LippinCott Management Consultants

LippinCott Management Consultants Account Reconciliation
Accounting
Analysis
Auditing
Business Analysis
Business Planning
Cash Flow
Corporate Finance
secretarial
book keeping

31/05/2025
18/08/2023
23/04/2022
11/01/2022

"According to Psychologists, there are four types of Intelligence:

1) Intelligence Quotient (IQ)
2) Emotional Quotient (EQ)
3) Social Quotient (SQ)
4) Adversity Quotient (AQ)

1. Intelligence Quotient (IQ): this is the measure of your level of comprehension. You need IQ to solve maths, memorize things, and recall lessons.

2. Emotional Quotient (EQ): this is the measure of your ability to maintain peace with others, keep to time, be responsible, be honest, respect boundaries, be humble, genuine and considerate.

3. Social Quotient (SQ): this is the measure of your ability to build a network of friends and maintain it over a long period of time.

People that have higher EQ and SQ tend to go further in life than those with a high IQ but low EQ and SQ. Most schools capitalize on improving IQ levels while EQ and SQ are played down.

A man of high IQ can end up being employed by a man of high EQ and SQ even though he has an average IQ.

Your EQ represents your Character, while your SQ represents your Charisma. Give in to habits that will improve these three Qs, especially your EQ and SQ.

Now there is a 4th one, a new paradigm:

4. The Adversity Quotient (AQ): The measure of your ability to go through a rough patch in life, and come out of it without losing your mind.

When faced with troubles, AQ determines who will give up, who will abandon their family, and who will consider su***de.

Parents please expose your children to other areas of life than just Academics. They should adore manual labour (never use work as a form of punishment), Sports and Arts.

Develop their IQ, as well as their EQ, SQ and AQ. They should become multifaceted human beings able to do things independently of their parents.

Finally, do not prepare the road for your children. Prepare your children for the road."

(Copied status) but one that resonates with me.

21/09/2021
06/09/2021
15/07/2021

ශ්‍රී ලංකාවට ලඟදීම එන මොඩර්නා (Moderna) එන්නත ..

මෙය, කොරෝනා ආසාදනය සහ දරුණු රෝගී තත්ත්වය මෙන් ම මරණ ඇතිවීම වැළැක්වීම සඳහා නිර්මාණය වූ එන්නත් අතර මුලින්ම භාවිතයට පැමිණි එන්නතක් . මූලික පර්යේෂණ වලදී ඉදිරිපත් වුණු දත්තවලට අනුව 94% ක ඉහළ කාර්යක්ෂමතාවයකින් රෝග නිවාරණය කිරීමේ හැකියාවක් මෙම එන්නත මගින් පෙන්වා තිබෙනවා. එමෙන් ම ඇතැම් නව කොවිඩ් වෛරස ප්‍රභේද සඳහා ද මෙය සාර්ථකව ක්‍රියා කරන බවට විදෙස් රටවල සිදු කල මූලික මට්ටමේ පර්යේෂණ වලින් අනාවරණය වෙමින් පවතිනවා. මෙය ඇමරිකා එක්සත් ජනපදයේ එන්නත් සමාගමක් වන Moderna Inc. මගින් ස්පාඤ්ඤයේ නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය වන එන්නතක් වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ක්‍රියාත්මක වන COVAX (කොවැක්ස්) පදනම යටතේ මෙම එන්නත් තොගය ලංකාවට ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වනවා.

ෆයිසර් (Pfizer) එන්නතට සමාන තාක්ෂණයකින් නිර්මාණය කර ඇති මෙම එන්නත ගබඩා කිරීම සඳහා සෙල්සියස් අංශක -50 සිට -20 අතර අධි ශීත තත්වයක් පවත්වා ගත යුතු බව දක්වාත් තිබූ නිසා මුල් අවස්ථාවලදී අදාළ යටිතල පහසුකම් නොමැතිව බොහෝ රටවලට මෙම එන්නත ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් පැවතුනා. නමුත්, පසුව සිදුකරන ලද පර්යේෂණ මගින් දින 30 ක කාලසීමාවක් පුරාවට සෙන්ටිග්‍රේඩ් අංශක දෙකත් අටත් අතර උෂ්ණත්වයක විවෘත නොකළ එන්නත් මාත්‍රා තබාගත හැකි බව සොයා ගැනීමත් සමග බොහෝ රටවලට තිබූ යටිතල පහසුකම් පිළිබඳ ගැටළුවට විසඳුම් ලැබුණා.

ෆයිසර් එන්නත සහ මොඩර්නා එන්නත යන දෙකම mRNA එන්නත් ලෙස හඳුන්වනු ලබන අතර ඒවායේ ප්‍රතිදේහජනක ය ලෙස අඩංගු වනුයේ කොරෝනා වෛරසයේ spike ප්‍රෝටීන කොටස නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන දත්ත ගබඩා වූ mRNA කොටසක් පමණයි. වාහකයක් ලෙස වෙනත් කිසිදු වෛරසයක් භාවිතා නොකර මෙම mRNA කොටස ආවරණය කිරීම සඳහා lipid nanoparticle (LNP) ආවරණයක් පමණක් යොදාගෙන තිබීම මෙහි විශේෂත්වයක්.

මෙම එන්නත ද මාත්‍රා දෙකකින් ලබා ගත යුතු අතර මාත්‍රා දෙක අතර අවම වශයෙන් දින 28 ක කාලසීමාවක් පැවතිය යුතු බව නිර්දේශ කොට තිබෙනවා.

