Chilaw Oil Distributors

Chilaw Oil Distributors wholesale dealers of pure coconut oil and palm oil

14/12/2020
පොල්තෙල් ඉවුම් පිහුම්වලට විතරක් නොවෙයිbenifits_of_coconut_oilවස්කෝදගාමා විසින් පොල් ගහ coconut යන නාමයෙන් හඳුන්වන ලදී. ල...
14/12/2020

පොල්තෙල් ඉවුම් පිහුම්වලට විතරක් නොවෙයි

benifits_of_coconut_oil
වස්කෝදගාමා විසින් පොල් ගහ coconut යන නාමයෙන් හඳුන්වන ලදී. ලෝකයේ ප්‍රධාන පොල් නිෂ්පාදන රටවල් අතරට ඉන්දියාව, පිලිපීනය සහ ඉන්දුනීසියාව වැනි රටවල් අයත් වේ.

පොල්තෙල් අපේ ඉවුම් පිහුම් කටයුතුවලදී විවිධ විදිහට භාවිතා කරනවා. මාළු, බටු, පපඩම් වගේම කැවුම් , කොකිස් බැදුම් වර්ග පිළියෙල කරද්දී ගැඹුරු තෙලේ ලා බැද ගැනීම එයින් එකක්. ඒ වගේම තෙම්පරාදු කිරීමේදී තෙල් මේස හැන්දක් පමණ ලිප තබා එයට අබ, සුදුළූණු, කරපිංචා ආදිය පුපුරවා ගෙන පිසින ලද ව්‍යංජනය හෝ මැල්ලුම එයට එක් කරනවා.

සමහර ආහාර පිසින විට ඒවා මෙලෙක් වීමට ලිප තබද්දීම පොල් තෙල් තේ හැන්දක් පමණ එක් කරනවා. උදාහරණයක් කිව්වොත් කඩල, පරිප්පු වගේම පොලොස් වැනි දේ ඉක්මනින් සහ මෙලෙකට තම්බා ගැනීමට පොල් තෙල් එකතු කරනවා.ටොපි , අලුවා වැනි දේ අතුරන ලෑල්ලේ නොගෑවී පහසුවෙන් වෙන් කර ගැනීම සහ අපි මේවා අතුරන බන්දේසියේ පොල් තෙල් ස්වල්පයක් ආලේප කරනවා. කොස්, පොලොස් කැපීමෙන් පසුව පිහියේ තිබෙන කොහොල්ලෑ වගේම අතේ තිබෙන කොහොල්ලෑ ඉවත් කර ගැනීමටත් පොල් තෙල් ස්වල්පයක් යොදා ගෙන පිහිය වගේම අත සෝදා ගන්න පුලුවන්.

ඊට අමතරව සරනේරු වැනි දේ ලිහිසි කර ගැනීමටත් අතට හිරව ඇති මුද්දක් ඇගිල්ලෙන් ඉවත් කර ගැනීමටත් පොල්තෙල් ආලේප කර ගන්න පුලුවන්. ඉස්සර කාලයේ කාන්තාවන්ගේ දිගු කෙස් කලඹේ රහස වුනේ පොල්තෙල් විතරයි. නිවසේම හිඳ ගත් පොල්තෙල් වලට සැවන්දරා, වැනි ඖෂධ එක් කර ගත්තා. තද හිසරදයක් ඇති වුනාමත් පොල් තෙල් ටිකක් රත් කර ගෙන හිස් කබලේ අතුල්ලමින් සම්බාහනය කළා. ඇහි බැමි වලත් ගොරෝසුවට පොල් තෙල් ආලේප කලා.

ස්වභාවික සම්බාහනය වෙනුවෙන් පොල්තෙල් ඉතාම ගැලපෙන තෛලයක්. ඊට හේතුව තෙතමනය ආරක්ෂා කර ගැනීමට පොල්තෙල්වලටම මින්ට්, ලැවැන්ඩර් හෝ ලෙමන් වැනි සුව වර්ගයකින් තෙල් ටිකක් එක් කර ගන්න.

පිරිසිදු පොල් තෙල් කෝප්ප බාගයකට ආමන්ඩ් තෙල් හැඳි දෙකක් මිශ්‍ර කර ගෙන සමේ ආලේප කලාම තෙතමනය හොඳින් රැඳී තිබෙනවා. මේ ආරංචිය අපේ පිරිමි පක්ෂයේ උදවියටයි. රැවුල බැමට පෙරාතුව පොල්තෙල් ටිකක් ආලේප කරන්න. ඉතා පහසුවෙන් රෝම ඉවත් වෙනවා. ඒ වෙනුවෙන් වඩාත් වැදගත් වෙන්නේ පොල්තෙල්වල තිබෙන ස්වභාවික තෙ‍තමනයයි. දරු ගැබ දරන විට ඇති වෙන සමේ කැසීම නිසා තිබෙන පැල්ලම් නැති කර ගැනීමට එම ස්ථානයන්හි පොල්තෙල් ආලේප කරන්න.

උෂ්ණ කාලයේදී තොල් වියැලෙන විට පොල්තෙල් ස්වල්පයක් ආලේප කරන්න. රත් කර ගත් පොල්තෙල් වලින් කට සේදූ විට මුඛය පිරිසිදු වෙනවා. ඒ වගේම නාසයෙන් ලේ ගලන විටත් නාස් පුඩු මත පොල්තෙල් ස්වල්පයක් ආලේප කර තෙත මාත්තු කරන්න. ලේ ගැලීම නැවතෙනවා.පොල් මදයේ වැඩි ප්‍රමාණයක් අඩංගු වෙන්නේ පොටෑසියම් සහ මැග්නීසියම්. වැනි පෝෂණ පදාර්ථයි.පොල්තෙල් මගින් හිරු එලියෙන් හම ආරක්ෂා කරනවා. අද හිරු එලිය ගැන එදා ලැබුන ප්‍රශංසාව ඇත්තේ නැහැ. ඕසෝන තරයේ විවර නිසා පාරජම්බුල කිරනයන්ට හම නිරාවරනය වීම පිලිකාවන්ට හේතු වෙන බැව් දැන් පිලිගෙන තිබෙනවා.පොල්තෙල් මේ හිරු කිරනෙන් සම ආරක්ෂා කරනවා.

