සිනා සාගරේ

සිනා සාගරේ මේක නම් අනිවාර්යෙන් බලන්න ඕනේ පේජ් එකක්
(327)

කියවලා බලලා හොඳයි නම් ශෙයා කරන්න😽
30/08/2025

කියවලා බලලා හොඳයි නම් ශෙයා කරන්න😽

කව්රු කොහොම මොනවා කිව්වත්, හරි යන්නම ඕන අපේ කෙනෙක් 🫰🫵Manej Sanjaya Shiny
29/08/2025

කව්රු කොහොම මොනවා කිව්වත්, හරි යන්නම ඕන අපේ කෙනෙක් 🫰🫵
Manej Sanjaya Shiny

කොලු ගැටයා සහ ගුරුතුමිය ඔන්න ඉතිං එක වසරේ පුංචි කොලු ගැටයෙකුගෙන් පන්ති පාර ගුරුතුමියට හරිම කරදරෙ. ඒ නිසා ගුරුතුමී තීරණය ...
25/08/2025

කොලු ගැටයා සහ ගුරුතුමිය

ඔන්න ඉතිං එක වසරේ පුංචි කොලු ගැටයෙකුගෙන් පන්ති පාර ගුරුතුමියට හරිම කරදරෙ. ඒ නිසා ගුරුතුමී තීරණය කරා මේ පුංචි ගොළුගැටයව විදුහල්පතිතුමාර ගාවට අරගෙන යන්න.
විදුහල්පති, ගුරුතුමිය හා පුංචි කොලු ගැටයා අතර සිදුවුණු දෙබසක් තමයි මේ.

විදුහල්පතිතුමා : මේ දරුවා අපේ මේ ගුරුතුමියට කරදර කරනවා කියන්නේ ඇත්තද?

කොලුගැටයා : මේකනේ සර් ප්‍රශ්නෙ, අපේ අක්කා ඉන්නේ පහ වසරෙ. ඒ උනාට අපේ අක්කට වඩා මොළේ මට වැඩියි. එනිසා මටත් පහ වසරට යන්න ඕන.

විදුහල්පතිතුමා : එහෙනම් මම ඔය දරුවාගෙන් පුංචිම පුංචි ප්‍රශ්න ටිකක් අහනව. ඒවා ඔක්කොටම හරියටම උත්තර දුන්නොත් විතරක් අපි ඔයාවත් පහ වසර පන්තියට මාරු කරනවා. කැමතිද?

කොලුගැටයා : මම කැමති විදුහල්පතිතුමනි.

ඔන්න විදුහල්පතිතුමා ප්‍රශ්න අහන්න ලෑස්තිය.

විදුහල්පතිතුමා : පළවෙනි ප්‍රශ්නය තුන්වරක් තුන කීයද

කොලුගැටයා : තුන් වරක් තුන නමයයි විදුහල්පතිතුමනි

විදුහල්පතිතුමා : එහෙනම් කියන්නකෝ බලන්න අටවරක් හත කීයද කියලා

කොලුගැටයා : අට වරක් හත පනස් හයයි සර්

ඒපාර විදුහල්පතිතුමා ගුරුතුමියට මෙන්න මෙහෙම කියනවා. මම හිතන්නේ මේ ළමයට පහ වසරේ ඉගෙන ගන්න දැනුම හොඳටම ඇති. අපි මෙයාව පහේ පන්තියට මාරු කරලා දාමු මිස්.

ගුරුතුමිය මෙහෙම විදුහල්පතිතුමාට කියනවා.
ගුරුතුමිය : සර් මට අවසර දෙනවනම් මම කැමතියි මේ ළමයගෙන් තව ප්‍රශ්න ටිකක් අහල මේ ළමයා හරියටම පහ වසරට සුදුසු කෙනෙක්ද කියලා පරික්ෂා කරන්න.

විදුහල්පතිතුමා : හරි කිසිම ප්‍රශ්නයක් නෑ.

ගුරුතුමිය : එළදෙනට හතරක් තිබෙනවා මට දෙකයි තියෙන්නෙ. ඒ මොකක්ද?