අනෙක් එන්නත් ලබා ගැනීමෙන් පසුව මෙන්ම මෙම එන්නතෙන් අනතුරුව ද සුළු අතුරු ආබාධ වාර්තා වී ඇති අතර ඉන් බොහොමයක් ඉතා කෙටි කාලයකින් සුව වී යන බව නිරීක්ෂණය කර තිබෙනවා. එලෙස ඇතිවිය හැකි සුලබ අතුරු ආබාධ ලෙස වාර්තා වී ඇත්තේ,
එන්නත ලබා දුන් ස්ථානයේ වේදනාව, ඉදිමීම සහ රතු පැහැ ගැන්වීමට, උණ, හිසරදය, වමනය සහ ඇගපත වේදනාව සහ තෙහෙට්ටු ගතියක් ඇතිවීමයි.

කෙසේ නමුත් අනෙකුත් එන්නත් මෙන්ම මොඩර්නා එන්නත මගිනුත් කොවිඩ් - 19 රෝගයෙන් 100% ක ආරක්ෂාවක් නොලැබෙන නිසා, එන්නතෙන් පසුවත් මෙතෙක් අනුගමනය කළ සෞඛ්‍යය පුරුදු අඛණ්ඩව පිළිපැදීම ඔබේත් ආදරණීයන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් අනිවාර්යෙන්ම කළ යුතු බව අප නැවතත් මතක් කරන්නට කැමතියි.

13/07/2021

👇හැමදාම ආර්ථික ප්‍රශ්ණ කිය කිය ඉන්නෙ නැතුව අපිට දැන් තියන උත්තර මොනවද?

👇අද බොහෝ දෙනෙන් අහන දෙයක් තමයි ඇයි ආර්තිකය ගැන සෘණාත්මක දේවල් විතරක් කතාකරන්නෙ ආර්ථිකය ගැන ධනාත්මකව බලන්න බැරිද? කියන එක.

👇අප සැමට අවශ්‍ය උත්තර මිස ප්‍රශ්න නොවේ. අපි අද ලංකාවෙ තියෙන ආර්තික ප්‍රශ්ණ වලට විසදුම් කතා කරමු. එතනදි තේරුම් ගත යුතු දේ නම් නිවැරදි දේ කිරීමට උත්සාහ කිරීම තරම්ම, වැරදි දේවල් නොකර සිටීම වැදගත් බව.

👇මං පොඩි කාලේ අපේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් ඇහුවා “ඇයි හාමුදුරුවනේ බුදු දහම මෙච්චර සෘණාත්මක. නිතරම කියන්නෙ ලෝකය දුකයි, අනිත්‍යයි, අනාත්මයි කියල. චතුරාර්ය සත්‍ය පටන් ගන්නෙත් දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැතිකිරීමේ මාර්ගය කියල. නිතරම කියන්නෙ සිහිය පවත්වාගෙන මරණානුස්සතිය වගේ භාවනා වඩන්න, මරණය , හුස්ම ගැනීම ගැන සිහි කරන්න කියල. ධර්මයේ ධණාත්මක මුකුත්ම නැද්ද?” කියල. එතකොට ලොකු හාමුදුරුවො දීපු උත්තරය තමයි “ප්‍රශ්ණයක් තියන බව තේරුම් ගැනීම සහ ඒ ප්‍රශ්ණය විශ්ලේශණය කිරීම සෘණාත්මක දෙයක් නොවෙයි ධනාත්මක දෙයක්. මිරිගුවක ඉන්නවට වඩා සත්‍ය ඇති සැටියෙන් දැකීම සහ යතාර්තවාදී වීම ප්‍රශ්ණයට පිළිතුර සොයා ගැනීමේ මූලික පියවරයි. දුකක් තිබෙන බව තේරුම් නොගෙන දුක නැති කරන්නෙ කොහොමද?. දුක පිළිබදව තේරුම් ගැනීම කොතරම් ධනාත්මකද? කියල මගෙන් පෙරලා ඇහුවා.

ලංකාවෙ ආර්තිකයත් ඔය වගෙයි. බොහෝ අයට ප්‍රශ්ණයක් තියෙන බව නොතේරීම නිසා ප්‍රශ්නය විසදන්න අමාරුයි.

👇ඒ වගේම ආර්තික ප්‍රශ්නය ඉතාම සංකීර්ණයයි. මේක හරියට අවුරුදු ගාණක් තමංගේ ශරීර සෞඛ්‍ය ගැන හිතන්නෙ නැතුව, වැරදි සෞක්‍ය පුරුදු වලට ඇබ්බැහි වී අසාධ්‍ය රෝගියෙක්ට එක දවසින් එක බෙහෙතක් දී සම්පූර්ණ සුවය දෙනව කියනව වගේ විසදුම් මේ ආර්තික ප්‍රශ්න වලට නෑ. සෑම විසදුමක්ම කාලයත් එක්ක අනුරූප වෙන්න ඕන.

🧭 කෙටිකාලීන විසදුම්

👇ලංකාවේ ආර්තිකයත් දැන් හෙමින් ගමන් කරමින් ඉන්නෙ අසීරු අඩියකට. හරියට හොදටම සීනි වැඩි වෙලා සිහිමුර්ජාවුණ දියවැඩියා රෝගියෙක් වගේ. දැන් මේ රෝගියට මුලින්ම ව්‍යායාම කරන්න, හොද කෑම කන්න කියල කියන්න කලින් සැර බෙහෙතක් දීල සිහිය ගන්න ඕන. ඉක්මනට රුධිරයේ තියෙන සීනි ප්‍රමාණය පහළට ගන්න සැර බෙහෙතක් හෝ ඉන්සියුලින් වගේ ඉන්ජෙක්ෂන් එකක් දෙන්න ඕන. ඒකට තමයි අපේ දැන් තියෙන තත්ත්වය අනුව මුලින්ම අන්තර්ජාතික මුල්‍ය අරමුදලට යන්න වෙන්නෙ. බොහෝ දෙනෙක්ට නොතේරෙන දෙයක් තමයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල කියන්නෙ 1950 අපිම සාමාජිකත්වය ගත්ත ලෝකයේ බොහෝ රටවල් සාමාජිකත්වය අරගෙන තියෙන සංවිධානයක් බව. ශ්‍රී ලංකාව මහ බැංකුව පිහිටවපු දවසට පහුවෙනිදම අපි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සාමජිකත්වය ගත්තා. අපේ මුදල් ඇමැතිතුමා සහ මහ බැංකු අධිපතිතුමා තමයි ඔය සංවිධානයේ ලංකාව නියොජනය කරන්නෙ. අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අපිව මේ ප්‍රශ්ණයෙන් ගොඩ ගන්න මැජික් ක්‍රමයක් නෑ. ඔවුන් සමග වැඩසටහනකට ගියාම වෙන මූලිකම දේ තමයි දැනට අපිට ණය දෙන්න අදි මදි කරන, අපේ රටේ මූල්‍ය ස්තාවරබව ප්‍රශ්ණ කරන ආයෝජකයන් භය නැතුව ඔවුන්ගේ මුදල් රටට රැගෙන ඒම සහ අපිට ණය ලබාදීමට ඉදිරිපත් වීම. මොකද අන්තර්ජාතික අරමුදල යම් කිසි වගවීමක් අපේ ආර්තිකයේ ප්‍රතිසංස්කරණ පිලිබදව ගන්න නිසා. එහෙම වෙද්දි මේ තියන ඩොලර් අර්බුදයෙන් පොඩි හුස්මක් ගන්න අපිට පුලුවන්. ඒක ඉතා කෙටි කාලීන හුස්මක් බව අපි මතක තබාගත යතුයි. දියවැඩියා රෝගියට සිහිය ආපු ගමන් ආයෙත් අයිස්ක්‍රීම් කන්න පුලුවන් වෙන තරමෙ සහනයක් නෙවෙයි ඒක. එමගින් අපේ අපනයක ක්ශේත්‍ර සහ ආනයන වෙළදාම නැවත යතා තත්වයට ගේන්න පුලුවන්. ආර්තිකයට පොඩි පිම්මක් ගන්න පුලුවන්. එතනදි අන්තර්ජාතික මූල්‍ය අරමුදලට යා යුත්තේ නැවත එම ආයතනයට නොයන ආකාරයට අපේ ආර්ථිකය හදන සැලස්මකුත් එක්කයි.

👇ඒ වගේම කෙටිකාලීනව අපි මුලින්ම අපේ මූලිකම ආනයනය වන ඛණිජ තෙල් මිල ලෝක වෙළදපොලත් එක්ක සමපාත වෙන මිල ක්‍රමයක් හදුනවා දෙන්න ඕන. 30%ක් වන ලංකාවේ ඇති හැකි අය ඛණිජ තෙල් වලින් 70%ක් භාවිතා කරනවා. ලෝක වෙළදපොලේ මිල එක්ක වෙනස් වන ක්‍රමයකින් අපේ වැඩිම ආනයන භාණ්ඩය සහ වැඩිපුරම ඩොලර් වියදම් වෙන ඛණිජ තෙල් වලට වෙන බලපෑම අඩු කරන්න පුලුවන්.

👇මේ දෙකම ටිකක් තිත්ත බෙහෙත් බොනවා හා සමානයි. නමුත් සිහිය නැතිවෙලා අසාධ්‍ය මට්ටමේ ඉන්න ලෙඩෙක්ට විටමින් සී දිල සිහිය ගන්න අමාරු බව අපි තේරුම් ගන්න ඕන.

👇ඒ වගේම රජයේ වියදම් සීම කරන්නම වෙනවා. අලුතෙන් රජයට සේවකයන් බදවා ගැනීම නවත්තන්න වෙනවා. දැටමත් අපි එකතු කරන හැම බදු රුපියලකින් ශත 86ක් යන්නෙ රජයේ සේවකයන්ට පඩි ගෙවන්න. ඉතිං තවත් සේවකයන් බදවගෙන පඩි ගෙවන්න සල්ලි කොහෙන්ද? බොහෝ අයට හිතන දෙයක් තමයි රජයේ සේවකයන් බදවා ගැනීමෙන් රට සංවර්ධනය කරන්න පුලුවන් කියන එක. ඒත් එය මිත්‍යාවක් බව නිදහසෙ පසු අවුරුදු 70ම එක ලෙස පෙන්වල තියෙනවා.

