29/01/2026
⭕X ray එකක් විතරක් බලලා ආතරයිටිස් රෝගයකට ප්‍රතිකාර නියම කරන්න පුළුවන්ද?
================================
⭕ආතරයිටිස් රෝග නිර්ණය සඳහා ලංකාවේ භාවිතා වන ප්‍රධානම පරීක්ෂණ තමා X ray සහ ESR, CRP, Rheumatoid factor වගේ ලේ රිපොර්ට්.
⭕ඊට අමතරව අවශ්‍යතාවය අනුව Anti CCP, ANA, Ultrasound, MRI වගේ රිපෝර්ට් පවා පාවිච්චි කරනවා.
⭕යම්කිසි රෝගියෙකුට, රෝගියා පරීක්ෂා නොකර X ray එක විතරක් බලලා රෝග නිර්ණයක් දෙන්න පුළුවන්ද?
⭕X ray එකක් "විතරක්" බලලා දෙන නිගමනය සීයට සීයක් නිවැරදි වෙන්නත් පුළුවන් සීයට සීයක් වැරදි වෙන්නත් පුළුවන් 🤔🤔🤔.
⭕ඔක්කොම පැටලුනා වගේ නේද, ඕක සරල කරල මම පල්ලෙහා ලියල තියෙන්නේ.
⭕ආතරයිටිස් රෝග ප්‍රධාන වශයෙන්ම කුලක දෙකකට බෙදන්න පුළුවන්.
✅පළවෙනි කුලකය තමා inflammatory arthritis කියන කුලකය. රූමටොයිඩ් ආතරයිටිස් (Rheumatoid arthritis), සොරයටික් ආතරයිටිස් (Psoriatic arthritis), ස්පොන්ඩයිලොආතරයිටිස් (Spondyloarthritis), රියැක්ටිව් ආතරයිටිස් (Reactive arthritis), ගවුට් (Gout) වගේ රෝග තමා ඔය කුලකයට අයිති වෙන්නේ.
✅ඔය රෝග පටන් ගන්නා මුල් අවස්ථාවේදී හන්දිවල තිබෙන්නේ Synovitis හෝ මස්පිඩු වල එන tendinitis තත්වය පමණයි. සරලව කියනවා නම් හන්දි ඇතුලේ තිබෙන synovium කියන පටකය ඉදිමිලා හෝ මස්පිඩුව අස්ථියට සවි වෙන ස්ථානය ඉදිමිලා පමණයි තිබෙන්නේ. "මුල් අවස්ථාවේදී කිසිවිටකත් X ray පරීක්ෂණයකින් ඔය තත්ත්වය තහවුරු කරන්න බෑ".
❌ඔය වගේ රෝගියෙක්ගේ X ray එක බලලා X ray එක නෝමල් හින්දා ආතරයිටිස් නෑ කියනව නම් ඒක සම්පූර්ණයෙන් වැරදියි.
❌සමහර වෙලාවට ආතරයිටිස් ලේ රිපෝට් පවා නෝමල් වෙන නිසා report වලට බෙහෙත් කරන්න ගියොත් රෝගියාට ආතරයිටිස් රෝගයට බෙහෙත් ගන්න තිබෙන හොඳම අවස්ථාව මඟ හැරිලා යනවා.
✴️දෙවන කුලකය තමා Degenerative එහෙමත් නැත්නම් osteoarthritis කියන්නේ.
✴️මෙම රෝග කුලකයේදී නම් X ray වල පැහැදිලි වෙනස්කම් පෙන්නනවා. එතකොට රෝග නිර්ණයක් දෙන්න පුළුවන්.
❌හැබැයි ඒත් ගැටළුව රෝගයට ප්‍රතිකාරයක් නියම කරන්න අපි පාවිච්චි කරන එකම නිර්ණායකය X ray එක නොවන නිසා දෙන පරිපූර්ණ ප්‍රතිකාරයක් ඔහේ ලියල දාන්න බෑ.
✴️අර මම කලින් කියපු Inflammatory arthritis කුලකයේ රෝග වලදී වුනත් කාලයක් තිස්සේ "නිසි" ප්‍රතිකාර නොකර හිටියොත් එම හන්දිවල secondary osteoarthritis කියන තත්වය එන්න පුළුවන්. එතකොට එම හන්දිවල ගෙවීමක් සහ අස්ථි වල එන වෙනස්කම් X ray වල දැකගන්න පුලුවන්.
⭕වැදගත්ම කාරණාව තමා ආතරයිටිස් කියන්නේ clinical diagnosis එකක්. අපි විවිධාකාර රිපෝට් ගන්නේ ඒ clinical diagnosis එකේ තීව්‍රතාවය හොයලා බලන්න. ඊට අමතරව රෝග නිර්ණය සනාථ කර ගැනීමට පවා ඔය රිපෝර්ට් උදව් වෙනවා.
⭕දැන් හිතන්නකෝ අවුරුදු හැත්තෑවක් විතර වයස කෙනෙක් ගේන්න හිසේ සිට පාදාන්තය දක්වා ඔබ X ray ගත්තා කියලා.
