24/07/2023
බයික් ගන්න අපි හැමතැනම එහෙ මෙහෙ දුවනවා හැමතැනම. අඳුරන අය අඩුයි කරදරයක් වෙද්දි. බයික් එකක් අරන් තනියෙම පැදන් එද්දි රෑ කන්තලේ හබරණ අලි ඉන්න පාරේ ටයර් එක අවුල් වුනා. කරගන්න දෙයක් නෑ. බැටරි බැහැලා ෆෝන් ඕෆ්. ටිකක් තල්ලුකරන් ඉස්සරහට ආවා. බයික් එකක් නැවැත්තුව. ඇයි කොල්ලො තල්ලු පැච් එකක්ද? ඇහුවා. එයා තනියෙම හිටියේ. කකුලෙන් තල්ලුව දුන්නා 7 km වගේ. එතනින් එයා නැවතුනේ එයාගේ බයික් එක මට දීලා ඒක අරන් මම එතනින් ටිකක් දුර ඇවිත්. වින්කල් බාස් කෙනෙක් හොයාගෙන වැඩේ කරගෙන ඒ බාස්ව ඇරලලා ඇවිත් පොලිස් කෙනාට ස්තූති කරලා ආවේ.
එයාගෙ බයික් එකට තෙල් ගහන්න රු 1000 දෙන්න හැදුවා. ඒ ගත්තෙත් නෑ. අපි කන බොන මනුස්සයෝ තමයි. සල්ලි එපා පිස්සුද බන්. උ ඹ පරිස්සමෙන් ගෙදර පලයන් කොල්ලො කියලා කිවුවේ.
මගෙ බයික් එකේ ටයරුත් පරනයි.
හැම පොලිස්කාරයම කුහක ති රි සන්නු නෙමෙයි. හොඳ මනුස්සකම් තියෙන මොහු නමින් Thushantha. එප්පාවල කලින් ඉඳලා දැන් කන්තලේ පොලිසියේ. මනුස්සයෙක්, සුපිරි පොරක් 💪
සටහන - Thilina Dissanayake
විශේෂ ස්තූතිය - Dimantha Charuka