🧭 මධ්‍යකාලීන විසදුම්

👇තිත්ත බෙහෙත් වර්ග තුනක් එක ළග බිව්වම පොඩ්ඩක් අපිට ඔලුව උස්සන්න පුලුවන් වෙනවා. නමුත් අපේ සමාජයේ ඉන්න දුප්පත්ම පිරිසට වෙන පීඩනය අවම කරන්න අපි ඉක්මනටම ක්‍රමයක් හදන්න ඕන. දැනට ඒකට තියෙන ක්‍රමය නම් සමෘද්ධිය. ඒත් සමෘද්ධිය සැබෑවට හිමිවිය යුතු අයයි, හිමිනොවිය යුතු අයත් ඒක ලබාගන්නව. ඒවගේම සමෘධිය ලැබෙන්න ඕන විශාල පිරිසකට ඒක ලැබෙන්නෙ නෑ. ඒ නිසා සමෘද්ධි ලැයිස්තුව සුද්ද කරන්න ඩිජිටල් ක්‍රමයක් හදුන්වා දිය යුතුයි. ඒ වගේම සමෘධිය ස්ථර කීපයකට තිබීම වැදගත්. දුප්පත්ම අයට වැඩි මුදලකුත්, ඊට වඩා තමක් දුප්පත්කම අඩු අයට සදහා ඊට අඩු මුදලකුත් ඉලෙක්ට්‍රොනික ක්‍රමයක් හරහා යන ආකාරයට හදන්න ඕන. යම් විදියකින් තෙල් මිල වැඩි වීම, කිරිපිටි ඉල වැඩි වීම, ගෑස් මිල වැඩිවීම, විදුලි මිල වැඩි වීම වගේ අවස්තාවලදි දුප්පත් කම වැඩිම පිරිසට මිල වැඩිවීමට අනුරූප සහනාධාරයක් මුදල් වශයෙන් සෘජුව ලබාදීමට හැකියාවක් ලැබෙනවා. එමෙන්ම මිල අඩු වෙද්දි එම සහනාධාරය නැවත අඩු කිරීමට හැකියාවක් ලබා දෙනවා. සරළව කියනවනම් හැම මාසෙකටම එකම සමෘධි මිලක් වෙනුවට ජීවන වියදමත් එක්ක ඉහළ පහළ යන සමෘධි ක්‍රමයක් සැදිය යුතුය. එවිට සමාජයේ දුප්පත් පිරිසට එයින් ගොඩ එන්න අවස්ථාව හිමිවෙනව.

👇ඉන්පසු මධ්‍යකාලීනව කිසිම තේරුමක් නැති විශාල පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූගගත කිරීම අනිවාර්යයි. අර්බුදයෙන් ගොඩ ඒමට නම් බොහෝ ඒවා පෞද්ගලීකරණය කරන්න වීම නවත්වන්න අපහසුයි. ඒ සදහා දේශීය ආයෝජකයන්ට සහ දේශීය සහ විදේශීය ව්‍යාපාර සංකලන වලට අවස්තාව ලබා දිය හැකියි. බොහෝ දෙනෙක් නොදන්න දෙයක් නම් මේ ආයතන වල විශාල පාඩු ගෙවන්නේ සාමාන්‍ය දුප්පත්ම ජනතාව බව. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම පළමු මාස 4ට පමණක් බිලියන 24ක් පාඩු ලැබුවා. මාස 4ට ලැබූ පාඩුව අපි සමෘද්ධියට මුලු අවුරුද්දටම වෙන් කරන මුදලින් අඩකට සමානයි. මේ දක්වා එම ආයතයන ලබා ඇති මුලු පාඩුව බිලියන 372ක්. එය මේ වසරේ සමෘධියට වෙන් කර ඇති මුදල වගේ 7 ගුණයක්. තවත් සරල කරනවා නම්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු නොලැබුවේ නම්, ඒ මුදලින් පමණක් මේ වසරරේ සමෘධිය 7 ගුණයක් වැඩි කිරීමේ හැකියාව තිබුණ.

👇එතරම් පාඩු ලබන ආයතන තබා ගෙන මේ ආර්තික අර්බුදයෙන් ගොඩ එන එක පහසු නෑ. ශ්‍රී ලංකන් කියන්නෙ මේ වගේ පාඩු ලබන එක ආයතනයක් පමණයි. මෙවැනි රජයට අයිති ආයතන 527කට ආසන්න සංඛ්‍යාවක් තිබෙනවා. ඉතින් ඒවයින් සැලකිය යුතු වෙනසක් නොකර මේ ප්‍රශ්නයෙන් ගොඩ ඒම දවල් දකින සිහිනයක්. මේ සමහර තීන්දු තිත්ත බෙහෙත් වගේ ජනප්‍රිය නොවන තීන්දු වීමට ඉඩ තිබෙන බව රහසක් නොවෙයි. ඒ බවත් අපි විවෘතව පිළිගැනීමට නිහතමානී විය යුතුයි.

👇මීළග මධ්‍යකාලීන විසදුම සදහා දැනටමත් ජනාධිපතිතුමා කමිටුවක් පත් කරනු ලැබූවා. ඒතමයි අනවශ්‍ය නීති රීති සහ බාධාවන් ඉවත් කිරීමේ කමිටුව. ඒ හරහා ව්‍යාපාර කිරීමට තිබෙන අනවශ්‍ය නීති ඉවත් කිරීම අනිවාර්යයි. එතකොට ව්‍යාපාර වල පිබිදීමක් නිරායාසයෙන් ඇති වෙනවා.

🧭 දිගු කාලීන විසදුම්

👇දිගු කාලීනව අපි මුලින්ම අපේ ඉඩම් ප්‍රශ්නය විසදිය යුතුමයි. දැනට ලංකාවෙ ඉඩම් වලින් 80%ක් අයිති රජයට. ඒ නිසා අපේ තියන මූලික ප්‍රශ්නය තමයි ඉඩම් නිසි පරදි ඵලදායීව භාවිතා නොකිරීම. එය අපේ ගොවිතැන, කෘෂිකර්මය වගේම අපේ වනාන්න්තර සදහාත් මේ ඉඩම් අයිතිය බලපානවා. අපේ කෘෂිකර්මාන්තයට තාක්ෂණය සේන්දු වීමට නම් ඉඩම් වල සින්නක්කර අයිතිය සහ ඔප්පු ජනතාවට ලැබීම සිදුවියම යුත්තක්. එහිදී බැංකු හරහා මුදල් මූල්‍ය පද්ධතියට මුදල් එකතු වීමෙන් ආර්තිකයේ විශාල පිම්මක් ඇති කළ හැකියි. ඉඩම්වල අයිතිය ජනතාව ලැබුණු විට ඒ හරහා ණය ලබා ගැනීමෙන් විවිධ ව්‍යාපෘති ආරම්භ කිරීම, කෘෂිකර්මාන්තයට ඉඩම් අවශ්‍ය තාක්ෂණය ගෙන ඒමට කරන ඉදිකිරීම් වශයෙන් විශාල තාක්ෂණික සහ ආර්තික විප්ලවයකට පාර කැපිය හැකියි.

