L i o n m a

L i o n m a හොඳම දේ හරිම පාරෙන් ඔබ ලගටම�

ඔන්න අපේ යූ ටූයුබ් චැනල් එකට සබ්කරයිබ් 5000 පිරුණා 😍👌
28/08/2026

ඔන්න අපේ යූ ටූයුබ් චැනල් එකට සබ්කරයිබ් 5000 පිරුණා 😍👌

29/07/2026

ගෑනු ලමයින්ට ගෙදර ඉඳන්ම හදලා විකුණන්න පුළුවන් කෑම වර්ග 10ක් 🤗❤️

වීව්ස් ලක්ශයක් ගිය පලවෙනි short වීඩියෝ එක ❤️🙏
25/07/2026

වීව්ස් ලක්ශයක් ගිය පලවෙනි short වීඩියෝ එක ❤️🙏

ඔන්න අලුත් වීඩියෝ එකක් දාලා තියෙන්නේ අපේ youtube චැනල් එකේ. ❤️👌ඔයාලත් ගිහිල්ලාම බලන්න කමෙන්ට් එකේ ලින්ක් එක  🙏🤗
23/07/2026

ඔන්න අලුත් වීඩියෝ එකක් දාලා තියෙන්නේ අපේ youtube චැනල් එකේ. ❤️👌
ඔයාලත් ගිහිල්ලාම බලන්න කමෙන්ට් එකේ ලින්ක් එක 🙏🤗

19/07/2026

මේ බයිට් වර්ග ටික විකුණන්න පටන්ගන්න ඉහල ආදායමක් ලබන්න පුළුවන් ❤️🙏
#ලයන්මා

14/07/2026

ඔයත් උතසහවන්ත ගෑනු ලමයෙක්නම් මේ ස්වයංරැකියා කරන්න 💛👌

මොනා කරන්නද රෝහිත මහත්තයෝ 😌
14/07/2026

මොනා කරන්නද රෝහිත මහත්තයෝ 😌

වැලිකඩ බන්ධනාගාරය, පසු ගිය වසර තුනහමාරේ මගේ නවාතැන. එහි “සිරකරැවෝ මනුෂ්‍යයෝය “ තාප්පයට පමණි.——————————-* මම මෙතනට ආවෙ 20...
13/07/2026

