Ceylon Coffee & Spice

Ceylon Coffee & Spice We sell Sri Lankan Coffee Tea & Spices as well as imported Food items at affordable prices! "Exporting Sri Lankan Flavors to the World!

"For centuries, Sri Lanka has been the world's spice island. From the forests of Matale to the coasts of Galle, we bring you 100% pure, ethically sourced spices that carry the soul of the island."

“ Ceylon Coffee & Spices ” by Advino Fresh is a trusted partner for distributing and exporting premium Sri Lankan foodstuffs globally! We specialize in sourcing and exporting high-quality Spices, Coffee

, Tea, Fresh Sri Lankan Vegetables and Fruits and a range of food products from remote Farms in Sri Lanka, such as:

• Spices : Black pepper, Ceylon Genuine Cinnamon, Cloves, Nutmeg, Mace, Tamarind, Garcinia Cambogia, Turmeric, Curry Powder etc.

• Tea & Coffee : Premium Ceylon Tea and Regular Ceylon Tea and Arabica and Robusta Coffee.

• Coconuts : Coconuts & Coconut Based products.
• Vegetables : Winged Beans - Dambala, Thai Egg Plant, Turkey Berry, Murunga, Bitter Guard, Brinjal, Pumpkin, Ladies Fingers etc.
• Chillies : Capsicum, Hot Chilli- Scotch Bonnet, Bird’s Eye Chilli, Green Chilli
• Tropical Fruits : Pineapples, Passion Fruit, Red Papaya, Tropical Banana, Mango, Sour Sop, Wood apple, Avocado, Mangosteen, Rambutan, Durian, Guava, Ripe Jack Fruit, Ceylon Olive- Veralu, King Coconut etc.
• Staple Fruit : ( Meat Substitutes )Foods : Jackfruit, Polos, Breadfruit
• Roots : Tapioca, Purple Yam, Sweet Potato, Lotus Root, Kohila Root, Hingurala etc.
• Grains : Rice, Red Rice, Black Rice, Finger Millet/ Ragi, Corn, etc. Our Company Advino World F&B Pvt Ltd was Established in 2010 with the purpose of exporting Sri Lankan Crops Overseas. Ever since our Team has been focusing on :
Quality assurance
Consistent quality
Competitive pricing
Practical logistic methods with timely delivery
Our Excellent customer service is provided with English speaking professionals:
Contact us today:
Phone/ WhatsApp : SL +94722046832 / +94777761390 Dubai : +971556368530 / +971561640279
Email: [email protected] , [email protected]

Let us support Local Farmers in remote villages in Sri Lanka!

ආයුබෝවන්! ලංකාවේ ගොවීන් වගා කරන නැවුම් ඵලවඵ සහ පලතුරු ඔබ සිටින රටටත් ගෙන්වා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න. ඔබ ප්‍රදේශයේ ...
09/05/2025

ආයුබෝවන්!
ලංකාවේ ගොවීන් වගා කරන නැවුම් ඵලවඵ සහ පලතුරු ඔබ සිටින රටටත් ගෙන්වා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.
ඔබ ප්‍රදේශයේ ආසියාතික එළවළු සහ පලතුරු වෙළඳසැල් වලට අපව හදුන්වාදෙන්න.
අප රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමට ඔබගේ උපරිම සහය ලබා දෙන්න. වැඩි විස්තර සදහා
වට්ස්ඇප් : +94722046832
ඊ-මේල්: [email protected]
හා සම්බන්ධ වන්න.
ඔබට ගොඩක් ස්තුතියි🙏🇱🇰
* අපනයන තත්වයේ නැවුම් ඵලවඵ පලතුරු මෙන්ම කුළුබඩු, තේ සහ කෝපි ඉතා සාධාරණ මිල ගනන් යටතේ ලංකාවේ ඔබ නිවසටම බෙදාහැරීම ලගදීම ආරම්භ වන බව ඔබට සතුටින් දැනුම් දීමට කැමැත්තෙමු.😊

අපි නිධානයක් උඩ ඉඳගෙන අපේ ලමයින්ට කන්න දෙන්නෙ මොනවද? ඇටයක් බිම දැම්මත් පැලවෙන අපේ ලංකාවෙ පෝෂ්‍යදායි ආහාර වේලක් ගෙවත්තෙන්...
15/04/2025

අපි නිධානයක් උඩ ඉඳගෙන අපේ ලමයින්ට කන්න දෙන්නෙ මොනවද?

