4 Walls Care Security Pvt Ltd .

4 Walls Care Security  Pvt  Ltd . Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 4 Walls Care Security Pvt Ltd ., Security guard service, Pannipitiya.

14/04/2026
22/01/2026

🎖️ හමුදා සොල්දාදුවෙක් කියන්නේ විනය, කැපවීම සහ නොසැලෙන බවේ සංකේතයක්. සාමාන්‍ය මිනිස්සු වන අපිට යුද්ධ කරන්න නැති වුණාට, එදිනෙදා අපේ ජීවිත සටන දිනන්න නම් , විනය එහෙමත් නැත්තම් Discipline කියන දේ අපේ ජීවිතේට අත්‍යවශ්‍යයි. ඒ සදහා හමුදා සොල්දාදුවෙකුගේ ජිවිතයෙන් අපිට ඉගෙන ගන්න බොහොමයක් වටිනා පාඩම් ප්‍රමාණයක් තියෙනවා.

එහෙනම් හමුදා සොල්දාදුවන් පමණක් අනුගමනය කරන මේ පුරුදු 10 අද ඉඳන්ම පටන් ගන්න. 👇ඔබේ ජීවිතය බලාගෙන ඉද්දි වෙනස් වේවි.

1) උදේ නැගිටපු ගමන් ඇද සුපිරියටම හදන්න🛏️

උදේ නැගිටපු ගමන් ගොඩක් දෙනා කරන්නේ ඔහේ ඇදෙන් නැගිටලා යන එක. මෙහෙම කරාම, ඔයා දවස පටන් ගන්නෙම අවුලක් ඉතුරු කරලා. හැබැයි හමුදා සෙබළු නම් එහෙම නෑ. ඔවුන් ඇද හදනවා ආයේ එක රැල්ලක් නැති වෙන්න. ඇස් දෙකට සනීපයි. දකින කෙනෙකුට හරිම පිළිවෙලයි. ඒ නිසා ඔබත් අදම මේ වැඩේ පටන් ගන්න. ටික දවසක් මේ ලස්සන වැඩේ කරනකොට ඔයාට තේරෙයි, මේක නිකන්ම ඇඳ හැදිල්ලක් නෙවෙයි කියලා. ඔයා මේ පිළිවෙලක් කරන්නේ ඔයාගේ ජීවිතය. ඔයාගේ මනස. ඔයාගේ දරුවන්. ඔයාගේ අනාගතය.

2) වේලාසන අවදි වෙන්න - 4 AM Mindset - ⏰

ලෝකයට කලින් අවදි වෙන්න. එතකොට ඔයාට හැමෝටම කලින් ගොඩක් වැඩ ඉවර කරන් ජිවිතේ ඉස්සරහට යන්න පුළුවන්. පාන්දර 4ටම නැගිටින්න බැරි වුණත්, අඩුම තරමේ ඔබේ කම්මැලිකමට සහ , නිදහසට කියන කරුණු වලට වඩා, කලින් අවදි වෙන්න. එතකොට කාටවත් බොරු හේතු කියලා සවුත්තු වෙන්න ඕනේ නෑ.

3) වහාම ක්‍රියාත්මක වෙන්න⚡

මොකක් හරි වැඩක් කරලා ඉවර කරන්න යන්නේ , විනාඩි 2කට වඩා අඩු කාලයක් නම්, ඒ වැඩේ පස්සට දාන්නේ නැතුව මේ දැන්ම කරලා ඉවර කරලා දාන්න. යුධ සෙබලෙක් සටන් කරන කොට පොඩ්ඩක් හරි පැකිලුනොත් හිමි වන්නේ මරණයයි. ඒ වගේම තමයි , අපේ ජීවිතේදී පැකිලුනොත් වෙන්නේ, අපිට ලැබෙන්න තියෙන වටිනා අවස්ථා මගහැරි යාමයි.

4) සෑම විටම අවධානයෙන් ඉන්න 👀

නිතරම ඔබේ වටපිටාව ගැන අවධානයෙන් ඉන්න. මේ මොහොතේ ඔබේ අවට ඉන්න මිනිස්සු ගැන, එම ස්ථානයෙන් පිටවෙන දොරවල් එහෙමත් නැත්තම් Exits ගැන, පුළුවන් නම් ස්ථානයේ map එක ගැන අවධානයෙන් ඉන්න. ඒ වගේම ඔබ අවට ඇති අවදානම් සහ අවස්ථා ගැනත් ඇහැ ගහගෙන ඉන්න. සිහිකල්පනාව තියෙන මනසක් තමයි, ලොව ආරක්ෂිතම මනස.