ඒ වගේම සිරුරේ බර පාලනය කරනවා. කොහොම වුනත් අනවශ්‍ය විදිහට පොල්තෙල් භාවිතා නොකොට දිනකට තෙල් මේස හැඳි හතරක් පමණ ආහාරයට ගැනීම අගුණයක් නැහැ. එකම තෙල නැවත නැවත බැදීමට යොදා ගැනීම අහිකර බව දැන් පිලිගෙන තිබෙනවා. අතීතයේදී කැවුම් බදින ලද තෙල් තුවාල වෙනුවෙන් ආලේප කිරීමට යොදා ගත්තා.

පොල්තෙල් අගුණයි කියන්නේ බොරුවටලු පොල්තෙල් ශරීරයට අගුණ යැයි මිත්‍යා මතයක් සමාජයේ පැතිර පවතින බවත් එය ව්‍යාජ මතයක් බවත් වෛ...
14/12/2020

පොල්තෙල් අගුණයි කියන්නේ බොරුවටලු


පොල්තෙල් ශරීරයට අගුණ යැයි මිත්‍යා මතයක් සමාජයේ පැතිර පවතින බවත් එය ව්‍යාජ මතයක් බවත් වෛද්‍යවරු කියති. අප පුදුම කරවනසුලු ප්‍රතිඵල පොල්තෙල් භාවිතය තුළින් අත්විඳිය හැකි බව නවතම විද්‍යාත්මක තොරතුරු අනාවරණය කරයි.

පොල්තෙල් භාවිතය සෞඛ්‍ය සම්පන්න දිවියකට ආකාර 5කින් වැදගත්වන අයුරු විද්‍යාඥයින් පෙන්වාදෙයි.

එනම් කායික හා මානසික ක්‍රියාකාරීත්වය පිරිහීයාම නොහොත් අල්ෂයිමිර් රෝගීන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය වැඩිවීමට පොල්තෙල් උපකාරී වේ. මොළයේ සෛලවලට ශක්තිය ලබාදීම එමගින් සිදුවේ.

තවද පොල්තෙල් රුධිරයේ කොලස්ටොරෝල් මට්ටම වැඩිදියුණු කරන අතරම හෘදයාබාධ අවදානම පහත හෙළීම සිදුකරයි. කොලොස්ටොරෝල් මගින් හෘදයාබාධ අවදානම වැඩිකළද එච්ඩීඑල් මට්ටම වැඩිවීමෙන් එම හානිය සිදුනොවන බව වෛද්‍යවරු කියති.

රුධිරය කැටිගැසීම වැළැක්වීමේ හැකියාවද පොල්තෙල් සතුය. පොල්තෙල් මගින් ස්වභාවික ලස්සන වැඩිකිරීමක්ද සිදුවේ. ශරීරයේ බාහිර පෙනුම අලංකාරය සඳහා සතියකට වරක් හෝ දෙවරක් බාහිර සමේ පොල්තෙල් ගා සම්බාහනය කිරීම කළ යුතු බව විද්‍යාත්මකව තහවුරු කැරගෙන ඇත. කොණ්ඩයේ බොකුටු ස්වභාවය අවම කර සිනිඳු කිරීමේ හැකියාවද පොල්තෙල් සතුය. පොල්තෙල් නිතිපතා භාවිතය නියපොතු මොළොක් කරවීමට හේතුවක් වන බවද සොයාගෙන ඇත.

ආහාරයක් වශයෙන් පොල්තෙල් ඉතා ගුණ බවද කියති. බටර් වෙනුවට පොල්තෙල් භාවිතය සෞඛ්‍ය සම්පන්න දිවියකට හේතුවන බවත් රසය වැඩිකිරීමට හේතුවන බවත් සොයාගෙන ඇත.

(එන්ඩීටීවී ඇසුරිණි)

14/12/2020

පැටියටයි අම්මටයි පොල් තෙල් වලින් අදහාගත නොහැකි තරම් ප්‍රයෝජන 17 ක්
බෙදාගන්න :
පොල්තෙල් ශරීරයේ සුවයට දෙන උදවු අපමණයි. ගර්භණි සමය තුළ පුංචි පැටියාටත් ලබාදෙන ප්‍රයෝජන මොනවද කියලා බලමු.

පොල් තෙල් හිසකෙස් වලට ගානවා, පිසීමේදී හොඳ රසයක් සුවඳක් එක් කරනවා. නමුත් මේ කල්ප රුක්ෂයෙන් ලැබෙන අනෙකුත් ප්‍රයෝජන ගර්භණි සමයේදී විශේෂයෙන් කැපී පෙනෙනවා.

පුරාතනයේ ඉඳන් අපේ ජන සමාජය තුළ පොල් තෙල් වලට ප්‍රධාන තැනක් හිමිවුණා. ඖෂධීය තෙල් සාදාගැනීමේ පදනම ලෙස භාවිතා කළේ පොල්තෙල්. එය ඉන්දියානු ජන සමාජය තුළත් එලෙසම සිදුවුනා. නව දිල්ලියේ වෛද්‍ය ජීල් භාතියා (Kairali Ayurvedic Group, Delhi) පවසන ආකාරයට පොල්තෙල් වල ප්‍රයෝජන ගොඩයි.

ප්‍රතිශක්තිය ඉහළ දැමීමට

ගර්භණි මවකට රෝග සමග ගමන් කිරීමට ඇති ශක්තිය අඩුයි. පොල් තෙල් වල ඇති ලොරික් ඇසිඩ්, ෆැටි ඇසිඩ් බැක්ටීරියා සමග සටන් කිරීමේ ශක්තියෙන් යුක්තයි. මෙය ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ දැමීමට උදවු වෙනවා. ශරීරයේ දුර්වල පටක ශක්තිමත් කර පෝෂණය කරවන්න පොල් තෙල් උදවු වෙනවා. වෛද්‍ය බාතියා පවසනවා.

ඒ වගේම ලෝරික් අස්ථි, කළලය මෙන්ම නව බිළිඳාගේත් ප්‍රතිශක්තිය ශක්තිමත් කරනවා. දිනකට පොල් තෙල් තේ හැඳි 2 ක් පානයෙන් අම්මාටත් කළලයටත් ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ශක්තිමත් කරගන්න උදවු කර ගන්න පුළුවන්.

