16/12/2020
To All Heads of Media and Media Personnel,
Sri Lankan Cricketers’ Cases stalled due to ICC and ECB delays
As you maybe well aware, the cases against former cricketers Nuwan Zoysa, Dilhara Lokuhetige, Avishka Gunawardana and computer analyst Sanath Jayasundara, have been on-going since last year.
According to Article 5.1.4 of ICC and ECB Anti-Corruption Codes, a full hearing should be held no later than 40 days after the preliminary hearing.
The preliminary hearing of three of these cases took place on 12th September 2019 - over 450 days ago, up to date. In another case, the preliminary hearing was held on 7th August 2019 – which is over 480 days ago, up to date. We are yet to be informed of a possible timeline or date for these hearings.
In the case of Mr. Nuwan Zoysa, ICC codes stipulate that a decision must be made within 30 days, from the date of the conclusion of the hearing. This conclusion took place on 18th September 2020. It has since been over 85 days with no decision been given by the tribunal. However, the ICC has proceeded to publish such an unpronounced verdict on 19th November 2020, claiming that the said verdict was by the ICC Anti-Corruption Tribunal. This is in complete disregard and violation of procedure.
We will be further elaborating on details on the above at a press conference on Friday 18th December 2020 at 1.00pm at Finghara Sports Club.
සියලුම මාධ්‍ය වෙත,
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන ප්‍රමාද වීම පිලිබඳව.
මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන නුවන් සොයිසා, දිල්හාර ලොකුහෙට්ටිගේ, අවිශ්ක ගුණවර්ධන සහ පරිගණක දත්ත විශ්ලේෂක සනත් ජයසුන්දර සම්බන්ධයෙන් සිදු කෙරන විමර්ශන පසුගිය වසරේ සිට මේ දක්වා ක්‍රියාත්මක වෙමින් පවතී.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් ආයතන 5.1.4 වගන්තියට අනුව, මූලික පරීක්ෂණය සිදු කොට දින 40ක් ඇතුලත අනෙකුත් පරීක්ෂණ සිදු කළ යුතුය.
2019 සැප්තැම්බර් 12 වැනිදා මීට අදාළව ක්‍රීඩකයින් තිදෙනෙකු සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ සිදු වුවද මේ වන විට දින 450කට අධික කාලයක් ගත වී ඇතත් මෙතෙක් එම කටයුතු සිදු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අපොහොසත්ව ඇත. 2019 අගෝස්තු 07 වැනි දින තවත් මූලික පරීක්ෂණයක් සිදු වූ අතර දින 480කට අධික කාලයක් ගත වී ඇතත් ඒ පිළිබඳවද කටයුතු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙතෙක් පියවර ගෙන නොමැත.
මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු පිලිබඳ දින වකවානු දැනුම්දීමට හෝ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙතෙක් පියවර ගෙන නොමැති බවද සඳහන් කළ යුතුය.
2020 සැප්තැම්බර් 18 වැනි දින නුවන් සොයිසා පිළිබඳ මූලික පරීක්ෂණ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් සිදු කෙරිනි. නමුත්, නුවන් සොයිසා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිදු කරන පරීක්ෂණය අවසන් වූ දින සිට දින 30ක් තුළ ඒ පිළිබඳ තීරණ දැනුම්දීම සිදු කළ යුතු වුවත් දින 85කට අධික කාලයක් මේ වන විට ගත වී ඇත.
මෙවන් පසුබිමක 2020 නොවැම්බර් 19 වැනි දින අයි.සී.සී දූෂන විරෝධී විනිශ්චය සභාව තීන්දුවක් ලබා දී ඇති බව පවසමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නුවන් සොයිසා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් පිටුවේ ප්‍රවෘත්තියක් පල කිරීමට කටයුතු කරන ලදි. එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිදු කළ පරීක්ෂණ යාන්ත්‍රණය උල්ලංඝණය කිරීමක් ලෙස සඳහන් කළ යුතුය.
මේ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මාධ්‍ය හමුව 2020 දෙසැම්බර් 18 සිකුරාදා දින පස්වරු 1ට දෙල්කඳ ෆිංගාරා ක්‍රීඩා සමාජයේදී පැවැත්වේ.
-Warne Consultancy & Agency (For and on behalf of Avishka Gunawardana, Nuwan Zoysa & Dilhara Lokuhetti