5) ඉහළ ප්‍රමිතියක් ඇති කොලිටි මනුස්සයෙක් වෙන්න 👔

ඔබ අඳින සපත්තු ජෝඩුවේ ඉඳන්, ඔබ කතා කරන විදිය දක්වා හැමදේම, ඔබේ පෞරුෂය පෙන්නුම් කරන බලවත් සාධක. හමුදා සෙබලෙක් දිහා බැලුවම, ඔවුන් වචනයක් වත් කතා නොකරත් , ඔවුන්ගේ නිල ඇදුම මොන තරම් ගාම්භීර පෞරුෂයක් ඔවුන්ට ලබා දී තිබෙනවද ? ඒ නිසා ඔබත් හැමදාම නිට් එකට අදින්න. නිතරම ආත්ම ගරුත්වය රැකගෙන , වචන දෙකක් නැතිව ජීවත් වෙන්න.

6) ශරීර සෞඛ්‍යය වගකීමක් කරගන්න 💪

ශක්තිමත් කයක් තුළ තමයි ශක්තිමත් මනසක් පවත්වා ගන්න පුලුවන් වෙන්නේ. ඒ නිසා හැමදාම ව්‍යායාම කරන්න. "වෙලාවක් නෑ" කියන්න එපා. ෆිට්නස් කියන්නේ විනෝදාංශයක් නෙවෙයි, ඒක විනයක්. ඔබ කල යුතුම වගකීමක්.

7) තනිවම සටන් කරන්න එපා The Buddy System - 🤝 සොල්දාදුවෙක් කවදාවත් තනිවම සටන් කරන්නේ නෑ. එයාලට සහායකයෙක් (Battle Buddy) ඉන්නවා. ඒ නිසා වැරදි පෙන්නලා දෙන, වැටුනම අත දෙන, හරි පාර පෙන්නන හොඳම මිතුරෙක් ළඟ තියාගන්න.

8) වචන පාලනය කරගන්න 🤐

නිල ඇදුමක් ඇදගෙන ඉන්න හමුදා සෙබළෙක් කතා කරන හැම වචනෙකටම බරක් තියෙනවා. වගකීමක් තියෙනවා. ඒ නිසා ඔබත් අඩු වචන ගණනකින්, පැහැදිලිව සහ අර්ථවත්ව කතා කරන්න. ඔබේ දිව පාලනය කරගන්න පුළුවන් නම්, ඔබේ ජීවිතය පාලනය කරගන්නත් පුළුවන්.

9) සැලසුම් කරන්න, ක්‍රියාත්මක වන්න 📝

සොල්දාදුවන් කවදාවත් අනුමාන කර කර ඉන්නේ නෑ, එයාලා කලින්ම ලෑස්ති වෙනවා. Plan, Prepare, Execute මේක තමයි ඔවුන්ගේ විදිය. ඕනෑම දේකට කලින් හොඳට පුහුණු වෙන්න, ඉස්සරහට එන්න පුළුවන් ප්‍රශ්න කලින්ම දකින්න, අනිවාර්යයෙන්ම හැමදේටම Backup Plan එකක් හා exit වෙන විදියක් තියාගන්න.

10) කවදාවත් අතාරින්න එපා 🛑

හමුදා සෙබලෙක් කවදාවත් අමාරුම අවස්ථාවක වුනත් පරාජය භාර ගන්නේ නෑ. පොඩ්ඩක් පසු බානව විතරයි. නැවත ඉස්සරහටම යනවා. එනිසා ඔබත් කිසිම දෙයක් මහන්සියි කියලා නතර කරන්න එපා. වැඩේ ඉවර වුණාමයි ඔයා නවතින්න ඕනේ. මොකද අමාරුම අවස්ථාවලදී තමයි ඔබේ ඇත්තම ශක්තිය, එළියට එන්නේ. ඔයාට ඔයා ගැන ලොකු විශ්වාසයක් ඇති කරන්නේ.

එහෙනම් අද ඉදන් මේ පුරුදු ටික ජීවිතේට එකතු කරගත්තොත්, ඔයාව නවත්වන්න කාටවත් බැරි වෙයි! 🎖️ නිල ඇඳුමක් නැති වුණාට කමක් නෑ, හමුදා සොල්දාදුවෙක් වගේ ජීවත් වෙන්න! 🔥 කැමති අය Share කරගන්න.

03/01/2026
03/01/2026

ජීවිතයට යමක් ඉගෙන ගන්න, එන්න අපිත් එක්ක එකතු වෙන්න.

Special Duty Blue Water . Wadduwa
01/02/2025

Special Duty
Blue Water . Wadduwa

Address

Pannipitiya
01

Telephone

+94777969977

Website

Alerts

Be the first to know and let us send you an email when 4 Walls Care Security Pvt Ltd . posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 4 Walls Care Security Pvt Ltd .:

Share