ස්ට්‍රෙච් මාර්ක් වලට

පොල්තෙල් ස්වල්පයක් නිතර ඔබේ කුස තුළ පිරිමැදීම හා දරු උපතෙන් පසුවත් කිරීමෙන් ඔබේ කුසමත ඇති රැළි සහිත ස්වභාවය නැත්තටම නැති කරගන්න පුළුවන්.

පපුවේ දැවිල්ලට

ගර්භණි සමයේ ඇතිවන පපුවේ දැවිල්ල සුලබ තත්වයක්. ඉන් මිදීමට පොල්තෙල් මේස හැඳි දෙකක් පානය කිරීමෙන් සහනයක් ලබාගන්න පුළුවන්.

ප්‍රසූතියට උදවු වෙනවා

ප්‍රසූති මාර්ගය ආශ්‍රිතව පොල් තෙල් ගැල්වීම මගින් අවට ප්‍රදේශය ප්‍රසුතියේදී ඇතිවන පීඩනයෙන් ඉරීමට ලක්වීම පාලනය වෙනවා.

මළබද්ධය වළකයි

ගර්භණි සමයේ ඇතිවන ප්‍රජස්ට්‍රරෝන් හොර්මොනයේ ක්‍රියාකාරිත්වය මත මළබද්ධය ඇති කරනවා. පොල් තෙල් ඊට හොඳ සහනයක් ලබාදෙනවා.

උදෑසන වන අපහසුතා මගහරවයි

රුධිරයේ සීනි මට්ටම පාලනය කරන ගුණයන් අලුත් පිරිසිදු පොල්තෙල් වල අඩංගු වන නිසා ආහාරයට පිරිසිදු පොල්තෙල් ටිකක් එක් කරගැනීමෙන් ගර්භණි සමය තුළ උදෑසනට මුහුණ දීමට සිදුවන අපහසුතා වළකා ගන්න පුළුවන්.

දියවැඩිය තත්වයට

පොල්තෙල් දියවැඩිය තත්වයට හොඳ ඖෂධයකි. වෛද්‍ය බාතියා පවසනවා. මේ මගින් ඇතිවන රුධිරයේ අමතර සීනි පාලනය කරනවා වගේම ගර්භණි සමයේ පැණි රස කෑමට ඇතිවන රුචිය අවම කරනවා. මේ නිසා ශරීරයට අනවශ්‍ය කැලරි ලැබෙන්නේ නැහැ.

මව් කිරි වැඩිවෙනවා

ඔබ ඔබේ මව් කිරි වැඩි කරන්න උත්සාහ කරනවා නම් එය හොඳ විසඳුමක්. මව් කිරි වල ස්වාභාවිකවම ඇති සමහර ෆැටි ඇසිඩ් වර්ධනයට උත්තේජනයක් ඉන් ලැබෙනවා. ඒ වගේම මව් කිරි නිෂ්පාදනය වැඩි වෙනවා.

තනපුඩු තුවාල වීම ඉරි තැලීම සුව කරනවා

මව් කිරි දීමේදී තනපුඩු වල ඇතිවන වේදනාවන් හා ඉරි තැලීම් ඉක්මනින් සුවකරන්න පොල්තෙල් උදවු වෙනවා. තනපුඩු මත ක්‍රීම් එකක් ආලේප කරන ආකාරයට ආලේපයෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

ප්‍රසූතියෙන් පසු හිස කෙස් පෝෂණය කරයි

පොල්තෙල් හිස කෙස් වල හැම ගැටළුවකටම ප්‍රතිකාර කරනවා. ප්‍රසූතියෙන් පසු ඔබේ හිසකෙස් ගැලවී යනවා නම් පොල් තෙල් ඊට හොඳ විසඳුමක්. වෛද්‍යවරිය පවසනවා.

බිළිඳු සම සම්බාහනයට

පොල්තෙල් වල ඇති තෙතමනය රඳවන ගුණය නිසා බිළිඳුන්ගේ සම සම්බාහනයට හරිම හොඳයි. නැවීමට පෙර පැටියාගේ සමේ පොල්තෙල් ගල්වා සම්බාහනය කිරීමෙන් සම නිරෝගී වෙනවා.

Eczema රෑෂ්

බිලිඳු සමේ ඇතිවන තුවාල තත්වය සුව කරන්නත් පොල්තෙල් හුඟක් හොඳයි. එහි ඇති ස්වභාවික ශිත ගුණයෙන් තුවාල සනීප කරනවා.

හිස් කබලේ ඇලී ඇති කබල ඉවත් කරන්න

බිලිඳු හිසේ තවමත් ඇති කබල ඉවත් කරන්නත් ඉතාම මෘදු ලෙස පොල්තෙල් ගල්වා පිරිමැදීමෙන් පුළුවන්.

දත් එන කාලයේ වේදනාවට

දත් එන කාලයට පැටියාගේ විදුරුමස් වල වේදනාවට පොල් තෙල් හොඳ විසඳුමක්. කරදමුංගු කැබැල්ලක් රත්කර කුරුඳු හා වර්ජින් පොල් තෙල් සමග මුසු කර නිවුණු පසුව දත් මෝදු වන තැන්වල ආලේප කරන්න.

පළමුවෙන් ඉවත්වන තද මළපහ පැල්ලම ඉවත් කිරීමට

පුංචි පැටියා පළමු දින කිහිපයේ පිටකරන මළපහ වල පැල්ලම් ඉවත් කිරීම හරිම අපහසුයි. නමුත් පොල්තෙල් ස්වල්පයක් එම පැල්ලම මත ගැල්වීමෙන් ඔබට පිරිසිදු කිරීම හුඟක් පහසු වේවි.

නැපි රෑෂ්

නැපි රෑෂ් ඇතිවන ප්‍රදේශවලත් පිරිසිදු පොල්තෙල් ආලේපයෙන් පැටියාට සුවයක් ලබාගන්න පුළුවන්.

වේදනා සමනයට හා සුවයට

තද හෙම්බිරිස්සාව හා කැස්ස පුංචි පැටියාට තියෙන වෙලාවට යූකැලිප්ටස් තෙල් බිඳිති 8-10 ක් පිරිසිදු පොල් තෙල් මේස හැඳි 3 කට මුසු කර පැටියාගේ පපුවේ සියුම්ව ගලවන්න.

මේ හැම සත්කාරයකදිම ඉතා පිරිසිදු පොල්තෙල් භාවිත කරගැනීම වැදගත් බව දෙමාපියන් මතකයේ තබාගත යුතුයි.

