11/10/2023
තෙබු කොළ වල ගුණ සහ අගුණ 🍃
🌷costus speciosus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන තෙබු වර්තමානයේ වඩාත් ප්‍රචලිත ශාකයක් වී ඇත්තේ දියවැඩියා රෝගයට ගුණ දෙන ශාඛයක් ලෙසිනි. බොහෝ දෙනෙකු තෙබු පාවිච්චියට ගන්නේ දියවැඩියාව සදහා සුදුසු ඖෂධයක් ලෙයසි. එහෙත් ඇත. අතීතයේ සිටම ආයුර්වේදයේ තෙබු ශාකය ඖෂධයක් ලෙස භාවිතා කර ඇත.
🌷ආයුර්වේදයට අනුව මෙහි ඇත්තේ තිත්ත කසාය රසය. ශීත වීර්ය වේ. අම්ල විපාකයි. විරේචන ගුණ ඇත. ආහාර රුචිය උත්තේජනය කරයි. මෙහි ඇති තිත්ත කසාය රස නිසා රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමට සමත් වේ. එසේම මෙහි සැලකිය යුතු කෙදි ප්‍රමාණයක් අන්තර්ගත වේ. එම නිසා තවත් බොහෝ ගුණ තිබේ. එමගින් ශරීරයේ රුධිර ගත සීනි මට්ටම සාමාන්ය මට්ටමට පාලනය කිරීමට විශේෂ හැකියාවක් පවති.
🌷ආයුර්වේදයට අනුව ආහාර රුචිය උත්තේජනය කරයි. ඉන් ඛේටය පාලනය කරයි. හමේ රෝග සදහා ද ඉතා වැදගත් වේ. මෙහි ඖෂධීය මෙන්ම ආහාර වටිනාකමක්ද ඇත.
තෙබු කොළ ග්රෑම් 100ක ගුණ
ප්රෝටීන් 19%
කාබෝහයිඩ්රේට් 44%
ලිපිඩ 4%
කෙදි 12%
කැලිසියම් 2%
මැග්නීසියම් 2%
සෝඩියම් 2%
පොටෑසියම් 1%
🌷මෙහි විටමින් පමණක් නොව ශරීරයට අවශ්‍ය බොහෝ විටමින් සහ ඛනිජ වර්ග අඩංගුවේ. විශේෂයෙන්ම පනු රෝග පාලනය, මල බද්ධය, ඇදුම රෝගයට වැදගත් වේ.
මෙහි කොළ මුල් දෙකෙහිම ප්‍රතිඔක්සිකාරක බෙහෙවින් අඩංගුය. එම නිසා ශරීරයේ අන්තර්ගත විෂ ඉවත් කරයි. මෙයට හේතුව එහි සැලකිය යුතු කෙදි ප්‍රමාණයක් අන්තර්ගත වීමයි.
🌷එසේම ආහාර මාර්ගයේ ඇති ආම්ලිකතාවය (ගැස්ටයිටීස්) වලට ගුණදායකවේ. එසේම මෙහි කොළ සහ මුල් දෙකේ රුධිර ගත සීනි මට්ටම පාලනයට හැකියාව පවතී. මුලේ ඉස්මවලින් ශරීරයේ දැවිල්ල, දාහය අඩු කිරීමට හැකියාව ඇත. ලාදුරු රෝගීන් සදහා ද තෙබු ඉතා ගුණය.
එහෙත් තෙබු මගින් ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයේම සරුභාවය අඩු කරයි. විශේෂයෙන්ම එවැනි හෝමෝන වර්ග නිපද වීමට උපත් පාලන ඖෂධ වලට මේවා යොදා ගනී. එසේම රක්ත හීනතාවයට කොළ කෑමෙන් ගුණ ලැබේ.
සමේ මතුවන කුඩා බිබිලි සදහා ද ගුණයි. මෙය අමුවෙන් සලාද කෑම රසවත්ය. එසේම අල, පරිප්පු සමග වෑංජන පිළියෙල කරගත හැකිය. එහෙත් තෙබු දිනපතා කෑම සුදුසු නොවේ. වෛද්‍ය උපදෙස් අනුව භාවිතා කරන්න.
🌷රුධිරයේ සීනි මට්ටම පහත හෙළීමට ‘තෙබු’වලට පුළුවන්ද?
