Ayurveda and Sri Lankan Heritage

Ayurveda and Sri Lankan Heritage Padmakshi Ayurvedic Treatments Heartiest welcome to the page����

⭕X ray එකක් විතරක් බලලා ආතරයිටිස් රෝගයකට ප්‍රතිකාර නියම කරන්න පුළුවන්ද?================================ ⭕ආතරයිටිස් රෝග න...
29/01/2026

⭕X ray එකක් විතරක් බලලා ආතරයිටිස් රෝගයකට ප්‍රතිකාර නියම කරන්න පුළුවන්ද?
================================

⭕ආතරයිටිස් රෝග නිර්ණය සඳහා ලංකාවේ භාවිතා වන ප්‍රධානම පරීක්ෂණ තමා X ray සහ ESR, CRP, Rheumatoid factor වගේ ලේ රිපොර්ට්.

⭕ඊට අමතරව අවශ්‍යතාවය අනුව Anti CCP, ANA, Ultrasound, MRI වගේ රිපෝර්ට් පවා පාවිච්චි කරනවා.

⭕යම්කිසි රෝගියෙකුට, රෝගියා පරීක්ෂා නොකර X ray එක විතරක් බලලා රෝග නිර්ණයක් දෙන්න පුළුවන්ද?

⭕X ray එකක් "විතරක්" බලලා දෙන නිගමනය සීයට සීයක් නිවැරදි වෙන්නත් පුළුවන් සීයට සීයක් වැරදි වෙන්නත් පුළුවන් 🤔🤔🤔.

⭕ඔක්කොම පැටලුනා වගේ නේද, ඕක සරල කරල මම පල්ලෙහා ලියල තියෙන්නේ.

⭕ආතරයිටිස් රෝග ප්‍රධාන වශයෙන්ම කුලක දෙකකට බෙදන්න පුළුවන්.

✅පළවෙනි කුලකය තමා inflammatory arthritis කියන කුලකය. රූමටොයිඩ් ආතරයිටිස් (Rheumatoid arthritis), සොරයටික් ආතරයිටිස් (Psoriatic arthritis), ස්පොන්ඩයිලොආතරයිටිස් (Spondyloarthritis), රියැක්ටිව් ආතරයිටිස් (Reactive arthritis), ගවුට් (Gout) වගේ රෝග තමා ඔය කුලකයට අයිති වෙන්නේ.

✅ඔය රෝග පටන් ගන්නා මුල් අවස්ථාවේදී හන්දිවල තිබෙන්නේ Synovitis හෝ මස්පිඩු වල එන tendinitis තත්වය පමණයි. සරලව කියනවා නම් හන්දි ඇතුලේ තිබෙන synovium කියන පටකය ඉදිමිලා හෝ මස්පිඩුව අස්ථියට සවි වෙන ස්ථානය ඉදිමිලා පමණයි තිබෙන්නේ. "මුල් අවස්ථාවේදී කිසිවිටකත් X ray පරීක්ෂණයකින් ඔය තත්ත්වය තහවුරු කරන්න බෑ".

❌ඔය වගේ රෝගියෙක්ගේ X ray එක බලලා X ray එක නෝමල් හින්දා ආතරයිටිස් නෑ කියනව නම් ඒක සම්පූර්ණයෙන් වැරදියි.

❌සමහර වෙලාවට ආතරයිටිස් ලේ රිපෝට් පවා නෝමල් වෙන නිසා report වලට බෙහෙත් කරන්න ගියොත් රෝගියාට ආතරයිටිස් රෝගයට බෙහෙත් ගන්න තිබෙන හොඳම අවස්ථාව මඟ හැරිලා යනවා.

✴️දෙවන කුලකය තමා Degenerative එහෙමත් නැත්නම් osteoarthritis කියන්නේ.

✴️මෙම රෝග කුලකයේදී නම් X ray වල පැහැදිලි වෙනස්කම් පෙන්නනවා. එතකොට රෝග නිර්ණයක් දෙන්න පුළුවන්.

❌හැබැයි ඒත් ගැටළුව රෝගයට ප්‍රතිකාරයක් නියම කරන්න අපි පාවිච්චි කරන එකම නිර්ණායකය X ray එක නොවන නිසා දෙන පරිපූර්ණ ප්‍රතිකාරයක් ඔහේ ලියල දාන්න බෑ.

✴️අර මම කලින් කියපු Inflammatory arthritis කුලකයේ රෝග වලදී වුනත් කාලයක් තිස්සේ "නිසි" ප්‍රතිකාර නොකර හිටියොත් එම හන්දිවල secondary osteoarthritis කියන තත්වය එන්න පුළුවන්. එතකොට එම හන්දිවල ගෙවීමක් සහ අස්ථි වල එන වෙනස්කම් X ray වල දැකගන්න පුලුවන්.