👇එමෙන්ම මෙරට උසාවි වල විශාල ලෙස එකතුවී තියෙන නඩු හබ බොහොමයක් ඉඩම් නඩු. ඒ අනුව උසාවි වල නඩු එකතු වීමෙන් අධිකරණ ක්‍රියාවලියම සම්පූර්ණයෙන්ම අකාර්යක්ෂම වෙලා තිබෙනවා. අධිකරණ කාර්යක්ෂම කිරීමෙන් අපේ ව්‍යාපාර කාර්යක්ෂම කිරීමට අවස්තාව ලැබෙනවා. ඒ වගේම දැනටමත් ක්‍රියාත්මක වෙන අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම ඉක්මනින් කල යුතුමයි. අධිකරණ ක්ශේත්‍රය කාර්යක්ෂම කිරීම ව්‍යාපාර සංවර්ධනයට විශාල ලෙස බලපානු ලබනවා.

👇මීලගට අප දීර්ගකාලීනව අපේ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කිරීම අනිවාර්යයෙන්ම සිදු විය යුත්තක්. අපේ මහ බැංකුවට මුදල් සැපයුම අඩු වැඩි කරන්න පුලුවන් ප්‍රමාණය ගැන නිසි නීති ගෙන ඒම, අපට ස්වාධීනව ණය කළමණාකරණය කළ හැකි ආයතයක් පිහිටවීම සහ මුදල් විෂය භාර වෙනම ඇමතිවරෙක් සිටීම (ජනාධිපති හෝ අගමැති නොවන) වැනි සමස්ත මූල්‍ය පද්ධතියම ආරක්ශාවන දිගු කාලීන විසදුම් අවශ්‍යමයි. මහ බැංකුව අනුගමනය කරන මූල්‍ය ප්‍රතිපත්තිය ස්තාවර කරන, අපට තිබෙන සංචිත මත පමණක් මුදල් සැපයුම වැඩි කල හැකි ක්‍රමයක් සකස් නොකර මේ ප්‍රශ්ණයෙන් ගොඩ එන්න අපහසුයි.

👇එම දිගු කාලීන විසදුම් හරියට දිය වැඩියා රෝගියා තරමක් සුවය ලැබූ පසු නැවත ව්‍යායාම සඳහා යොමු වීම වගේයි.

👇මේ ඉදිරිපත් කර තිබෙන්නේ විසදුම් වලින් කිහිපයක් පමණයි. අපි නිවැරදි තීරණ නොබියව, නිසි කලට ගතහොත් අපිට මේ අර්බුදයෙන් ගොඩ ඒමට පුලුවන්. එම නිසා අප කළ යුත්තේ නොබියව තීරණ ගනිමින් ඉදිරියට යාමයි. ප්‍රශ්නය ඇති සැටියෙන් දැකීමෙන්ම ප්‍රශ්ණයෙන් 50%ක් විසදෙන බව අපි මතක තබා ගමු. ඒ වගේම දුක අවබෝධ කර ගැනීම දුක නැති කිරීමේ පළමු පියවර අපි සිහියේ තබා ගමු.

https://www.advocata.org/sinhala-archives/2021/07/09/wdlh-foi-okdaul-fi-nkak-ne-wehs

05/07/2021

බැංකුවල ඩොලර් එකට රු.200ක් ගෙවද්දි එළියෙ රු.220 ට ඩොලර් විකිණෙන හේතුව සරළව දැන් කියවන්න

📌රුපියලට සාපේක්ෂව ඩොලරයේ මිල වැඩි වීම බොහෝ දෙනාට තේරුම් ගැනීම අසීරුය. මේ සම්බන්ධ විවිධ මත පළවේ. මේ ගැන බොහෝදෙනා තේරුම් කරන්නෙ ගැඹුරු විදිහටය. මෙය විවිධ අය විවිධ විදියට දැකීමට හේතුවකි. එනම් බොහෝදෙනා විස්තර කරනුයේ එක් කොටසක් පමණි. හරියට අර තරුණයන් කිහිප දෙනෙක්ට කළුවරේ අලියව අල්ලල අලිය මොන වගේද කියල කියන්න කිව්වා සේය. කකුල අහුවුණ තරුණයාට අලියා වංගෙඩියක් විය. කන අසවූ තරුණයාට අලියා කුකුළෙක් විය. මේ නිගමනයන් හැම දෙයම කොටස් වශයෙන් ගත්විට එය සම්පූර්ණයෙන් වැරදි නොවන නමුදු නිවැරැදි ද නැත. එහෙත් අලියා මොන වගේදැයි දැන ගැනීමට නම් මුළු අලියාම එක පාර බැලිය යුතුය.

