබගේ ආදායම බදු ගෙවිය යුතු මට්ටමේ පවතී නම් පමණක් බදු ගෙවීම හා බදු වාර්තා ගොනු කිරීම සිදු කළ යුතු බව ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසයි.

ලිපියේ හිමිකම BBC Sinhala සේවය සතුය.

VAT වලට යටත් දෑ
12/12/2023

VAT වලට යටත් දෑ

25/10/2023
24/10/2023

𝕡𝕣𝕠𝕗𝕖𝕤𝕤𝕚𝕠𝕟𝕒𝕝 𝕓𝕦𝕤𝕚𝕟𝕖𝕤𝕤 𝕤𝕖𝕣𝕧𝕚𝕔𝕖 ...
.𝔸𝕝𝕝 𝕥𝕪𝕡𝕖𝕤 𝕋𝕒𝕩𝕖𝕤
. 𝔸𝕔𝕔𝕠𝕦𝕟𝕥𝕚𝕟𝕘
. 𝕓𝕠𝕠𝕜𝕜𝕖𝕖𝕡𝕚𝕟𝕘
. 𝕔𝕠𝕞𝕡𝕦𝕥𝕖𝕣𝕚𝕤𝕖𝕕 𝕒𝕔𝕔𝕠𝕦𝕟𝕥
. 𝔼𝕋𝔽
. 𝔼ℙ𝔽
. 𝔸𝕝𝕝 𝕋𝕙𝕚𝕟𝕘𝕤 𝕒𝕓𝕠𝕦𝕥 𝕐𝕠𝕦𝕣 𝕓𝕦𝕤𝕚𝕟𝕖𝕤𝕤

24/10/2023

🔹️🔹️𝐏𝐀𝐘𝐑𝐎𝐋𝐋 𝐌𝐀𝐍𝐀𝐆𝐄𝐌𝐄𝐍𝐓 🔹️🔹️

🔴 වැටුප් ලේඛන කළමනාකරණය පිළිබඳ ඕනෑම ආකාරයක වැටුප් ලේඛණ සැකසීම සහ නීති උපදෙස් ලබාදීම

🔴සාප්පු හා කාර්යාල සේවක පනතෙහි සහ පඩිපාලක සභාවල විධිවිධාන සහ යාවත්කාලීන වූ කම්කරු නීති අණපනත් අනුව මෙන්ම දේශීය ආදායම්
දෙපාර්තමේන්තුවෙහි විධිවිධානවලට ද අනුව නිවැරදිව සේවක වැටුප් ලේඛන සැකසීම

🔴පඩි සහ වැටුප්, වැටුප් ලේඛනයක තිබිය යුතු අනිවාර්යය අංග, වැටුපින් කළ හැකි බලයලත් අඩු කිරීම්, වැටුප් ලේඛනයක් සැදීමේ ක්‍රියාවලිය සිදු කිරීම .

🔴මුලික වැටුප , අර්ථසාධක අරමුදල් සදහා වැටුප , බදු සදහා පාදකවන දළ වැටුප, ශුද්ධ වැටුප, පඩි සහ වැටුප් ගෙවීම්, වාර්තා පවත්වාගෙන යෑම,
වැරදි සහ දඩුවම් පිලිබදව උපදෙස් ලබාදීම .

🔴සේවකයන්ගේ ජාතික අවම වේතනය පිලිබදව සේවකයන්ගේ අයවැය සහන දීමනාව පිලිබදව සාප්පු හා කාර්යාලීය සේවකයන් පිළිබඳ (සේවය හා
වේතන විධිමත් කිරීමේ) අදාල කටයුතු සිදු කිරීම


🔴විවිධ රැකියා සදහා අතිකාල දීමනා ගණනය කිරීම, නිවාඩු දින සදහා ගෙවීම් ගණනය කිරීම, බදු ගණනය කිරීම සහ බලයලත් අඩුකිරීම් ඇතුලත්ව
සාප්පු හා කාර්යාල සේවක පනත සහ පඩි පාලක සභා වලින් ආවරණය වන පරිදි ආයතනයන්හි වැටුප් ලේඛන සැකසීම

▫️▫️▫️🔘▫️🔺️🔺️ඇතුලුව සියලුම සේවක වැටුප් ලේඛණ පිලිබදව නීතිමය උපදෙස් ලබාදීම සිදු කරනු ලබයි .🔻🔻▫️▫️▫️▫️🔘

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Tax & Accounting Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share