Hemal Fernando

Hemal Fernando Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hemal Fernando, Management Service, Sri Lanka Insurance Kochchikade, Negombo.

ඔබත් දංකොටුවෙන් රැකියාවක් සොයන අයෙක්ද..?ඔබත් වයස අවුරුදු 20-45ත් අතර පසුවන අයෙක්නම් දැන්ම 0705208646 අංකයට නම/වයස SMS කර...
28/03/2022

ඔබත් දංකොටුවෙන් රැකියාවක් සොයන අයෙක්ද..?
ඔබත් වයස අවුරුදු 20-45ත් අතර පසුවන අයෙක්නම් දැන්ම 0705208646 අංකයට නම/වයස SMS කරන්න

10.5% සහතික කල ඉහළම ප්‍රතිලාභයක් වසර 2කින් වැඩිවිස්තර සදහා දැන්ම කතාකරන්න 0705208646
17/11/2021

10.5% සහතික කල ඉහළම ප්‍රතිලාභයක් වසර 2කින්
වැඩිවිස්තර සදහා දැන්ම කතාකරන්න 0705208646

 #අවධානම -  #ඔබේ_ආදායමේ_ආරක්ෂාවමොහොතක් කල්පනා කරල බලන්න මේ අවස්ථාව ඔබට සිදුවූවොත්,01.ඔබගේ ආදරණීයයන්ගේ අහාර පාන සඳහා ඉදිර...
18/07/2021

#අවධානම - #ඔබේ_ආදායමේ_ආරක්ෂාව
මොහොතක් කල්පනා කරල බලන්න මේ අවස්ථාව ඔබට සිදුවූවොත්,
01.ඔබගේ ආදරණීයයන්ගේ අහාර පාන සඳහා ඉදිරියට වියදම් දැරීමට ක්‍රමයක් සකසා තිබේද?
02.ඉදිරියටත් ඔබගේ දරුවාගේ අධ්‍යාපන වියදම් දැරීමට ක්‍රමයක් සකසා තිබේද?
03. ඔබගේ සාමාජිකයින්ගේ සෞඛ්‍ය වියදම් දැරීමට ක්‍රමයක් සකසා තිබේද?
04. අනෙකුත් සාමාන්‍ය වියදම් (ලයිට් බිල්, වතුර බිල් වගේ දේවල්) දැරීමට ක්‍රමයක් සකසා තිබේද?
මෙතන නොකියූ තව කොතරම් වියදම් ඔබ විසින් පියවනවා ඇතිද? #හිතන්න. ඔබ හෙට නින්දෙන් ඇහැරුණේ නැතිනම් ඔබගේ පවුලේ අයගේ අනාගතයේ වගකීම බාර ගැනීමට කෙනෙකු සිටීද? කාට හෝ ඔබගේ පවුල බලාගත හැක්කේ සතියක්, දෙකක් නැතිනම් මාසයක් වගේ සුළු කාලයක් පමණයි.
කවුද එතකොට ඔබ මෙච්චරකල් ආදරෙන් බලාගත්, ඔබ සැලසුම් කල ඔබේ ළබැඳියන්ගේ අනාගතය ආරක්ෂා කරන්නේ? ඔවුන් අසරණ වෙනව දකින්නට ඔබ කැමතිද? ඔබ හරි. එහෙම වෙනවට කවුරුත් කැමති නෑ. #උත්තරයක්_තියෙනවද
#උත්තරයක්_හොයනවද
#උත්තරයක්_අවශ්යද 0705208646

 #අවධානම -  #ඔබේ_ආදායමේ_ආරක්ෂාවමොහොතක් කල්පනා කරල බලන්න මේ අවස්ථාව ඔබට සිදුවූවොත්,01.ඔබගේ ආදරණීයයන්ගේ අහාර පාන සඳහා ඉදිර...
18/07/2021