⭕වැදගත්ම කාරණාව තමා ආතරයිටිස් කියන්නේ clinical diagnosis එකක්. අපි විවිධාකාර රිපෝට් ගන්නේ ඒ clinical diagnosis එකේ තීව්‍රතාවය හොයලා බලන්න. ඊට අමතරව රෝග නිර්ණය සනාථ කර ගැනීමට පවා ඔය රිපෝර්ට් උදව් වෙනවා.

⭕දැන් හිතන්නකෝ අවුරුදු හැත්තෑවක් විතර වයස කෙනෙක් ගේන්න හිසේ සිට පාදාන්තය දක්වා ඔබ X ray ගත්තා කියලා.

✴️බොහෝ වෙලාවට බෙල්ලේ කොන්දේ, දනිස්සේ කිසිම රෝග ලක්ෂණයක් නැතුව X ray එකේ හන්දිවල, අස්ථි වල වෙනස්කම් පෙන්නන්න පුළුවන්. නමුත් ඔය ලෙඩ්ඩුන්ට කිසිම ප්‍රතිකාරයක් අවශ්‍ය වෙන්නේ නෑ. ලෙඩක් තියෙනවා කියලා ලේබල් ගහන්න ඕනෙත් නෑ.

✴️ඔය රෝගීන් තමා හන්දිවල කැල්සියම් තැන්පත් වෙලා කියලා විවිධාකාර අවශ්‍ය නොවන ප්‍රතිකාර වලට ලක් වෙන්නේ.

⭕අනෙක් කාරණාව තමා හන්දිවල ප්‍රදාහය X ray වල පේන්නෙ නැති හින්දා ඇත්තටම ප්‍රතිකාර අවශ්‍ය රෝගය පැත්තක තියෙද්දි X ray එකේ තැන්පත් වෙලා තියෙන කැල්සියම් වලට බෙහෙත් කරනවා කියලා ප්‍රතිකාර නියම වෙන එක.

❌ඔය ඉහත කී අවස්ථාව වැඩිපුරම වෙන්නේ රෝගීන්ට හන්දි ආශ්‍රිතව තියෙන මස්පිඩු වල එන Enthesitis, tendinitis වගේ තත්ව වල වේදනාව එන්න හේතුව X ray වල පෙන්නන්නෙ නැති නිසා නිසි ප්‍රතිකාර හම්බුවෙන්න නැති එක.

⭕මෙහෙම අවස්ථාවක් හිතන්නකෝ, ඔස්ටියෝආතරයිටිස් නිසා ගෙවී ගිය හන්දියක උනත් වෙනත් ආකාරය ආතරයිටිස් එකක් වෙන්න පුළුවන්. උදාහරණ වශයෙන් ගෙවිලා තියෙන දණිස්සක රෝගියාට Gout අතර ඇතිස් එක හැදීම නිසා එකවරම වතුර එන්න පුළුවන්.

❌කෝකටත් එක්කම තෛලය මෙතඩ් එකට බෙහෙත් කරන්න ගියොත් පහසුවෙන් පේන X ray එකේ පේන්න තියෙන ඔස්ටියෝආතරයිටිස් එකට තමා ප්‍රතිකාර හම්බුවෙන්නේ.

⭕තවත් වැදගත් කාරණාවක් තමා Axial spondyloarthritis වගේ කොන්දේ එන ආතරයිටිස් රෝග වල "මුල් අවස්ථාවේ" වෙනස්කම් පෙන්නන්නේ MRI පරීක්ෂණවල විතරයි. ඒ වගේ රෝගීන්ගේ X ray නෝමල් ඔයාට ලෙඩක් නෑ කියල ප්‍රතිකාර නොකර ඉන්න ගියොත් රෝගියාට නිසි කලට නිසි ප්‍රතිකාරය නොලැබී යනවා.

⭕X ray වල තියෙන අනෙක් ගැටළුව තමා නිසි ආකාරයට තොරතුරු විශ්ලේෂණය කරන්නේ නැතුව X ray නියම කළොත් අවශ්‍ය හන්දියේ X ray එක නොකෙරෙන්න පුලුවන්.

❌හොඳම උදාහරණය තමා කොන්දේ වේදනාව එක්ක එන රෝගියෙක්ගේ sacroilic joint එකේ X ray එක ගන්නෙ නැතුව lumbar spine එකේ X ray එක විතරක් බලල ප්‍රතිකාර නියම කිරීම.

