05/03/2025
#ඕකිඩ් #පොහොර
හැමදාම හැමොටම තියෙන ලොකුම ප්‍රශ්නය මෙක තමා.ඕකිඩ් මල් තියෙන ගහාක් දැක්ක ගමන් හැමොම අහන්නේ මොනවාද දාන පොහොර කියලා.
ඕකිඩ් පොහොර ගැන කතා කරන කොට හැමොටම මතක් කරන්න ඕනේ දෙයක් තමා ඕකිඩ් කියන්නේ පොහොර වලින් විතරක් මල් පිපෙන පැලයක් නෙමෙයි කියන එක.ඕකිඩ් වල #මල් පිපෙන්න මෙන්න මේ සාධක අනිවාර්යයෙන් බලපානවා.
01. නියමිත උෂ්ණත්වය
02. නියමිත සෙවණ හා නියමිත හිරුඑළිය
03. වාතයේ තෙතමනය
04. හොදින් මාධ්‍ය තුළ ජල පාළනය
අන්තිමට තමා පොහොර අවශ්‍ය වෙන්නේ.පොහොර වලින් මල් පිපෙන්නේ නෑ.අපි පොහොර වලින් කරන්නේ මල් කිනිත්තක ගුණාත්මක භාවය වැඩි කරගන්න එක.
දැන් අපි බලමු මොනවාද අපිට ඕකිඩ් වලට යොදන්න පුළුවන් පොහොර වර්ග කියලා.
ඕකිඩ් වලට යොදන පොහොර ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්.
01. රාසායනික පොහොර
02. කාබනික පොහොර
ඉතින් අද මන් කියලා දෙන්නේ ඕකිඩ් වගාවේ රාසායනික පොහොර භාවිතය ගැන.පස්සේ දවසක කාබනික පොහොර ගැන කියලා දෙන්නම්.
ඕකිඩ් වලට යොදන රාසායනික පොහොර කොටස් දෙකකට බෙදෙනවා.
01. ජලයේ දියකරන පොහොර
02. කැට පොහොර
අද කියලා දෙන්නේ ඕකිඩ් වලට යොදන ජලයේ දියකරන රාසායනික පොහොර ගැන.පස්සේ දවසක කැට පොහොර ගැන කියලා දෙන්නම්.
ඕනෑම පොහොර ගත්තාම ඒකෙ වැදගත්ම දේ තමා පොහොරේ අඩංගු මුලද්‍රවය වර්ග හා ප්‍රමාණය.පොහොර වල අඩංගු ප්‍රධානම මුලද්‍රවය තුනක් තියෙනවා.
01. නයිට්‍රජන් - N
02. පොස්පරස් - P
03. පොටැසියම් - K
මේවා අඩංගු ප්‍රමාණය අනුව පොහොර වර්ග කිහිපයක් වෙළෙඳපොළට නිකුත් කරනවා.
ඒ පොහොර වර්ග කොටස් දෙකට ඕකිඩ් වගාවේ දී වර්ධනය අනුව යොදාගන්නවා.
01. කුඩා #ඕකිඩ් #පැළ
02. මල් පිපෙන #ඔකිඩ් #පැළ
කුඩා ඕකිඩ් පැළවලට අපි #රාසායනික පොහොර වර්ග තුනක් යොදාගන්නවා.
01. 30:10:10
02. 10:52:10
03. 20:20:20
මේ පොහොර තුන සතියකට සැරයක් එක පොහොරක් බැගින් ලිටරයට ග්‍රැම් 2 පමණක් දියකර යොදන්න.
මල් පිපෙන ඔකිඩ් පැළවලට අපි පහත පොහොර වර්ග තුන යොදාගන්නවා.
01. 10:52:10
02. 20:20:20
03. 06:30:30
මේ පොහොර තුනත් සතියකට එක පොහොරක් බැගින් ලිටරයට ග්‍රැම් 2 බැගින් දියකර යොදන්න.
#ඔකිඩ් වලට මේ පොහොර වර්ග විතරක් ඇතිද කියන එක තමා ඊලග ප්‍රධානම ප්‍රශ්නය.ඕව් මෙ පොහොර වර්ග ටික හොදටම ඇති ගෙදර ලස්සනට ඕකිඩ් වගාවක් කරන ඔයාලට.
පහත ලින්ක් එකේන් ඔයාලට මේ තොරතුරු විස්තරත්මකව බලාගන්න පුළුවන්.
https://www.youtube.com/watch?v=ZExkZU2-qHI
එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු.
ස්තුතියි !
චන්දිමාල් මනෝජ්
අපේ සමග එකතුවී මේ වගේ තොරතුරු රැසක් දැනගන්න.
https://www.youtube.com/c/ChandimalManoj