#අවධානම - #ඔබේ_ආදායමේ_ආරක්ෂාව
මොහොතක් කල්පනා කරල බලන්න මේ අවස්ථාව ඔබට සිදුවූවොත්,
01.ඔබගේ ආදරණීයයන්ගේ අහාර පාන සඳහා ඉදිරියට වියදම් දැරීමට ක්‍රමයක් සකසා තිබේද?
02.ඉදිරියටත් ඔබගේ දරුවාගේ අධ්‍යාපන වියදම් දැරීමට ක්‍රමයක් සකසා තිබේද?
03. ඔබගේ සාමාජිකයින්ගේ සෞඛ්‍ය වියදම් දැරීමට ක්‍රමයක් සකසා තිබේද?
04. අනෙකුත් සාමාන්‍ය වියදම් (ලයිට් බිල්, වතුර බිල් වගේ දේවල්) දැරීමට ක්‍රමයක් සකසා තිබේද?
මෙතන නොකියූ තව කොතරම් වියදම් ඔබ විසින් පියවනවා ඇතිද? #හිතන්න. ඔබ හෙට නින්දෙන් ඇහැරුණේ නැතිනම් ඔබගේ පවුලේ අයගේ අනාගතයේ වගකීම බාර ගැනීමට කෙනෙකු සිටීද? කාට හෝ ඔබගේ පවුල බලාගත හැක්කේ සතියක්, දෙකක් නැතිනම් මාසයක් වගේ සුළු කාලයක් පමණයි.
කවුද එතකොට ඔබ මෙච්චරකල් ආදරෙන් බලාගත්, ඔබ සැලසුම් කල ඔබේ ළබැඳියන්ගේ අනාගතය ආරක්ෂා කරන්නේ? ඔවුන් අසරණ වෙනව දකින්නට ඔබ කැමතිද? ඔබ හරි. එහෙම වෙනවට කවුරුත් කැමති නෑ. #උත්තරයක්_තියෙනවද
#උත්තරයක්_හොයනවද
#උත්තරයක්_අවශ්යද?

0705208646

12/07/2021
22/05/2021

රක්ෂණය

ලංකාවේ රක්ෂණය කියන දේ ගත්තම චංචල දේපල, නිශ්චල දේපල වගේම ජීවිත රක්ෂණ, මේ ආදී විවිධ රක්ෂණ දැකගන්න පුළුවන්. මූලික වශයෙන් කියන්න බලාපොරොත්තු වන්නේ මෝටර් රථයක් හා වාහන රක්ෂණ සම්බන්ධවයි.

ලංකාවේ මේ වන විට ප්‍රධාන රක්ෂණ ආයතන කීපයක් මූලික වශයෙන් දැකගන්න පුළුවන්.

1) සෙලින්කෝ රක්ෂණ සමාගම.
2) ශ්‍රී ලංකා රක්ෂණ සමාගම.
3) අලියාන්ස් රක්ෂණ සමාගම.
4) ෆෙයා ෆ්‍රරස්ට් ක්ෂණ සමාගම.
5) කොන්ටිනෙන්ටල් රක්ෂණ සමාගම.

මීට අමතර ව මූල්‍ය සමාගම් වල රක්ෂණ ආයතන ද ලංකාවේ පවතිනවා.

6) සණස රක්ෂණය.
7) HNB ඇෂුරන්ස් රක්ෂණය.
8) පීපල් ලීසිං රක්ෂණය.
9) LOLC රක්ෂණය.
10) ඔරියෙන්ට් රක්ෂණය.

මේ ටික කියවගෙන එන කෙනෙක් කියයි,

"A ගෙන් Insurance දාන්න එපා උන් ගෙවන්නේ නෑ "

තව කෙනෙක් කියයි

" නෑ බං, A මට නම් ගෙව්වා"
කියලා.

මේ සිදුවීම් දෙකම එකම ආයතනයක් වෙන්න පුළුවන්. කොහොම වුණත් රක්ෂණ ගිවිසුමක් අපි කියවනවා ද ? කොන්දේසි අපි කියවනවා ද? කාගෙන් හරි අහගන්න දෙයක් තමයි නිවරදි කියලා හිතන්නේ. සමහර විට ඒ විස්තරේ කියන කෙනත් දන්නේ නැති වෙන්න පුලුවන්. ඒත් ඒකමද ඇත්ත?

*ඉතින් ඇයි මට සල්ලි ගෙව්වේ නැත්තේ?

රක්ෂණයක කොන්දේසි තියෙනවා. නීතී රෙගුලෑසී තියෙනවා. අපි කියන එක වචනයක අර්ථය මත රක්ෂණ වන්දි ලැබීම , නොලැබීම බලපානවා. ආයේ ඔයාලට එහෙම වන්දි නොලැබී දුක් විඳින්නේ නැති වෙන්න තමා මේ කියලා දෙන්න යන්න. ලිපිය ටිකක් දීර්ඝයි.