⭕අනික අපි ලියපු එක X ray එකක වෙනත් හන්ඳි පෙනුනට එම අදාල හන්දියටම අදාලම X ray එක නැත්නම් අපි ගන්නා නිගමනය නිවැරදි නොවෙන්න පුළුවන්. කොන්දේ එක්ස් රේඛේ ගන්න AP view එකේ sacroilic joints පවා පෙනුනට sacroiliac joint හරියටම බලන්න ඒක focus කරල X ray එකක් ගන්න ඕනේ.

⭕හන්දි රෝග වල තියෙන ප්‍රධානම ගැටලුව තමා යම්කිසි ප්‍රතිකාරයකට වේදනාව අඩු වුනා කියන්නේ ලෙඩේ හොඳ වෙන්න යනවා කියන එක නෙවෙයි. එතකොට වෙනදේ රෝග ලක්ෂණය අඩු වුණාට රෝගය ඇඟ ඇතුළේ දිගටම ක්‍රියාත්මක වී තිබෙන නිසා රෝගය සංකූලතාව පසුකාලයක තියෙනවා. ඔය හේතුව නිසා තමා මුල් කාලයේදීම නිවැරදි රෝග නිර්ණය ලබා ගැනීම අත්‍යවශ්‍යය.

⭕කල්පනාකාරී වන්න.

⭕Dr අරුණ කල්දේරා
සන්ධි සහ සන්ධි ආශ්‍රිත රෝග විශේෂඥ වෛද්‍යය
MBBS, MD, MRCP (UK), MRCP (RHEUMATOLOGY)
0714844644

කුණ්ඩලිනී භාවනාවකුණ්ඩලිනී භාවනාව යනු ශරීරයේ කොඳු ඇට පෙළ පතුලේ අක්‍රියව පවතින බව පැවසෙන "කුණ්ඩලිනී ශක්තිය" අවදි කර, එය ශර...
27/01/2026

කුණ්ඩලිනී භාවනාව

කුණ්ඩලිනී භාවනාව යනු ශරීරයේ කොඳු ඇට පෙළ පතුලේ අක්‍රියව පවතින බව පැවසෙන "කුණ්ඩලිනී ශක්තිය" අවදි කර, එය ශරීරයේ ඇති ප්‍රධාන ශක්ති මධ්‍යස්ථාන (චක්‍ර) හරහා ඉහළට ගෙන යාම අරමුණු කරගත් ප්‍රබල අධ්‍යාත්මික අභ්‍යාසයකි.

​කුණ්ඩලිනී ශක්තිය බොහෝ විට හඳුන්වන්නේ කොඳු ඇට පෙළ පාමුල දඟර ගැසී සිටින "සර්පයෙකු" ලෙසයි. භාවනා ක්‍රම මගින් මෙම ශක්තිය අවදි කළ විට, එය ශරීරයේ ඇති චක්‍ර හත හරහා ගමන් කර හිස මුදුනේ ඇති 'සහස්‍රාර' චක්‍රය වෙත ළඟා වේ. මෙහි අවසාන ප්‍රතිඵලය ලෙස උසස් අධ්‍යාත්මික පිබිදීමක් සහ මනසේ මනා එකඟතාවයක් අපේක්ෂා කෙරේ.

​භාවනා කරන ආකාරය

​සාමාන්‍යයෙන් කුණ්ඩලිනී භාවනාවක අදියර කිහිපයක් පවතී:

​ඉඳගැනීමේ ඉරියව්ව:

කොන්ද කෙලින් තබාගෙන පහසු ඉරියව්වක වාඩි වීම.

​ප්‍රාණයාම (හුස්ම පාලනය):

ගැඹුරු සහ රිද්මයානුකූල හුස්ම ගැනීම් මගින් මනස සහ ශරීරය සන්සුන් කිරීම.

​මන්ත්‍ර ගායනය:

ශක්තිය උත්තේජනය කිරීමට විශේෂ ශබ්ද හෝ මන්ත්‍ර භාවිතය.

​මුද්‍රා:

අත්ල සහ ඇඟිලි විශේෂිත ආකාරයකට තබා ගැනීම.

​අවධානය යොමු කිරීම: ශරීරය තුළ ශක්තිය ගලා යන ආකාරය ගැන සිතින් අවධානය යොමු කිරීම.

​වාසි සහ ප්‍රයෝජන

​මානසික පීඩනය සහ ආතතිය අඩු වීම.

​සිරුරේ ක්‍රියාශීලී බව සහ ශක්තිය වැඩි වීම.

​නිර්මාණශීලීත්වය සහ බුද්ධිමය වර්ධනය.