කොලුගැටයා : කකුල්

ගුරුතුමිය ඊළඟ ප්‍රශ්නෙත් අහන්න ලෑස්තියි
ගුරුතුමිය : ඔයාගේ කලිසමේ තියෙනවා. ඒත් මගේ සාරියෙ නෑ ඒ දේ මොකක්ද?

කොලුගැටයා : සාක්කුව නේද මිස් උත්තරේ

ගුරුතුමීය : පිරිමි අය හිටගෙන කරනවා. බල්ලෝ කකුල් තුනකින් කරනවා කියන්නකො බලන්න ඒ මොකක්ද කියලා?

විදුහල්පතිතුමන් දෑස් ලොකු කරගෙන බලා සිටි...

කොලුගැටයා : අතට අතදීම

ගුරුතුමීය : හ්ම් හරි එහෙනම් ප්‍රශ්න ටිකට උත්තර දුන්නනෙ. මම දැන් තේරවිලි කිහිපයක් අහන්න, පොඩ්ඩ සූදානම්ද?

කොලුගැටයා : මම සූදානම් මිස්

ගුරුතුමිය : මම ඇඟිල්ල ඇතුලට යනවා. ඒත් ඔයාට එපාවුනහම මාව ඇඟිල්ලෙන් අයින් කරනවා මම කවුද?

කොලුගැටයා : අයියෝ ලේසී එකක්නේ. කසාද මුද්ද.

ගුරුතුමිය : එහෙනම් දෙවනි එක. එක ප්‍රමාණවලින් පිහිටලා තියෙනවා ලෙඩ වුණාම මේකෙන් දියරයක් එන්නත් පුළුවන්. ඒ මොකක්ද

කොලුගැටයා : කල්පනා කර කර හිටපු පොඩ්ඩ උත්තර දෙනවා. නහය.

ගුරුතුමිය : මෙන්න ඊළඟ එක. F අකුරෙන් පටන් අරන් K අකුරෙන් ඉවර වෙන දේ මොකද්ද? හැබැයි මේක ගොඩක් උණුසුම් ම කියන්නකො බලන්න.

කොලුගැටයා : Firework (ගිණි කෙළි හෝ රතිඤ්ඤා)

ගුරුතුමිය : මේක කියන්නකො බලන්න. F අකුරෙන් පටන් අරන් K අකුරෙන් ඉවර වෙනවා. හැබැයි ඔයාට මේක කොහෙදි හරි ලැබුන්නැති වුනොත් ඔයාගේ අත පාවිච්චි කරලා තමයි භාවිතා කරන්න.

කොලුගැටයා : Fork (ගෑරුප්පුව)

ගුරුතුමිය : අපේ විදුහල්පතිතුමාටත් එකක් තියෙනවා. ඒ වගේම මටත් එකක් තියෙනවා. පොඩ්ඩ ඔයාටත් එකක් තියෙනවා. හැබැයි පාප් වහන්සේට මේ තියෙන එක පාප් වහන්සේ යූස් කරන්නේ නෑ . ඒ වගේම ඊට පස්සේ විවාහ වෙන කාන්තාවන්ට වෙනමම එකක් ලැබෙනවා පුලුවන්ද කියන්නේ මේ මොකක්ද කියලා

කොලුගැටයා : වාසගම

ගුරුතුමිය : එහෙනම් මගේ අවසන් ප්‍රශ්නය. මං මේ කියනදේ ඇතුලත කිසිම අස්තියක් නැහැ. එක එක ප්‍රමාණවලින් නහර තියෙනවා. හැබැයි ඒ වගේම ආදරේ කරන්න මේක නැතුව කොහොමත්ම බෑ. ඒ මොකක්ද?

කොලුගැටයා : හදවත

ගුරුතුමිය : සිනාසෙමින් හරි සර් මම ප්‍රශ්න අහල ඉවරයි.