ගම්බදව වැවෙන දේශීය ශාක වර්ග බොහොමයක් නාගරික ජනයා හඳුනන්නේ නැති තරම්ය. නමුත් සමහර විශේෂිත වූ ශාක කිහිපයක් පිළිබඳ කතාන්දරය ඊට ඉඳුරාම වෙනස්ය. මෙවැනි සමහර ශාක වැවෙන්නේ ගම්බදවය. නමුත් අද වනවිට ඒවා එම ගැමියන්ට වඩා නාගරිකයන් අතර ප්‍රසිද්ධයි. එවැනි වූ ශාක විශේෂයක් ලෙස ‘තෙබු’ හැඳින්විය හැකිය. ‘තෙබු’ දිනෙන් දිනම නාගරිකයන් අතර ඉතාම ජනප්‍රිය ශාකයක් බවට පත්ව හමාරය. නුගේගොඩ දෙල්කඳ පොළ වැනි ප්‍රසිද්ධ නාගරික පොළවල්වල මෙම ශාකය වරදින්නේම නැත. එසේම මේවා වෙළෙඳපොළට රැගෙන එන ඉක්මනින්ම විකිණී යන්නේද උණුකැවුම් ආකාරයටය.
🌷මෙතරමකට මෙම ශාකය ජනතාව අතර ජනප්රිය වීමට හේතුවී තිබෙන්නේ ඒවා ආහාරයට ගැනීම මගින් රුධිරයේ සීනි මට්ටම ශීඝ්රයෙන් පහළ වැටීමට උදව්වේය යන රට පුරා පැතිර ගත් මතයයි. එසේම තෙබු කොළ වල රුධිරයේ කොලොස්ටරෝල් පාලනය කිරීමේ ඖෂධීය ගුණයක් තිබෙන බවටත් විශ්වාසයක් තිබේ.
🌷ඇතැම් රටවල ආක්රමණශීලී පැළෑටියක්
කේර්ප් කොලයකට සමාන අයුරින් පුෂ්පයේ ස්වභාවය පැවතීම විශේෂිත ලක්ෂණයයි. අග්නිදිග ආසියාව මෙම ශාකයේ නිජ භූමිය වන අතර ඉන්දුනීසියාවේ සුන්ඩා දූපතේ මේවායේ බහුල ව්යාප්තියක් දක්නට ලැබේ. කුක්, ෆිජි සහ හවායි වැනි පැසිෆික් දූපත්වලද මෙම ශාකය දක්නට ලැබෙන අතර ඒවායේ මෙය හඳුන්වා ඇත්තේ ආක්රමණශීලී ශාකයක් ලෙසිනි. එබැවින් එම දූපත්වල මේවාට වැඩෙන්නට ඇති ඉඩකඩ අඩුවෙමින් පවතී. ඖෂධීය ශාකයක් ලෙස මෙය ඉන්දියාවේ බහුලව වගා කෙරෙන අතර, අනෙකුත් රටවල විසිතුරු පැළෑටියක් ලෙසද වගා කෙරේ.
🌷ආසියානු කලාපයේ මෙය ඖෂධීය ශාකයක් ලෙස ප්‍රචලිතව පැවතියද, බටහිර සංස්කෘතිය තුළ මෙයට හිමිව ඇත්තේ එතරම් වැදගත් ස්ථානයක් නොවේ. ෆ්ලොරීඩා සරසවිය මේ ශාකය පිළිබඳ අධ්‍යයනය කොට ඇති අතර, ඒ එහි ඖෂධීය ගුණය පිළිබඳ නොව, එය විසිතුරු පැළෑටියක් ලෙස වගා කරන්නේ කෙසේද යන්න පිළිබඳවය. ඒ හැරුණු විට බටහිර ලෝකයට මෙහි වෙනත් වටිනාකමක් නැති බැව් පෙනේ.