ඇටයක් බිම දැම්මත් පැලවෙන අපේ ලංකාවෙ පෝෂ්‍යදායි ආහාර වේලක් ගෙවත්තෙන්ම සාදා ගන්න මේ නව වසරේ අදිටන් කර ගනිමු.

Blue and copper, this year's Sinhala and Tamil New year Theme of colors symbolize a harmonious blend of earthly and cele...
14/04/2025

Blue and copper, this year's Sinhala and Tamil New year Theme of colors symbolize a harmonious blend of earthly and celestial energies. Blue is frequently associated with calmness, tranquility, and wisdom, while copper is linked to wealth, prosperity, and grounding. Together, they can represent protection, inner peace, and a connection to both the natural world and the divine.
නිල් සහ තඹ, මේ වසරේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ වර්ණ තේමාව වන්නේ භූමික සහ ආකාශ ශක්තීන්ගේ සුසංයෝගී මිශ්‍රණයක් සංකේතවත් කිරීමයි. නිල් පැහැය නිතරම සන්සුන්කම, සන්සුන් භාවය සහ ප්‍රඥාව සමඟ සම්බන්ධ වන අතර තඹ ධනය, සමෘද්ධිය සහ පදනම සමඟ සම්බන්ධ වේ. එක්ව, ඒවාට ආරක්ෂාව, අභ්‍යන්තර සාමය සහ ස්වාභාවික ලෝකයට සහ දිව්‍ය ලෝකයට සම්බන්ධයක් නියෝජනය කළ හැකිය.

04/03/2024

Sri Lanka - Negombo Office Jobs available!
* Digital Marketing/Social Media Officer
* Office Assistant
Please send CV to [email protected] or Call 0724127466

14/02/2024

අපේ මිනිස්සු ගැන
වල්පොල පියනන්ද හාමුදුරුවො
කියන මේ කතාව කියවන්න...👍👍👍

“1982 අවුරුද්දෙ ඉඳලා මෙරට දුප්පත් ගම්මානවලින් විද්‍යා අංශයෙන් විශ්වවිද්‍යාලවලට තේරෙන දරුවන් 25 ක් තෝරාගෙන මාසෙකට ඩොලර් 50 බැගින් ලබාදෙනවා.

ඒ අනුව එදා ඉඳලා මේ වෙනකොට ළමයි 400 ට විතර වෛද්‍යවරු, වෛද්‍යවරියන් වෙන්න ශිෂ්‍යත්ව ලබා දීලා තියෙනවා.

තවත් දිළිඳු පවුල්වල පහ ශිෂ්‍යත්වය සමත් දරුවන් විස්සකට රුපියල් 7000 බැගින් මාසික ශිෂ්‍යත්වයක් ලබාදෙනවා.

ඒ වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන භික්‍ෂුන්වහන්සේ දහනමකට මාසෙකට රුපියල් 10,000 බැගින් ශිෂ්‍යත්ව ලබාදෙනවා.

ඒ සියලුම මුදල් පරිත්‍යාග කරන්නෙ ඇමෙරිකානු දායකයන් සහ වියට්නාම් දායකයන්. ඔවුන් වසරකට ප්‍රමාණවත් මුදල් එකවර පරිත්‍යාග කරනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ ගුරුවරියක් විදිහට සේවය කළ ශිරෝෂී ගුණතිලක මහත්මිය ශිෂ්‍යත්ව සම්බන්ධීකරණ කටයුතු කරගෙන යනවා.

එතුමියත් වගකීමකින් යුක්තව එම කටයුත්ත කරගෙන යනවා.

අවාසනාවකට අපි ශිෂ්‍යත්ව ලබාදෙන, විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනගන්න හෝ එයින් පිටව ගිය ළමයි හාරසීය දෙනාගෙන් කිසිවෙක් කෘතඥතාව ප්‍රකාශ කරලා මුදල් පරිත්‍යාග කරන අයට හෝ ශිෂ්‍යත්වය මෙහෙයවන මටවත් ලියුම් කඩදහියක්වත් එවලා නෑ.