විදුහල්පතිතුමා : මේ කොල්ලා පහ වසරට නෙමෙයි කෙලින්ම දහයේ පන්තියට දාන්න පුළුවන් මිස්. අන්තිමට අහපු හැම ප්‍රශ්නෙකටම මම හිතපු උත්තරෙත් වැරදියි මිස්. 🤣

ඉතාම වයසක මිනිහෙක් තමන්ගේ මරණ මංචකයේදී ඔහුගේ බිරිඳට කතා කරලා මෙන්න මෙහෙම කියනවා. මේ මගේ අන්තිම මොහොත. අපි දෙන්න විවාහ වෙ...
22/08/2025

ඉතාම වයසක මිනිහෙක් තමන්ගේ මරණ මංචකයේදී ඔහුගේ බිරිඳට කතා කරලා මෙන්න මෙහෙම කියනවා. මේ මගේ අන්තිම මොහොත. අපි දෙන්න විවාහ වෙලා දැනට අවුරුදු 60ත් වැඩි. අපි ඉතාම විශ්වාසවන්තව එකට ජීවත් වුණා. මෙච්චර කල් මට නොකියපු මොනවම හරි දෙයක් තියෙනවා නම් ඒකට දැන් තමයි වෙලාව.

බිරිඳ : “ඇත්තටම අපි මේ එකට හිටිය අවුරුදු හැට කාලය තුළදී මං ඔයාගෙ විශ්වාසය කඩ කරල තියෙනවා. ඒ තුන් වතාවක්. මං ඒ හැමදේම කරේ දෙන්නගෙම හොඳට. අපි දෙන්නටත් වඩා ඔයාගේ හොඳට.”

සැමියා : “ඔයා ඔය වගේ දෙයක් කරා කියලා කවදාක්වත් මට දැනිලා නැහැනෙ. ඔයා මට කියලත් නෑ. ඔයා සැක හිතෙන විදියට ජීවත් වෙලත් නෑ. කොහොමද ඔයා මගේ විශ්වාසය කඩ කලේ?”

බිරිඳ : ඔයාට මතකද අපි බැඳපු මුල්ම දවස්වල, අපි අලුතින් හදපු ගේ සින්න වෙන්න ගියා බැංකුවට. ඒ වෙලාවේ අපිට සති දෙකකින් ගෙදරින් එළියට යන්න කියලා බැංකු මැනේජර් ඇවිල්ල කිව්ව මතකද?”

සැමියා : “ඔව් මට ඒක හොඳටම මතකයි. කොහොම අමතක වෙන්නද, ඒ දුක් විඳපු කාලේ?”

බිරිඳ : “මම කළමනාකරු එක්ක එක දවසක් යහන්ගත වෙලා අපිට සල්ලි ගෙවන්න තියෙන කාලේ තව මාසයකින් දීර්ඝ කරගත්තා. මං එහෙම දීර්ඝ කරගත්තේ නැත්නම් අපි දෙන්නම මේ වෙද්දි පාරට වැටිලා.”

සැමියා : “මට තේරෙනවා. ඒ වෙලාවේ ඔයා ඒ දේ කලේ නැත්නම් අපිට මෙහෙම සතුටින් මෙච්චර කල් ජීවත් වෙන්න බෑ. මම එයාට ඒකට සමාව දෙනවා. දැන් කියන්නකො දෙවැනි අවස්ථාව මොකක්ද කියලා.”

බිරිඳ : “ඔයාට මතකද ඔයාගේ හදවත් සැත්කම කරන්න සල්ලි නැතිව ඉන්න වෙලාවේම දොස්තර කිව්වේ ඉක්මණින්ම ඔයාගේ සැත්කම කරන්න ඕන කියලා. ඒත් අපිට ඒකට දෙන්න සල්ලි තිබුන් නෑ. ඒ වෙලාවේ අපි සැත්කම කරේ නැත්නම් ඔයා මැරෙනවා.”

සැමියා : “ඔව් මට ඒකත් මතකයි.”

බිරිඳ : “මම දොස්තර එක්ක යහන්ගතවෙලා සැත්කමේ දොස්තරට ගෙවන්න තියෙන ගාන අඩු කරගත්තා. ඒකනේ තිබිච්ච ලොකුම ගාන. ඒක අඩු කරගත්තයින් තමයි අපිට සැත්කමට සල්ලි ගෙවන්න පුළුවන් උනේ. මම එහෙම නොකර නම් ඔයා මේ වෙද්දි මැරිලා.”