🌷ආහාර බෝගයක්
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙම ශාකය විවිධ වූ ඖෂධීය ගුණාංගයන්ගෙන් යුක්තය. ලාදුරු, උණ, ඇදුම, බ්රොන්කයිටිස් හෙවත් ස්වාස නාළ ප්රදාහය හා බඩවැල්වල පණුවන් නැසීම සඳහාද මෙය යොදාගනු ලබයි. මෑතකදී කළ පර්යේෂණවලට අනුව හෙළි වී ඇත්තේ දියවැඩියාවට ද මෙය ප්‍රත්‍යක්ෂ ඔසුවක් බවය. දැනට සිදුකොට ඇති පර්යේෂණවලට අනුව තෙබු පත්රයක ප්රෝටීන් 19 ක්ද, කාබෝහයිඩේ්රට් 44ක්ද, ලිපිඩ 4 ක්ද තිබේ. තන්තු සංයුතිය 12කි. එමෙන්ම කැල්සියම්, මැග්නීසියම් හා සෝඩියම් 2 බැගින්ද, පොටෑසියම් 1ක්ද, බොහෝ විටමින් වර්ග ද ඇති බැව් හෙළි වී තිබේ. තෙබු පත්ර යොදා විවිධ ආහාර වර්ග පිසීම ආසියානු රටවල සුලබව දක්නට ලැබේ.
🌷ඉපැරණි ඉන්දීය ග්රන්ථයක් වූ ‘කාම සූත්රයේ’ දැක්වෙන අයුරින් මෙය ලිංගික ශක්තිය වැඩිකිරීම සඳහා ද යොදාගනු ලබයි. මෙම ශාකය බැක්ටීරියා හා දිලීරවලට ඔරොත්තු දීමේ ගුණයෙන් යුක්ත බැව් සොයාගෙන තිබේ.
🌷තෙබු කොළ ගැන එහි අඩංගු ගුණ ගැන මිනිසුන් තුළ විවිධ මතිමතාන්තර පැවතියද තෙබු කොළවල අඩංගු ඖෂධීය සංඝටක ගැන හෝ ශරීරයේ රුධිර මට්ටම, කොලොස්ටරෝල් මට්ටම අඩු කිරීම සම්බන්ධයෙන් ඒවා ක්‍රියා කරන ආකාර ගැන කියැවෙන ප්රමාණාත්මක සඳහනක් හෝ සොයාගැන්ම නම් අපහසුය. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වෛද්ය ආයතනයකින් මේ ශාකය පිළිබඳව පර්යේෂණ පත්රිකාවක් පවා ඉදිරිපත් කොට නැත. එසේම රුධිරයේ සීනි ප්‍රමාණය පාලනය වීමට ඒවා ආහාරයට ගත යුතු රටාව සහ ප්‍රමාණ ගැන ප්‍රමිතියක්ද නැත. මෙය දිනපතා ආහාරයට ගැනීම හොඳ නැත යන මතයක්ද සමාජගතව තිබේ. සමහර විට මේවා බහුලව ආහාරයට එකතු කර ගැනීම නිසා සීනි මට්ටම බොහෝ පහළ බැසීමට ඉඩ තිබේය යන විශ්වාසය මෙම කතාවට හේතුවිය හැකිය. ඒ කෙසේ හෝ රුධිරයේ සීනි ප්‍රමාණය අඩු කිරීමේ ප්‍රයෝගික හැකියාවක් තෙබු සතු වුවද එය ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියට බලපාන ආකාරය පිළිබඳව මතෛක් විද්‍යාත්මක
නිරීක්ෂණයක් සිදු නොවීම මත බටහිර වෛද්‍යවරුන්ට දියවැඩියාව සඳහා ආහාරයක් ලෙස තෙබු නිර්දේශ කිරීමට නොහැකි වී තිබේ.
🌷නමුදු ඈත අතීතයේ සිටම අපේ ගැමියන් නමුදු තෙබු කොළ විවිධ ආකාරවලට තම ආහාර වේලට එක්කරගෙන තිබේ.
🌷කලවම් පලාවේ අංගයක් ලෙස, එසේම සලාදයක්. මැල්ලුමක් ලෙසද සකසාගත හැකිය. තෙබු දල්ල සහිත ළපටි ගොබය කිරට පිසූ කළ ඉතා රසවත් ව්‍යංජනයක්. වසක් විසක් නම් නොවේ.
🌷කාලාන්තරයක් තිස්සේ අපේ ගැමියන් ආහාර සඳහා එකතු කරගත් මෙම ශාකයේ මේ කියන විශේෂිත ගුණ අඩංගුවීම කෙසේ වෙතත් අගුණයක් නම් කෙසේවත් අඩංගු විය නොහැකි බව නම් ඉඳුරාම කිව හැක. ඉතා අලංකාර සුදුපාට ලොකු මල් පිපෙන තෙබූ පැළයක් ඔබේ ගෙවත්තේද සිටුවා ගත හැකිය.
