07/04/2021
නිමවෙමින් පවතින බුද්ධ ප්‍රතිමාවක සර්වඥ ධාතුන් වහන්සේ නමක් තැන්පත්කොට නිධන් කිරීම උදෙසා අප හිතවත් මහත්මියකගේ ධායකත්වයෙන් අප ආයතනය විසින් නිමකල පවුම් තුනක බුදු ගුණ සහිත රන් කරඬුව..
පින්කැමති සැම සතුටු සිතින් අනුමෝදන් වෙත්වා.. 🙏🏻🙏🏻🙏🏻
🌼🌼කරඩුවක් කියන්නෙත් දාගැබක්.🌼🌼
බුදු හිමියන්ගේ ශ්‍රී මුඛ දේශනා වල දාගැබ්නිර්මාණය කිරීමේ ආනිසංස මෙසේ දැක්වෙනවා …
“ආනන්දයෙනි, කවර කරුණක් නිසා තථාගත අරහත් සම්බුදු රජහු ස්තූප තනවා පිදීමට සුදුසු වෙත්ද? මේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජුන්ගේ ස්ථූපය යැයි ආනන්දයෙනි, බොහෝ ජනයා සිත පහදවා ගනිති. ඔවුහු එහි සිත පහදවාගෙන කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව් ලොවෙහි උපදිති….. සිව් මංසලෙහි තථාගතයන්ගේ ස්ථූපයක් කළ යුත්තේය. යම් කෙනෙක් එහි මල් හෝ සුවඳ හෝ සුණු හෝ තැන්පත් කරන්නාහු ද සකසා වන්දනා කරන්නාහු ද සිත හෝ පහදවා ගන්නාහු ද එය ඔවුන්හට බොහෝකල් හිත සුව පිණිස වන්නේය.”
(මහා පරිනිබ්බාන සූත්‍රය – දී. නි. 2)
“නයිමස්මිං ලෝකේ පරස්මිං වා පන
බුද්ධේන සෙට්ඨෝ ව සමෝ ව විජ්ජති
ආහුනෙය්‍ය තං පරමාහුතිං ගතෝ
පුඤ්ඤත්ථිකානං විපුල ඵලේ ඨිතන්ති.”
“මෙලොව හෝ පරලොව හෝ පිනෙන් ප්‍රයෝජන ඇති මහත් වූ පින් පල කැමැත්තවුන්හට, පුද පූජා පැවැත්විය යුතු උතුමන් අතර පරම පූජනීය භාවයට පැමිණි බුදුරජාණන් වහන්සේ ම ශ්‍රේෂ්ඨ වන සේක. බුදුරජුන් හා පූජනීය භාවයෙන් සම වූ කෙනෙක් නැත්තේම ය.”
(මහාරථ විමාන – විමාන වත්ථුපාළි)
පුන්නාගපුප්පිය රහතන් වහන්සේගේ ථේර ගාථා මීට කල්ප අනූ දෙකකට පෙරමනුෂ්‍ය ලෝකයේ වැද්දෙක් වූ මම එක්තරා දිනක මහා වනයට පිවිසියෙමි. පිපුන මල් ඇති දොඹ ගසක් දැක බුදුරජාණන් වහන්සේව සිහි කලෙමි. බුදු රජාණන් වහන්සේ උදෙසා වැලි වලින් සෑයක් කොට දොඹ මල් නෙලා සෑයටපූජා කලෙමි. එදා මම බුදු රජාණන් වහන්සේ උදෙසා සිදු කල ඒ උතුම් පූජාව නිසා කිසි කලෙක දුගතියක (කල්ප අනූදෙකක් ) නොඉපදුනෙමි. ඒ පිනෙන් මෙයින් අනූ එක වෙනි කල්පයෙහි සක්විති රජ කෙනෙක් වුනෙමි. මේ ජීවිතයේදීසිව්පිලිසිබියාවන් සහිත අරහත්වයට පත් වුනෙමි. (අපදාන පාලිය ඇසුරෙනි)
ඉතින් මේ කරඩුව පූජා කිරීමෙන්ද ඒ හා සමාන විපාක ලැබෙනවා.
🌼අපි දැන් දාගැබ් කරවීමේ ආනිශංස මොනවාදැයි විමසා බලමු.
1.ශරීරයේ විවිධ රෝග හට නොගනී.
2.ශරීරයේ කිසිම කැළලක් හටනොගනී
3.දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි උත්පත්තිය ලබයි
4.රන්වන් බැබළෙන ශරීරයක් සියලු භවයන්හි ලබයි
5.අපි‍්‍රයයන් එක්වීමක් සිදු නොවේ. පි‍්‍රයයන් හා එක්වේ
6.මිනිස් ලොව රජ, මැති, ඇමැති පදවි ලැබේ
7.සක්විති රජ පදවිය හිමි වේ
8.සක්දෙව් පදවිය ලබන්නට සුදුසු වේ
9.ප්‍රඥාවන්ත වේ. ගුණයෙන් ධනයෙන් පොහොසත් වේ
10.අර්හත් පදවියට අපහසුවෙන් තොරව ළං වේ
11.නිර්වාණය අවබෝධ වේ
12.එතෙක් කිසිදු දුගතියක නූපදී
🌼🌼🌼 තෙරැවන් සරණයි.. 🌼🌼🌼