19/01/2026
කැස්බෑවො තමයි මේ ලෝකෙ ඉන්න මහ පවුකාරම සත්තු ...සතෙකුට උනත් එහෙම කියන්න හොඳ නැති උනත් මම එයාට එහෙම කියන්න ඇයි කියලා සාක්ෂි ඇතුවම අනන්තවත් පෙන්නලා ඇති මාත් සමග ඉන්න අයට.
ඉතිං ඒ නිසාමයි එයාලට වැඩිපුර අපෙ ආදරය, රැකවරණය දිය යුතුයි කියන තැන හැමදාමත් මම ඉන්නේ.මෙතන ඉන්න මේ කැස්බෑ අම්මා අහම්බෙකින් වගේ දවල් කාලයේ මේ විදියට වෙරළේ බිත්තර දැම්මත්, මේක මහ රෑට සිද්ධවෙන කාර්‍යයක්..
ඒ නිසා එයාල ගැන බලන එකත් ලේසි කාර්‍යයක් නොවයි.නමුත් ඒ අසීරු කාර්‍යය පහුගිය කාලෙදි මම මගේ විනෝදාංශය කරගෙන උන්නේ.මගේ ශ්‍රමය විතරක් නෙවෙයි,මගේ මිතුරන්,ඥාතීන්ගේ ශ්‍රමය කාලය හා මුදලුත් මේ කටයුතු වලට දායක කර ගත්තා.
සමහරු හිතා උන්නේ මට නින්ද නොයන ලෙඩක් තියෙනව කියලයි.එහෙම නැහැ, ඇස්දෙක නින්ද ඕනෙමෙයි කියද්දිත්,වැරදිලා හරි නින්ද යාවි කියන බයට අඩු තරමේ වැල්ලේ වාඩිවෙන්නෙවත් නැතුවයි මෙයාල පස්සේ දිව්වේ.ඒ මෙයාලටත් වඩා මෙයාලගේ ජීවිතයයි, බිත්තර ටිකයි මට වටින නිසා.ඒකත් එක්ක මට අනිත් ගොඩක් දේවල් මග ඇරුනා.විශේෂඥ වෛද්‍යයවරු දීපු උපදෙස් මම අමතක කළා, එකට උන්නු මිතුරන් සමග රණ්ඩු හදාගත්තා.මට තිබුනු තවත් බොහෝ දේ අහිමි කරගත්තා.ඇවිදීමෙයි,නිදිමැරිමෙයි සීමාවක් තිබිය යුතුයි කියන එක මට තේරුනෙ නැහැ. රාජ්‍ය සේවයේ රාජකාරි කිරීමේදී හැඟීම්වලටයි,සංවේදි වීමටයි වඩා ආයතන සංග්‍රහ,චක්‍රලේඛ වලට අනුව කටයුතු කළයුතු බවත්,ක්‍රියාවට වඩා පොත පත අප්ඩේට් වියයුතුයි කියන එක මට තේරුනේ නැහැ.එක දිගට රාත්‍රියන් 10 -15 නිදි මරන එක සාමාන්‍ය දෙයක් කරගත්තා..ඒ ගොඩක් දවස්වල දිවා කාලයේවත් විනාඩියක්වත් නිදා නොගෙන.
කෙසේ නමුත් නුදුරේදීම මීටත් වඩා දේ මට අහිමි වේවි, නමුත් කැස්බෑවුන් වෙනුවෙන් කරන ලද දේවල ප්‍රතිඵල අපේ පොඩි උන්ට අනාගතය්දී දැකගන්න ලැබේවි.පටන් ගනිපු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන ටික උනත් අවුලක් නැතුව දුවාවි 🙏🙏
පිංතූරය අද උදේ අරගෙන තිබ්බෙ Sakuna Nethsara