වැලිකඩ බන්ධනාගාරය, පසු ගිය වසර තුනහමාරේ මගේ නවාතැන. එහි “සිරකරැවෝ මනුෂ්‍යයෝය “ තාප්පයට පමණි.
——————————-
* මම මෙතනට ආවෙ 2023. 02.24දින වසර 4 ක සිර දඬුවමක් ලැබිල ශ්‍රේෂ්ඪාධිකරණයෙන්. වරද නීතීඥයෙකු ලෙස මාධ්‍ය සාකච්ඡා පවත්වා අධිකරණ තීන්දු විවේචනය කොට අධිකරණයට අපහාස කිරීම.
* එහෙම ඉන්නකොට 2023 ජුනි මාසෙ අභියාචනාධිකරණෙන් මාස හයක හා අගෝස්තු මාසෙ කොළඹ මහාධිකරණයෙන් මාස හයක සිර දඬුවම් ලැබුන, ඒ අවුරැද්දත් සමග එකතුව අවුරැදු පහයි.
* ඒත් මාධ්‍ය හරහා අධිකරණයට අපහාස කිරීමේ චෝදනා
* වැලිකඩ බන්ධනාගාරයේ H වාට්ටුවේ තමයි මුලින්ම නවාතැන් ලැබුෙන.
* මාස පහමාරකින් M වාට්ටුවට මාරැ කළා. එතන තමයි වැඩිම කාලයක් හිටිෙය.
* දැනට මාස තුනකට විතර කලින් නැවත H වාට්ටුවට මාරැ කළා.
* එතන මාසයක් ඉඳල K වාට්ටුවට මාරැ කළා.
* H සහ K වාට්ටුවට සිර කාමරවල තමයි හිටියෙ. හවස 5.30 ට සිර කාමරවලට දාල වහනව. එළිවෙලා 6 ට විතර කූඩු වලින් එළියට ගන්නව. නැවත සවස 5.30 ට වහනකම් එළියෙ ඉන්න පුලුවන් ටිකක් නිදහසේ. හැබැයි රෑ වැසිකිළි යන්න බැහැ. ටින් වලට තමයි ඒව කරන්න වෙන්න.
* M වාට්ටුව ශාලාවක්. ඒකෙ සිර කුටි නැහැ. වැසිකිළි තියෙන නිසා ඕන වෙලාවක යන්න පුලුවන්. ඒක ලොකු වරප්‍රසාදයක්.
* පෝලිමේ ගිහින් පිගානට කෑම ගන්න ඕන. මිරිස් තුන පහ, පොල් කිරි බොහොම අඩුයි, කෑම දිය රහයි.
* සුදු කොට කලිසමයි, සුදු අත් කොට කමිසයයි තමයි ඇඳුම. කොන්ඩෙ කොටට කපා ගන්න ඕන. රැවුලත් එහෙමයි.
* මරන දඬුවම ලැබුනු සහ අභියාචන නඩු තිබෙන අය හැරැනහම අනෙක් සෑම සිර කරැවෙකුම උදේ 7.30 සිට සවස 3 තෙක් වැඩ කරන්න ඕන. වඩු වැඩ , මේසන් වැඩ , කම්මල් වැඩ, සබන් හැදීම, කොහු වැඩ, වගාව. ඇඳුම් මැසීම වගේ වැඩ තියෙනව . මම හිටියෙ මැහුම් අංශයේ.
* බිම පැදුරැ එළල අපි නිදා ගන්නෙ පොඩි ඉඩක. බෑග් එකක එල්ලල අපි ලගම අපේ සීමිත බඩු භාණ්ඩ තියා ගන්නව. හරිම සරළ ජීවිත.
* ගෙදරින් උයපු කෑම සහ වියළි ආහාර , සීනි කිරි පිටි ගෙදරින් ගෙන්න ගන්න පුලුවන් අවුරැද්දට දින පහක් පමණයි. සැප්තැම්බර් 12 සිරකරැ දිනය, නත්තල් දින, නිදහස් දින, අප්‍රේල් 13, 14 අවුරැදු දා, වෙසක් දින කියන දින වල පමණයි සුධර්මිකා ගෙදර උයපු කෑම ටිකත් කන්න වාසනාව ලැබෙන්නෙ.