ලංකාවට වාහන අනායනය කරන කොට කොටස් දෙකයි.
1) Unregisted වාහන.
2) Brand new වාහන.
මේ කොටස් දෙක වෙනස් වෙන්නේ, Unregisted වාහන ආනායන කරන රටේ භාවිතා කල වාහන. ටෙස්ටින් දුවපුවා හෝ නිවස් වල භාවිතා කල එව්වා. Brand new එහෙම නෑ. වාහනයේ කිලෝමීටර් ගාන පවා 0 යි. අලුත්ම එව්වා. ලංකාවෙදී ගහන යටි මඩි ගේමි තියෙනවා. ( රක්ෂණය ගැන පමණක් කතා කරමි. )

මීට අමතරව ලංකාවේ රජයේ ලියාපදිංචි කරපු වාහන , Registed Vehicle තියෙනවා.

වාහනයක් අපි ලිසිං හෝ අත්පිට මුදලට ගද්දී ෆුල් ඉන්ෂුරන්ස් එකක් දානවා නම් , රක්ෂණ ආයතනයෙන් අපි වර්ෂයක් සඳහා වූ රක්ෂණයේ මිල අහද්දී වාහනය unregistered, brand new, register, මේ කොටස් තුනෙන් හරි වර්ගය කියන්න. වාහනයේ වෙළඳපොළ වටිනාකමේ තක්සේරු මිල කියන්න. වාහන වර්ගය , මොඩලය සහ වාහනයේ වර්ෂය කියන්න. ඉන්ධන වර්ගය.

TOYOTA - වාහන වර්ගය.
CHR - මොඩලය
2019 - වර්ෂය.
Register/Unregister/Brand New.
පෙට්‍රල්/ඩීසල්/හයිබ්‍රීඩ්/ඉලෙක්ට්‍රික්

විශේෂ දෙයක් * රක්ෂණය

private use, hiring, rent, tourism, tourism rent, company use,
(පුද්ගලික භාවිතය, කුලී රථ, බදු දීම, විදේශීය සංචාරක ප්‍රවාහන, විදේශීයන්ට බදු දිම, ආයතනික භාවිතය.)

මොන දේටද මේ වාහනය භාවිතා කරන්නේ කියන එකත් කියන්න. ඊට අදාලව තමා මිල ගණන් ගන්න ඕන.

මේ විදිහට පැහැදිලිව කියලා මිල ගණන් කොලේක ලියා ගන්න.මොකද හිතේ සතුට ඉවවහා ගිය තැනක පාඩුවක් වෙන්න තියෙන ප්‍රතිශතය ගොඩාක් වැඩි. හොයන්නේ බලන්නේ නෑ. සතුටට.

ඒ වගේම රක්ෂණ ඔප්පුව බලන්න අමතක කරන්න එපා. එහෙම එකක් නොලැබෙන්න පුලුවන් ලිසිං එකක් යද්දී නම්.
ඒ වෙලාවෙම අත් පිට මුදලට ගන්නවා නම් අනිවාර්‍යෙන් රක්ෂණ නියෝජිත මැදිහත් වීමත් එක්ක ඔප්පුව බලන්න පුලුවන්.

ස්වාභාවික අනතුරු, ත්‍රස්තවාදී ක්‍රියා, කල කෝලාහල මේ රක්ෂණ කොටසුත් ඔයාගේ රක්ෂණයට අඩංගු කරන්න. ( හේතුව ඉසසරහට මම කියන්නම් )

PVT Use පුද්ගලික භාවිතය.
මෙහෙම රක්ෂණයක් දාලා වාහනය පවුලේ නොවන පිට කෙනෙක්ට යාලුවෙක්, වෙනත් අයෙක් දීලා අනතුරක් උනොත් එම ස්ථානයට එන රක්ෂණ නියෝජිතයා එම වාහනයේ හිමිකම අහල තමා යාලුවා බව කියු ගමන් අනතුරට අදාල වන්දිය ලැබෙන්නෑ. හේතුව පුද්ගලික භාවිතයෙන් තොර වීම . දෙවන පාර්ශවයක් සතු වීම. ඒ වගේම තමා පවුලේ කෙනෙක් නම් හැකි ඉක්මනින් පවුලේ ඥාති කම පැහැදිලිව ඉදිරිපත් කරන්න ඕන. මේ විදිහට කුලී රථ හෝ බදු ක්‍රමයට දීලා වන්දි ලැබෙන්නෑ. ඔබ අමාරුවේ.