​චිත්තවේගීය ස්ථාවරභාවය ඇති වීම.

​⚠️ විශේෂ අනතුරු ඇඟවීම්

​කුණ්ඩලිනී භාවනාව අනෙකුත් සාමාන්‍ය භාවනා ක්‍රමවලට වඩා ඉතා ප්‍රබල වේ. එබැවින්:

​ගුරු උපදෙස්: මෙය නිසි ගුරු උපදේශයකින් තොරව තනිවම ආරම්භ කිරීම අවදානම් විය හැකිය. ශක්තිය වැරදි ලෙස අවදි වීමෙන් මානසික හෝ කායික අපහසුතා ඇති විය හැක.

භාවනාව ආරම්භ කිරීමට මූලික පියවර

​ඔබ නිවසේදී මූලික පුහුණුවක් ලෙස මෙය ආරම්භ කරන්නේ නම්, පහත පියවර අනුගමනය කරන්න:

​නිශ්ශබ්ද ස්ථානයක් තෝරාගන්න: බාධාවලින් තොර, වාතාශ්‍රය හොඳින් ලැබෙන තැනක් තෝරාගන්න.

​ඉරියව්ව: කොන්ද කෙලින් තබාගෙන බිම වාඩි වන්න (සුඛාසනය). දෑත් දණහිස් මත තබා 'ඥාන මුද්‍රාව' (මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල ස්පර්ශ වන සේ) තබාගන්න.

​හුස්ම ගැනීමේ ව්‍යායාම (Pranayama): ඇස් පියාගෙන ගැඹුරින් හුස්ම ගන්න. හුස්ම ඇතුළට ගන්නා විට ශක්තිය ශරීරයට ඇතුළු වන බවත්, පිට කරන විට ආතතිය ඉවත් වන බවත් සිතන්න.

​චක්‍ර කෙරෙහි අවධානය: කොඳු ඇට පෙළ පතුලේ සිට හිස මුදුන දක්වා එක් එක් චක්‍රය ඇති ස්ථානවලින් ආලෝකයක් විහිදෙන බව මනසින් මවාගන්න.

​කාලය: මුල් දිනවල විනාඩි 5-10 ක් පමණක් පුහුණු වන්න.

​වැදගත් උපදෙස්

​සිරුරට සවන් දෙන්න: භාවනා කිරීමේදී අධික උණුසුමක්, වෙව්ලීමක් හෝ හිසරදයක් දැනේ නම් වහාම නතර කර සාමාන්‍ය හුස්ම ගැනීම් වල නිරත වන්න.

​නිසි මඟපෙන්වීම: මෙය ගැඹුරින් ප්‍රගුණ කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, පළපුරුදු යෝග හෝ භාවනා උපදේශකයෙකු මුණගැසීම අත්‍යවශ්‍ය වේ.

​සූදානම: මෙය ආරම්භ කිරීමට පෙර මනස සහ ශරීරය හොඳින් පිරිසිදුව සහ සූදානමින් තිබිය යුතුය.
ඔබේ ශරීරයේ ඇති එක් එක් චක්‍රයකට අදාළ නිශ්චිත කම්පනයක් සහිත ශබ්ද පවතී. මේවා "බීජ මන්ත්‍ර" ලෙස හැඳින්වේ. භාවනා කිරීමේදී මෙම ශබ්ද උච්චාරණය කිරීම මගින් අදාළ චක්‍රය උත්තේජනය කර ශක්තිය අවදි කරගත හැක.

​එක් එක් චක්‍රයට අදාළ මන්ත්‍ර සහ ඒවා උච්චාරණය කරන ආකාරය පහත දැක්වේ:

මන්ත්‍ර භාවිතා කර භාවනා කරන ආකාරය

​සූදානම: කොන්ද කෙලින් තබා වාඩි වී ඇස් පියාගන්න. ගැඹුරු හුස්ම කිහිපයක් ගෙන සිරුර ලිහිල් කරන්න.

​අවධානය: ඔබේ අවධානය පහළම චක්‍රය වන මුලාධාර චක්‍රය (කොඳු ඇට පෙළ අවසානය) වෙත යොමු කරන්න.

​ගායනය: ගැඹුරු හුස්මක් ගෙන, හුස්ම පිට කරන ගමන් "ලම්" (LAM) යන ශබ්දය දිගු වේලාවක් ගායනය කරන්න. එම ශබ්දයේ කම්පනය එම ස්ථානයට දැනෙන බව සිතන්න.

​ඉහළට ගමන් කිරීම: ඉන්පසු පිළිවෙළින් එක් එක් චක්‍රය වෙත අවධානය යොමු කරමින් අදාළ මන්ත්‍රය 3 වතාවක් හෝ 7 වතාවක් ගායනය කරන්න.