* ඊට අමතරව සිර කරැ දිනයේදි ගෙදර කට්ටිය තුන් දෙනෙකුට සිර ගෙදරට ඇවිත් අපිත් එක්ක පැය තුනක් විතර පැදුරැවල වාඩි වෙලා එකට කෑම ටිකක් කාල කතා බහ කරන්න අවසර ලැබෙනව.
* හිටපු අවුරැදු තුන හමාරට ඉතාම සරළ ජීවිතයක් ගෙවන්න ලැබුන.
* ජීවිතය ගැන ආවර්ජනයක් කරල කරපු හොඳ වැඩ, ගොං කම් , වැරදුනු තැන් ගැන හිතන්න ලොකු ඉඩක් ලැබුන.
* බොහෝ අයට නීති උපදෙස් වගේම මානසිකව වැටිල ඉන්න අයට උපදේශන කරන්නත් මට අවස්ථාව ලැබුන. ( මම මනෝ විද්‍යා උපදේශකයෙක්)
* අසාධාරණ වැඩ වලට යම් යම් අවස්ථාවල නිළධාරීන් සමග ගැටෙන්නත් වුනා.
* වටිනාම දේ තමයි හිර කාරයන් එක්ක කතා කරල ලැබුණු දැනුම.
* සිර කරැවෝ ද මනුෂ්‍යයෝය, කියල මෙහෙම එළියෙ තාප්පෙ කොටල තිබුනට සිර කරැවන්ට ඒක අදාළ කර ගන්නව හරිම අඩුයි.
* ගෙදරින් විසිට් එන්නෙ නැති බොහෝ රැඳවියන් සබන් දත් බෙහෙත් ටිකත් අත පාල වෙනත් අයගෙන් තමයි ඉල්ල ගන්නෙ. මාස හයකටවත් සැරයක් බන්ධනාගාරයෙන් සබන් කෑල්ලක් ලැබෙන්නෙ නැහැ.
* අසනීපයකට නිසි ප්‍රතිකාර ලැබෙන්නෙ නැහැ. ඒ නිසා බොහෝ රෝගීන් හිර ගේ ඇතුලෙම මිය යනව.
* සිර කරැවන්ව සම්මුඛ පරීක්ෂණයකට ලක් කරල ඔවුනට තිබෙන ගැටලු විමසල සහනයක් දෙන්න ක්‍රම වේදයක් හිර ගෙදර නැහැ.
* එළියෙ ඉඳන් ඇතුලට එන රැඳවියන්ව ගේට්ටුවෙදි බන්ධ පොලීසියෙ අය පරීක්ෂා කරන්නෙ ඇඳුම් ගලවල . පස්ස පෙන්නල තටමන්නත් ඕන නිරැවතින්. එහෙම තමයි කුඩු ගේනවද බලන්නෙ. Scan යන්ත්‍ර පාවිච්චි කරන්නෙ නැහැ. මේක මානව හිමිකම් උල්ලංඝනයක් කියල මම දවසක් බන්ධ නිළධාරීන්ගෙන් ගේම ඉල්ලුවා. පස්සෙ පස්ස මමත් නිරැවතින් පස්ස පෙන්නල ආව. ( මීගමුවෙ දි අමානුෂික ලෙස ඝාතනය වූ අට දෙනාම වැලිකඩ සිට එදා උදේ මීගමුවට ගිය බන්ධ පොලීසියෙ නිළධාරීන්. ඔවුන් සමග රැඳවියන් ඉන්නෙ හරිම වෛරයකින් )
* හිර ගෙදර පුනරැත්ථාපනයක් නැහැ. හැදෙන එකා හැදෙනවා. නැති එකා නැහැ.
* මරන දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබපු රැඳවියන්ට නිදහස ලබන දිනයක් නැහැ. අවුරැදු 32 ක් එහෙම ඉන්න අය මට මුණ ගැසුනා. ඒ වගේ අය අසනීප වෙලා, වයසට ගිහින් හිර ගෙදරම මැරෙනව. ඒක හරිම අමානුෂිකයි.
