26/03/2026
AI ලෝකයේ සිංහල භාෂාවට තියෙන ඉඩ කොච්චරද? 🇱🇰🧠
ඔබ දන්නවාද? තාක්ෂණික ලෝකයේ සිංහල භාෂාව හඳුන්වන්නේ "Low-Resource Language" එකක් විදිහට. ඒ කියන්නේ AI පද්ධති පුහුණු කරන්න අවශ්‍ය කරන ඩිජිටල් දත්ත (Data) සිංහල භාෂාවෙන් ඉතාම අඩුයි.
මේ හේතුව නිසා තමයි ගොඩක් වෙලාවට ChatGPT වැනි දේවල් සිංහලෙන් පාවිච්චි කරද්දී වැරදි සිදුවන්නේ.
අපි මේක වෙනස් කරන්නේ කොහොමද?
SynhalaAI හරහා අපි කරන්නේ මේ "අඩු සම්පත්" පියවා ගැනීමට අලුත් දත්ත කට්ටල නිර්මාණය කිරීමයි.
අපේ අරමුණ: සිංහල භාෂාවත් ඉංග්‍රීසි වගේම තාක්ෂණය ඇතුළේ "පොහොසත්" භාෂාවක් බවට පත් කිරීමයි.
මේ තාක්ෂණික මෙහෙවර ගැන ඔබේ අදහස කුමක්ද? comment එකක් දාන්න.