ලංකාවේ එම ශිෂ්‍යත්වය සම්බන්ධීකරණය කරන ශිරෝෂී මහත්මියටවත් දුරකථනයෙන් හෝ ස්තූති කරලා නෑ.

පොළොන්නරුවේ, හිඟුරක්ගොඩ පදිංචි උපාලි බුලේගොඩ මගේ සහෝදරයා හඳුන්වා දුන්න දුප්පත් පවුලක වෛද්‍ය ශිෂ්‍යයෙක්ට එක පාර ඩොලර් 2000 ක් මම හොයලා දුන්නා.

ඒ ළමයා සල්ලි ලැබුණු බවක්වත් දැන්නුවේ නෑ. ඊට පසු කාලයක මම ලංකාවට පැමිණ සිටින බව උපාලි ඒ වෛද්‍යවරයාට දැනුම් දීලා තිබුණා. ඒ පණිවිඩයට ප්‍රතිචාරයක් විදිහට ඔහු පවසා තිබුණේ සේවය කරන රෝහලට මට පැමිණ මුණගැසෙන ලෙසය.

එවැනි සිද්ධි සම්බන්ධයෙන් මම බලවත් සංවේගයට පත් වෙලා ඉන්නවා. ඒත් ශිෂ්‍යත්ව ලබාදීම නතර කරලා නෑ. නතර කරන්නෙත් නෑ.

ඔවුන් කෙළෙහිගුණ නොදත් අය වුණාට අපේ යුතුකම ඉටු කරනවා…”
“නාගරික, ගම්බද කියලා නෑ, මෙරට හැම තැනම ළමයින්ට කෙළෙහිගුණ දක්වන්න උගන්වලා නෑ.

අපේ රටේ නිදහස් අධ්‍යාපනය තියෙන බව සතුටින් කිව්ව ද, කන්නන්ගර මහතාගේ මැදිහත්වීමෙන් නිදහස් අධ්‍යාපනයක් ලබා දුන්න ද නිදහස්ව සිතමින්, නිදහස්ව වැඩ කරන කෙළෙහිගුණ දන්නා පරපුරක් නිර්මාණය වී තිබේද යන්න ගැටලුවක් පවතිනවා.

රටක අධ්‍යාපනයේ ප්‍රධාන වගකීම වෙන්නෙ කෙළෙහිගුණ දත් ජාතියක් නිර්මාණය කිරීමයි. නිදහස් අධ්‍යාපන ක්‍රමයේ පිහිටෙන් අධ්‍යාපනය ලැබූ මට තේරෙන ආකාරයට තවම මෙරට නිදහස් අධ්‍යාපන ක්‍රමය හරි මඟට යොමු වෙලා නෑ.

විශ්වවිද්‍යාලවලට යැවීම මුල් කරගෙන උගන්වනවා විනා දරුවන්ට ගුණධර්ම ඉගැන්වීමට දෙමවුපියොත් උත්සාහ කරන බවක් පේන්න නෑ.

දහම් පාසලකට යවන බවක් පෙන්නෙත් නෑ. උපාධි ලබාගෙන ඉහළ තනතුරුවලට යනකොට ඉගෙනගන්න උදව් කරපු අයට කෘතවේදීවීම ඔවුන්ට මදිපුංචිකමක්.

ඇමෙරිකාවේ ජීවත්වන ලංකාවේ උපාධිධාරියෙක්ට ග්‍රීන් කාඩ් එක ගන්න මම උදව් කළා. අන්තිමේ මුළු පවුලටම ඇමරිකාවේ ජීවත් වෙන්න ග්‍රීන් කාඩ් ලැබුණා.

ඒත් අද මගතොටේදී මුණගැහුණත් අහක බලාගෙන යනවා. ලංකාවේ හිතවත් මහත්මයෙක්ගේ ඉල්ලීමට ඇමෙරිකාවේ ජීවත්වන ඔහුගේ දියණියට බැංකු ණයක් ලබාගැනීමට මම අත්සන් කළා.

ඇය විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරලා, උපාධි ලබාගෙන දැන් ඇමෙරිකාවේ හාවාඩ් විශ්වවිද්‍යාලයේ උගන්වනවා.

අද වනතුරු ණයට අත්සන් කළාට ස්තූති කරලා නෑ. ණය මුදල ගෙවීමත් පැහැර ඇරලා. විටින්, විට බැංකුවෙන් කතා කරලා මට දන්වනවා.