​සමාප්තිය: අවසානයේ හිස මුදුනේ (සහස්‍රාර) ඇති සුදු පැහැති ආලෝකයක් ගැන සිතමින් මඳ වේලාවක් නිශ්ශබ්දව සිටින්න.

​විශේෂ උපදෙස්:

​මන්ත්‍ර ගායනය උගුරෙන් පමණක් නොව, බඩේ සිට එන ගැඹුරු හඬකින් කිරීමට උත්සාහ කරන්න.

​සෑම විටම පහළ සිට ඉහළට (මුලාධාර සිට සහස්‍රාර දක්වා) පිළිවෙළට යන්න.

​ඔබට යම් චක්‍රයක අවහිරතාවයක් දැනේ නම්, එම ස්ථානයේ මන්ත්‍රය වැඩි වාර ගණනක් පැවසිය හැක.

භාවනාවේදී මන්ත්‍ර ගායනය කරන අතරතුර දෑත් විශේෂිත ඉරියව්වල තබා ගැනීම (Mudras) මගින් ශරීරයේ ශක්ති ගලායාම වඩාත් කාර්යක්ෂම කළ හැකිය. එක් එක් චක්‍රය සඳහා භාවිත වන ප්‍රධාන මුද්‍රා පහත දැක්වේ:

​චක්‍ර සහ මුද්‍රා (Mudras for Chakras)

​මුලාධාර චක්‍රය (Gyan Mudra):

​දබර ඇඟිල්ලේ සහ මහපට ඇඟිල්ලේ තුඩු එකිනෙක ස්පර්ශ කරන්න. අනෙක් ඇඟිලි කෙළින් තබා ගන්න. මෙය සාමාන්‍යයෙන් අප දකින වඩාත් ප්‍රසිද්ධ මුද්‍රාවයි.

​ස්වාධිෂ්ඨාන චක්‍රය (Dhyana Mudra):

​දකුණු අත වම් අත මත තබා (අල්ල උඩට සිටින සේ), මහපට ඇඟිලි දෙකේ තුඩු එකිනෙක ගෑවෙන්නට හරින්න. මෙය උකුල මත තබා ගන්න.

​මනිපුර චක්‍රය (Hakini Mudra):

​දෑතේම ඇඟිලි තුඩු එකිනෙක ස්පර්ශ වන සේ පපුවට ඉදිරියෙන් තබා ගන්න (පිරමීඩයක් වැනි හැඩයක්). මෙය බුද්ධිය සහ මතකය වර්ධනයට ද උදවු වේ.

​අනාහත චක්‍රය (Padma Mudra):

​දෑත් පපුව අසල තබා මලක් පිපෙන ආකාරයට අත්ල පතුලෙන් සම්බන්ධ කර ඇඟිලි විහිදුවන්න (නෙළුම් මලක හැඩය).

​විශුද්ධි චක්‍රය (Akash Mudra):

​මැද ඇඟිල්ලේ සහ මහපට ඇඟිල්ලේ තුඩු එකිනෙක ස්පර්ශ කරන්න. අනෙක් ඇඟිලි කෙළින් තබා ගන්න.

​ආඥා චක්‍රය (Shambhavi Mudra / Kalesvara Mudra):

​මැද ඇඟිලි දෙකේ තුඩු එකිනෙක ස්පර්ශ කර ඉහළට හරවන්න. අනෙක් ඇඟිලි නවා ඒවායේ පිටුපස කොටස් එකිනෙක ස්පර්ශ කරන්න. මහපට ඇඟිලි දෙක පහළට හරවා ස්පර්ශ කරන්න.

​සහස්‍රාර චක්‍රය (Mahasirs Mudra):

​දෑත් එකට අල්ලාගෙන (ඇඟිලි පටලවා), වෙදැඟිලි දෙක පමණක් ඉහළට ඔසවා එකිනෙක ස්පර්ශ කරන්න.

​භාවනාව ප්‍රගුණ කිරීම සඳහා උපදෙස්

​නිවැරදි වේලාව: පාන්දර 4.00 ත් 6.00 ත් අතර කාලය (බ්‍රහ්ම මුහුර්තය) මේ සඳහා ඉතාම සුදුසුයි.

​ආහාර: සැහැල්ලු නිර්මාංශ ආහාර වේලක් ගැනීම භාවනාව වඩාත් සාර්ථක වීමට උපකාරී වේ.

​සෙමින් ආරම්භ කරන්න: එකවරම පැය ගණන් භාවනා නොකර, දිනකට විනාඩි 10-15 කින් ආරම්භ කරන්න.

