26/01/2026
🚀සාර්ථක මිනිසුන් කිසිදා නොකරන, ඔබත් අදම නතර කළ යුතු දුප්පත් පුරුදු
මචං... ඇයි බං අපිට විතරක් හැමදාම මෙහෙම වෙන්නේ..? මේ ප්‍රශ්නය ඔයා යාළුවො එක්ක කතා කරලා ඇති, එහෙමත් නැත්නම් යාළුවො ඔයාගෙන් අහලා ඇති, ගොඩක් අය හිතන්න පුරුදු වෙලා ඉන්නේ සල්ලි තියෙන අය වාසනාවන්තයි කියලා, හැබැයි ගොඩක් අය දන්නේ මේක පවතින්නේ වාසනාව මත නෙවෙයි පුරුදු මත කියලා.. ඒ වගේම තමයි, අපිව එකම තැන පල් කරවන, අඩියටම ඇදලා දාන දුප්පත් පුරුදු ටිකකුත් අපේ ජීවිත අස්සේ හැංගිලා තියෙනවා.
ඔබටත් දියුණු වෙන්න ඕනෙ නම්, අදම නතර කළ යුතු ඒ දුප්පත් පුරුදු 07 ගැන අපි කතා කරමු.
1. "හෙට කරනවා" කියන මාරාන්තික රෝගය (Procrastination)
දුප්පත් මානසිකත්වයේ ලොකුම සතුරා තමයි හෙට... අද නිවාඩු පාඩුවේ ඉන්නවා, හෙට ඉඳන් වැඩ පටන් ගන්නවා, කියලා අපි හැමදාම අපේ හීන කල් දානවා. ඒත් සාර්ථක මිනිස්සුන්ට "හෙටක්" නැහැ. ඔවුන්ට තියෙන්නේ "දැන්" විතරයි.
මතක තබා ගන්න සාර්ථකත්වය කියන්නේ අනාගතයේ සිද්ධ වෙන දෙයක් නෙවෙයි, ඔබ අද ගන්න තීරණ වල එකතුවක්.
2. අනුන්ගේ වැරදි සහ සාපේක්ෂතාවාදය (The Blame Game)
රටේ ආර්ථිකය හරි නැහැ, මගේ දෙමව්පියන්ට සල්ලි තිබ්බේ නැහැ, බොස් මට කැමති නැහැ. මේ වගේ නිදහසට කරුණු කිය කියා ඉන්න එක දුප්පත් පුරුද්දක්. සාර්ථක මිනිස්සු කවදාවත් තමන්ගේ අසාර්ථකත්වයට අනුන්ට ඇඟිල්ල දිගු කරන්නේ නැහැ. ඔවුන් තමන්ගේ ජීවිතයේ සම්පූර්ණ වගකීම තමන් අතට ගන්නවා.
3. කාලය කාදමන එක (Killing Time)
අපි හැමෝටම දවසකට ලැබෙන්නේ පැය 24 යි. ඒත් දුප්පත් මානසිකත්වය තියෙන කෙනෙක් තමන්ගේ වටිනා කාලය වැය කරන්නේ ෆේස්බුක් එකේ අනුන්ගේ ඕපදූප හොයන්නයි, වැඩකට නැති වීඩියෝ බලන්නයි විතරයි. හැබැයි සාර්ථක මිනිහා ඒ කාලය යොදවන්නේ අලුත් දෙයක් ඉගෙන ගන්න හෝ තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න.
ඔයාම හිතලා බලන්න, ඔබ දිනකට පැය කීයක් Screen එක දෙස බලාගෙන නිකරුණේ කාලය කා දමනවාද?
4. ආදායමට වඩා වියදම වැඩි කරගැනීම (Show-off Culture)
අද සමාජයේ ගොඩක් අය කරන්නේ අනුන්ට පේන්න ජීවත් වෙන්න ගිහින් අමාරුවේ වැටෙන එක. නැති සල්ලි වියදම් කරලා අලුත්ම අයිෆෝන් එක ගන්නවා, ලීසිං දාලා වාහන ගන්නවා. මේක "දුප්පත්කමේ උගුලක්"... ඒ නිසා ඒවාට අහුවෙන්න එපා, සාර්ථක මිනිසුන් මුලින්ම කරන්නේ තමන්ගේ වත්කම් (Assets) වැඩි කරගන්න එක මිසක් අනුන්ට පේන්න වියදම් කරන එක නෙවෙයි.
5. ඉගෙනීම නතර කිරීම (Fixed Mindset)
මම දැන් ඔක්කොම දන්නවා කියලා හිතන දවසට ඔබේ පරිහානිය ආරම්භ වෙනවා. ලෝකය හැම තත්පරේම වෙනස් වෙනවා. දුප්පත් මිනිස්සු හිතන්නේ අධ්‍යාපනය ඉවර වෙන්නේ ඉස්කෝලෙන් කියලා. ඒත් ලෝකයේ ධනවත්ම මිනිස්සු අදටත් දිනකට අවම වශයෙන් පැයක්වත් පොතක් පතක් කියවන්න කාලය වෙන් කරනවා... එයාලා කරන්නේ හැම දෙයක් ගැනම ඉගන ගන්න එක,
6. අවදානමකට බිය වීම (Fear of Risk)
ඕවා කරන්න ගිහින් කෙලවුණොත් මොකද කරන්නේ,? මේ බය නිසාම ගොඩක් අය තමන්ගේ පරණ රස්සාවටම වෙලා හිරවෙලා ඉන්නවා. හැබැයි මතක තබා ගන්න, ජීවිතයේ ලොකුම අවදානම වෙන්නේ කිසිම අවදානමක් නොගෙන සිටීමයි. ආරක්ෂිත කලාපයෙන් (Comfort Zone) එළියට නොබසින තාක් කල් ඔබට අලුත් ලෝකයක් පේන්නේ නැහැ.
7. සෘණාත්මක මිනිසුන් ඇසුරු කිරීම
ඔබ වැඩිපුරම ඇසුරු කරන මිනිස්සු පස්දෙනාගේ සාමාන්‍යය අගය තමයි "ඔබ".
ඔබ වටා ඉන්නේ හැමදේටම අඬන, අනුන්ට බනින, බලාපොරොත්තු රහිත මිනිස්සු නම්, ඔබත් නොදැනුවත්වම ඒ තත්ත්වයට වැටෙනවා. සාර්ථක වෙන්න නම්, තමන්ට වඩා ඉහළින් ඉන්න, තමන්ව උනන්දු කරවන මිනිස්සු ඇසුරු කරන්න.
මිත්‍රවරුනි, දුප්පත්කම කියන්නේ කරුමයක් නෙවෙයි, ඒක ගොඩක් වෙලාවට වැරදි පුරුදු වල එකතුවක්. අදම ඔබේ පුරුදු ගැන ආපහු හැරිලා බලන්න.
උදේට ඉක්මනින් අවදි වෙන්න පුරුදු වෙන්න. අනවශ්‍ය වියදම් කපා හරින්න. අලුත් කුසලතාවයක් ඉගෙන ගන්න. ධනාත්මක මිනිසුන්ව සොයා යන්න.
ඔබ අද ගන්නා එක කුඩා තීරණයක්, වසර පහකින් ඔබ ඉන්න තැන සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්.
ඔබ අද සිට අත්හරින්න තීරණය කරන දුප්පත් පුරුද්ද මොකක්ද? පහළින් Comment එකක් දාන්න. ඔබේ ඒ තීරණය තවත් කෙනෙකුට ශක්තියක් වේවි! 👇