26/08/2026
🪷💮පින්බර නිකිණි පුන් පොහෝ දිනයක් වේවා💮🪷
මේ උතුම් වූ නිකිණි පොහෝ දින...,
☸️අග්‍ර උපස්ථායක තනතුරෙන් පිදුම් ලැබූ ආනන්ද හිමිපාණන් වහන්සේ උතුම් අර්හත්වයට පත් වූ සේක..🙏🙏
☸️අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහ නුවරදී ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වූ සේක..🙏🙏
☸️බුදුරජාණන් වහන්සේගේ ලලාඨ ධාතූන් වහන්සේ නිධන් කර සේරුවිල මංගල චෛත්‍යය රාජයාණන් වහන්සේ තැනීම ආරම්භ වූ සේක..🙏🙏
☸️පෙරවස් මගහැරී ගිය භික්ෂුන් වහන්සේලා පසුවස් සමාදන් වන සේක..🙏🙏
මෙවන් වටිනාකමක් ඇති නිකිණි පුර පසළොස්වක පොහොය බැතියෙන් නමඳිමු...🙏🙏
ඒ භාග්‍යවත් වූ..අරහත් වූ..සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! උතුම් ශ්‍රී සද්ධර්මස්කන්ධයට මාගේ නමස්කාරය වේවා!!! ආර්‍ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