* බොහෝ රැඳවියන් පවුලේ එකම ආදායම් උපයන්නා, ඒ අය හිර ගෙදර දඬුවම් විඳිනකොට දරැ පවුල් අනාථ වෙනවා, අනාරක්ෂිත වෙනවා. බිරිඳ රැකියා කරන්න එළියට ගියහම දරැවන් ගෙදර අනාරක්ෂිතයි. ඔවුන්ගේ ඉගෙනීම කඩා කප්පල් වෙනව, තරැණ දූ වරැන් අයාලේ යනව. මේක ඛේදවාචකයක්. සරෝජිනී පෝල්රාජ් ඇමති තුමිය මේ ගැන දන්නවද?
* හිර ගෙදර ගැන ඉගෙන ගන්න කෙනෙක් ඉන්නව නම් කතා කරන්න. බන්කු පුටු ගේන්න එපා. කියා ෙදන්නම්
* ඉදිරියට මගේ ජීවිතයේ ලොකු ඉඩක් මම සිර කරැවන් නිදහස් කිරීම හා ඔවුන්ගේ හා දරැ පවුල්වල සුභසාධනය වෙනුවෙන් කැප කරනවා.
* පා පැදියෙන් ගෙදර සිට කි. මීටර් 15 ක් පැදල දූවිලි දහදිය පිටින් තමයි අද උදේ මේ සෙල්පිය ගත්තෙ. මූන කචල් කියල අවුලක් ගන්න එපා.
* තැලෙන , පෑගෙන, පොඩි මිනිස්සු වෙනුවෙන් පෙනී සිටිනව කියල බලයට ආපු ආණ්ඩුව මරන්න ගෙනියන හරක් ඩොල්ෆින් එකට පටවනව වගේ මේ දවස්වල
හිර ගෙවල් පුරවනව. මම ඇතුලට යන කොට සමස්ථ රැඳවියන් 27000 යි ලංකාවෙම හිර ගෙවල්වල හිටියෙ. දැන් 44000 පැනල. සැමන් පැක් කරල වගේ නිදා ගන්නෙ, නා ගන්න ඇඳුමක් හෝද ගන්ක හිර කාරයො මරා ගන්නව. ආණ්ඩුවට වගේ වගක් නැහැ.
* 54 ගහල කුඩු ජාවාරම් කාරයො කියල පොලීසිය අල්ලල ඇතුලට දාන්නෙ කුඩු වලට ඇබ්බැහි වුන සාමාන්‍ය තරැණයන්. අවුරැද්දකට වැඩිය යනව ඇප ගන්න. ඒකයි හිර ගෙවල් උතුරන්නෙ. ඇත්තටම කරන්න ඕන ඒ අය පුනරැත්ථාපනය කිරීමයි. රෝගීන්ව මෙහෙම සිරගත
කිරීමට පාලකයො ලැජ්ජ වෙන්න ඕන.
* සිර ගෙවල්වල නිළධාරීන් බහුතරයක් ජීවත් වෙන්නෙ වැටුපෙන් නෙවෙයි. මුදලට සිරකරැවන්ට පහසුකම් සපයල. ජංගම දුරකථන, මත් ද්‍රව්‍ය හිර ගෙදරට ගේන්නෙ නිළධාරීන්. කීප දෙනක් අහු වෙලා සිරබත් කනව. සමහරැ රක්ෂිත බන්ධනාගාරවල. නිළධාරීන් ගෙවල් දොරවල් හදාගෙන වාහන අරගෙන ඉන්නෙ සිරකරැවන් නිසා.
* ඊෂි කෑෂ් දාන්න සල්ලි නැති දුප්පත් සිරකරැවන්ට නිළධාරි දෙවියන්ගෙ බැල්ම නැහැ. ඔවුන් අසරණයි. මේ අයට පොඩ්ඩ වැරදුනොත් මව් සිහි කරල නැව් ගුටි. යහමින් මුදල් ඇති සිරකරැවන්ට සැප.
* සීආර්පී, මැගසින්, ගාල්ල, කෑගල්ල, මහර හිර ගෙවල් තද බදය නිසා උතුරනව. හිරකාරයො නිදා ගන්නෙ turn එකට. පාර්ලිමේන්තුෙව 225 ට , මහේස්ත්‍රාත් වරැන්ට ඕනෑම දිනක හිර ගෙවල් ඇතුලට ගිහින් මේ ඛේදවාචකය නිරීක්ෂණය කරන්න පුලුවන්. ඉක්මනට ගියොත් අනිත් හිර ගෙවල් අතරින් ඊ ලග මීගමුව මතු වීම නතර කරන්න යමක් කරන්න පුලුවන් වේවි.
