Prauda

Prauda Art and Design Gallery

බූබ් ටේප් (B**b tape)මේ දිනවල කාලීන කතාබහට ලක් වී ඇති බූබ් ටේප් (B**b tape) පිළිබඳ විමසා බලමු.බූබ් ටේප් භාවිතා කරන්නේ පි...
13/08/2026

බූබ් ටේප් (B**b tape)

මේ දිනවල කාලීන කතාබහට ලක් වී ඇති බූබ් ටේප් (B**b tape) පිළිබඳ විමසා බලමු.

බූබ් ටේප් භාවිතා කරන්නේ පිට රහිත හා පටි රහිත ඇඳුම් ඇඳීමේ දී ය. මෙවැනි ඇඳුම් ඇඳීමේ දී පපුව ප්‍රදේශයට සහාය වීමටත්, තනපුඩුව ආවරණය කිරීමටත් බූබ් ටේප් භාවිතා කෙරෙයි. බූබ් ටේප් ඕනෑ ම ඇඳුමකින් සැරසී ආත්ම විශ්වාසයෙන් සිටීමට සහාය වේ.

බූබ් ටේප් යනු පියයුරු ඔසවා තැබීමට සහාය වන සම මතුපිට අලවනු ලබන රෙදි පටියකි. එය සම ආරක්ෂා කරන අතර වෛද්‍ය නිර්දේශයනට අනුකූල ය.

බූබ් ටේප් භාවිතා කිරීමෙන් ලැබෙන වාසි
-බාහිරට ප්‍රදර්ශනය වන ඇඳුමට යටින් නොපෙනෙන සහාය
මුළුමනින් ම ඇඳුමට යටින් ඇති බූබ් ටේප් මගින් පිට රහිත හෝ පටි රහිත ඇඳුම බාධාවකින් තොරව සුමට ලෙස ප්‍රදර්ශනය කෙරෙයි.

-තිසරපට ඇඳීමකින් තොරව සිටිය ද ඇතිවන ආරක්ෂාකාරී හැඟීම
සාම්ප්‍රදායික තිසරපටවලින් තොරව පියයුරු ඔසවා නියමාකාරයෙන් තබා ගැනීමට අලවන පටිය මගින් සහාය වේ.

-තමාට අභිමතය පරිදි අනන්‍ය වූ හැඩයකට හැඩගැස්විය හැකි වීම
තම අභිමතය පරිදි පියයුරුවල හැඩය සකසා ගැනීම සඳහාත්, අඳිනා ඇඳුමට ගැළපෙන පරිදිත් බූබ් ටේප් එක කපා විවිධ ආකාරයට පියයුරු මත ඇලවිය හැකි ය.

-ජලය කාන්දු නොවීම හා ඩහදිය ප්‍රතිරෝධී වීම
උසස් තත්ත්වයේ බූබ් ටේප්වල පිහිනුම්, ව්‍යායාම හා අධික උණුසුම වැනි ඕනෑම තත්ත්වයකට ඔරොත්තු දීමේ හැකියාව ඇත.

බූබ් ටේප් ඇලවීම.

පළමු වරට බූබ් ටේප් භාවිතා කරන්නේ නම් අවම වශයෙන් පැය 24කට පෙර සමේ පැච් පරීක්ෂාවක් (Patch test) කිරීම වටින්නේ ය. මෙහි දී සමේ කුඩා ප්‍රදේශයක බූබ් ටේප් අලවා සංවේදීතාව හා ප්‍රතික්‍රියාව පරීක්ෂා කළ හැකි ය. තව ද මෙහි දී අසාත්මිකතාවක් ඇතිවන්නේ ද යන්නත් පරීක්ෂා කරනු ලැබේ. මෙමගින් බූබ් ටේප් ඇලවීමේ දී සම ගැන විශ්වාසයක් ඇති වේ.

බූබ් ටේප් හොඳින් අලවා ගැනීමට නම් සම පිරිසිදුව හා වියළිව පැවතිය යුතු ය. සම මතුපිට තෙල් හෝ විවිධ ආලේපනවලින් (ලෝෂන්, ඩියොඩ්‍රන්ට්, මොයිස්චරයිසර්) තොර විය යුතු ය. සම මතුපිට තෙල් හෝ වෙනත් ආලේපන පැවතියහොත් බූබ් ටේප් හොඳින් ඇලවීමෙන් වළකියි.