මෙය අපූරු මල් පඳුරක් ලෙස පරිසරය සොඳුරු කරනවා සේම එදිනෙදා පලා අවශ්‍යතාවය සපුරා දෙන මහඟු සම්පතක්ද කර ගත හැකිය. පහතරට තෙත් කලාපය ඇතුළු ලංකාවේ බොහෝ ප්‍රදේශවල කිසිදු සාත්තුවකින් තොරව, ඉතා පහසුවෙන් වවාගත හැකි ශාකයකි.
🌷තෙබු කොළ මැල්ලුම❤️❤️
අවශ්‍ය ද්‍රව්‍යය
තෙබු කොළ දෙමිටක්
ගාගත් පොල් ටිකක්
රතුලූනු ගෙඩි කීපයක්
අමුමිරිස් කරලක්
කරපිංචා කිනිත්තක්
කහකුඩු ස්වල්පයක්
ගම්මිරිස් ඇට කීපයක්
අබ ස්වල්පයක්
තෙල් ටිකක්
උම්බලකඩ කුඩු ටිකක්
දෙහි යුෂ ටිකක්
රස අනුව ලුණු
🌷සාදන ආකාරය
තෙබු කොළ සෝදා දිය බේරා ගෙන ඉතා සිහින්ව ලියාගන්න. පොල් වලට කහ, ගම්මිරිස්, උම්බලකඩ, රතුලූනු, අමුමිරිස්, ලුණු දමා හොඳින් ගලේ අඹරා ගන්න. නැතිනම් කොටා ගන්න. දැන් තෙබුකොළවලට අඹරාගත් පොල් මිශ්රණය දමා හොඳින් කලවම් කරගන්න. දැන් තෙල් ටිකක් ළිප තබා රත්වන විට කරපිංචා දමන්න. අබ ඇට ටික දමා පුපුරවා ගන්න. දැන් කොළ මිශ්‍රණය දමා කොළ පැහැය වියැකී යා නොදී මලවා ගන්න. බිමට බා දෙහි යුෂ එකතු කරන්න.
🌷තෙබු කොළ සලාදය🌷
අවශ්‍ය ද්‍රව්‍යන්
තෙබු කොළ දෙමිටක්
අමුමිරිස් කරල් 2 ක්
රතුලූනු ගෙඩි කීපයක්
ලුණු රසට අනුව
උම්බලකඩ කුඩු ටිකක්
ගම්මිරිස් කුඩු ඉතා ස්වල්පයක්
ගාගත් පොල් ටිකක්
දෙහි යුෂ ටිකක්
සාදන ආකාරය
තෙබු කොළ සෝදා හොඳින් දිය බේරා ගන්න. ඉතා සිහින්ව ලියා ගන්න. රතුලූනු, අමුමිරිස්, සිහින්ව ලියා ගන්න. දැන් භාජනයක් ගෙන එයට පොල්, කපාගත් රතුලූනු, අමුමිරිස්, ගම්මිරිස් කුඩු, ලුණු, දෙහියුෂ, උම්බලකඩ කුඩු දමා හොඳින් මිශ්ර කරන්න. අන්තිමට කපාගත් තෙබු කොළ ටිකද මිශ්ර කරගන්න.
🌷තෙබු ගොබ ව්‍යංජන 🌷
අවශ්‍ය ද්‍රව්‍ය
ළපටි තෙබු දළු සහිත ගොබ දෙක තුනක්
අමුමිරිස් කරල් 2 ක්
රතුලූනු අහුරක්
කහ ස්වල්පයක්
අමුතුනපහ ස්වල්පයක්
උම්බලකඩ කැබැලි ටිකක්
ලුණු
මිටිකිරි ටිකක්
උළුහාල් ඇට කීපයක්
සාදන ආකාරය
තෙබු ගොබ ටික සෝදා සිහින්ව කැබැලිවලට කපා ගන්න. රතුලූනු, අමුමිරිස් ද සිහින්ව කපන්න. දැන් මැටි හට්ටියක් ගෙන සියල්ල එකට දමා කොළ පැහැය නොනැසෙන සේ සිදුවා ගන්න
ඔබත් නීරෝගී දිවියක් උදෙසා හෙළ ආහාර රටාවකට යොමු වන්න.
නීරෝගී සම්පත්තියම වේවා...!!!💜️💛💚❤️🧡
සටහන සහ චායාරූපය : - ගංගා කුරුප්පු