Astro Miracles

Astro Miracles Astro Miracles Online Astrology Service offer local and international astrology and consultation services worldwide.

We are serving this valuable and honored service since year 2003. Ever since we are recognized as one of the best astrological services on

26/07/2025
නිවුන් දරුවන් ගේ පලාපල කථනය කරන්නේ කොහොමද? නිවුන් දරුවන්  දෙදෙනෙක් අතර  අනිවාර්යෙන්ම තත්ත්පරයක හෝ වෙනසක් ඇති බැවින් බැලූ...
22/10/2024

නිවුන් දරුවන් ගේ පලාපල කථනය කරන්නේ කොහොමද?

නිවුන් දරුවන් දෙදෙනෙක් අතර අනිවාර්යෙන්ම තත්ත්පරයක හෝ වෙනසක් ඇති බැවින් බැලූ බැල්මට කේන්ද්‍ර සටහන් දෙක එක හා සමාන පෙනුනු නමුදු වර්ග සටහන් වල වෙනසක් අනිවාර්යෙන්ම දක්නට ලැබෙනවා. සියලුම ජ්‍යොතිෂය කරුණු විශ්ලේෂණයෙන් පලාපලයක් කියන්න ගියොත් නිවැරදි පලාපලයක් නම් කියාගන්න බැරි වෙනවා. මොකද මේක ගානක් හදනවා වගේ හැම අංශයක්ම දකින්න බැහැ සාමාන්‍ය මනසකින්. ඒ විදිහට සියලුම ගණනය කරන්න ගියොත් එක දවසකට කේන්දර එකක් වගේ තමයි බලන්නේ වෙන්නේ. මෙන්න මෙතනදි තමයි විශ්ව ශක්තිය කියන ශක්තිය අපිට ඕන වෙන්නේ ඒක ජ්‍යෝතිෂවේදියෙක්ට එයාගෙ පින අනුව ලැබෙන දෙයක් කෙනෙක් ගේ හදවත කියවන්න හැකිවීම තුළ අනිවාර්යයෙන් පවසන ඵලාඵල සත්‍යතාවය සීයට සීයක්.

22/10/2024

ආරූඪ ලග්නය ගණනය කිරීම්,
1. ලග්න රාශියේ ආරූඪය ගණනය කිරීම සඳහා එම රාශිය අධිපති පිහිටා ඇති ස්ථානය පළමුව සොයා ගත යුතුය.
2. දෙවනුව ලග්නයේ සිට ලග්නාධිපති සිටි රාශියට ඇති දුර මෙන් දුරක් ලග්නාධිපතී තැන්පත් රාශියේ සිට ගණනය කළ යුතුයි.
3. ඉහත ගණනය කළ රාශිය ලග්න ආරූඪය වන අතර එය ආරූඪ ලග්නය ආරූඪ පදය හෝ පද ලග්නය යන නම්ව වලින් හඳුන්වනු ලබයි.
උදාහරණ වශයෙන්
i. මේෂ ලග්නයේ ලග්නාධිපති කුජ පස් වැන්නේ තැන්පත් නම් පස්වැන්නෙන් පස්වැන්න වන නම්වැන්න ආරූඪ ලග්නය වනවා ඇත.
ii. ධනු ලග්නයේ ලග්න ලග්නාධිපති ගුරු එකොළොස් වැන්නේ තැන්පත් නම් එකොළොස් වැන්නෙන් එකොළොස්වැන්න වන නම්වැන්න ආරූඪ ලග්නය වනවා ඇත.
විශේෂ අවස්ථා.
ලග්න ආරූඪය කිසිවිටෙක ලග්නයේ හෝ 7 වැන්නට පතිත නොවේ.
A.ලග්නාධිපති ලග්නයේ හෝ 7 වැන්නේ සිටින විට දහවැන්න ආරූඪ ලග්නය වේ
B.ලග්නාධිපති 4 වැන්නේ හෝ 10 වැන්නේ සිටින විට හතරවැන්න ආරූඪ ලග්නය වේ.
මේ ආකාරයට සියලුම භාවයන් සඳහා ආරූඪ ගණනය කළ හැක.

ඔබේ විදේශගත සිහිනය සැබෑ වන්නේ කවදාද?අද සමාජයේ බොහෝ දෙනෙක් කරුණක් තමයි මට විදේශගත විය හැකිද? එසේ විය හැකි නම් විය හැක්කේ ...
17/10/2024

ඔබේ විදේශගත සිහිනය සැබෑ වන්නේ කවදාද?