* හිර ගෙදර තදබදය අඩු කරන්න පොලිසියට, නීතිපති දෙපාර්ථමේන්තුවට , ගරැ අධිකරණයට ලෙහෙසියෙන්ම පුලුවන්. ඇප පනතේ 2 වැනි වගන්තියට ගරැ කරන්න. ඒක කියන්නෙ “ ඇප දීම රීතියයි, ඇප නොදීම ව්‍යතිරේඛීයයි” කියල. සරලව කිව්වොත් හැකි සෑම අවස්ථාවකම ඇප දෙන්න කියලයි නීතිය කියන්නෙ. හැබැයි විමර්ෂණ අවසන් නැහැ වගේ හේතු කියල බොහෝ අපරාධ නඩුවල පැමිනිල්ල අධිකරණයෙන් ඉල්ලන්නෙ ඇප ප්‍රතිත්ෂේප කරන්න කියල. ඉතින් හිර ගෙවල් පිරෙනව.
* ආණ්ඩුවට තවම බැරි වුනා කුඩු නඩුවල රස පරීක්ෂක වාර්තා අවුරැද්දක් ප්‍රමාද වීම වළක්වන්න. කළ යුත්තේ රස පරීක්ෂක දෙපාර්ථමේන්තුවට අලුත් ගොඩනැගිල්ලක් එකතු කරල වැඩි පුර නිළධාරීන් බඳවගෙන , ලංකාවෙ නැති නම් ඉන්දියාවෙන් හරි ගෙන්වල වාර්තා කඩිනම් කරන්න. එතකොට අලුත් හිර ගෙවල් හදන්න ඕන නැහැ.
* පොලීසියට බොරැ ටාගට් දෙන නිසා පාරෙ ඇවිදින තරැණයන්වත් බොරැවට කුඩු වලට අල්ලල ඇතුලට දානව. ඒ වගේම ඇප නොදෙන 54 වගන්තියෙන් උසාවියට දානව. පොලිස්පති මේ අපරාධය නැවැත්විය යුතුයි.
* ඔය හිර කරල තියෙන 44000 න් 30000 ක්ම ඇතුලට ආපු සැබෑ හේතුව දරිද්‍රතාවය. නෝර්වේ, ස්වීඩන්, ඩෙන්මාත්, ෆින්ලන්තය වගේ රටවල සිර ගෙවල් වැහෙන්නත් අපේ හිර ගෙවල් පිරෙන්නත් හේතුව ඒකයි.
* ඉතින් වරද දුප්පත්කම නම් උත්තරය ඔවුන්ව හිර ගෙවල් වලට ගාල් කිරීමද? සමාජ සාධාරණත්වය ඇති රටක් හදන්න වෙර වීරිය ගැනීමද? ඔවුන්ට ආහාර වලට පමණක් රටේ බදු ගෙවන ජනතාව දිනකට කෝටි තුනකට වඩා වැය කරන බව ඔබ දන්නවාද? ඒකම අපරාධයක් නෙවෙයිද?
* අද මම දැක්ක වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට මිය ගිය නිළධාරින්ගෙ ඡායාරෑප සහිත බැනර් එකක් එල්ලල ඔවුන්ට නිවන් සුව පතල. හැබැයි ඝාතනය වුන රැඳවියන්ට නිවන් සුව පතල එක හිර ගෙදරකවත් බැනර් නැහැ, ඒ ඇයි? ඔය මිය ගිය රැඳවියන් අතර බහුතරයක් සිද්ධියට කිසිම සම්බන්ධයක් නැති අය බව පසුව ඔබට දැන ගන්නට ලැබේවි.
* කවුරැ හරි දන්න කෙනෙක් මට අවස්ථාවක් දෙන්න ජනාධිපති සහෝදරය මුන ගැහිල මේ ටිත තේරැම් කරල දෙන්න.
* මේ ඇත්ත දන්නව නම් එයා අහවල් කෙනා මුල් පුටුවෙ තියා ගන්න 22 ගේන්න දහං ගැට නොගහ පීඩිත පන්තියෙ දුක් විඳින රැඳවියන්ගෙ ජීවිත සුවපත් කරන්න යමක් කරාවි.
* දුකයි, ඇඬෙනවා, දැනට නවතින්නම්
- සිර අංත B 13815 අජිත් ප්‍රසන්න