ස්වභාවික සත්කාරයන් තරම් දෙයක් දරුවෙකුටත් අම්මාටත් තියෙනවද? ඉතින් මේ සත්කාරය දිව ඔසුවක් සේ ඔබට සුව ගෙන දෙයි. theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය ප්‍රාර්ථනා කරනවා.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ

10/12/2020

පොල් තෙල් ඇත්තටම අහිතකරද? - Does coconut oil bad for the health

පොල් තෙල් භිතිකාව

බැදුමකින් හෝ තෙම්පරාදු කරන ලද වෑංජනයකින් කෑම වේලක් රසවත් වෙනවා විතරක් නෙවෙයි කෑම ගැනීමේ ප්‍රියතාවයකුත් ඇති වෙනවා. අසල්වැසි නිවසක කරවල බැදුමක් බැදෙන විට කටට කෙළ උනන්නේ මේ නිසයි. තෙල්වලින් පිළියෙල කරනු ලබන ආහාර සඳහා අපේ රටේ ගෘහණියන්ගෙන් බහුතරයක් අනාදිමත් කාලයක සිට භාවිත කරන්නේ පොල් තෙල්. අපේ රටේ සංස්කෘතිය සමගත් පොල් තෙල්වල ඇත්තේ අපූරු බැඳීමක්. උත්සව අවස්ථාවලදී කෑම පිසීමට, රසකැවිලි සෑදීමට ආදියට පොල් තෙල් නැතිවම බැරි ද්‍රව්‍යයක්. වසර ගණනාවක් තිස්සේ මේ ආකාරයෙන් පොල් තෙල් පරිභෝජනය කළත් ඉතිහාසයේ කිසිදු අවස්ථාවක මේ නිසා සෞඛ්‍යයට අහිතකර තත්වයක් ඇති වූයේ යැයි දැනගන්නට ලැබෙන්නේ නැහැ. කෙසේ නමුත් පොල් තෙල් භාවිතය සෞඛ්‍යයට අහිතකර බවට මතයක් කලකට පෙර කෙමෙන් කෙමෙන් සමාජ ගත වන්නට පටන් ගැනුණා.

පොල් තෙල් සෞඛ්‍යයට අහිතකර යැයි මුළින්ම පවසන්නට පටන් ගත්තේ ඇමරිකා එක්සත් ජනපදයෙන්. ඔවුන් පොල් තෙල් හඳුන්වා දුන්නේ ‛කෘවල් ඔයිල්’(Cruel Oil) ලෙසින්. ඒ වගේම මිනිසා මරා දමන්නට තරම් හේතුවන තෙල් වර්ගයක් ලෙස ඔවුන් මෙය හඳුන්වන්නට පටන් ගත්තා. ඇමරිකා එක්සත් ජනපදය පැවසූ පෙර කී අදහසට එරෙහිව ලෝකයේ බොහෝ රටවලින් විවිධ අදහස් මතුවන්නට පටන් ගත්තා. පසුව පොල් තෙල්වලට පක්ෂපාතී සංවිධාන බිහිවන්නටත් පටන් ගත්තා. ඉන් පසු කෙමෙන් පොල්තෙල්වලට එරෙහි සංවිධාන හා ව්‍යාපාර පසුබසින්නට පටන් ගත්තා. කෙසේ වෙතත් පොල් තෙල් සෞඛ්‍යයට අහිතකරය යන මතය වර්තමානයේ පවා බොහෝ දෙනෙක් අතර පවතිනවා. අන්තර්ජාලය පවා පරීක්ෂාකිරීමේදී පොල් තෙල් පරිභෝජනයට පක්ෂපාත මෙන්ම එරෙහිවද බොහෝ අදහස් ඇති බව පෙනෙන්නට තිබෙනවා. පොල්තෙල් පරිභෝජනය කළ පමණින් හෘද රෝග වැළඳෙන්නට, කොලෙස්ටරෝල් ඇතිවන්නට ඉඩකඩ ඇති බවට පුවත් බොහෝ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා.

පොල් තෙල් කෙරෙහි ඇති වුණු මෙම අහේතුක බිය අතරතුරේ කෙමෙන් අප රටේ වෙළෙඳ පොළට සූරියකාන්ත, සෝයා ආදී වෙනත් තෙල් වර්ග ඇතුළු වන්නට පටන් ගත්තා. වෛද්‍යවරුන්ද පොල් තෙල් අහිතකර බවත් වඩාත් සුදුසු එළවළු තෙල් බවත් පවසන්නට වූ නිසා බොහෝ පාරිභෝගිකයන් පොල් තෙල් අතහැර එළවළු තෙල්වලට යොමු වුණා. මෙසේ වර්ධණය වෙමින් පැවති පොල් තෙල් කෙරෙහි ඇති බිය දුරු කරන්නට පෙරමුණ ගත් එක් සුවිශේෂී පුද්ගලයෙක් සිටිනවා. ඒ ජ්‍යෙෂ්ඨ හෘද රෝග විශේෂඥයකු වන වෛද්‍ය ඩී.පී. අතුකෝරල මහතායි. වෙනත් තෙල් වර්ග නිපදවන විදෙස් බහු ජාතික සමාගම්වල තර්ජන ගර්ජන හමුවේ පොල් තෙල් වල සැබෑ තත්වය අපේ රටේ පාරිභෝගිකයාට අවබෝධ කරදීමට ඔහු තනිවම දැවැන්ත සටනක් කරගෙන ගියා. ඔහුගේ මේ සටනේ ප්‍රතිඵලයක් ලෙස අප රටේ බහුතරයකගේ සිත් තුළ පොල් තෙල් කෙරෙහි තිබූ බිය පහව ගියත් ඇතැමුන් තවමත් මේ දෙස බලන්නේ සැකමුසු බැල්මකින්. ඒ නිසා එවැනි බොහෝ දෙනෙක් පොල් තෙල් අතහැර තවමත් එළවළු තෙල් භාවිත කරන බව පෙනෙනවා. මේ නිසා මේ සටහනෙන් පොල් තෙල් පිළිබඳවත්, එළවළු තෙල් පිළිබඳ සත්‍ය තොරතුරුත් සවිස්තරව ඔබ වෙත ඉදිරිපත් කරන්නට අප බලාපොරොත්තු වෙනවා.

