01/07/2025
සුමිත්‍රා... සුමිත්‍රා ඇන්ටි...
Insights පවුලේ පැරණිම සාමාජිකාව... අවුරුදු 17 ක්ම..
සුමිත්‍රාගේ අතින් හදපු ප්ලේන්ටියක්, කිරි තේ එකක්, කලු කෝපි හෝ කිරි කෝපි එකක්, අපේ කැමැත්ත අනුව හැමදාම උදේ හවස අපිට ලැබෙනවා. Client කෙනෙක් වුනත් Insights එකට ගොඩවෙන්නෙ,
" සුමිත්‍රා, තේ එකක් බොමුද " කියල අහගෙන.
සුමිත්‍රාගේ ජීවිතයේ සතුටුදායක වගේම දුක්බර අවස්ථාවන් වලදීත්, Insights පවුලේ අපි, ඇයත් සමඟින් සිටියා. අවුරුදු 18 ක Insights ගමන් මඟේ, අවුරුදු 17 ක්ම, දුක සැප සමව විඳගනිමින්, ඇය අපත් සමඟින් එක්ව පියවර නැගුවා.
වියපත්වීමත් සමඟින් කොයි කාටත් එන පොදු ධර්මතාවයන්ට, සුමිත්‍රාටත් මුහුණ දෙන්නට සිදුවුනා. ඒ අනුව, තමන්ගෙ සෞඛ්‍යය තත්ත්වය සැලකිල්ලට ගෙන, එයට මුල් තැන දෙමින්, ඇය Insights පවුලෙන් සමුගන්නේ, වසර 17 ක ආදරණීයම මතක ගොන්නක් සමඟින්.
Insights පවුලේ සැම වෙනුවෙන් කළ, ඒ ආදරණීය සේවයට, සුමිත්‍රාට බොහොමත්ම පිං !
Insights පවුලේ හැමෝම, සුවය, සතුට රැඳුණු, සුවබර විශ්‍රාම දිවියක්, සුමිත්‍රාට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා !