07/03/2025
බුද්ධිමය දේපළ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම එක්ව සංවිධානය කරන ලද "බුද්ධිමය දේපළ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන " අද (07) දින පස්වරුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය 1 වන මහල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
පේටන්ට් බලපත්‍ර, ප්‍රකාශන හිමිකම්, වෙළඳ ලකුණු සහ කාර්මික සැලසුම් ඇතුළු බුද්ධිමය දේපළවල විවිධ අංශ පිළිබඳව බස්නාහිර පළාත් ව්‍යවසායකයින් සහ බස්නාහිර පළාත් NEDA නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණින් පැවැති මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ජනාධිපති ලේකම් කාර්‍යාලයේ NIRDC ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුදිත සෙනරත් යාපා මහතා විසින් ලබාදෙන ලදී
ඉන් අනතුරුව අන්තර්ක්‍රියාකාරී ප්‍රශ්නෝත්තර සහ ජාලකරණ සැසිය යටතේ කර්මාන්ත විශේෂඥයින් සහ සම්පත් කාර්ය මණ්ඩලය සමඟ විවෘත සාකච්ඡාවක්ද පවත්වන ලදී.
මෙම වැඩසටහන සඳහා
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වයි.එල්.මොහොමඩ් නමාමි මහතා , කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් එම්.ඒ.එස්.කාංචනා ගුණවර්ධන මහත්මිය, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය විරංජ කරුණාරත්න මහතා, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලක්ෂ්මන් අබේසේකර මහතා ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානින්, බස්නාහිර පළාත් ව්‍යවසායකයින් හා බස්නාහිර පළාත් NEDA නිලධාරීන් සහභාගි විය.