පොල් තෙල් හා බැඳුණු සිංහල සංස්කෘතිය

සිංහලයාගේ සංස්කෘතිය හා පොල් අතර ඇත්තේ දැඩි බැඳීමක්. අනාදිමත් කාලයක සිට ආහාර රසවත් කිරීමට අප යොදා ගත්තේ පොල් තෙල්. ආගමික කටයුතු සඳහා මෙන්ම හිස ගැල්වීම සඳහා ද අප බොහෝ දෙනෙක් යොදා ගන්නේ පොල් තෙල්. අනෙකුත් තෙල් මෙන් නොව පොල් තෙල්වලට රෝම කූප හරහා සම විනිවිද ගමන් කිරිමේ හැකියාව ඇති බැවින් දේශීය වෛද්‍ය කර්මයන්වලදී සැකසෙන ඖෂධීය තෙල් සඳහා පොල් තෙල් මිශ්‍ර කරනු ලබන බව ඇතැම් අය දන්නේ ද නැහැ. එමෙන්ම කඩියන්, කුහුඹුවන්, මදුරුවන් ඇතැම් විට මී මැස්සන් වැනි සතුන්ගේ සපා කෑම්වලට සහ දෂ්ටනයන්ට ලක් වූ විට ක්ෂණිකව ආලේප කරන්නේ පොල්තෙල්. එයට හේතුව මෙහි විෂ නැසීමේ යම් ගුණයක් ද පවතින නිසයි. කොස්, දෙල් වැනි ගෙඩි වර්ග කැපූ විට අතේ තැවරෙන කොහොල්ලා ඉවත්කිරීම සඳහා ද පොල් තෙල් භාවිත කරනවා. පොහෝ දිනවල විහාරස්ථානයේ පහන් දැල්වීම පිණිස තෙල් සම්මාදමේ යාම කලකට පෙර නිතර දකින්නට ලැබුණු දෙයක්. මේ ආකාරයෙන් බලන විට අපගේ සංස්කෘතිය හා පොල් තෙල් අතර ඇත්තේ දීර්ඝ, නොබිඳනු සම්බන්ධයක් බව කිව හැකියි.

පොල් තෙල් වර්ග

පොල් තෙල් වර්ග කොට ඇත්තේ මේවා සකස් කරගන්නා ආකාරය අනුවයි. අනාදිමත් කාලයක සිට අපේ රටේ පොල් තෙල් ක්‍රම කිහිපයකට සකස් කරගනු ලැබුවා.

1. අත් තෙල්
2. සෙක්කු තෙල්
3. මෝල්වලින් සකස් කරන තෙල්

අත් තෙල්

අත් තෙල් බොහෝ විට සකස් කෙරෙන්නේ නිවෙස් මට්ටමින්. පොල් ගා එයින් පොල් කිරි ලබාගෙන ඒ පොල් කිරි ලිපේ තබා රත් කරනවා. එවිට කිරි තට්ටුව මිදී තෙල් තට්ටටුව වෙනම ඉවත් වෙනවා. පසුව මෙසේ වෙන් වන තෙල් තට්ටුව පිරිසිදු රෙදි කඩකින් පෙරා බෝතල්වලට අසුරා ගන්නවා. මෙසේ සකස් කරගන්නා තෙල් ආහාර පිසීම වැනි කටයුතු සඳහා ඉතා සුදුසු වුණත් බොහෝ විට මෙයින් වැඩි කොටසක් භාවිත කරන ලද්දේ හිසේ ගැල්වීම සඳහායි. ඒ වගේම වෙනත් ඖෂධීය තෙල් වර්ග සමඟ මිශ්‍ර කිරීමට ද මෙසේ නිවසේ සකස් කරගනු ලබන තෙල් භාවිත කෙරුණා. මෙම තෙල් ප්‍රසන්න සුවඳකින් යුක්ත වන අතර හිසේ ගල්වන්නේ බොහෝ විට විවිධ ඖෂධ වර්ග මිශ්‍රකිරීම කිරීමෙන් පසුවයි.

සෙක්කු තෙල්

සෙක්කුව

අතීතයේ ගැමි නිවෙස්වල සෙක්කුව නම් උපකරණයක් තිබුණා. වංගෙඩියක් සේ හැඩයක් ඇති, වංගෙඩියක් සේම මැදින් සාරා ඇති ගලක් සහිත මෙම උපකරණය ක්‍රියාත්මක වූයේ එහි බඳින ලද ගොනෙකුගේ ආධාරයෙන්. පොල් මද කපා අව්වේ වියළා සකස් කරගත් කොප්පරා මෙම උපකරණයට දැමීමේදී කොප්පරා ඇඹරී එයින් පොල් තෙල් නිපදවෙනවා. බොහෝ විට මෙම කොප්පරා සකස් කෙරුනේ නිවෙස් මට්ටමින්. එසේ සකස් කරගන්නා කොප්පරා සෙක්කුව ඇති නිවෙසට ගෙන ගොස් තෙල් සිඳ ගැනීම අතීතයේ ඉතා ජනප්‍රිය ක්‍රමයක් බවට පත්ව තිබුණා.

මෝල්වලින් සකස් කරන තෙල්

සාමාන්‍ය පොල් තෙල් මෝලක්

අප රටේ සෙක්කු ක්‍රමයෙන් පසු ක්‍රම ක්‍රමයෙන් මෝල්වලින් තෙල් සිඳගැනීම ආරම්භ වුණා. කොප්පරා ලබා ගැනීමට ඇති හැකියාව මත මේවා විවිධ පරිමාණයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව සුළු, මධ්‍යම හා මහා පරිමාණයෙන් මේවා ක්‍රියාත්මක වනවා. කුමන පරිමාණයෙන් ක්‍රියාත්මක වුවත් භාවිත කෙරෙන්නේ එකම ක්‍රමවේදයක්.

මෙහිදී මූලිකව සිදු කෙරුණේ පෙර සඳහන් කළ සෙක්කු ක්‍රමයේදී මෙන් කොප්පරා සකස් කරගැනීමයි. මෝල්වලින් එකවර අධික තෙල් ප්‍රමාණයක් සකස් කරගත හැකි නිසා කොප්පරා මහා පරිමාණයෙන් සකස් කෙරුණා. සෙක්කුවලට වඩා හොඳින් කොප්පරා ඇඹරීම සිදුවන නිසා වැඩි තෙල් ප්‍රමාණයක් මෙහිදී ලබාගැනීමේ හැකියාව තිබෙනවා. අනෙක වරක් කොප්පරා ඇඹරීමෙන් පසු ඉතිරිවන පුන්නක්කු තවත් දෙවරක් අඹරා තෙල් ලබාගැනීම ද සිදු වෙනවා.