සැමියා : “ඔව් මට ඒකත් තේරෙනවා. ඔයා ඒක කළේ මගේම හොඳට. දැන් කියන්නකො මොකක්ද තුන්වෙනි අවස්ථාව කියලා”

බිරිඳ : ඔයාට මතකද? ගමේ සමිතියේ සභාපති වෙන්න ඡන්දෙ වෙලාවෙ, ඔයාට විරුද්ධව අනිත් පැත්තට ඡන්දෙ දෙන්න 29 දෙනෙක්ම හිටියා මුලින්. හැබැයි ඡන්දෙ වෙලාවෙදි ඒ හැමෝම චන්දෙ දුන්නේ ඔයාට.

සැමියා : ඈ

සිරිපාල සහ මහ මහාචාර්යවරයා සිරිපාල කියන්නේ  ඉතින් ගමේම ඉන්න අහිංසක ගොවිරාළ. හැම සතියම කරන වගාවෙන් කොටසක් නගරයට අරන් යන්න...
21/08/2025

සිරිපාල සහ මහ මහාචාර්යවරයා

සිරිපාල කියන්නේ ඉතින් ගමේම ඉන්න අහිංසක ගොවිරාළ. හැම සතියම කරන වගාවෙන් කොටසක් නගරයට අරන් යන්නේ ඒක විකුණගෙන කීයක් හරි හොයාගන්න.

ඉතින් මේ ගමන එයා යන්නේ කෝච්චියේ. වෙනද වගේම සිරිපාල ගමන යන්න සූදානම් වෙලා යන්තම් බටු ටිකක් පටවගෙන ජනේලයක් අයිනේ සීට් එකක් හොයාගෙන වාඩිවෙලා පොඩි නින්දක් දාගෙන යන්න තමයි හැදුවේ.

ඉතින් මෙතනට එනවා ටිකක් පණ්ඩිත මහාචාර්යවරයෙක්. මහාචාර්යවරය හිතනවා කම්මැලිකම යන්නත් එක්ක මේ මෝඩ මිනිහට කතා කරලා, කීයක් හරි කඩාගන්න ඕනි කියලා. එහෙම හිතපු මහාචාර්යවරයා සිරිපාල ළග තියෙන සීට් එකෙන් වාඩි වෙලා සිරිපාලට මෙන්න මෙහෙම කියනවා.

මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා හැබැයි ඔබට පිළිතුරු දිය නොහැකිනම් ඔබ මට රුපියල් පනහක් දෙන්න ඕන. ඒවගේම ඔයාට පුළුවන් මගෙන් ප්‍රශ්නයක් අහන්නත්. මට පිළිතුරු දෙන්න බැරි වුණොත් මම ඔයාට රුපියල් 5000ක් දෙනව. ටිකක් වෙලා කල්පනා කරපු සිරිපාල හරි එහෙනම් අපි කරමු කියලා මහාචාර්යවරයට කියනවා.

ඉතින් මහාචාර්යවරයත් කල්පනා කරලා ප්‍රශ්නයක් අහන්න ගත්තා. අහපු පළවෙනි ප්‍රශ්නය තමයි

“ඉර සහ සඳ අතර දුර කොච්චරද” කියලා.

ටිකක් වෙලා අපේ සිරිපාල නිශ්ශබ්දව ඉඳල රුපියල් 50 නෝට්ටුවක් උඩ සාක්කුවෙන් අරගෙන මහාචාර්යවරයට දෙනවා.

මහාචාර්යවරයා කියනවා දැන් ඉතින් ඔයාගේ වාරේ.

කල්පනා කර කර ඉඳලා සිරිපාල මෙහෙම අහනවා.

“උඩට යනකොට බඩගිනි වෙන සහ පහළට එනකොට බඩගිනි නිවන සතා කවුද?”