📌ඩොලර් එක වැඩි වෙන්නෙ ඇයි? එහිදී අලියගෙ කකුල අල්ල ගත්තා මෙන් එක පිරිසක් මේක අල්ල ගන්නෙ ආනයන අපනයන ගෙනි. ශ්‍රී ලංකාවට ඩොලර් නැති බව රහසක් නෙවේ. වසර ගණනාවක සිට අපට ඩොලර් ලැබෙන්නෙ අඩුවෙනි. මෙය ආනයන අපනයනයන් ගැන විග්‍රහ කරන්නන් පවසන්නේ ‘අපි ඩොලර් බිලියන 20ක් ආනයනය කර, අපනයනය කරන්නෙ ඩොලර් බිලියන 10ක් ලෙසිනි. එනිසා ඉතුරු දහය පිරවීමට අපි ඩොලර්වලින් සල්ලි සෙවිය යුතු බවත්, එහිදී ඩොලරයේ මිල ඉහළ යන බවයි. බැලූ බැල්මට එම තර්කයේ වරදක් නැත. එනිසා ආනයන තහනම් කළ යුතු බව පවසයි. අපනයන විවිධාංගීකරණය කර, අගය එකතු කළ අපනයනයන්ගෙ අවශ්‍යතාව පෙන්වාදේ. ඩොලර්වල මිල වැඩි වීමට බොහෝ ජනප්‍රිය මතය එයයි. නමුත් ඔවුන්ට ලෝකයේ නවීන ආර්ථිකය හැඩ ගැසී ඇති ආකාරය ගැන නිරවුල් අවබෝධයක් නැත. අපේ අපනයන රඳාපවතින්නෙ ආනයන මතය. අපේ ආනයන වලින් 80%ක්ම ප්‍රග්ධන භාණ්ඩ සහ අතර මැදි භාණ්ඩය. එසේ නම් ඩොලර් ඉතුරු කිරීමට ආනයන තහනම් කළ විට අපනයනයද කඩා වැටේ. ඒ ගැටලුවේ එක් පැත්තකි.

📌එමෙන්ම තවත් පිරිසක් පවසනුයේ අප ණය ගැනීම නිසා ඒවා ගෙවීමට ඩොලර් අවැසි බැවින්, ඩෝලර් මිල ඉහළ යන බවයි. තව පිරිසක් ඇමැතිවරු වාහන ගේනව, වියදම් කරන නිසා අපට ඩොලර් හිඟ බව පවසති. මේ සෑම කතාවකම ඇතැම් කොටස්වල සත්‍යතාවක් ඇත. එය අලියගෙ අල්ල ගත්තා සේ පවසන විස්තර වැනිය. එසේ නම් මුළු ප්‍රශ්නයම දිහා බැලිය යුත්තේ කෙසේද?

📌මේ වන විට රජය සහ විපක්ෂය විශාල මූල්‍ය ප්‍රශ්නයක් ඇති බව පිළිගෙන තිබේ. එය ඉතාම සාධනීය තත්ත්වයකි. ඊට හේතුව ප්‍රශ්නයක් ඇති බව පිළිගැනීම විසඳුමක් සොයා ගැනීමේ පළවෙනි පියවරයි. මෙම ගැටලුවේ බොහෝ දෙනෙක් නොදකින මානයක් නම් ‘මූල්‍ය ප්‍රතිපත්තිය“ [Monetary Policy] නැත්තම් මහ බැංකුව රටේ භාවිතයට සපයන මුදල් ප්‍රමාණයයි. සල්ලි අච්චු ගසනවා යනු ඔය මුදල් ප්‍රමාණය වැඩි කිරීමටය.

📌මෑත කාලයේදී ශ්‍රී ලංකා බහ බැංකුව යම් මුදල් ප්‍රමාණයක් අච්චු ගසන බවත් සඳහන්ය. (ආර්ථික විද්‍යාවෙන් පවසනවා නම් මහ බැංකුව සතුව තිබෙන භාණ්ඩාගර බිල්පත්වල එකතුව තමයි මුද්‍රණය කරන මුදල් ප්‍රමාණය ලෙස සැලකෙන්නේ) දත්ත අධ්‍යයනයේදී පෙනෙන දෙය නම්, සෑම විටම මහ බැංකුව මුදල් අච්චු ගසන විට (රජයේ භාණ්ඩාගාර බිල්පත් ශ්‍රී ලංකා මහ බැංකුව මිලදී ගන්නා විට) ඩොලර් හිඟයක් ඇති වන බවය. මෙය බොහෝදෙනා තේරුම් ගෙන නැත.

📌සල්ලි අච්චු ගසද්දි බොහෝ දෙනා පවසනුයේ එයින් උද්ධමනය නැත්තම් අපි එදිනෙදා ගන්නා භාණ්ඩවල මිල වැඩිවෙන බවයි. එම ප්‍රශ්නයට පිළිතුරු දෙන මහ බැංකුව සහ ඇතැම් ආර්ථික විද්‍යාර්ථයන් ප්‍රකාශ කරනුයේ ‘ආර්ථික අවපාතයකදී, එනම් මිනිස්සුන්ට රැකියා අඩුවී, පරිභෝජනය සීමා කර ඇති සමයකදී සල්ලි අච්චු ගැහුවට ප්‍රශ්නයක් නැති බවත්, ඇමරිකාව ජපානය වැනි රටවල් ද නිරන්තරයෙන් සල්ලි අච්චු ගසන බවත්ය. එසේ කිරීමෙන් ආර්ථිකයට නව පණක් ඇවිත් සක්‍රීය වෙන වන බවත්ය.