පොල් තෙල් තවත් ආකාරයක වර්ග කිරීමක්

ඉහත සඳහන් කළ වර්ග කිරීමට අමතරව අමතරව තවත් ආකාරයකින් ද පොල් වර්ග කෙරෙනවා. ඒ ජාත්‍යන්තරව වර්ග කෙරෙන ආකාරය අනුවයි. මූලික වශයෙන් පොල් තෙල් වර්ග 6ක් ලෝකයේ පවතිනවා.

1. පිරිසිදු පොල් තෙල් (pure coconut oil)

මෙය සාමාන්‍යයෙන් කොප්පරාවලින් සකස් කරගන්නා ලද පොල් තෙල්. පිරිපහදු කිරීමක් සිදුවන්නේ නැහැ. වැඩි දෙනෙක් භාවිත කරන්නේ මේවායි.

2. පිරිපහදු කරන ලද පොල් තෙල් (refined coconut oil)

සාමාන්‍ය කොප්පරාවලින් ලබාගන්නා පොල් තෙල් වඩාත් ඉහළ තත්වයන් යටතේ, රසායනික ක්‍රම මගින් පිරිපහදු කොට, සුවඳවත් කරන ලද තෙල් මේ නමින් හැඳින්වෙනවා. මෙහි තෙල්වලට අමතරව වෙනත් කිසිදු ක්ෂුද්‍ර කොප්පරා කොටස් කිසිවක් දකින්නට ලැබෙන්නේ නැහැ. වෙළෙඳ පළේ, සුපිරි වෙළෙඳ සල්වල පිරිසිදු පොල් තෙල් යනුවෙන් අළෙවියට ඇත්තේ බොහෝ විට මේවායි.

3. ඓන්ද්‍රීය පොල් තෙල් (organic coconut oil)

ස්වභාවික පොහොර පමණක් යොදා වගාකරන ලද පොල් ගස්වලින් ලබාගන්නා පොල් ගෙඩි යොදා නිපදවනු ලබන තෙල් මේ නමින් හැඳින්වෙනවා. මෙයද ලෝකයේ ඉහළ පිළිගැනීමකට ලක් වූ පොල් තෙල් වර්ගයක්

4. නැවුම්/නොඉඳුල් පොල් තෙල් (virgin coconut oil)

මේ පිළිබඳව වෙනමම විස්තර කෙරෙන නිසා මෙතැන විස්තර කතා කෙරෙන්නේ නැහැ.

5. ඓන්ද්‍රීය නැවුම්/නොඉඳුල් පොල් තෙල් (organic virgin coconut oil)

ස්වභාවික පොහොර පමණක් යොදා වගාකරන ලද පොල් ගස්වලින් ලබාගන්නා පොල් ගෙඩි මගින් නිපදවනු ලබන නැවුම් පොල් තෙල් මේ නමින් හැඳින්වෙනවා.

6. අති නැවුම්/නොඉඳුල් පොල් තෙල් (extra virgin coconut oil)

නැවුම් පොත් තෙල් තවත් පිරිසිදු කරමින් තනන පොල් තෙල් මේ නමින් හැඳින්වෙන නමුත් තවමත් මේ පිළිබඳ වැඩි විස්තරයක් දැනගන්නට ලැබෙන්නේ නැහැ.

පොල් තෙල් ගුණත්වයෙන් අඩු යැයි මත පළවීම

මුල් කාලයේ තෙල් මෝල්වලින් ඉතා ක්‍රමාණුකූලව හොඳින් පැසුණු පොල් පමණක් තෝරා තෙල් නිෂ්පාදනය කළත්, තෙල් ඉල්ලුම වැඩිවීමත් සමඟ මෙම ප්‍රමිතිය ඔවුන්ගෙන් ගිළිහී යන්නට පටන් ගත්තා. කොප්පරා මාසයක් පමණ වියළා ගත යුතු වුණත් ඔවුන් සතියක් හෝ දෙකක් පමණක් වියළා සකස් කරගත් කොප්පරාවලින් තෙල් සිඳින්නට පටන් ගත් බව පෙනෙනවා. ඒ වගේම හොඳින් පැසුණු පොල් පමණක් නොව කළටි තත්වයේ හා ප්‍රතික්ෂේප කළ යුතු මට්ටමේ පවා පැවති පොල්වලින් කොප්පරා සැකසීම නිසා නිපදවෙන පොල් තෙල්වල ගුණත්වය අඩුවන්නට පටන් ගැනුණා. හොඳින් වියළීමක් සිදුනොවුණු නිසා මෙහි සෑහෙන ජල සාන්ද්‍රණයක් ද ඉතිරි වුණා. එහි ප්‍රතිඵලය වූයේ පොල් තෙල් ඉක්මණින් මුඩු බවට පත් වීමයි. ඒ වගේම නියමිත ප්‍රමිතීන් අනුගමනය නොකර ඉක්මණින් අළෙවි කරගැනීමේ අරමුණින් මේවා නිපදවීම නිසා මේවායෙන් සකස් කරගන්නා ආහාර මගින් යම් යම් ලෙඩ රෝග වැළඳෙන්නටත් පටන් ගත්තා. පොල් තෙල්වලට එරෙහි විවිධ ව්‍යාපාර ඇතිවන්නට මෙවැනි කාරණා ද හේතු වූ බව පෙනෙන්නට තිබෙනවා. එසේ නොමැතිව මෙයට වැඩි වශයෙන් හේතු වූයේ පොල් තෙල්වල ඇති අඩුපාඩුවක් නිසා නොවන බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඉතා හොඳින්, ක්‍රමවත්ව සකස් කෙරුණු පොල් තෙල් පරිභෝජනයෙන් මෙවැනි කිසිදු අහිතකර තත්වයක් ඇති වූයේ නැහැ. ඇති වන්නේ ද නැහැ. නමුත් ගැටලුව වූයේ වැඩි වශයෙන් නිපදවන බාල වර්ගයේ පොල් තෙල් අඩු මිලට අළෙවි කිරීම නිසා හොඳින් නිපදවන පොල් තෙල්වලට හොඳ වෙළෙඳ පළක් සොයා ගැනීම දුෂ්කර වීමයි. වෙනත් තෙල් වර්ග දේශීය වෙළෙඳ පළට පැමිණීමටත්, පොල් තෙල්වලට වඩා ඒවා හිතකර මෙන්ම සෞඛ්‍යාරක්ෂිත යැයි මත පළවීමටත් මෙම තත්වය ප්‍රධාන හේතුවක් බවට පත් වුණා.