​වැදගත්: කුණ්ඩලිනී ශක්තිය අවදි වූ විට ශරීරයේ අධික උණුසුමක් හෝ අමුතු කම්පනයන් දැනිය හැකිය. එවැනි අවස්ථාවක කලබල නොවී සෙමින් ඇස් හැර සාමාන්‍ය තත්ත්වයට පත් වන්න.

ඉස්සර අපි පොඩි කාලෙ හදිසියේ සිදුවන කාලගුණික වෙනස්කම් නිසා ඇතිවන උගුරෙ අපහසුතා සහ සෙම පැටලෙන ගති වලට අපේ ආච්චි මේවා හදලා ...
12/01/2026

ඉස්සර අපි පොඩි කාලෙ හදිසියේ සිදුවන කාලගුණික වෙනස්කම් නිසා ඇතිවන උගුරෙ අපහසුතා සහ සෙම පැටලෙන ගති වලට අපේ ආච්චි මේවා හදලා දෙනවා..
හපලා කන්නෙ නැතුව කටේ දිය වෙන්න දෙන්න කියලා ආච්චි නිතරම කියනවා..

මේවට නමක් නම් දන්නෙ නෑ, ඔයාලා කැමති නමක් දා ගන්න..

එහෙනම් හදමු..

අවශ්‍ය ද්‍රව්‍ය :-
* හකුරු 100g
* අඟලක පමණ ඉඟුරු කෑල්ලක්
* අඟල් 1/4 පමණ කහ කෑල්ලක්
* ගම්මිරිස් ඇට 10 ක්

හකුරු හොඳින් කුඩු කර ගන්න, අනිත් සියල්ල හොඳින් තුනීවට අඹරා ගන්න..
දැන් භාජනයකට හකුරු හැර අනිත් දේවල් දමා මදක් රත් කර ඉන්පසු හකුරු ටික දමා වතුර ⁣මේස හැඳි 2 ක් දමා පදමට උකු වන තුරු හැඳිගාමින් උයා ගන්න..
දැන් මේ මිශ්‍රණය බටර් හෝ ගිතෙල් තැවරූ තැටියකට කැමති හැඩයකට වක් කර ගන්න..

ගොඩක් කුඩා ළමුන්ට මේක ටිකක් සැර වැඩියි, අනිත් ඕනම කෙනෙක්ට මේක කන්න පුළුවන්, තේ එකක් බොන්න වුනත් පාවිච්චි කරන්න පුළුවන්..
කුඩා ළමුන්ට දෙන්න අවශ්‍ය නම් ඉඟුරු සහ ගම්මිරිස් ප්‍රමාණය අඩු කරලා හදා ගන්න..

ස්තූතියි..!🙏

♦️දවසට එනසාල් ඇට දෙකක් ආහාරයට ගැනීමෙන් 80% කින් මොළයේ ලේ කැටි සැදීම වළකන බව ඔබ දන්නවාද?✭ විවිධ ආහාර හා රසකැවිලි සඳහා සුව...
09/01/2026

♦️දවසට එනසාල් ඇට දෙකක් ආහාරයට ගැනීමෙන් 80% කින් මොළයේ ලේ කැටි සැදීම වළකන බව ඔබ දන්නවාද?

✭ විවිධ ආහාර හා රසකැවිලි සඳහා සුවඳ සහ රසය වැඩි කරගන්නට කුළු බඩුවක් විදියට අපි නිතර එනසාල් භාවිතා කරනු ලබනවා. එනසාල් සැබැවින්ම කුළු බඩුවකට එහා ගිය විස්මිත ඖෂධීය ගුණ රාශියකින් සමන්විතයි. ඒ නිසාම දවසින් දවස එනසාල් සඳහා ඇති ඉල්ලුම වැඩි වෙනවා. මිලෙන් ඉතා ඉහළ වාණිජමය වශයෙන් ඉතා ඉහළ ආදායමක් ලබා ගන්නට හැකි වගාවක් ලෙසටත් එනසාල් වැදගත් ස්ථානයක් හිමි කරගනු ලබනවා. ඒ නිසාම මේ එනසාල් හෙවත් කරදමුංගුවලට කුළු බඩු අතරින් ඉතා ඉහළ වටිනාකමක් හිමි වෙනවා. ඒ නිසාම එනසාල් පාරාදීසයේ බීජය හෙවත් කුළුබඩු රැජිණ යන නාමයෙන් ද හඳුන්වනු ලබනවා. දකුණු ඉන්දියාවේ සදාහරිත වර්ෂා වනාන්තරවල සම්භවය වූ බවට සැලකෙන එනසාල් සමාන දේශගුණ සහිත ලෝකයේ විවිධ ප්‍රදේශවල පැවතුණා. මීට වසර ගණනාවකට පෙර සිටම එනසාල් සතු විශිෂ්ඨ ගුණ පිළිබඳව ජනතාව දැන සිටියා. Zingiberaceae කුලයට අයත් වන එනසාල් ශ්‍රී ලංකාවේ, ඉන්දුනීසියාව,ඉන්දියාව ආදී රටවල වගා කරනු ලබනවා.

