08/02/2026
එක Client කෙනෙක්ගෙන් තවත් Clientsලා 10ක් හදාගන්න පුළුවන් රහස. Good morning ♥️(Day 14)
ඊයේ අපි කතා කරපු පියවර වල අවසාන සහ වැදගත්ම පියවර තමයි මේක. චිත්‍රය ලැබුණාට පස්සේ රිවීව් එකක් ලබාගැනීම. ගොඩක් අය රිවීව් ලියන්න කම්මැලියි, හැබැයි අපි ටෙක්නිකල් විදියට ඔවුන්ගෙන් අහන්න ඕනෙ.
අද මම කියලා දෙනවා Facebook, Fiverr හෝ Google Reviews හරහා ඔයාගේ "Trust Score" එක වැඩි කරගන්නා ආකාරය.
පාරිභෝගිකයෝ නිකන්ම රිවීව් ලියන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට මෙහෙම කියන්න.
"I'm so glad you loved the art! Since reviews are the backbone of my small business, could you please take a moment to leave a review on my [Facebook/Google/Fiverr] page? It helps me reach more art lovers like you!"
Stories වල ටැග් කරන්න අහන්න.
පාරිභෝගිකයා චිත්‍රය අතැතිව ඉන්න පින්තූරයක් හෝ වීඩියෝවක් ඔවුන්ගේ Instagram/Facebook Story එකක දාලා ඔයාව Tag කරන්න කියලා ඉල්ලන්න.
වාසිය, ඔවුන් ඔයාව Tag කළාම, ඔවුන්ගේ යහළුවන් සියලු දෙනාටම ඔයාව පේනවා.
ඔවුන් ඔයාව Tag කළොත්, වහාම එය ඔයාගේ Story එකට Add to Story කරන්න. එයින් ඔයාගේ වෘත්තීයභාවය සහ විශ්වාසය තවත් වැඩි වෙනවා.
🖤විවිධ ප්ලැට්ෆෝම් වල රිවීව්ස් වල වැදගත්කම.
Fb රිවීව්-?මෙය ඔයාගේ පේජ් එකේ රීච් එක සහ Recommendation ලකුණු වැඩි කරනවා.
Google Review -ලෝකයේ කොහේ හරි ඉන්න කෙනෙක් Portrait Artist in Sri Lanka කියලා සර්ච් කරද්දී ඔයාගේ නම උඩට එන්න මේ රිවීව්ස් උදව් වෙනවා.
Fiverr/Upwork -මෙහිදී 5-star rating එකක් කියන්නේ ඔයාගේ ගිණුම වයිරල් වෙන්න තියෙන ප්‍රධානම සාධකයයි.
🖤රිවීව් එකක්. Screenshot කරලා පාවිච්චි කරන්න
ලැබෙන හැම රිවීව් එකක්ම ලස්සන Highlight එකකට දාන්න. Client Love හෝ Testimonials කියලා වෙනම කොටසක මේවා සේව් කරලා තියාගන්න. අලුත් කෙනෙක් ආපු ගමන් මේවා පෘෆ් එකක් විදියට පෙන්වන්න පුළුවන්.
ටිප් එකක්-පාරිභෝගිකයාට රිවීව් එක ලියන්න ලේසි වෙන්න ඔයාගේ Direct Review Link එකම ඔවුන්ට යවන්න. එතකොට ඔවුන්ට ලින්ක් එක ක්ලික් කරලා තරු 5 දාලා වචන දෙකක් ලියන්න යන්නේ තත්පර කිහිපයයි. "Review එකක් ලියන්න කම්මැලියි" කියන එකට හොඳම විසඳුම ඒකයි.
මේ ලිපිපෙළ වටිනවා කියලා හිතෙනවා නම් Share කරන්න.
හැමදාම දාන ලිපි මිස් නොවෙන්න අපේ චැනල් එකට එකතු වෙන්න
අපි හෙට Day 15 එකෙන් කතා කරමු "පාරිභෝගිකයෙක් නැති කාලෙටත් අලුත් අයව ආකර්ෂණය කරගන්න කරන Personal Branding රහස්" ගැන.
ෂාමෙන් වෝකර් ❤️
විශේෂ සටහන:
මෙම ලිපි පෙළ මාගේ පෞද්ගලික අත්දැකීම් සහ දැනුම ඇසුරින් සකස් කරන ලද්දකි. ඔබ මෙය උපුටා ගන්නේ නම් හෝ වෙනත් ස්ථානයක පළ කරන්නේ නම්, කරුණාකර කර්තෘගේ නම (Shamen Walker) සහ මුල් ලිපියේ සබැඳිය සඳහන් කිරීමට කාරුණික වන්න. නිර්මාණශීලී ප්‍රජාවට ගෞරව කරමු. 🥹