Source : මගේ ලෝකය හා එපිට ලෝකය

10/12/2020

පොල් තෙල් වලින් අහාර පිසීම සෞඛ්ය සම්පන්නද නැතහොත් අහිතකරද?
බෙදාගන්න :
මෙම විවාදයන් පොල් තෙල් ආශ්‍රිත විවිධ කාරණා හේතු කොටගෙන ඇතිවී ඇති අතර සැබැවින්ම මෙය ඔබට කොයි තරම් ගුණදායකද යන්න සොයාබැලීමට දරන ප්‍රයත්නයක් බඳුය.

මුලදී ඔබ කොයි දේත් පොල් තෙලෙන් පිස ගත්තද, දැන් පොල් තෙල් වලින් පිසූ කිසිවක් පවුලේ යට දෙන්නට ඔබ පැකිලෙනවා. ඉතින් මෙහි සත්‍යය කුමක්ද? මෙම පොල් තෙල් විවාදයේ කුමන පිලට ඔබ සහය දැක්වුවද අහාර පිටුපස ඇති විද්‍යාත්මක පැත්ත කොයි අහාරයටත් එක සේ බලපානවා.

පොල් තෙල් වලින් අහාර පිසීම සෞඛ්ය සම්පන්නද නැතහොත් අහිතකරද?

පොල් තෙල් සෞක්‍යදායිද නැද්ද?
පිළිතුර මේ දෙකම සත්‍ය බවයි. පොල් තෙල් වලින් වැඩි කොටසක් සංතෘප්ත මේදවලින් සමන්විත වන අතර, එහි සම්පූර්ණ සංඝටක වලින් 90% ඉක්මවා තිබෙනවා. කෙසේ වෙතත් තෙල්වල සංතෘප්ත මේද වලින් 62% -65% MCT හෝ මධ්යම-දාමය ට්‍රයිග්ලිසරයිඩ් (මේද අම්ල) ලෙස වර්ගීකරණය කර තිබෙනවා.

සාමාන්‍යයෙන් දිගු-පුරුක් මේද අම්ල වලට වඩා මධ්‍යම ප්‍රමාණයේ මේද අම්ල ඔබට වඩා හිතරක වනවා. MCT වඩා පහසුවෙන් ඔබගේ ශරීරයේ ජීර්ණය වන නිසා පහසුඑවන් ගබඩා වීමත් ක්ෂණිකව ශක්තිය බවට පරිවර්තනය වීමත් සිදු වනවා.

MCT සංයුතියේ 62% -65% ක් තුළ MCT වර්ග හතරක් ඇත. වඩාත් බහුලව පවතින මධ්යම ප්රමාණයේ මේද අම්ලයක් ලෙස හඳුන්වනු ලබන්නේ ලෝරික් අම්ලය ලෙසිනි. මෙය අහාරයට ගත පසු දිගු කාලින පුරුකක් බවට පරිවර්තනය වන අතර එය අපහසුවෙන් ජීර්ණය වන අතර චරිරයට අවශ්‍ය කෙටෝනි ශක්තියද ක්ෂණික ලබා දෙන්නේ නැහැ.

දිගු පුරුක් මේද අම්ල අතිශයින්ම අහිතකර විය හැකි අතර මෙය බොහෝ විට ශරීරයේ මේදය ලෙස ගබඩා වනවා. ඉතිරි 15%ක MCT(caprylic acid, caproic acid සහ capric acid) ප්‍රමාණය ශරීරයට හිතකර මුත් ඇත්තේ ස්වල්ප ප්‍රමාන වලින් පමණයි. මෙහිදී පරිභෝජනයට වඩාත් ඵලදායී වන මේද, ඵලදායි නොවන සෞඛ්ය සම්පන්න මේද සමඟ තරඟ කරනවා.

පොල් තෙල් වලින් අහාර පිසීම සෞඛ්ය සම්පන්නද නැතහොත් අහිතකරද?

පොල්තෙල් වල ඇති ගුණ මොනවාද?

පොල් තෙල් තුළ මධ්ය දාමයේ මේද අම්ලවල ප්‍රතිවිරුද්ධ, ක්ෂුද්ර ජීවී හා ප්‍රතිබැක්ටීරීය ගුණය සහ සෞඛ්ය ප්‍රතිලාභ සැලකිල්ලට ගෙන මෙය හිතකර ආහාරයක් ලෙස සටහන් වී තිබෙනවා.

MCT වල ඇති ප්‍රතිලාභ කිහිපයක් පහත දැක්වේ:

1 "හොඳ කොලෙස්ටරෝල්" (HDL) වර්ධනය කිරීම

2 රුධිර පීඩනය අඩු කිරීම

දැන්වීම්
3 ඔක්සිකාරක ආතතිය අඩු කිරීම

4 බර අඩු කිරීම සඳහා ආධාර කිරීම

5 මනෝභාවය වැඩිදියුණු කිරීම

6 කාබෝහයිඩ්රේට අවශ්ය නොවන ඉක්මණින් ශක්තිය සපයයි

7 හදවත හා මොළයේ සෞඛ්යය සඳහා සහාය වේ

8 සෞඛ්ය සම්පන්න දළු පරිසරයක් සඳහා උපකාර කරයි

MCT හි ඇති සංතෘප්ත මේදයේ සමස්ත සෞඛ්ය තත්වය වැඩිදියුණු කිරීම සඳහා උපකාරී වනවා. මධ්යකාමි මේද අම්ල යහපත් කොලෙස්ටරෝල් මට්ටම ඉහළ දැමීමට මෙන්ම රුධිර පීඩනය අඩු කිරීමටද දායක වනවා. සමස්තයක් වශයෙන් පොල් තෙල් වල හෘදයට යහපත් වන ෆ්ලේවනොයිඩ් සහ පොලිපීනොල් වැනි ප්රතිඔක්සිකාරකද අඩංගු වනවා.