අද සමාජයේ බොහෝ දෙනෙක් කරුණක් තමයි මට විදේශගත විය හැකිද? එසේ විය හැකි නම් විය හැක්කේ එක් කවදාදද? විදේශයක ස්ථිර පදිංචියට යා හැකිද? විදේශගත වීම ගැන බොහෝ කරුණු විමසන අවස්ථාවක ජෝතිෂය විද්‍යානුකූලව විදේශගතවීම ගත්වීම් හැකියාව සිදුවන කාලය සහ එම ගමන ගැන බොහෝ තොරතුරු පැවසීමට දක්ෂ ජ්‍යොතිෂවේදියෙකු ට හැකියාව ඇත
විදේශ ගමනක් අධ්‍යාපන කටයුත්තක් මුල්කරගෙන, රැකියා කට කටයුත්තක් මුල්කරගෙන එහෙමත් නැත්නම් සංචාරක කටයුත්ත මුල්කරගෙන සිදුවිය හැකිය. තවද විදේශ ගමන් දිගු කාලීන මධ්‍ය කාලීන සහ කෙටි කාලීන විදේශ ගමන් ලෙස වෙන්කර දැක්වීමට හැකියාවක් ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම් අනුව හැකියාව ඇත.
විදේශගත වීම සඳහාප්‍රබල යෝග තිබුණත් ඒත් සඳහා නිසි අවස්ථාව නොලැබේ නම් විදේශ ගතවීමට උත්සාහ කිරීමෙන් ප්‍රතිඵල ලබා ගැනීමට අපහසුය විය හැක. සමහර විදේශ ගමන් ජන්මියා හට යහපත් ප්‍රතිඵල වන ධනය අධ්‍යාපනය දියුණුව ලැබුණ ද සමහර අවස්ථාවලදී විදේශගත අවස්ථාවෙන් අහිතකර ප්‍රතිඵල ඇති වීම ද හැකියාවක් ඇත.

කේන්ද්‍රයක ප්‍රධාන වශයෙන් විදේශ ගත වීම ගැන කතා කිරීම්ේදී තුන්වැන්න නම් නම්වැන්න දොළොස්වැන්න ප්‍රධාන ස්ථාන දැක්විය හැකියි. මෙම ස්ථාන මෙම ස්ථාන අධිපතියන් පරික්ෂා කිරීම මෙන්ම චන්ද්‍ර ලග්න උපයෝග කර ගැනීමත් ආරූඪ ලග්නය උපයෝගි කර ගැනීම විදේශ ගමන් ප්‍රබල පිහිටීම අදධ්‍යයනය කිරීමෙන් ජන්මියා හට දිගුකාලීන විදේශ ගමන් ඇත්ද නැද්ද යන්න නිවැරදිව ප්‍රකාශ කිරීමට හැකිය. තවද ආරුඪ ලග්නය තුළ සැඟවුණු රහස් උපයෝගි ගැනීගැනීමෙන් විදේශ ගමන් ගැන ප්‍රබල අනාවැකි පල කිරීමට හැකිය.

නම්වැන්න අධිපති තුන්වැන්න අධිපති සහ දොලොස්වැන්න අධිපති අතර ඇතිවන ග්‍රහ සංයෝගයක් සංයෝගය නැවතත් කුමනාකාරයෙන් හෝ තුන්වැන්නට නම්වැන්නට දොළොස් වැන්නට සම්බන්ධ වීම විදේශ ගත ගම්නක් ලැබීම්ට ඇති හැකි හැකියාව උපරිම කරවන අතර ඒ සඳහා සඳහා රාහු චන්ද්‍ර සහ ගුරු වැනි ග්‍රහයෙක් සම්බන්ධ වීම විදේශ්ගත වීමට ඇති හැකියාව තවත් තීව්‍ර කරන්නක් වේ.

ඇමරිකාවේ වාසය කරන සමයේ කරන ලද පර්යේෂණ සොයාගත් කරුණු වලින් විශේෂයෙන්ම ආරූඪ ලග්නය ආශ්‍රිතව පහත් සඳහන් පිහිටීම් විදේශගත වීම ප්‍රබල කිරීමට හේතුවක් වනවා ඇත. පහත සඳහන් කරුණු වලට අමතරව තමන් විසින් පරික්ෂා කරන කේන්ද්‍ර සහ අධ්‍යයනය කිරීමෙන් ලබා ගත් කරුණු කේන්ද්‍ර පරීක්ෂා කරීමට යොදාගැනීමෙන් පලා පල වල නිර්වද්‍යතාවය ඉතා ඉහළ අගයක් ගනු ඇත.

1. ආරූඪ ලග්නයේ තැන්පත් නමවැන්නට දොළොස් වැන්නට සම්බන්ධයක් ඇති ග්‍රහයෙකුගේ මහ දශාවක චන්ද්‍රා අතුරු දශාවක් හෝ රාහු අතුරු දශාවක් අනිවාර්යෙන් විදේශගත ගමනක් හිමිය.
2. චන්ද්‍ර ලග්නයෙන් දොළොස් වැන්නේ රාහුගේ පතිත වීමත්, ජන්ම ඒරාශ්ටක හෝ ලග්න ඒරාෂ්ඨකටකයක් ගත කරන කාලවකවානුවක ආරූඪ ලග්නයෙන් නම්වැන්නට දොළොස් වැන්නට සම්බන්ධයක් ඇති ග්‍රහයෙකුගේ මහ දශාවක් අතුරු දශාවක් ලැබීම විදේශ ගමනක් අරඹනවා ඇත.
3. ආරූඪ ලග්නයෙන් දොළොස් වැන්නට අධිපති විදේශ ගමන් සඳහා ප්‍රබල රුකුලක් වනවා අතර එම අධිපති ලග්න කේන්ද්‍රය නම් වැන්නේ හෝ දොළොස්වැන්නේ පතිතවී වී එම අතුරු දශාවක් මහ දශාව ගත කිරීම් නියත විදේශ ගමනකට හේතුවනවා ඇත.