ආයතනික ප්‍රධානීන් තම වාහනයට පුද්ගලිග රක්ෂණයක් යොදා රියදුරු ලෙස පිට අයෙක් යොදවා ධාදනය කල හැක. වාහනය තුල තමා නොසිට අනතුරක් සිදු වී නම් ලිපියක් හරහා අදාල සිදුවීම රක්ෂණ ආයතනය පැහැදිලි කල යුතු වෙනවා. (ඉල්ලීම් ලිපියක්)

හයරින්, කූලී රථ.
මෙහිදී මූලිකම අර්ථය තමාගේ වාහනය තමාම කුලී රථ සේවයේ යෙදීම. ත්‍රිරෝද රථ සදහාම රක්ෂණ කුලී රථ කියලා තමා එන්නේ. අනික් වාහන වල කුලී රථ රක්ෂණ කොටසින් රක්ෂණය දාන්න පුලුවන්.

ත්‍රිවිල් නම් කුලියට දුවන්න දීලා තියෙනවා ඕන තරම්...(දවසට 500යි 1000යි...) රක්ෂණ ආයතන එකින් එක හාරා අවුස්සා නොබලන වෙලාක පිට කෙනෙක් රථය කුලී පදනම මත අරන් ගිහිල්ලා අනතුරු වෙලා වන්දි ලැබුනු තැන් ඇති. හරියට හෙව්වොත් රිජෙක්ට්. තමන්ගේ වාහනේ කාට හරි දීලා මුදල් උපයනවා නම් රෙන්ට් ඉන්ෂුරන්ස් එකක් දාන්නම වෙනවා.

රෙන්ට්,
තම වාහනයට රියදුරෙකු යොදවා කුලී රථ සේවයේ යෙදවීම, ආයතනයකට බදු දීම වගේ දේකදී රෙන්ට් ඉන්ෂුරන්ස් එකක් දාලා තියෙන්න ඕන. නැත්තම් ක්ලේම් ගන්න බෑ. (PVT use රක්ෂණය දාලා අනතුරකදී අයිති කෙනා ගෙන්වන අවස්තා තියෙනවා. හොර වැඩ.

ටුවරිසම්, තමා විසින් වීදේශීය සංචාරකයන් ප්‍රවාහනය. මෙහිදී ආසන ගණනට රක්ෂණ කරන්න වෙනව. පැසෙන්ජර්. සාමාන්‍යන් එක් පැසෙන්ජර් කෙනෙක්ට ලක්ෂ 5ක්ත් රක්ෂණය යොදන්න ඕන. අනතුරක්දී සිදු වී උසාවිය හෝ පොලීසිය පරීෂා කරන විට එසේ රක්ෂණයක් නොවීම දඩුවම් ලැබිය හැකි වරදක්.

ටුවරිසම් රෙන්ට්, තමාගේ මෝටර් රථයට රියදුරෙකු යොදවා විදේශීය සංචාරක ප්‍රවාහනය සදහා ධාවනය කරවීම. ටුවරිසම් හා ටුවරිසම් රෙන්ට් අතර මෝටර් රථ සඳහා රු 3000/- වැනි මුදලක් එහා මෙහා වෙනවා. ඒ වගේම මේ රක්ෂණය යටතේ විදේශිකයෙක් හටද වාහනය ලබා දෙන්න පුලුවන්. ත්‍රිරෝද රථයක් නම් 19000/- ක වෙනසක් වෙනවා. ත්‍රිවිල් එකකට සම්පූර්ණ ගාන ටුවරිසම් රෙන්ට් 30,000/- වගේ වෙනවා.

කම්පැනි, ආයතනයක් නමට මිලදී ගන්නා වාහනයක් ආයතනික අවශයතා සඳහා භාවිතා කරන විට එයට රියදුරෙකු යෙදවීම හෝ එසේ නොමැතිව ආයතනය සතු නිලධාරීන් පොදුවේ භාවිතා කරයි නම් එයට කම්පැනි රක්ෂණයක් යොදන්න වෙනවා. මෙහිදී ආයතන ප්‍රධානියා අත්සන යොදන අතර ආයතනයේ නමට මෝටර් රථය ලියාපදිංචී වීමත් ආයතනයේ නමට රක්ෂණය තිබීමත් සිදු වෙනවා.

