18/10/2026
🎬✨ “කොට ගවුම” චිත්රපටයේ විශේෂ දර්ශනයේ මතක සටහන්... 🎥❤️
ප්රවීණ චිත්රපට අධ්යක්ෂ එරංග සේනාරත්න මහතාගේ නවතම සිනමා නිර්මාණය වන “කොට ගවුම” චිත්රපටයේ විශේෂ දර්ශනය 2026 ඔක්තෝබර් 06 වැනිදා දෙමටගොඩ රීගල් සිනමා ශාලාවේදී පැවැත්වුණු ඒ සුවිශේෂී අවස්ථාවේ මතක සටහන් කිහිපයක්... 🎞️✨
🎬 මගේ සිනමා නිෂ්පාදන ක්ෂේත්රයේ පළමු අත්දැකීම!
මගේ සිනමා ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ මෙම නිර්මාණය මට සැබවින්ම අමතක නොවන, වටිනා සහ ආඩම්බරයෙන් සිහිපත් කළ හැකි අත්දැකීමක්.
සිනමාව කෙරෙහි ඇති මගේ ආදරය, කැපවීම සහ ඉදිරියට යාමේ අධිෂ්ඨානය තවදුරටත් ශක්තිමත් කළ මෙම අත්දැකීම, මගේ ඉදිරි සිනමා ගමනට මහත් ශක්තියක් වනු ඇතැයි විශ්වාස කරමි. ❤️🎥
🙏 විශේෂ ස්තුතිය එරංග සේනාරත්න මහතාට!
මා කෙරෙහි තැබූ විශ්වාසයටත්, ලබාදුන් සහයෝගයටත්, මෙම වටිනා සිනමා අත්දැකීමේ කොටස්කරුවෙකු වීමට අවස්ථාව ලබා දීම වෙනුවෙනුත් මගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි.
මේ ආරම්භය පමණයි... ඉදිරියේදී සිනමාව තුළ තවත් සාර්ථක සහ සුන්දර පියවර රැසක් තැබීමට බලාපොරොත්තුවෙන්! 🎬❤️
Chaminda Rajapaksha
Redline Entertainment
#කොටගවුම