✴️බොහෝ වෙලාවට බෙල්ලේ කොන්දේ, දනිස්සේ කිසිම රෝග ලක්ෂණයක් නැතුව X ray එකේ හන්දිවල, අස්ථි වල වෙනස්කම් පෙන්නන්න පුළුවන්. නමුත් ඔය ලෙඩ්ඩුන්ට කිසිම ප්‍රතිකාරයක් අවශ්‍ය වෙන්නේ නෑ. ලෙඩක් තියෙනවා කියලා ලේබල් ගහන්න ඕනෙත් නෑ.
✴️ඔය රෝගීන් තමා හන්දිවල කැල්සියම් තැන්පත් වෙලා කියලා විවිධාකාර අවශ්‍ය නොවන ප්‍රතිකාර වලට ලක් වෙන්නේ.
⭕අනෙක් කාරණාව තමා හන්දිවල ප්‍රදාහය X ray වල පේන්නෙ නැති හින්දා ඇත්තටම ප්‍රතිකාර අවශ්‍ය රෝගය පැත්තක තියෙද්දි X ray එකේ තැන්පත් වෙලා තියෙන කැල්සියම් වලට බෙහෙත් කරනවා කියලා ප්‍රතිකාර නියම වෙන එක.
❌ඔය ඉහත කී අවස්ථාව වැඩිපුරම වෙන්නේ රෝගීන්ට හන්දි ආශ්‍රිතව තියෙන මස්පිඩු වල එන Enthesitis, tendinitis වගේ තත්ව වල වේදනාව එන්න හේතුව X ray වල පෙන්නන්නෙ නැති නිසා නිසි ප්‍රතිකාර හම්බුවෙන්න නැති එක.
⭕මෙහෙම අවස්ථාවක් හිතන්නකෝ, ඔස්ටියෝආතරයිටිස් නිසා ගෙවී ගිය හන්දියක උනත් වෙනත් ආකාරය ආතරයිටිස් එකක් වෙන්න පුළුවන්. උදාහරණ වශයෙන් ගෙවිලා තියෙන දණිස්සක රෝගියාට Gout අතර ඇතිස් එක හැදීම නිසා එකවරම වතුර එන්න පුළුවන්.
❌කෝකටත් එක්කම තෛලය මෙතඩ් එකට බෙහෙත් කරන්න ගියොත් පහසුවෙන් පේන X ray එකේ පේන්න තියෙන ඔස්ටියෝආතරයිටිස් එකට තමා ප්‍රතිකාර හම්බුවෙන්නේ.
⭕තවත් වැදගත් කාරණාවක් තමා Axial spondyloarthritis වගේ කොන්දේ එන ආතරයිටිස් රෝග වල "මුල් අවස්ථාවේ" වෙනස්කම් පෙන්නන්නේ MRI පරීක්ෂණවල විතරයි. ඒ වගේ රෝගීන්ගේ X ray නෝමල් ඔයාට ලෙඩක් නෑ කියල ප්‍රතිකාර නොකර ඉන්න ගියොත් රෝගියාට නිසි කලට නිසි ප්‍රතිකාරය නොලැබී යනවා.
⭕X ray වල තියෙන අනෙක් ගැටළුව තමා නිසි ආකාරයට තොරතුරු විශ්ලේෂණය කරන්නේ නැතුව X ray නියම කළොත් අවශ්‍ය හන්දියේ X ray එක නොකෙරෙන්න පුලුවන්.
❌හොඳම උදාහරණය තමා කොන්දේ වේදනාව එක්ක එන රෝගියෙක්ගේ sacroilic joint එකේ X ray එක ගන්නෙ නැතුව lumbar spine එකේ X ray එක විතරක් බලල ප්‍රතිකාර නියම කිරීම.
⭕අනික අපි ලියපු එක X ray එකක වෙනත් හන්ඳි පෙනුනට එම අදාල හන්දියටම අදාලම X ray එක නැත්නම් අපි ගන්නා නිගමනය නිවැරදි නොවෙන්න පුළුවන්. කොන්දේ එක්ස් රේඛේ ගන්න AP view එකේ sacroilic joints පවා පෙනුනට sacroiliac joint හරියටම බලන්න ඒක focus කරල X ray එකක් ගන්න ඕනේ.
⭕හන්දි රෝග වල තියෙන ප්‍රධානම ගැටලුව තමා යම්කිසි ප්‍රතිකාරයකට වේදනාව අඩු වුනා කියන්නේ ලෙඩේ හොඳ වෙන්න යනවා කියන එක නෙවෙයි. එතකොට වෙනදේ රෝග ලක්ෂණය අඩු වුණාට රෝගය ඇඟ ඇතුළේ දිගටම ක්‍රියාත්මක වී තිබෙන නිසා රෝගය සංකූලතාව පසුකාලයක තියෙනවා. ඔය හේතුව නිසා තමා මුල් කාලයේදීම නිවැරදි රෝග නිර්ණය ලබා ගැනීම අත්‍යවශ්‍යය.
⭕කල්පනාකාරී වන්න.
⭕Dr අරුණ කල්දේරා
සන්ධි සහ සන්ධි ආශ්‍රිත රෝග විශේෂඥ වෛද්‍යය
MBBS, MD, MRCP (UK), MRCP (RHEUMATOLOGY)
0714844644