මුලික දේවල් ටික පැහැදිලී නේද.
දැන් කියන්නම් මේ ටික හරියටම කරලා ක්ලේම් නොලැබිලා, ක්ලේම් රිජෙක්ට් වෙච්ච ඔයාගේ අතින්ම වෙච්චි පුංචි වැරද්ද මොකද කියන එක ඔයාලම බලන්න.

බීමත්ව රිය ධාවනය. වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය. රක්ෂණයක් දාලා දින 30-60-90 ණය සහනයක් අරන් ඒක නොගෙවා කෑන්සල් වෙච්ච ඉන්ෂුරන්ස් වලිනුත් ක්ලේම් ගන්න බෑ.

Pvt use රක්ෂණයක් දාලා, අයියා හෝ මල්ලි වාහනය අරන් ගිහින් අනතුරක් වෙලා රක්ෂණ නියෝජිතයා ආවම 'වෙන කෙනෙක්ගේ නමට තමා වාහනේ තියෙන්නේ' කියලා ක්ලේම් රෙජෙක්ට් වෙලා ඇති.
(වෙන කෙනෙක්ගේ නමට තියෙන්නේ)
දුන්නු උත්තරය වැරදි.
ඔබ කියන්න ඕන "මේ වාහනය අයියාගේ/මල්ලිගේ/බිරිඳගේ සැමුයගේ. මම එයාගේ සහෝදරයා. ගෙදර පාවිච්චිය. මං අරගෙන ආවා බලන්නකො හැප්පුනා."

කවදාවත් හිතුවද රක්ෂණයකට අපි දෙන වචනයක් පවා බලපානවා කියලා.

යාලුවෙක් අරන් ගිහින් හැප්පුනොත් ලෙඩේ. ඒත් කතා කරලා ක්ලේම් ගන්න පුලුවන් අවස්තාත් තියෙනවා.

ඉන්ෂුරන්සුත් දාලා සල්ලිත් දීලා මෙව්වත් කියන්න ඕනද අපි මූට පිස්සු. කියන හිතන ඇති.

ලංකාවේ මිනිස්සු කරපු හොර වැඩ නිසා තමා එහෙම වෙලා තියෙන්නේ. රක්ෂණ ආයතනයේ එන කෙනා කරන්නේ ඉන්වෙස්ටිකේෂන් එකක්. සොයා බැලීමක්. පරීක්ෂණයක්. අදාල සිද්ධිය නිවරදිමද යන්න. ඒ සමගම ක්ලේම් එක දෙන්න පුලුවන්ද කියලා බලන එක. සිහියක් නැතුව අරක්කු බීලා හප්පගෙන උදේට සිල් ගත්තා වගේ ක්ලේම් ගන්න ගිහින් චාටර් වෙච්චි මිනිස්සු නිසා. තමා අද මෙහෙම වෙලා තියෙන්නේ.

හයරින් ඉන්ෂුරන්ස් දාලා වාහනය වෙන කෙනෙක්ට දීලා අනතුරක් වෙලා එතනට එන නියෝජිතයට කිව්වොත් මම මේක කුලියට දුවන්නේ කියලා ක්ලේම් එක රිජෙක්ට්. කියන්න ඕන මම හයර් කරන වාහනේ, අයිතිය ගැන ඇහුවොත් ඥාතියෙකුගේ නමට තියෙන්නේ කියන්න. තමන්ගේ නමට වාහන ගන්න බැරි අය ඉන්නවා.

සමහර ක්ලේම් වල ඉල්ලීම් ලිපි භාර දෙන්න වෙනවා. එහෙම ලියන ඉල්ලීම් ලිපි වල දිනය, වෙලාව, ස්ථානය හරියටම තියෙන්න ඕන.කරදරයක් වෙලාට කොහොමද ඔව්වා මතක තියා ගන්නේ. තමන් ගාව තියන ස්මාර්ට් ෆොන් එකෙ Location, Date , Time නිවරදි විදිහට හදා ගන්න. අනතුරක් උනාම ෆොටෝස් ටිකක් ගන්න අමතක කරන්න එපා. ඒ ෆොටෝ වල දිනය, වෙලාව ,ස්ථානය ෆොටෝ එකට අදාලව තොරතුරු වල තැන්පත් වෙනවා.

අනතුරක් වෙලා තමන්ව රෝහල් ගත කරන මොහොතක ෆොටෝ ගහන්න බෑ නේ. වෛද්‍යවාර්ථාව සහා ලිපියක් ඉදිරිපත් කරන්න.
වෛද්‍යවාර්ථාවේ අනතුරට සමානුපාතව රෝහල් ගත කරපු දිනය වෙලාව සඳහන් වෙනවා.