✭ එදා පැරණි ඊජිප්තු වැසියන් මෘතදේහ කල්තබා ගන්නට පවා මේ එනසාල් භාවිතා කළ බව සඳහන් වෙනවා. ආයුර්වේදයේ සහ යුනානි ඖෂධ ක්‍රමය තුළත් ඖෂධයක් ලෙසට භාවිතයට ගනු ලබනවා. සුවඳ විලවුන් වර්ග හා ඕඩිකොලොන් වර්ග නිෂ්පාදනයට එනසාල් තෙල් අත්‍යවශ්‍ය වෙනවා. ඒ හැරුණාම බුලත් විට සකස් කිරීමේදි පවා අත්‍යවශ්‍ය අංගයක් ලෙසටත් එනසාල් ඈත අතීතයේ සිටම අද දක්වාම භාවිතා කරනු ලබනවා.

✭ මේ එනසාල් බේකරි කර්මාන්තයේ දී අත්‍යවශ්‍ය කුළුබඩුවක් ලෙස භාවිතයට ගනු ලබනවා. පාන්, බනිස්, පේස්ට්‍රි වර්ග, කේක්, කුකීස් ආදී නිෂ්පාදනවලදී වගේම සොසේජස් හැම්බර්ගර් වැනි ආහාර පදම් කර ගැනීමටත් එනසාල් නැතිවම බැහැ.කටගැස්ම වර්ග, මසාලා කෑම, පලතුරු සලාද, අයිස් ක්‍රීම්, පුඩින් වර්ග, ජෙලි වර්ග ඇතුළු බොහෝ අතුරුපස නිෂ්පාදනයේදී සූපවේදීන්ට අත්‍යවශ්‍ය කුළු බඩුවක් වෙන්නේ ද එනසාල්. මේ නොයෙක් ප්‍රයෝජනයන් අතරේ බොහෝ අය නොදන්නා මහඟු ඖෂධීය ගුණයන් රාශීයක් ද මේ එනසාල් සතු වෙනවා. ඒ නිසාම ක්‍රි. පූ 400 දී පමණ පැරණි වෛද්‍යවරුන්ගේ ශල්‍යගාර ජීවානුහරණය සඳහා එනසාල් යොදා ගෙන ඇත්තේ.

✭ ඒ වගේම ක්‍රි .පූ. 720 සිටි බැබිලෝනියානු රජවරුන්ගේ උයන්වල එනසාල් තිබූ බව සඳහන් වෙනවා. ඒ විතරක් නොවෙයි එදා ඈත අතීතයේ සිටම අරාබි ජාතිකයන් අමුත්තන්ට සංග්‍රහ කිරීම සඳහා කෝපිවලට එනසාල් එකතු කළා. එදා ජනතාව එනසාල් එකතු කළ මේ පානය තුළින් ශරීරාංග උත්තේජනය වී ශරීරය සෞඛ්‍ය සම්පන්න වන බව දැන සිටියා. ඒ වගේම ඉන්දීය ආයුර්වේදය තුළ එනසාල් ශරීරයේ තරබාරුව මට්ටු කරන මහඟු ඔසුවක් ලෙසත් සිරුර අභ්‍යන්තරය පිරිසිදු කරන ඔසුවක් ලෙසටත් භාවිතයට ගත්තා. ඉතින් ඈත අතීතයේ සිටම එනසාල් සතු මහඟු ඔසු ගුණ බොහෝ ජාතීන් දැන සිටියා. ලංකාවේ වගා කරන එනසාල් සතු විස්මිත ගුණයන් පිළිබඳව ලාංකීකයන් විදියට දැන සිටීම ඉතා වැදගත් නිසාවෙන් ඒ ගුණ මොනවද කියලා විමසා බලමු.