උපුටා ගැනීමකි 🙏

12/07/2026

ඔයාලත් මේ බෑග් වර්ග මහලා විකුණන්න උතසහ කරලා බලන්න ❤️🙏

අපිව follow කරන්න අමතක කරන්නත් එපා 👌

සිහින් මැටි තීරුවකින් හෙළි වුන ඩයිනෝසෝරයන්ගේ මරණයේ අභිරහස...වසර මිලියන 66කට පෙර පෘථිවිය පාලනය කළ දැවැන්ත, ඩයිනෝසෝරයන් (ක...
11/07/2026

සිහින් මැටි තීරුවකින් හෙළි වුන ඩයිනෝසෝරයන්ගේ මරණයේ අභිරහස...

වසර මිලියන 66කට පෙර පෘථිවිය පාලනය කළ දැවැන්ත, ඩයිනෝසෝරයන් (කුරුළු නොවෙන හෙවත් Non-avian ඩයිනසෝරයන්) ඉතා කෙටි කාලයක් තුළ අතුරුදන් වුනා. ඔවුන් වසර මිලියන 160කට අධික කාලයක් පෘථිවියේ අධිපතිත්වය දැරූ අතර, ඒ තරම් සාර්ථක ජීව කණ්ඩායමක් එකවරම විනාශ වුනේ කොහොමද කියන එක විද්‍යාඥයන්ට වගේම මිහිතලයේ අතීතය කියවන්නට කැමති ඕනෑම කෙනෙකුට ශතවර්ෂයකට වැඩි කාලයක් පුරාම විසඳාගත නොහැකි වුනු අභිරහසක් වුනා. ​

නමුත් අවසානයේදී, ඒ මහා අභිරහසේ අගුල හරින්නට සමත් වුනේ කිසිවෙකුත් නොසිතූ, ඉතාම සරල, මිලිමීටර කිහිපයක් පමණක් ඝනකම ඇති මැටි ස්ථරයක්. ​පෘථිවි ඉතිහාසයේ විශාලතම "මිනීමැරුම් නඩුව" විසඳූ ඒ අපූර්ව පර්යේෂණාත්මක ගවේෂණය ගැන අද අපි කතා කරමු.

​වසර දශක කිහිපයකට පෙර, භූ විද්‍යාඥයන් ලෝකයේ විවිධ ප්‍රදේශවලින් ලබාගත් පාෂාණ ස්ථර අධ්‍යයනය කරද්දී සුවිශේෂී සලකුණක් දැකගත්තා. ඒ, ක්‍රිටේසියස් සහ පැලියෝජීන් කියන භූ විද්‍යාත්මක යුග දෙක වෙන් කෙරෙන සීමාවේ, ලොව පුරා සෑම තැනකම දකින්න ලැබුන එක හා සමාන තුනී මැටි රේඛාවක්. (මේකට දැන් කියන්නෙ K-Pg boundary layer එක කියලයි.)

​මේ රේඛාවට පහළින් වූ පාෂාණවල ඩයිනොසෝර පොසිල බහුලව තිබූ අතර, රේඛාවට ඉහළින් වූ පාෂාණ ස්ථරවලින් ඩයිනොසෝරයන්ගේ කිසිදු සලකුණක් හමු වුනේ නෑ. මේ විදියට ඩයිනෝසෝරයන්ගේ පොසිල හමුවන ස්ථරයත්, ඒවා නැති ස්ථරයත් අතර ඉතා සිහින් මැටි ස්ථරයක් සෑම මහාද්වීපයකම පාහේ දකින්න ලැබුනා. ඒ මැටි ස්ථරය එකම කාලයකට අයත් බව පැහැදිලි වුනා. ඒ වගේම මේක සාමාන්‍ය භූ විද්‍යාත්මක සිදුවීමක් නොවන බවත් විද්‍යාඥයන්ට වැටහුනා.

​1970 දශකයේ අගභාගයේදී, භෞතික විද්‍යාඥ Luis Alvarez සහ ඔහුගේ පුත් භූ විද්‍යාඥ Walter Alvarez ඇතුළු පර්යේෂණ කණ්ඩායම මේ මැටි ස්ථරයේ අඩංගු රසායනික ද්‍රව්‍ය විශ්ලේෂණය කිරීමට පටන් ගත්තා. එහිදී ඔවුන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ පුදුමාකාර රසායනික සංයුතියක් අනාවරණය කරගන්න පුලුවන් වුනා.