පොලිස් රිපොර්ට් එකක්?

පොලිස් රිපොර්ට් එකක් ඉල්ලන්නේ හේතු කිහිපයක් යටතේ. රිය අනතුරට සාක්ෂියක් නැති විට. හප්පපු වාහනය නැති උනාම. රජයේ දේපලක් හානි උනාම. සැක සහිත අනතුරකදී. අනතුර වෙලා ටික වේලාවක් ගත උනා කියලා තේරුනාම. වගේ දේකදි.

ඇඳිරිනීතිය තියන වෙලාවක අනතුරක් උනාම අදාල අනතුරට සාධාරණ හේතුවක් ඉදිරිපත් කරන්නම වෙනවා. වාහනයට අදාලව හෝ තමට ඇඳිරිනීති බලපත්‍රයක් තිබේද? නැත්නම් හේතුව, රෝහලකට යෑම, ෆාමසියකට මේ ආදී සාධාරණ හේතුව ඉල්ලිම් ලිපියකින් ඉදිරිපත් කරන්නම වෙනවා. පොලිස් වාර්ථා මේ ඇඳිරිනීති බල පවතින ප්‍රදේශයක නම් ඇඳිරිනීති කාලයේ ලබා දෙන්නේ නෑ. එහෙම උනොත් උසාවි දානවා. උසාවියේ තීර්ණය සහිත ලියවිල්ල තමා දෙන්න වෙන්නේ. දඩයක් වදිනවා. තමාට අනතුරක් නොවී වාහනයට අනතුරක් වී නම් උපරිම පොලිස් රිපොට් එක, පැය 12 යන්නට කලින් ගන්නත් ඕන.

රේල් ගේට්ටුවක් කඩාගෙන ගියාම රක්ෂය ලැබෙන්නෑ වගේම රේල් ගෙට්ටුවට ගෙවන ඕන. දුම්‍-රියට ගැටුනාමත් එහෙමයි.

2009 පස්සේ ත්‍රස්තවාදයක් ලංකාවේ නැති උනා. ඉතින් ටෙරිසම් කවර් එක දැම්මේ නෑ ගොඩක් අය. මීට ටික කාලෙකට කලින් මුස්ලිම් අන්තවාදීන් එල්ල කරපු බෝම්බ එක්ක බයිසිකල්, වාහන පුපුරවලා බොම්බ නිශ්ක්‍රිය අංශ චෙක් කලා. ටෙරිසම් කවර් නොද අර පුරවපු වාහන වලට රක්ෂණ වන්දි ලැබුනේ නෑ. ත්‍රස්තවාදි ක්‍රියා නිසා තමා ඒවා පරීක්ෂා කලේ. ඉතින් ඒ ක්‍රියාවන්හීදී අලාභ හානිය බල පැවැතෙන්නේ ත්‍රස්තවාදී ක්‍රියා ගොන්නට.

ස්වාභාවික අනතුරු, මේ කොටසට ගොඩක් දේවල් අයිති වෙනවා. ගං වතුර, මුහුද ගොඩ ගැලීම. ගස් කඩා වටීම , නාය යෑම් , ගිලා බැසීම් වගේ දේවල්. මේ ස්වාභාව අනතුරු වලින් ක්ලේම් එකක් ගන්නම නම් මේ රක්ෂණ කොටසත් දාන්නම ඕන.

ස්වභාවික අනතුරු වලට බල නොපාන නමුත් ස්වාභාවික අනතුරු තියෙනවා. සතුන්ගේ පහර දීම්, අලි ඇත්තු පහර දීම, මේවා ස්වාභාවික අනතුරු වලම වෙනමම එන කොටසක්. මේකත් දානවා නම් හොඳයි. යාල, බුන්දල, කතරගම, පුත්තලම මාර්ගය අනුරාධපුර. යද්දී අලි දකින්න ලැබෙනවා නේ. කියන්න බෑ නේ. අවුරුද්දටම 1000/- 2000/- වෙයි කවර් එකටම. ඒ වගේද අනතුරක අලාභය.