ඉහත සඳහන් කරුණු පතපොතේ සඳහන් නොවන අතර විශාල කේන්ද්‍ර සංඛ්‍යාවක් පරික්ෂා කිරීමෙන් ලබාගත් ප්‍රතිඵලය. එහි සත්‍ය අසත්‍යතාවය යම්කිසි අයෙකුට කේන්දර පරීක්ෂාව කිරීමේ දී පරික්ෂා කළ හැකිය.
ජන්ම පත්‍ර පරීක්ෂා කිරීමේ දී සමස්ථ කරුණු අධ්‍යනය කර ප්‍රතිඵල කිව යුතු අතර ඉහල සඳහන් කරුණුවලින් යම් අදහසක් ලබා ගැනීමට පමණක් එය පළ කරන බව කරුණාවෙන් සලකන්න.

ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී
Dr. Chathuranga

විදේශ ගමනක් තියනවා නම් අනිවාර්යයෙන්ම යන්න ලැබෙනවා. ඒක පෙර පින වාසනාවකට ඇති වන දෙයක්.ඒ වගේම තමයි විදේශ ගමනක් යන දවස හරියට...
17/10/2024

විදේශ ගමනක් තියනවා නම් අනිවාර්යයෙන්ම යන්න ලැබෙනවා.

ඒක පෙර පින වාසනාවකට ඇති වන දෙයක්.ඒ වගේම තමයි විදේශ ගමනක් යන දවස හරියට කියන්නත‍් පුළුවන්.ඒක විදේශ ගමන යන කෙනාගේ වාසනාව, ඒ විදේශ ගමනේ බලවත් බව අනුව තීරණය වෙනවා.

ඒ වගේම සමහර අවස්ථාවල දී විදේශ ගත වන කාල වකවානුවත් යම් කිසි කාල පරාසයක් තමයි කියන්න පුළුවන් වෙන්නේ.ඒක විශ්ව ශක්තියෙන් ලැබෙන දෙයක්, සමහර අවස්ථාවල දී හරියටම දිනය කියන්නත‍් සමහර අවස්ථාවල දී කාල පරාසයත‍් කියන්නත් පුළුවන් වෙනවා.

සමහර අවස්ථාවල විදේශ ගත වීම් බාධා තියෙනවානම් ඒ අවස්ථාවලදී නිවැරදිම නිශ්චිතම දිනයක් නිගමනය කරන්න සමහර අවස්ථා අපහසු වෙන්න පුළුවන්. ඒකත් සැඟවිච්ච රහසක් විදියට තමයි ක්‍රියාත්මක වෙන්නේ.

ඒ වගේම සමහර අවස්ථාවලදී මේ කතා කරන මොහොතේදී විදේශ ගමන් ක්‍රියාත්මක නොවුනත් ඉදිරි කාලයේදී ක්‍රියාත්මක වෙන්න පුළුවන්. විදේශ ගත යෝගයන් තිබ්බට ඒ යෝගයේ බලය ක්‍රියාත්මක නැත්නම් යන එක අපහසුයි. විදේශ ගතවන නිසි කාලයේදී කාලයේදී තමයි අනිවාර්යයෙන්ම විදේශ ගත වෙන්න ලැබෙන්නේ එක බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙමේ.

වාසනාවක් තියෙනනම් අනිවාර්යෙන් යන්නම ලැබෙනවා.

15/10/2024

2025 කියන්නේ ප්‍රභලම ග්‍රහ මාරු 3ක් සිදුවන වසරක්.

2025 මාර්තු මස 29 දින සෙනසුරු මින රාශි ගතවීම සිදුවේ.

2025 මැයි මස 14 දින ගුරු මිතුන රාශි ගතවිමද,

2025 මැයි මස 18 දින රාහු කුම්භ රාශි ගතවිමද සිදුවේ.

මන්ද ගාමී චලිතයක යෙදෙන ශනි, ගුරු. රාහු සහ කේතු මරුවන්, ජිවිතයේ සුවුශේෂී වෙනස්කම් රැසක් නිර්මාණය කිරීමට දායකවේ.

25/09/2024

Address

Depanama
Pannipitiya
10230

Alerts

Be the first to know and let us send you an email when Astro Miracles posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Astro Miracles:

Share