බූබ් ටේප් ඇලවීමට ප්‍රථම හැම විට ම තනපුඩු ආවරණ (Ni**le covers) තන පුඩුව වැසෙන සේ යොදා ගැනීමෙන් මෙම සංවේදී ප්‍රදේශය ආරක්ෂා කරගත හැකි ය. තව ද බූබ් ටේප් ඉවත් කිරීමේ දී ද තනපුඩු ආවරණ යොදා තිබීම පහසුවක් වේ. තනපුඩු ආවරණ සම හා බූබ් ටේප් අතර බාධකයක් ලෙස ක්‍රියා කරයි.

බූබ් ටේප් ඇලවීමේ පියවර

අවශ්‍ය ද්‍රව්‍ය:
-බූබ් ටේප්
-තනපුඩු ආවරණ
-බූබ් ටේප් කැපීම සඳහා කතුරක්

බූබ් ටේප් ඇලවීමේ දී වැදගත් ම කරුණ නම් එය සෙමෙන් හා සුමටව සම රැළි නොවැටෙන පරිදි අලවා ගත යුතු වීම යි.

බූබ් ටේප් ඇලවීමේ ජනප්‍රිය ක්‍රම කිහිපයක්
- හතරැස් කර, උස් වූ කර සහිත ඇඳුම් හා ටියුබ් ඇඳුම් සඳහා
1. තනපුඩු ආවරණ භාවිතා කිරීම.
2. දිග බූබ් ටේප් කැබලි 1-2ක් කපා ගැනීම.
3. පියයුරුවල යට කොටසේ හරස් අතට බූබ් ටේප් අලවා ගැනීම.
4. පියයුරු උස්ව තබා බූබ් ටේප් අලවා ගැනීම.

- ගැඹුරු කර සහිත ඇඳුම් ඇඳීමේ දී පියයුරු උපරිමයෙන් ඔසවා තැබීම සඳහා
1. තනපුඩු ආවරණ භාවිතා කිරීම.
2. අඟල් 4-6 දිග බූබ් ටේප් කැබලි 3-4ක් කපා ගැනීම.
3.එක් පියයුරක් ඔසවා පියයුරේ පහළ සිට උරහිස දක්වා ඍජුව බූබ් ටේප් ඇලවීම. (බූබ් ටේප් ඉතා සුමටව අලවා ගත යුතු ය.)
4. අවශ්‍ය ප්‍රමාණයට පියයුරු එසවෙන තෙක් බූබ් ටේප් ඇලවීම.

පපු ප්‍රදේශය විවිධ හැඩයෙන් යුතුව පෙන්වීම සඳහා විවිධ දිගින් යුතු බූබ් ටේප් හා ඇලවීමේ දී විවිධ දිශාවන් භවිතා කළ හැකි ය. බූබ් ටේප් අලවා ගත් පසු ඇඳුම ඇඳ බූබ් ටේප් පිටතට දිස් වේ දැයි පරීක්ෂා කළ යුතු ය.

බූබ් ටේප් ඉවත් කිරීම.

තාවකාලික භාවිතය සඳහා නිමවන ලද බූබ් ටේප් පැය 8කට වඩා වැඩි කාලයක් සම මත අලවා තැබීම සුදුසු නොවේ. රිදීමකින් තොරව බූබ් ටේප් ඉවත් කිරීම සඳහා පියවර කිහිපයක් අනුගමනය කළ හැකි ය.
1. සම මත අලවන ලද බූබ් ටේප් බේබි ඔයිල් හෝ ඔලිව් තෙල්වලින් තෙමන්න. පටිය මත සම්බාහනය කරන්න.
2. තෙල් බූබ් ටේප් එකට උරාගෙන එය ලිහිල් වන තෙක් මිනිත්තු කිහිපයක් රැඳී සිටින්න.
3.සෙමෙන් බූබ් ටේප් එක පහළට ඇද දමන්න.
4. ඇඟිලිවලින් හෝ මෘදු රෙදි කැබැල්ලක් භාවිතා කර සම මත බූබ් ටේප් එකෙහි අවශේෂ ද්‍රව්‍යයක් ඉතිරි වී ඇත්නම් ඉවත් කරන්න.