ඉල්ලීම් ලිපිය,
මේක ලියද්දී දින වෙලාව ස්ථනය සිදුවීම නිවරදිව පැහැදිලිව ලියන්න. කතාවක් විදිහට. වචන අර්ථ හරියටම. ක්ලේම් රිජෙක්ට් වෙන්නෑ. වාහනේට ලීසිං එකක් යනවා නම් ලිසිං ආයතනයටද ලිපියක් ලියලා භාර දෙන්න. ආයතනය මැදිහත් වෙලා මේ රක්ෂණ වන්දිය අරන් දෙන්න කියලා.

විශේෂ දෙයක්. ලිසිං එක A කියන සමාගමෙන් අරන්, රක්ෂණයත් A රක්ෂණ සමාගමෙන්ම ගියොත් ටිකක් අවුල් වැඩේ. නඩුත් හාම්මුදුරුවන්ගේ බඩුත් හාම්මුදුරුවන්ගේ. ඒක නිසා හැම වෙලාවේම ලිසිං එක යන ආයතනයේම රක්ෂණය දාන්න එපා. මම අදහස් කලේ එකම ආයතනයක් සතු සමාගම් දෙකක් ගැන. අඩුවෙන් ක්ලේම් හම්බුනාම හරි ක්ලේම් නොලැබීම මත ලිසිං සමගමට බලපෑමක් කරන්න බෑ. ඒකයි.

ටෝටල් ලොස්ට් එකක්. වාහනය මිලදී ගත් මුදල ලක්ෂ 10 කියමු. වාහ්නයේ තක්සේරු මිල ලක්ෂ 12යි නම්. ලක්ෂ 12ට රක්ෂණ ආවරණය යොදන්න. මොකද වාහනය ගන්න්ම දෙයක් නැති විදිහට ඇක්සිඩන්ට් උනාම. ටෝටල් ලොස්ට් උනාම තක්සේරු වර්තාවට අනූව ඇති වෙළඳ වටිනාකම අනූව තමා අපට මුදල් ලැබෙන්නේ. ඉන්ෂුරන් ආයතන මෙම තක්සේරු මුදල සම් -SUM වශයෙන් තමා අර්ථකතනය කරන්නෙ.

උදා:- වාහනය මිලට ගත් මුදල රු ලක්ෂ 10.
තක්සේරු මිල ලක්ෂ 12. එහෙනම් රක්ෂණය යොදන්න ඕන ලක්ෂ 12ට. SUM එක ලක්ෂ 12යි. ක්ලේම් වලදී පොඩි මුදලක් අඩු වෙලා එන්නේ.

ලක්ෂ 10 ටම රක්ෂණය කලොත් 980/- වගේ ලැබෙයි. 11 කලොත් 1025/- ලැබෙයි. 12 කට කරන්න කියන්නේ ලක්ෂ එකාමාරක් අඩු කලත් වාහනේ මිල ඇවිල්ලා.
ලක්ෂ 8ට රක්ෂණය කලොත්.... ඔයලා හිතා ගන්න.

දවස් 3ක මහන්සියකින් තමා පොස්ට් එක දාන්නේ... අදහස් ලියන්න.

දන්නේ නැති දේවල් අහන්න. ලියන්න තව ගොඩාක් දේවල් තිබ්බත් ලියන්න බෑ. ෆොන් එකෙන් ටයිප් කලේ. හොඳටම ස්ලෝ වෙලා. ස්ට්‍රක් වෙනවා.

ස්තූතියි.
කරුනාවෙන් සලකන්න
උපුටා ගැනිමකී..

ඉතිරිය ආයෝජනයක් කරන්න, එකතුවන්න0705208646
22/05/2021

ඉතිරිය ආයෝජනයක් කරන්න, එකතුවන්න
0705208646

20/05/2021
20/05/2021

Management service

ඔබේ අලුත උපන් සිඟිති දියණියට/ පුතුට උසස් පෙළ අවසන් කරන විට රු 3,000,000 අරමුදලක් මාසිකව රු 5,000ක ආයෝජනයකින්......වැඩි ව...
20/05/2021

ඔබේ අලුත උපන් සිඟිති දියණියට/ පුතුට උසස් පෙළ අවසන් කරන විට රු 3,000,000 අරමුදලක් මාසිකව රු 5,000ක ආයෝජනයකින්......
වැඩි විස්තර සදහා අමතන්න
0705208646

Address

Sri Lanka Insurance Kochchikade
Negombo
11540

Alerts

Be the first to know and let us send you an email when Hemal Fernando posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hemal Fernando:

Share