ඇමෙරිකානු ජාතික මවුපියො දරුවන්ට හොඳට ගුණ ධර්ම උගන්වනවා. කෙළෙහිගුණ දක්වන්න පුරුදු කරවනවා.

මේ රටවල් මෙච්චර දියුණු වෙන්න පුරවැසියන්ගේ යහපත් ගුණධර්මත් ප්‍රධාන වෙලා තියෙනවා. බුදු බව ලබාගත් බුදු පියාණන්වහන්සේ එක රැයක් සෙවන දුන් බෝධියට සතියක් කෘතගුණ දැක්වූ ආකාරය ගැන බුදු බණෙහි ඉගෙනගන්න මෙරට බෞද්ධ ළමයින්ටත් කෙළෙහිගුණ දැක්වීම අමතක වෙනවා නම් ඔවුන් සැබෑ බෞද්ධයො වෙන්නෙ නෑ…”

ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක වල්පොල පියනන්ද නායක හාමුදුරුවන්ගේ කතාව ඇසෙනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ සොළොස්වන ජනාධිපතිවරයා වූ ඒබ්‍රහම් ලින්කන් මහතා විසින් තම පුත්‍රයා අධ්‍යාපනය ලැබූ පාසලේ පන්ති භාර ගුරුවරයාට යැවූ ලිපිය මගේ මතකයට නැඟිණි.
“මුල් ගුරුතුමනි, මාගේ පුතාට කියාදෙන්න හැම මනුෂ්‍යයෙක්ම සත්‍යවාදී හා සර්ව සාධාරණ නොවන බව. ඒ වගේම හැම තක්කඩියෙකු, දුර්ජනයෙකු පාසාම ගුණයහපත් වීරවරයන් මේ ලෝකයේ සිටිනා බව ඔහුට උගන්වන්න. හැම දෙනාම තක්කඩිත් නොවේ.

තක්කඩින් වාගේම යහපත් අයත් මේ ලෝකයේ සිටිනා බව මාගේ පුතාට උගන්වන්න. සෑම ආත්මාර්ථකාමී දේශපාලනඥයෙකු වෙනුවටම රටේ සුබසිද්ධියට කැපවුණු යහපත් දේශපාලනඥයෙකුත් ඉන්නා බව මාගේ පුතාට ඒත්තු ගන්වන්න.

නොමිලයේ කාගෙන්හරි, කොහෙන්හරි ලැබෙන ඩොලර් පහට වැඩිය තමාගේ දහදිය මහන්සියෙන් උපයන ඩොලරය වටිනාකමින් වැඩි බවත් කියාදෙන්න. එය ඔහුට ඒත්තු ගැන්වීමට වැඩි කාලයක් ගත වන්නට පුළුවන් බව මා දන්නවා. නමුත් එම සත්‍ය ඔහුට උගන්වන්න.

පරාජය විඳ දරාගැනීමටත්, ජයග්‍රහණය නිහතමානීව සතුටින් භුක්ති විඳීමටත් මාගේ පුතාට උගන්වන්න. ඇතැම් උදවිය ඊර්ෂ්‍යාකාරීව ඔහු යටපත් කරන්නට, ඈත් කරන්නට ක්‍රියාකරන විට ඒවා ගැන කළකිරෙන්නෙ නැතිව සන්සුන්ව හ`ිදිමින් සිත යටින් සිනාසෙන්නට හැකි ශක්තියේ රහස ගැන ඔහුට උගන්වන්න.

ඔබට හැකි නම් ඔහුට පොත පතේ ඇති චමත්කාරය පෙන්වා දෙන්න. මෘදු මොළොක් මිනිසුන්ට මෘදු ලෙසින් සලකන්නටත්, රළු මිනිසුන්ට දැඩි ලෙස සලකන්නටත් මාගේ පුතා පුරුදු කරන්න.

තමන් වටේ සිටින මිනිසුන් කරන දෙය අන්ධානුකරණයෙන් පිළිනොගෙන තමාගේම බුද්ධිය මෙහෙයවා යුතුකම්, අයුතුකම් තේරුම්ගෙන ක්‍රියාකිරීමේ ශක්තිය ඔහුට ලබාදෙන්න.