🟢එනසාල් සතු ඖෂධීය ගුණ🟢

✭ශරීරය සිසිල් කීරීමේ ගුණයෙන් සමන්විතයි.
✭අජීර්ණයට ගුණදායකයි.
✭ආම වාත දුරු කරයි.
✭කෑම රුචිය වර්ධනය කරයි.
✭සමේ රෝග සඳහා ගුණදායකයි.
✭සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ සඳහා සුවය ගෙනදෙයි.
✭ආහාර ජීර්ණ පද්ධතියේ සියලු රෝග දුරු කරයි.
✭ඔක්කාරය දුරලයි.
✭හානිකර බැක්ටීරියා මගින් ඇතිකරන ✭දත් කුහර වළක්වයි.
✭පෙනහළු තුළ රුධිර සංසරණය වැඩි දියුණු කරයි.
✭සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, බ්‍රොන්කයිටීස් ආදී ස්වසන අපහසුතා සමනය කරයි. ✭සෙම ඉවත් කර පපුවේ සෙම හා තදබදය දුරලයි.
✭ආහාර ජීර්ණය හොඳින් සිදු කර ✭මලබද්ධය වළක්වයි.
✭වකුගඩු හරහා ශරීරයේ අපද්‍රව්‍ය හොඳින් පිට කිරීමට උපකාරී වෙයි.
✭බඩ පුරවා දැමීමට ගුණදායකයි.
✭එනසාල් සතු විටමින් C යකඩ සහ නියසීන් රක්තහිනනතාවය දුරු කරන්නට උපකාරී වෙයි.
✭නොසන්සුන්භාවය, කාංසාව වැනි නින්දට බාධා කරන ගැටලු ඉවත් කර සුවදායි නින්දක් ලබා ගන්නට උපකාරී වෙයි.
✭හෘදයාබාධ ඇතිවීම වළකයි.
✭ප්‍රතිශක්තිය වැඩි දියුණු කරයි.
✭සම වියළීම වළක්වා සම ආරක්ෂා කරයි.
✭හිසකෙස් පෝෂණය කරයි.
✭මානසික ආතතිය සඳහා ගුණදායකයි.
✭රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් පාලනයට උපකාරී වෙයි.එමගින් මොළයේ රුධිර කැටි ඇතිවීම වළක්වනු ලබයි.
✭ලිංගික බෙලහීනතාවය ඇති අයට ඉතාම ගුණදායකයි.
✭මුඛයේ දුර්ගන්ධය නැති කරයි.
✭මුඛයේ තුවාල සුව කරයි.
✭තරබරුව මට්ටු කරයි.
✭මුත්‍රා හොඳින්ම පිට කිරීමට උපකාර කරයි.
✭වකුගඩු, මුත්‍රා මාර්ගය හොඳින් පිරිසිදු කර ආරක්ෂා කරනු ලබයි.
✭පිළිකා සෛල විනාශ කර පිළිකා ඇතිවීමේ අවදානම දුරු කරයි.
✭දියවැඩියා රෝගයට ඉතා ගුණදායකයි.
✭දිලීර හා බැක්ටිරීයා ආසාදනවලින් ආරක්ෂා කරයි.
✭බඩේ වේදනාව සමනය කරයි.
✭අධි රුධිර පීඩනය දුරු කරයි.

♦️ඖෂධීය භාවිතයන් ♦️

⭐සෙම්ප්‍රතිශ්‍යා උණ සඳහා එනසාල් ඉඟුරු හා සමාන ගුණයෙන් අන්තරගත නිසා මේ උණ සඳහා එනසාල් ස්වල්පයක් තම්බා පානය කිරීම ගුණදායකයි.

⭐මුඛයේ ඇතිවන රෝග සඳහා එනසාල් තම්බා ගත් වතුරෙන් දිනකට දෙවතාවක් කට සේදීමෙන් සුවයක් ලබාගත හැකියි.

⭐බඩේ වේදනාව සඳහා කෝපිවලට අඹරන ලද එනසාල් එකතු කර පානය කිරීම සුදුසුයි.

🛑මිලෙන් වගේම ගුණයෙන් ඉතා ඉහළ එනසාල් දෛනිකව අහාර සඳහා එකතු කර ගැනීමෙන් ලෙඩ රෝග බොහොමයකින් ආරක්ෂා වී සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරන්නට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම ඉහළ සංවේදීතාවයක් ඇති අයට පපවේ තද ගතිය,හුස්ම ගැනීමේ අපහසුතාවය වැනි ආසාත්මිකතාවයන් ඇති කරන්නට හේතු විය හැකි නිසා එවැනි අපහසුවක් ඇතිවුණොත් එනසාල් භාවිතය නතර කරන්න.

උපුටා ගැනීමකි.
ස්තුතියි මුල් හිමිකරුට .

17/12/2025

Address

Panadura
12500

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94703105644

Website

Alerts

Be the first to know and let us send you an email when Ayurveda and Sri Lankan Heritage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share