📌එම තර්කන ගෙන එන්නන්ට අමතක වෙන දෙයනම් ඇමරිකාව සහ ජපානය වැනි රටවල් භාවිත වන්නේ ස්ථාවර මෙන්ම මුළු ලෝකයේම ඉල්ලුමක් තියෙන මුදල් ඒකකවලට බවයි. ඒ නිසා ඔවුන්ට එසේ කළ හැකිවුවද අපිට එසේ කිරීම දුෂ්කරය. අප එසේ කළ විටම ඩොලර් අඩුවී එය විනිමය ප්‍රශ්නයක් දක්වා දුරදිග යනු ඇත. (Balance of payment crisis - BOP crisis)

📌2019 වර්ෂයේ මුල් වකවානුවේදිත් මේ ප්‍රශ්නය මෙලෙසම පැන නැගුණි. රජය සතුව තිබූ බිලියන 68ක්ව පැවති භාණ්ඩාගාර බැඳුම්කර බිලියන 180 දක්වා වැඩි කරනු ලැබීය. එනම් රුපියල් බිලියන 112ක පමණ මුදලක් ක්‍රමාණුකූලව මුද්‍රණය කළේය. නමුත් නැවත මූල්‍ය පද්ධතියේ තිබූ මුදල් අවශෝෂණය කිරීමත් සමග තත්ත්වය වසර අග වන විට තරමක් සමනයකට පත්විණි.

📌දැන් තත්ත්වය 2019 මුල් භාගයට වඩා වෙනස්ය. 2019 මුල්භාගයේ බහ බැංකුව සතුව තිබූ රු. බිලියන 112 වටිනා භාණ්ඩාගාර බිල්පත් සමග සැසඳීමේදී මේ වනවිට බිලියන 919 ක් පමණ ප්‍රමාණයක් මහ බැංකුව සතුව භාණ්ඩාගාර බිල්පත් ඇත. එනම් 2019 අනවශ්‍ය ලෙස මුදල් මුද්‍රණය කරන ලද කාලයට සාපේක්ෂවත් තවත් බිලියන 800 කට ආසන්න මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර තිබේ. ඒ අනුව 2019 මුල් වකුවානුවේ ඇති වූ ආකාරයේම ඩොලර් අර්බුදයක් දැන් ඇතිවී තිබීම නොවැළැක්විය හැකිය.

රුපියල් මුද්‍රණය කළ විට ඩොලර් අඩු වෙන්නෙ කෙලෙසද?

📌එයට හේතුව නම් රුපියල මුද්‍රණය කිරීමේදී අපේ පර්භෝජනය වැඩිවේ. අපේ පරිභෝජනයේ වැඩි කොටසක් තිබෙනුයේ ආනයනවලින් සමන්විත වියදම්වලිනි. උදාහරණයක් ලෙස අපි නිවසක් සාදනව නම් යකඩ සිමෙන්ති ඇතුළු බොහෝ දේ ආනයනය කිරීමට සිදුවීම නැවැත්විය නොහැකිය. ඒ නිසා මෙය පාලනය කළ හැක්කේ අපගේ පාරිභෝජනය අඩු වීමෙන් සහ වෙළෙඳපොළ ක්‍රමය මත පදනම් වී ස්වභාවික මිල තීරණය වීමකට ඉඩ දීමෙන් පමණි.

📌සල්ලි අච්චු ගැසීමෙන් සිදුවන සිද්ධාත්නය බොහෝදෙනාට අවබෝධ කරගත නොහැක්කේ අපේ රුපියල සහ පිටරට මුදල් ඒකකයි අතර ඇති සම්බන්ධතාව අවබෝධ කර ගැනීම අසීරු බැවිනි. මෙය අවබෝධ කර ගැනීමට නම් මුදල් බිහිවීමේ ඉතිහාසයට යා යුතුය. අතීතයේ මුදල් තිබුණේ රත්තරන් රිදී වැනි කාසිවලිනි. නෝට්ටු නොතිබිණි. එසමයේ අලුතින් සල්ලි අච්චු ගසනවා නැති නම් කාසි හදනවා යනු වැඩි වැඩියෙන් රත්තරන් රිදී වැනි වටිනා ලෝහ තවත් භාවිතයට ගැනීමය. සරලව පවසනවා නම් සෑම කාසියකම වටිනාකමට ගැළපෙන රන් හෝ රිදී හෝ වටිනා ලෝහයක් ඒ කාසිය ඇතුළෙම ගැබ් වී ඇත. එනිසා කෙතරම් කාසි හැදුවද ගැටලුවක් නොවිණි. ඊට හේතුව නම් කාසියත් සමගම යම් කිසි නිෂ්පාදනයක් සහ ක්ෂය නොවන වටිනාකමක් එකී කාසි‍යේ ගැබ්ව තිබීමයි. වර්තමානයේ භාවිත කරන නෝට්ටු කිසිදු වටිනාකමක් නැති කොළ කැබැල්ලකි. එයට වටිනාකමක් ලැබෙනූයේ අදාළ රජයෙන් දෙන නීතිමය වටිනාකම පමණි. මේ නෝට්ටුවට යම්කිසි වටිනාකමක් ලබාගන්න කරන එක දෙයක් නම්, මේ නෝට්ටුව සාමාන්‍යයෙන් මිල ඉහළ පහල නොවන රත්තරන් හෝ ඇමරිකානු ඩොලර්, ස්ටර්ලිං පවුම් වැනි ස්ථාවර මුදල් ඒකකයක් හෝ ඒකක කිහිපයක් සමග ඇමිණීමයි. එය හඳුන්වනුයේ Peg කරනවා යනුවෙනි. ඇතැම් රටවල ඔවුන්ගේ රටේ මුදල් ඒකකය මෙවැනි ස්ථාවර මුදල් ඒකකත් සමග සෘජුවම, තදින්ම අමුණා ඇත. එනම් එකී රටවල මූල්‍ය පද්ධතියේ ඇති සම්පූර්ණ භෞතික මුදල් ප්‍රමාණය (Money base) ඔවුන්ගේ රටේ තිබෙන රත්‍රන්, ඩොලර්, ස්ටර්ලිං පවුම්, වැනි ස්ථාවර මුදල් ප්‍රමාණයට සමාන හෝ අඩුය. අලුතින් මුදල් අච්චු ගැසිය හැක්කේ ස්ථාවර මුදල් ඒකක වල වටිනාකමට පමණි. හිතුමතයට මුදල් අච්චු ගැසිය නොහැක. මුදල් අච්චු ගහනවා නම්, ඒ අච්චු ගහන මුදල් ප්‍රමාණයට සමාන ප්‍රමාණයකින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් තමන්ගෙ සංචිත වැඩි කළ යුතුය. එය විනිමය පාලක ස්වභාවයක් ලෙසින් හඳුන්වයි. (Currency Board). Currency Board යනු නීතිමය රාමුවක් මිස මිනිසුන් සිටින සභාවක් නොවේ. මිනිස්සු සිටිනුයේ දෛනික කටයුතුවලට පමණි.