මේ තුනී මැටි ස්ථරය තුළ, පෘථිවි පෘෂ්ඨයේ සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන ප්‍රමාණයට වඩා සිය ගුණයකින් වැඩි ප්‍රමාණයක් "ඉරිඩියම්" නම් දුර්ලභ ලෝහය අඩංගු වෙලා තිබුණා.

ඉරිඩියම් කියන්නෙ පෘථිවි කබොලේ අතිශයින්ම දුර්ලභ ලෝහයක්. මොකද, පෘථිවිය සෑදෙන සමයේ බොහෝ ඉරිඩියම් ගුරුත්වාකර්ෂණය නිසා පෘථිවි හරයට ගිලී ගොස් තියෙනවා. නමුත් මේක ධූමකේතු සහ උල්කාපාත තුළ ඉතා බහුලව දක්නට ලැබෙන ලෝහයක්.

ලොව පුරා විසිරී ඇති මේ මැටි ස්ථරයේ එක හා සමානව ඉරිඩියම් ලෝහය තැන්පත් වීමට නම්, මුළු මහත් පෘථිවිය පුරාම එකවර ඉරිඩියම් ධූලි වළාවක් පැතිරිලා යන්න අවශ්‍ය වෙනවා. ඒක සිදුවෙන්න පුලුවන් වෙන්නේ දැවැන්ත ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් පමණයි.

​💥 සාක්ෂියේ සිට අපරාධකරු වෙත...

​මේ කුඩා සාක්ෂිය ඔස්සේ විද්‍යාඥයන් විසින් ගොඩනැඟූ "ග්‍රහක ගැටුම් වාදය" හෙවත් Asteroid Impact Theory එක මඟින් ඩයිසෝරයන්ගේ විනාශය මේ විදියට ප්‍රතිනිර්මාණය කළා.

වසර මිලියන 66කට පෙර, කිලෝමීටර 10 - 12 ක් පමණ පළල් දැවැන්ත ග්‍රහකයක් පැයට කිලෝමීටර දහස් ගණනක වේගයෙන් පෘථිවියේ ගැටුණා. ඒ ගැටීමෙන් නිකුත් වුනු ශක්තිය න්‍යෂ්ටික බෝම්බ බිලියන ගණනකට සමාන වුනා.

ගැටුමේ සැරට ග්‍රහකය සම්පූර්ණයෙන්ම පාහේ වාෂ්ප වී ගිය අතර, පෘථිවි පාෂාණ ද දියවී වායුගෝලයට මුසු වුණා. අතිවිශාල දූවිලි හා පාෂාණ අහසට විසිවුනා. ලෝකය පුරා ගිනි කුණාටු ඇති වුනා.

වායුගෝලයට විසි වූ දූවිලි, සල්ෆේට් අංශු, දැවී ගිය ද්‍රව්‍ය සහ ග්‍රහකයෙන් පැමිණි ඉරිඩියම් අඩංගු අංශු ලොව පුරා පැතිරී ගිය අතර, ඒ දූවිලි වළාව නිසා සූර්යාලෝකය දිගු කාලයක් අවහිර වුනා. සූර්යාලෝකය නොමැතිකමින් ශාක විනාශ වූ අතර, ආහාර දාම බිඳ වැටීමෙන් ඩයිනොසෝරයන් ඇතුළු එවකට පෘථිවියේ විසූ ජීවීන්ගෙන් 75%ක්ම වඳ වෙලා ගියා.

කාලයත් සමඟ වායුගෝලයේ තිබූ ඒ ඉරිඩියම් පිරි ධූලි වළාව පොළොවට පතිත වෙලා තැන්පත් වුණා. අද අප දකින "තුනී මැටි රේඛාව" "නැත්නම් තුනී K–Pg මැටි ස්ථරය, ගැටුමෙන් වායුගෝලයට විසිවී පසුව ලොව පුරා තැන්පත් වුනු දූවිලි, අළු, ඉරිඩියම් සහ අනෙකුත් ගැටුම්-උත්පන්න ද්‍රව්‍යවල එකතුවක්.