හෘදය සහ රුධිර වාහිනී වල ඔක්සිකාරක ආතතිය ලෙස සැක කෙරෙන තත්වයක් ඇති විට, හෘදයාබාධයක් ඇති වීම හෝ ප්ලාස්මා දිගු කාලීනව හෘදයාබාධයක් හෝ හෘද රෝගයක් ඇතිවිය හැකි ධමනි තුළ අනුගත වනවා. පොල් තෙල් වල ඇති ඔක්සිඩෝසයිට් ඔක්සිකාරක ආතති ක්‍රියාකාරීත්වය අවම කිරීම සඳහා ද, ශරීරීයේ එවන් අවදානම් අඩු කිරීමටද දායක වනවා.

පිරිසිදු MCT (පොල් තෙල් නොවේ) වලට බලශක්තිය බවට පරිවර්තනය කිරීමේ හැකියාව නිසා, බර අඩු වීම සඳහාද උපකාර වනවා. මෙය අතිරික්ත කාබෝහයිඩ්රේට වල අවශ්‍යතාව පහ කරන අතර විරුරේ බර කළමනාකරණය සඳහා විශ්වාසනීය අතිරේකයක් ලෙස සේවය කරනවා.

පොල් තෙල් වලින් අහාර පිසීම සෞඛ්ය සම්පන්නද නැතහොත් අහිතකරද?

පොල්තෙල් වලින් පිස ගැනීම
බොහෝ වෙලාවක් මුළුතැන්ගෙයි ගත කරන අය සඳහා කිව යුත්තේ, අනෙක් තෙල් වර්ග හා සාපේක්ෂව පොල් තෙල්වල වඩා ඉහළ දුම් උෂ්ණත්වයක් තිබේ. මේ සඳහා සෞඛ්යයට අදාළ වැදගත්කම වන්නේ තෙල් පිළිස්සීම ආරම්භ වන විට, එය නිදහස් මේද අම්ල ලෙස හැඳින්වෙන යමක් නිපදවීමයි.

මෙම සංයෝග බර උත්තේජනය සහ ඉන්සියුලින් ප්‍රතිරෝධය සමඟ සම්බන්ධතාවක් තිබෙනවා. වැඩි දුම් උෂ්ණත්වයක් තිබීම ආහාර පිසීම සාපේක්ෂව මදක් සුරක්ෂිත කරනවා.

පොල් තෙල් සමඟ ආහාර පිසීමේ සත්‍යය නම් ඔබ එහි යහපත් ප්‍රතිපල අයහපත් ප්‍රතිපල සමඟම වැළඳගත් යුතු වීමයි. බොහෝ මිනිසුන් නොදන්නා කරුණක් වන්නේ පොල් තෙල්වල බලපෑම් සියල්ලම වාසිදායක නොවන බවයි. MCT හදවතට සෞඛ්ය සම්පන්න වුවද පොල්තෙල් සැදි ඉතිරි සන්තෘප්ත මේද 40% -50% ප්‍රමාණය මධ්යම ප්‍රමාණයේ මේද අම්ල නොවේ.

මෙම සංයුතිය අතිරික්ත පරිභෝජනය තුලින් සිරුරේ "නරක කොලෙස්ටරෝල්" (LDL) වැඩි කරනු ලබනවා. පොල් තෙල් බටර් වලට වඩා (64%) සංතෘප්ත මේදය (90%) වඩා වැඩි වේ

බටර් වඩා සෞඛ්යාරක්ෂිත ලෙස පෙනෙන දෙයක් නම් සැසඳීමේදී, ඔලිව් තෙල් පොල් තෙල් වලට වඩා 5-10 ගුණයකින් හොඳ මේද අඩංගු වේ. මෙම ඔක්සිජන්වලින් ඔක්ටිව් තෙල් බහුලව පවතින තෙල් හා බහු අසංතෘප්ත මේද දෙකම පොල් තෙල් වලට වඩා බහුලව ඔලිව් තෙල් වල දැකිය හැක.

ඔලිව් තෙල් වලද පොල් තෙල්වලට වඩා සංතෘප්ත මේදයට වඩා අඩුය. නමුත් එම ප්රකාශයෙන් එහි හොඳ හෝ නරක කියවෙන්නේ නැත්තේ MCT වල ව්‍යාකුල හුනන්ගය නිසයි. කැලරි ප්‍රමාණය ගත කල පොල් තෙල් ඉතා ඝන වන අතර පොල්තෙල් මේස හඬක කැලරි 120ක් අඩංගු වනවා.

පොල්තෙල් වලින් අහාර පිසීම සුදුසුද නුසුදුසුද?
අනෙක් කොයි දේත් වගේ පමණට වඩා පාවිච්චිය ශරීරයට හානිකර බලපෑම් ඇති කරයි. ඒ සමඟම මධ්යස්ථ දාම මේද අම්ල ඔබේ ආහාරයට පරයෝජනවත් එකතු කිරීමකි. ශරීරය සඳහා මේදය අවශ්ය වුවද අධික මේදයක් දිගු කාලීනව වවිච්චි කිරීමෙන් එය හෘදයට හානිකර වේ.

මතක තබා ගත යුතු වැදගත්ම කාරණය නම්, මධ්යස්ථව පැවති සංතෘප්ත මේද සාමාන්‍ය ප්‍රමාණ වලින් පාවිච්චි කිරීම හානිකර නොවන බවයි. එය පොල් තෙල්, ඔලිව් තෙල්, නැතහොත් අප සියලු දෙනා බියෙන් (නරක කාබෝහයිඩ්රේට) යැයි හඳුන්වන ඕනෑම මේදයක් විය හැකි අතර, මධ්යස්ථ පාවිච්චිය ප්‍රධාන වනවා.

කාබෝහයිඩ්රේට නැතිව සිරුරට් කිසිදු ශක්තියක් නොමැත. මේදය හෝ සෞඛ්ය සම්පන්න බැක්ටීරියා නොමැතිව, ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ හෘදය පීඩා විඳීවි. ලැයිස්තුව තවත් දික් කල හැක.

මේදය කෙරෙහි බිය වන්න එපා! කල යුත්තේ සෞඛ්ය සම්පන්න මේද හඳුනාගැනීමයි!



TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

Written by
theAsianparent Sri Lanka
බෙදාගන්න :

Address

Panadura
12500

Telephone

+94766560601

Website

Alerts

Be the first to know and let us send you an email when Chilaw Oil Distributors posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share