සෑම කෙනෙකුටම සවන්දීමේ අගය ඔහුට වටහා දෙන්න. එහෙත් ඔහු අසන දෙයින් සත්‍යය පමණක් කිරා මැන බලා හොඳ දෙය පමණක් ගන්නට ඔහුට හැකියාව ලබාදෙන්න…

මුල් ගුරුතුමනි, ඔහුට මෘදු ලෙස සලකන්න. නමුත් ඔහු හුරතල් කරන්න එපා. වානේ හොඳින් තැනිය හැක්කේ ගින්නෙන් රත් වූ විට බව ඔහුට පැහැදිලි කරන්න.

ඒ නිසා ජීවන ගමනේදී තමාට හැඩි දැඩි රස්නය දැනුණොත් එයින් තේරුම්ගන්න සලස්වන්න ඔහු කාටවත් වෙනස් කරන්න බැරි මිනිසෙක් හැටියට දියුණුවීමට ඒ අත්දැකීම් ප්‍රයෝජනවත් වන බව…” ලෝකයේ ශ්‍රේෂ්ඨතම රාජ්‍ය තාන්ත්‍රිකයකු වශයෙන් ලෝක පූජිතව සිටින ඒබ්‍රහම් ලින්කන් මහතාගේ ලිපිය තව දීර්ඝය.

විශිෂ්ටතම ලේඛන කෞෂල්‍යයෙන් පිරිපුන් ඒබ්‍රහම් ලින්කන් මහතාගේ ලිපියෙන් ගත යුතු කරුණු තව බොහෝය.

කිසිවෙක්ට ද්වේෂ නොකළ, හැමටම කාරුණික වූ ඒබ්‍රහම් ලින්කන් තම පුත්‍රයාගේ ගුරුවරයාට යැවූ ලිපියෙන් ප්‍රකාශ කරනුයේ මිනිසෙකුගේ පැවැත්මට අධ්‍යාපනය පමණක් ප්‍රමාණවත් නොවන බවත් යහපත් ගුණ ධර්මවලින් පිරිපුන් වීර්යවන්ත මිනිසෙක් විය යුතු බවය.

එහෙයින් ඒබ්‍රහම් ලින්කන්ගේ ලිපියෙන් දරුවන්ට මෙන්ම දෙමවුපියන්ට ද ගත යුතු ආදර්ශයන් බොහෝය. අන් අයට අත නොපා, උපකාරයක් හෝ නොලද ස්වශක්තියෙන් ජීවත්වන, රටට වැඩදායී පරපුරක් නිර්මාණය කිරීමට දෙමවුපියන් ඔබ ද උපරිම දායකත්වය ලබාදිය යුතුය.

21/01/2024

Please call or Whatsapp: +947111808985 should you be interested to purchase these products, Thank you,
Delivery Free if purchased more than 2 items in Colombo / Gampaha

21/01/2024

Please call or Whatsapp: +947111808985 should you be interested to purchase these products, Thank you,
Delivery Free if purchased more than Rs.6000 in Colombo / Gampaha

A leading UAE e-commerce platform requires a remotely working Digital marketing PRO to work from Sri Lanka!Please send C...
05/10/2023

A leading UAE e-commerce platform requires a remotely working Digital marketing PRO to work from Sri Lanka!
Please send CV to [email protected]

Requirements for the Digital media marketing Coordinator:
Requirements : Ability to communicate, Read, Write in English – Sinhala – Tamil fluently.
Accommodation Provided.

a. Plans and executes all web, SEO/SEM, database marketing, email, social media, and display advertising campaigns.
b. Designs, builds, and maintains our social media presence.
c. Identifies trends and insights and optimizes spend and performance based on the insights.
d. Developing, monitoring, writing and updating product content contained on e-commerce websites/portals.
e. Working with product management, sales, graphics, and other relevant departments to provide updated content for assigned accounts to be shared across e-commerce platforms.
f. Possessing a strong knowledge of the e-commerce space including competitive strategies, marketing strategies, product development, consumer research, usability best practices and industry trends
g. Planning promotional campaigns on web for new products or specials
h. Designing Product and Business Portfolios / Proposals
i. Coordinate Labeling and Stickers are properly printed with correct Information

Address

No 21, St' Xavier's Road, Kimbulapitiya Road
Negombo
11500

Alerts

Be the first to know and let us send you an email when Ceylon Coffee & Spice posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share