​🔎 අවසන් නඩු තීන්දුව- මිනීමරුවාගේ හැඳුනුම්පත හමුවෙයි...

​අල්වාරෙස් කණ්ඩායමේ මේ මතයට මුල් කාලයේදී බොහෝ විද්‍යාඥයන් විරුද්ධ වුණා. ඔවුන් ඇසුවේ "ඒ වගේ මහා ගැටුමක් සිදු වුණා නම්, ඒකෙන් ඇතිවුණු දැවැන්ත ආවාටය නැත්නම් Crater එක කෝ?" කියලයි.

​වසර කිහිපයකට පසු, 1990 දශකයේ මුල් භාගයේදී ඒ ප්‍රශ්නයටත් උත්තර ලැබුණා. මෙක්සිකෝවේ යුකැටන් අර්ධද්වීපයට යටින් සැඟවී තිබූ, කිලෝමීටර 180ක් පමණ විශ්කම්භයක් ඇති "චික්සුලබ් ආවාටය" විද්‍යාඥයන් විසින් සොයාගනු ලැබුවා. ආවාටයේ වයස වසර මිලියන 66ක් පමණ වන අතර, ඒක ඉරිඩියම් ස්ථරයේ වයස හා ඩයිනෝසෝරයන් වඳවූ කාලය සමඟ නූලටම ගැලපුණා.

අද වන විට තවත් බොහෝ භූ විද්‍යාත්මක, රසායනික සහ පොසිල සාක්ෂි මේ ග්‍රහක ගැටුම් න්‍යාය ඉතා ශක්තිමත්ව සනාථ කරනවා.

වර්තමාන විද්‍යාත්මක එකඟතාවය අනුව ඩයිනෝසෝරයන්ගේ සමූහ වඳවීම සඳහා ප්‍රධාන හේතුව වුනේ මේ චික්සුලුබ් ග්‍රහක ගැටුමයි. ඒත් ඒ කාලයේ ඉන්දියාවේ සිදු වුනු ඩෙකෑන් උගුල් කියලා හඳුන්වන දැවැන්ත ගිනිකඳු පිපිරීම් ද පෘථිවි පරිසරය දුර්වල කිරීමට සහ වඳවීමේ ප්‍රමාණය වැඩි කිරීමට දායක වුනු බව සමහර නව පර්යේෂණ යෝජනා කරනවා. කොගොම නමුත්, ලොව පුරා හමුවන ඉරිඩියම්-පොහොසත් මැටි ස්ථරය අදත් ඩයිනෝසෝරයන්ගේ අවසානය හඳුනාගැනීමට ඇති ප්‍රබලතම භූ විද්‍යාත්මක සාක්ෂිය විදියටයි සැලකෙන්නේ.

​විද්‍යාවේ ඇති සුන්දරත්වය එයයි. වසර මිලියන ගණනක් තිස්සේ මිනිසාට විසඳාගත නොහැකි වුනු දැවැන්ත සත්ත්ව සමූහයක විනාශය පිළිබඳ අභිරහස විසඳීමට විශාල පොසිලයකටවත්, සම්පූර්ණ අස්ථි පද්ධතියකටවත් නොහැකි වුනු තැන, ඔබේ ඇඟිල්ලකට වඩා තුනී මැටි ස්ථරයකට ඒක කළ හැකි වුණා.

අවසානයේ එය මිනිස් ඉතිහාසයේ විතරක් නෙවෙයි, පෘථිවි ඉතිහාසයේම විශාලතම "අපරාධ විමර්ශනය" විසඳූ තීරණාත්මක සාක්ෂිය බවට පත් වුනා.

හිතවතුනි, ​ස්වභාවධර්මය ඇගේ රහස් සඟවා තබන්නේ අපට පෙනෙන මානයේමයි. අප කළ යුත්තේ නිවැරදි ඇසකින් සහ විවෘත මනසකින් යුතුව ඒ දෙස බැලීම පමණයි.

Address

Parakaduwa

Telephone

+94756963239

Website

Alerts

Be the first to know and let us send you an email when L i o n m a posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share