21/08/2026
🔴නිවසට තීන්ත ආලේප කිරීමේදී, නිවැරදි වර්ණ සහ තීන්ත වර්ගය තෝරා ගැනීම, නිවසේ පෙනුම, ආලෝකය සහ එහි වෙසෙන්නන්ගේ මානසිකත්වයට කෙලින්ම බලපායි.
🔴තීන්ත වර්ගය තෝරා ගැනීම
✅අභ්‍යන්තර තීන්ත (Interior Paints): නිවස ඇතුළත බිත්ති සඳහා පිරිසිදු කිරීමට පහසු සහ දීප්තිය වැඩි, අඳුරු නැති තීන්ත තෝරා ගැනීම සුදුසුය.
✅බාහිර තීන්ත (Exterior Paints): තද අව්ව, වැස්ස සහ තෙතමනයට ඔරොත්තු දෙනWeather Shield තීන්ත වර්ග බාහිර බිත්ති සඳහා තෝරා ගත යුතුය.
🔴වර්ණ භාවිතයෙන් නිවසට ලැබෙන වෙනස
✅සුදු සහ ලා පැහැයන්
කුඩා ඉඩකඩ විශාල කර පෙන්වයි. උපරිම ආලෝක පරාවර්තනයක් ලබා දෙයි. සාලය, කුඩා කාමර, කොරිඩෝ සඳහා සුදුසුය.
✅නිල් පැහැය සහ එහි Shades
මනස සන්සුන් කරයි, ආතතිය අඩු කරයි. සිසිල් බවක් ලබා දෙයි. නිදන කාමර, පාඩම් කරන කාමර සඳහා සුදුසු ය.
✅කොළ පැහැය සහ එහි Shades
ස්වාභාවික බව සහ ප්‍රබෝධය ගෙන දෙයි. ඇසට පහසුවක් ලබා දෙයි. සාලය, නිදන කාමර, බැල්කනි සඳහා සුදුසුය.
✅කහ සහ තැඹිලි
උද්‍යෝගය, ප්‍රීතිය සහ ශක්තිය ඇති කරයි. කාමරයට දීප්තියක් එකතු කරයි. කෑම කාමරය, සාලය, මුළුතැන්ගෙයට යොදනු ලබයි.
✅අළු සහ බෙයිජ් (Beige Color )
නූතන (Modern) සහ ගාම්භීර පෙනුමක් ලබා දෙයි. ඕනෑම ගෘහ භාණ්ඩයකට ගැලපේ. බාහිර බිත්ති, සාලය, කාර්යාල කාමර සඳහා ආලේපය කරයි.
🔴තීන්ත තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
✅ආලෝකය අඩු කාමර සඳහා ලා පැහැයන්ද, හොඳින් හිරු එළිය ලැබෙන කාමර සඳහා මඳක් තද පැහැයන්ද තෝරා ගන්න.
✅තද වර්ණ භාවිතයෙන් කාමරය කුඩා ලෙස පෙනෙන අතර, ලා වර්ණ භාවිතයෙන් කාමරය විශාල ලෙස පෙනේ.
✅60-30-10 නීතිය එනම්, ප්‍රධාන වර්ණය 60% ක්ද, ද්විතීයික වර්ණය 30% ක්ද, විශේෂිත Accent වර්ණයක් 10% ක්ද ලෙස යොදා ගැනීමෙන් පරිපූර්ණ වර්ණ සංකලනයක් ලබා ගත හැක.
🔴⭕️🔴
HWT Engineering Solutions - පරම්පරාගත විශ්වාසය, ඉංජිනේරුමය විශිෂ්ටත්වය!
📞 අමතන්න 076 40 50 422
💚 WhatsApp - 074 24 30 432
📍 සේවා මධ්‍යස්ථාන: මීගමුව | මහනුවර