📌ඒ වගේ රටවල් වලට මහ බැංකුවක් අවශ්‍ය නැත. නීතියෙන්ම මුදල් අච්චු ගැසිය හැක්කේ ‍රට සතුව තිබෙන සංචිත ප්‍රමාණයට පමණි. හොංකොං වැනි රාජ්‍යයන් අනුගමනය කරනුයේ Currency Board ක්‍රමයයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අනුව දැනට රටවල් 48 ක් පමණ Currency Board භාවිත කරයි. ඇතැම් රටවල් කෙළින්ම තම රටේ මුදල් ඒකකයක් නොමැතිව ස්ථාවර මුදල් ඒකකයක්ම භාවිත කරයි. Dollarization යනු එයටයි. පැනමාව වැනි රටවල් භාවිත කරනුයේ කරන්නේ ඇමරිකානු ඩොලරයයි. (පැනමානු බැල්බෝලාව[Balboa] තිබුණ ද මූලිකව භාවිත වන්නේ ඇමරිකානු ඩොලර්ය.

📌මෙවැනි ක්‍රමයක් පාවිච්චි කරන්න දැඩි මූල්‍ය විනයක් අවැසිය. ඊට හේතුව යම් ගැටලුවක් ඇති වුවහොත් මැද්දට පැන මුදල් සැපයීමට කිසිවෙක් නොමැතිවීමයි. එලෙස සැපයීමට ද නොහැක. උදාහරණයක් ලෙස ආණ්ඩුවේ වියදම ආදායමට වඩා වැඩි වූ විට මහ බැංකුවෙන් මුදල් ඉල්ලිය නොහැක. වැඩිපුරම මහ බැංකුව මුදල් අච්චු ගසනූයේ රජයේ වියදමටය. රජයේ වියදම වැඩිවන විට ඉබේම ඩොලර් අඩුවේ. මාර්ගවල ඉන්ධන සහ නොයෙක් ව්‍යාපෘති වල වැඩිපුරම ඇත්තේ ආනයනය. රජය වැඩිපුරම මුදල් විය‍දම් කරන්නෙ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, මහා මාර්ග වැනි දේටය. ඒ සෑම දේම ආනයනය. (රාජ්‍ය සේවක වැටුප් සහ අනෙක් සුබසාධන වියදම් හැරුණු විට).

📌මෙරටද Currency Board එකක් හෝ ඒ සමාන ආකෘතියක් ඉදිරිපත් කළ හැකි නම් මේ ප්‍රශ්නය අපිට යම් තාක් දුරකට සමනය කරගත හැකිය. එය කළ නොහැක්කේ ආණ්ඩුවේ ආදායමට වඩා වියදම වැඩි බැවින් මුදල් අඩුවෙන සෑම මොහොතකම මහ බැංකුවෙන් මුදල් ඉල්ලීම නිසාය. බොහෝ අය රුපියල අවප්‍රමාණ වීම, ඩොලර් නොමැතිවීමට හේතුව විදිහට ආනයනය දැක්කට සත්‍ය ලෙසම රුපියල අවප්‍රමාණ වන්නේ වැඩිපුර මුදල් අච්චු ගහන නිසාය.

📌වැඩිපුර මුදල් අච්චු ගහන්න වෙන්නේ ආණ්ඩුවේ ආදායමට වඩා වියදම වැඩි නිසාය. ලංකාවෙ රුපියල් ට්‍රිලියන 1 ක් (බිලියන 1000) පමණ අය වැය පරතරයක් තියෙනව සෑම වර්ෂයකම. එනිසා ඩොලර් අඩුවෙන්න මුල්ම හේතුව මුදල් අච්චු ගැසීම සහ රජයේ වියදම වැඩිවීමයි. එමෙන්ම අලියා සම්පූර්ණයෙන් දකින්නෙ නැතුව කොටස් වලින් අල්ලා නිගමනය දෙනා මෙන්ම මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් නොදැක විසඳුම් යෝජනා කිරීම ප්‍රශ්නය තවත් වැඩිවීමක් බවත් මතක තබාගත යුතුය.

📌 https://www.advocata.org/sinhala-archives/2021/07/02/remsh-ndaf-wdl-ohdj 📌

Address

No23, Ambagahawatta Road , Gangodawila Nugegoda
Nugeoda
1732

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94715820157

Website

Alerts

Be the first to know and let us send you an email when LippinCott Management Consultants posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LippinCott Management Consultants:

Share