Orin Laundry and dry cleaning centre

Orin Laundry and dry cleaning centre Dry cleaning and laundry workers dry clean, wash, dry and press clothing,linens,curtains,rugs,and ot

16/05/2022

2022.05.16
ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා
ශ්‍රී ලංකා ජනරජයේ අග්‍රාමාත්‍ය
අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය
ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත,
කොළඹ 07.

ගරු අගමැතිතුමනි,

නැවත වතාවක් රටේ අගමැති ධුරයට පත් ඔබතුමන්ට අපේ සුබ පැතුම් පිරි නමමු. රටේ ආර්ථික හා දේශපාලන අර්බුදයක් උත්සන්න වූ මොහාතක රටේ වගකීම දැරීම අතට ගත යුතු බොහෝ දෙනා විවිධ හේතු දක්වමින් මගහරිද්දී ඒ වෙනුවෙන් ඔබගේ ඉදිරිපත්වීමද අපි අගය කර සිටිමු. එහෙයින් මේ අවස්ථාවේදී ඔබවෙත වැඩිදෙනා එල්ල කරන සුලබ විවේචන වලින් මිදී මේ අවස්ථාවේදී ඔබ විසින් පැහැදිලි කළ යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සහ මේ අවස්ථාවේ වැදගත් යැයි අප සිතන යෝජනා කිහිපයක් සම්බන්දයෙන් ඔබගේ අවධානය යොමු කරනු පිණිස පාර්ලිමේන්තුවේ සාමූහිකව කටයුතු කරන මන්ත්‍රී කණ්ඩායමක් වෙනුවෙන් මේ ලිපිය ඉදිරිපත් කිරීමට මම අදහස් කළෙමි.

රට ආර්ථික වශයෙන් බංකොලොත් කිරීමට හේතු වූ රාජපක්ෂ ආණ්ඩුව අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා උද්ගත වූ ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත් වූයේ තරුණයින්ගේ අරගලයත් සමගමය. මේ අරගලය තුල ඉස්මතු වූයේ ආර්ථික සටන් පාඨ වලටත් වඩා දේශපාලන සටන් පාඨ බව බැහැර කළ නොහැකි යථාර්ථයයකි. රාජපක්ෂවරුන් බලය අත්හැරීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම, දූෂණයට මංකොල්ලයට වැට බැඳීම, අචාරධාර්මිකව හැසිරෙන දේශපාලන ප්‍රජාවක් ගොඩ නැගීම, ජාති ආගම් භේද වලින් තොර මානව ගරුත්වය සුරැකෙන පුරවැසි ජන රජයක් ගොඩ නැගීම ආදිය මේ සටන් පාඨවල සාරාර්ථය ලෙස දැක්විය හැකිය.

ඔබ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ එම දේශපාලන අරගලය තීව්‍ර වීමේ ක්‍රියාදාමයක ප්‍රතිපලයක් වශයෙනි. එහෙයින් "ගෝඨාගෝගම" අරගල බිමෙන් මතු වූ දේශපාලන ඉල්ලීම් සම්බන්ධයෙන් ඔබ දක්වන ප්‍රතිචාරය පැහැදිලි, සංගත හා විනිවිද පෙනෙන්නක් ලෙස රට හමුවේ වහාම ඉදිරිපත් විය යුතුය යන්න අපගේ අදහසය. " ගෝඨාගෝගමට ආරක්ෂාව සපයන්නේය" යන සරල ප්‍රකාශයක් ඒ සම්බන්ධයෙන් කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.
අතැම් නායකයන් මේ අවස්ථාවේ ප්‍රායෝගිකව කළ නොහැකි මැතිවරණ සහ ජනවරම් ඉල්ලා සිටිද්දී, මේ අර්බුදය විසඳාගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුව වගකීම අතට ගත් තාවකාලින අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිට විය යුතු බව අප දිගින් දිගටම දැරූ මතයයි.

එහෙයින් එවැනි ආණ්ඩුවක් බිහිවන්නේ නම් එවැන්නකට සහයෝගය ලබා දීම අපගේ යුතුකමය. ඔබ තුමන් විසින් නායකත්වය දෙන්නට සැරසෙන ආණ්ඩුව එවැනි ආණ්ඩුවක් බවට පත්වීමට නම් තරුණයින්ගේ අරගල බිමෙන් මතු වූ ඉහත දක්වන ලද දේශපාලන ඉල්ලීම් ඉටු කිරීම වෙනුවෙන් ඔබ අදහස් කරන ක්‍රියාමාර්ග හා එහි මාර්ග සිතියම රට හමුවේ තැබීම අත්‍යවශ්‍යය. මෙහිදී පහත දැක්වෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ඔබගෙන් අපි විවෘත පිළිතුරක් බලාපොරොත්තු වෙමු.

01. 2022 මැයි මස 09 වන දින රටපුරා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට මුලපුරමින් "ගෝඨාගෝගම" සාමකාමී උද්ඝෝෂණ භූමියට පහර දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මැර දේශපාලන බලවතුන් නීතිය හමුවට පැමිණවීම සදහා ඔබ අනුගමනය කරන ක්‍රියාමාර්ගය කුමක්ද ? එමෙන්ම ඉන් පසු ඇමති මැති ආදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරන දේශපාලන නායකයින්ගේ ජිවිත හා දේපල විනාශ කිරීම් පිලිබදව ඔබතුමා ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද ?

02. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තම ධුරයෙන් ඉවත් වන දින වකවානු පිළිබඳව ඔබ සමග සාකච්ඡා කර තිබේද? ඒ සම්බන්ධයෙන් ඔබ අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනවද?

03. පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණවීම සදහා දැනට සිදු කර තිබෙන විමර්ශන වල අඩුපාඩුකම් ඇති බව පිළිගනිමින් නව ස්වාධින විමර්ශන ක්‍රියාවලියක් අරඹා වින්දිතයන්ට යුක්තිය ඉටු කරදීමට ඔබ අනුගමනය කරන ක්‍රියාමාර්ගය කුමක්ද ?

04. ජනාධිපති බලතල සීමා කරමින් හා ස්වධීන අධිකරණ, පොලිස්, රාජ්‍ය සේවා, මැතිවරණ, විගණන කොමිෂන් සභා ආදිය බල ගැන්වෙන 21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩනමින් ගෙන ඒමට ඔබ එකඟ වන කාල රාමුව කුමක්ද ?

05. දේශපාලන පක්ෂ වල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය , මූල්‍ය විනිවිදභාවය, සමාජය කෙරෙහි වගවීම සහ මැතිවරණ වලදී විද්‍යුත් ජනමාධ්‍ය වල දේශපාලන පක්ෂපාතිත්වය වැලැක්වීම තහවුරු කෙරෙන මැතිවරණ නීති ප්‍රතිසංස්කරණයක් කඩිනමින් හඳුන්වාදීමට ඔබ කටයුතු කරන්නේද ?
එසේම පහත සදහන් යෝජනා ඔබගේ අවධානය පිණිස යොමු කරමි.
01. රටට අවශ්‍ය අත්‍යාවශ්‍ය සේවා පවත්වාගැනීම පිණිස හදිසි විදේශ විනිමය ලබා ගැනීම පිණිස ඔබතුමා යෝජනා කරන වැඩපිළිවෙල රට හමුවේ ප්‍රසිද්ධ කල යුතුය.

02. රාජ්‍ය මුල්‍ය ස්ථායිකරණය හා ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබද ඔබතුමාගේ අදහස විවෘතව රට හමුවේ තැබිය යුතුය.

03. තරුණ අරගලකරුවන්ගේ දේශපාලන ඉල්ලීම් මහජන ප්‍රතිපත්ති බවට පත් කරගැනීමට ඉඩ සලසා දෙනු වස් ඔවුන්ගේ නියෝජිතයින්ට පාර්ලිමේන්තු ක්‍රියාදාමය අධීක්ෂණය කළහැකි ව්‍යුහයක් නිර්මාණය කර දෙන ලෙස යෝජනා කර සිටිමි.

04. ඊලග මැතිවරණයට පෙර දුෂණය වැලැක්වීම පිළිබද සිංගප්පුරු හා හොංකොන් රාජ්‍යයන්හි පවත්නා ආකාරයේ දුෂණය මැඩලීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කලයුතු බව යෝජනා කරමි.

05. ශ්‍රී ලංකා මහා බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත් කොට එය මුළුමනින්ම දේශපාලනීකරණයෙන් බැහැර කොට පාර්ලිමේන්තුවට වග කියන ආයතනයක් බවට පත්කලයුතු යැයි යෝජනා කරමි.

06. රාජ්‍ය බුදධි අංශ හා ආරක්ෂක අංශ දේශපාලන අතකොලු බවට පත් නොවී ඒවා ස්වාධින ලෙස පවත්වාගන යාම තහවුරු කළ යුතු යැයි යෝජනා කරමි.

2015 බල පෙරලියේදී ආර්ථික හා දේශපාලන ක්‍රියාමාර්ග අඩංගු දින 100 වැඩසටහන ඉදිරිපත් කරමින් ඔබ දැක් වූ විවෘතභාවය මේ අවස්ථාවේදීද දැක්විය යුතු බව අපගේ අදහසය. එබැවින් ඔබ විසින් පිහිටුවන අන්තර්කාලීන ආණ්ඩුවේ දේශපාලන හා ආර්ථික මාර්ග සිතියම කඩිනමින් අප වෙත පැහැදිලි කරනා ලෙස ඉල්ලා සිටිමු. එය දෙස බලා ඔබගේ රජයට කවර මට්ටමින් අපගේ සහයෝගය ලබා දෙන්නේද යන්න අපි තීරණය කරනා බව ගෞරවයෙන් ප්‍රකාශ කර සිටිමු.

පා.ම. පාඨලී චම්පික රණවක
නායක,
43 සේනාංකය

06/02/2021

මොනරාගලට අලුත් වැඩක්..

ඔබගේ කාර්යබහුල ජීවිතයට උදව්වක් වෙන්න..
දැන් මොනරාගල නගරයටත්

ඔරින් ලොන්ඩ්‍රි ඇන්ඩ් ඩ්‍රයි කලීනින් සෙන්ටර්

දැන්ම කතාකරන්න ... 0763 277 177
0552276666

උසාවිය ඉදිරිපිට ,මොනරාගල

Dry cleaning and laundry workers dry clean, wash, dry and press clothing,linens,curtains,rugs,and ot

06/02/2021
Laundry Workplace
28/01/2021

Laundry Workplace

Orin Laundry and dry cleaning centerOpening Day Memories25.01.2021
28/01/2021

Orin Laundry and dry cleaning center
Opening Day Memories
25.01.2021

හැමදේම ලෑස්ති එන්න ඇවිත් යන්න ... අද..
25/01/2021

හැමදේම ලෑස්ති එන්න ඇවිත් යන්න ... අද..

Address

Monaragala

Telephone

+94763277177

Website

Alerts

Be the first to know and let us send you an email when Orin Laundry and dry cleaning centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Orin Laundry and dry cleaning centre:

Share