බූබ් ටේප් ඉවත් කිරීමෙන් පසු එම ප්‍රදේශය හොඳින් පිරිසිදු කර ලෝෂන් හෝ තෙල් ආලේප කිරීමෙන් සමේ මෘදු බව හා තෙතමනය ආරක්ෂා වේ.

බූබ් ටේප් සිසිල් වියළි ස්ථානයක හිරු එළිය හා උණුසුම නොලැබෙන පරිදි තැබිය යුතු වන්නේ එහි ඇලවීමේ ගුණය සුරැකෙන පරිදි ය. නියමාකාරයෙන් තබන ලද බූබ් ටේප් වසර 1-2 පමණ කාලයක් භාවිතා කළ හැකි ය.

ප්‍රබුද්ධි දිසානායක
ප්‍රෞඪ - විලාසිතාගාරය

ගත සුන්දර කරසාය මෝස්තරකාන්තා ඇඳුම් මැසීමේ දී වැදගත් වන සාය මෝස්තරTypes of skirtsප්‍රෞඪ 'විලාසිතාගාරය' මගින් අද අප විසින්...
30/07/2026

ගත සුන්දර කර
සාය මෝස්තර

කාන්තා ඇඳුම් මැසීමේ දී වැදගත් වන සාය මෝස්තර
Types of skirts

ප්‍රෞඪ 'විලාසිතාගාරය' මගින් අද අප විසින් ඔබට ඉදිරිපත් කරනු ලබන්නේ කාන්තා සාය මෝස්තර වර්ග ය. 'විලාසිතාගාරය' ඔබගේ විලාසිතා පිළිබඳ දැනුම වර්ධනය කරනා තෝතැන්නක් වේ.

Prauda journal📖Prabuddhi's artistic journaling📖✍️May memories✍️
30/06/2026

Prauda journal
📖Prabuddhi's artistic journaling📖
✍️May memories✍️

සුපින්බර පොසොන් පොහොය දිනක් වේවා!!!🙏☸️
29/06/2026

සුපින්බර පොසොන් පොහොය දිනක් වේවා!!!🙏☸️

සුබ පියවරුන්ගේ දිනක් වේවා!!!🙏Happy Father's Day
21/06/2026

සුබ පියවරුන්ගේ දිනක් වේවා!!!🙏
Happy Father's Day

🙏☸️🙏
30/05/2026

🙏☸️🙏

☪️🕋Hajj Mubarak! 🕋☪️May your heart be filled with deep love, devotion, and gratitude.May Allah answer your prayers and g...
28/05/2026

☪️🕋Hajj Mubarak! 🕋☪️
May your heart be filled with deep love, devotion, and gratitude.
May Allah answer your prayers and grant you a renewed sense of purpose.

සිත්තමක් සේ සොඳුරු සාරියක්.....SuidhagaDesign code - OS 004Indian embroidered cotton sari
23/05/2026

සිත්තමක් සේ සොඳුරු සාරියක්.....

Suidhaga
Design code - OS 004
Indian embroidered cotton sari

කත වත අත්කාන්තා ඇඳුම්වල අත් මෝස්තරTypes of sleevesඅද ප්‍රෞඪ විලාසිතාගාරය ඔබ වෙත ගෙන එනු ලබන්නේ කාන්තා ඇඳුම් මැසීමේ දී වැ...
20/05/2026

කත වත අත්

කාන්තා ඇඳුම්වල අත් මෝස්තර
Types of sleeves

අද ප්‍රෞඪ විලාසිතාගාරය ඔබ වෙත ගෙන එනු ලබන්නේ කාන්තා ඇඳුම් මැසීමේ දී වැදගත් වන මූලික අත් මෝස්තර ය.

කත වත කර රටාකාන්තා ඇඳුම්වල කර මෝස්තරTypes of neckline
13/05/2026

කත වත කර රටා

කාන්තා ඇඳුම්වල කර මෝස්තර
Types of neckline

Address

Embuldeniya
Nugegoda

Telephone

+94771370633

Website

Alerts

Be the first to know and let us send you an email when Prauda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Prauda:

Shortcuts

Share

Category