20/12/2019
#ලංකාවේ_ආර්තිකය වෙනස් කරන්න තරුණ අපි රැල්ලක් හදමුද?🌷
#ලංකාවේ_ආර්තිකය වෙනස් කරන්න තරුණ අපි රැල්ලක් හදමුද?🌷
මේ තියෙන්නේ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව මේ තමයි අපේ රටේ තිබුන එක ආර්තික මරුමස්තාන වලින් එකක් කිව්වොත් නිවරදියි එහෙත් මේ වනවිට එම කර්මාන්ත ශාලාවට කන කොකා හඩා අවුරුදු ගානක් ගත වුනත් කිසිම දේශපාලන ආන්ඩුවක් එම කර්මාන්ත ශාලාව නැවත ආරම්බ කරන්නනම් තීරනය කලේ නෑ මේ කර්මාන්ත ශාලාවට එවකට පුලුවන් උනා ලංකාවටම සීනි නිපදවන්න ඒ වගේම අතිරික්තය ඒ කාලෙ නම් පිට රට යැව්වා කිය්ලත් කියනවා මේ කර්මාන්ත ශාලාව ක්‍රියාත්මක උන කාලයේ එවකට කන්තලේ කියන්නෙ නොනිදන නගරයක් ඒ කියන්නෙ කොලඹටවත් දෙවනි වුනේ නැහැ. ඒ වගේම කන්තලේ ප්‍රශේශයේ ජනතාවට ආර්තික අපහසුතා තිබිලත් නෑ ඒ වගේම තමයි එවකට කොලඹවත් නැති රාත්‍රී සමාජශාලා ද මෙම ප්‍රදේශයේ තිබිලා තියනවා. හිතන්න පුලුවන්නේ තිබුන ආර්තික තත්වය. එහෙත් මේ වන විට මෙම කර්මාන්ත ශාලාව නිකරුනේ දිරාපත්ව යනවා කෝටි ගානක වියාපාරයක් මෙහෙම වැටිලා තියෙන්නෙ ඒ කාලේ උක් පටවපු දවස ගානෙ වැඩ කරපු ටැක්ටර් 1000ක් විතර මලකඩ කාලා දිරනවා ඒ වගේම කර්මාන්ත ශාලා වට අයත් හැම සම්පතක්ම විනාස වෙනවා අද වන විට ආර්තික විශේෂන්‍යයින් කියන විදිහට මෙම ආයතනය නැවත පටන් ගත්තොතින් හෙක්ටයාර විසිදහසකට අදික උක් වැවීමෙන් ලංකාවට නැවත සීනි පිටරටින් ගෙන්වන්න ඕනි නෑ ඒ වගේම අපට අතිරික්තය නැවත පිටරට යවන්න පුලුවන් මෙම ආයතනය ඇරබීමට නොහැක්කේ සීනි ගෙන්වන ආයතන රටේ දේශපාලන අදිකාරියට පගා දෙන නිසයි එම නිසා රටට කොච්චර සල්ලියක් පිට රටට යනවද ඒ වගේම රැකියා අවස්තා කීයක් කියලද ඉතින් අපට ඒ වෙනුවෙන් රටේ සිස්ටම් එක වෙනස් කරන්න කියන තරුණ යන් විදිහට කාරන දෙකක් යටතේ මෙම කර්මාන්ත ශාලාව නැවත ආරම්බ කරන්න පුලුවන්
1 තරුණ යන් පාරට බැහැලා මේ වෙනුවෙන් සටන් කරන එක මොකද ජනාධිපති තුමා වැඩ කරන මිනිසෙක් නිසා ඔහු ටමේ දේ ගැන දන්වන්න ඕන.
2 මේක තමයි වැඩගත්ම එක අපට ලංකාවෙම ඉන්න තරුණ තරුණියන් එකතු කරලා මේ ආයතනය දුවන්න පුලුවන් පසුබිම හදන්න පුලුවන්. රැකියා නොමැතිතරුණ තරුණියන් වගේම ලංකාවේ ඉන්න අපේම කැම්පස් වල ඉන්න ඉන්ජො සෙට් එක ඒ වගේම පීට වල ඉන්න කෘෂිකාර්ම කර්න කෙල්ලො කොල්ලො සෙට් එක ඒ වගේම කාර්මිකයන්( විදුලි ජල යන්ත්‍ර) වගේ ක්ශේත්‍ර කීපයක අලුතින් හිතන අපේ තරුණ තරුණියන් එකතු වෙලා ලංකාවෙම ඉන්න තරුණ තරුණියන් එකතුවෙලා මේ කර්මාන්ත ශාලාව නැවත පටන්ගන්න පුලුවන් උපරිමයෙන් කරන්න පුලුවන් . ඇයි අපට බැරි ? පුලුවන් කට්ට තමයි ඒත් අපි අංකාවෙ තරුණ තරුණියන් හැටියට මේ දේ කලොත් අපි ජාතියක් හැටියට කොච්චර ඉදිරියට යාවිද ඒ වගේම තමයි මේ කාරනයේදී අපිට නීතියත් ප්‍රශ්න දාවි ඉතින් අපට පුලුවන් අපේ තරුණ නීතිය හදාරන අයගෙන් උදව් ගන්න . අපි මේ වැඩේ පටන්ගත්තොතින් ජනාදිපති තුමා උනත් මේ වැඩේදි අපට සහයෝගීත්වය දෙයි මේකට අවශ්‍ය වන සියලු දේ අපේ තරුණ තරුණියන් විසින් සිදු කරයි. දෙරණින් වගේ මීඩියා සපෝට් එකක් අරන් තරුණ තරුණියන්ගෙන්ම ආදාර එකතු කරන වැඩ පිලිවලක් හැදුවොතින් පෙට් ස්කෑන් එක ගන්න වගේම ඒ වගේ සිය දහස් ගුනයක් සල්ලි හොයන්නත් පුලුවන්. ඒකෙන්ම ඒ සල්ලි වලින් එම ආයතනය හදලා රටේ තියන රැකියා ප්‍රශ්නෙන් අඩුම තරමෙ5000සක රැකියා ප්‍රශ්නය විසදලා ලාබ ලබන ආයතනයක් බවට පත් කරන්න පුලුවන් ඒ වගේම ලංකාවට විතරක් නෙවෙයි මුලු ලෝකයටම තරුණ තරුණියන් ගේ හයිය පෙන්නලා නැවත කන්තලේ වැඩ බිමක් කරන්න අපට පුලුවන් ඒ වගේම අපට මේ වැඩේ දි ලොකු ලොකු බාදක ඒවි ඒ උනාට මේ සියලු බාදක වලට ලක් මව්ගෙ දරුවො වශයෙන් මූන දෙන්න පුලුවන් නම් ඒක නේද වෙන්න ඕන අපේ මේ පුංචි රට තුන්වන ලෝකෙ රටක් කියන ලේබල් එකෙන් අයින් කරන්න.. හිතන්න යමක්..
උපුටා ගැනීමක් !