මහාචාර්යවරයා තුෂ්නිම්භූත වෙනවා. මොලේ අවුල් වෙලා කල්පනා කරනවා කරනවා කරනවා. කිසිම උත්තරයක් ඔලුවට එන්නෙ නෑ. මහාචාර්යවරයා ෆෝන් එකේ ඉන්ටර්නෙට් යනවා, එයා ළඟ තිබුණ පොත්පත් පෙරලලා බලනවා මුකුත්ම නෑ.

අන්තිමට කලකිරුනු මහාචාර්යවරයා රුපියල් 5000 නෝට්ටුවක් අරගෙන ගොවියගෙ අතේ තියෙනවා. සිරිපාලත් රුපියල් 5000 නෝට්ටුව අරගෙන සාක්කුවට දාලා හොඳට හිනා වෙලා හරි බරි ගැහිලා ආයේ සීට් එකේ පස්සට වෙන හේත්තු වෙනවා.

දැන් මහාචාර්යවරයට මාර කුතුහලයක් මොකද උත්තරේ කියල දැනගන්නත් එපැයි.

මහාචාර්යවරයා අහනවා “ඒ මොන සතාද?” කියලා

ටිකක් වෙලා කල්පනා කළ සිරිපාල නිශ්ශබ්දව ඉඳලා රුපියක් 50 අරගෙන මහාචාර්යවරයට දීලා සිට් එකට හේත්තු වෙලා ඇස දෙක පියාගන්නවා.

ලැජ්ජාවට පත්වෙච්ච මහාචාර්යවරයා එතනින් නැගිටලා යන්න යනවා. 🤣

මෙන්න නියම ක්රිකටර්සලා. ආදරෙයි හැමදාටම
04/07/2021

මෙන්න නියම ක්රිකටර්සලා. ආදරෙයි හැමදාටම

Kashmir Premier League 👊
Muzaffarabad Tigers pick TM Dilshan 🇱🇰

ජය නියතයි
05/03/2021

ජය නියතයි

දිගු කාලයක් නිහඬව සිටි දමිත් අසංකගේ අලුත්ම සිංදුව 😍👇Watch Now :
20/02/2021

දිගු කාලයක් නිහඬව සිටි දමිත් අසංකගේ අලුත්ම සිංදුව 😍👇
Watch Now :

Mage Adare Thawamath (මගේ ආදරේ තවමත්) - Damith AsankaDial Now... For Download "Mage Adare Thawamath" song as your RingIn Tone.. ☎Mobitel - 74740764☎Hutch - 3...

හිත හදන කෙනා...මට මැව්වේ ඔයා...Music : Ashan FernandoLyrics : Sthsara Kasun Pathiranahttps://youtu.be/2V3SVbe85xkhttps:/...
15/02/2021

හිත හදන කෙනා...මට මැව්වේ ඔයා...

Music : Ashan Fernando
Lyrics : Sthsara Kasun Pathirana

https://youtu.be/2V3SVbe85xk
https://youtu.be/2V3SVbe85xk

Hitha Hadana Kena - Dilshan ThilakarathneArtist | Dilshan ThilakarathneMusic | Ashan FernandoLyrics | Sathsara Kasun PathiranaProduction | Siyasto Creations ...

හැමෝම බලන්නම ඕන ලස්සනම ආදර කතාවක්
29/01/2021

හැමෝම බලන්නම ඕන ලස්සනම ආදර කතාවක්

Hitha Thama Vimasanne - Steve AngeloDial Now... For Download "Hitha Thama Vimasanne" song as your RingIn Tone.. ☎Mobitel - 74740355☎Hutch - 369261358 ☎Airtel...

ඔයාල බලන්නම ඕන ලස්සනම ආදර කතාවක්.
27/11/2020

ඔයාල බලන්නම ඕන ලස්සනම ආදර කතාවක්.

Thawa Eka Dawasak (තව එක දවසක් ) - Hashini Wedanda Dial Now... For Download "Thawa Eka Dawasak " song as your RingIn Tone.. Artist | Hashini Wedanda Music & ...

Address

Melbourne, VIC

Website

Alerts

Be the first to know and let us send you an email when සිනා සාගරේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සිනා සාගරේ:

Share