Those who seek the hidden Hela Purana

Those who seek the hidden Hela Purana සැඟව ගිය හෙළ පුරාණය සොයා යන්නෝ
Those who seek the hidden Hela Purana

Permanently closed.
(( නාලන්දා ගෙඩිගේ සම්බන්දව පුරාණ විස්තර දන්න අය කොමන්ටුවක් දාගෙන යමු ))FALLOW &COMMENT Those who seek the hidden Hela Pu...
01/04/2026

(( නාලන්දා ගෙඩිගේ සම්බන්දව පුරාණ විස්තර දන්න අය කොමන්ටුවක් දාගෙන යමු ))

FALLOW &COMMENT
Those who seek the hidden Hela Purana

" සිංහල: නාලන්දා ගෙඩිගේ "

Nalanda Gedige ( සිංහල: නාලන්දා ගෙඩිගේ නාලන්දා ගෙඩිගේ ; දෙමළ: நாலந்த கெடிகே : නාලන්ත කැඩිගේ ) යනු ශ්‍රී ලංකාවේ මාතලේ අසල ඇති පුරාණ සම්පූර්ණ ගල් විහාරයක් වන අතර එහි මුල් ස්ථානය ශ්‍රී ලංකාවේ භූගෝලීය මධ්‍යස්ථානය ලෙස සැලකේ. [1] මෙම ගොඩනැගිල්ල 8 වන සහ 10 වන සියවස් අතර ද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පයෙන් ( පල්ලව ශෛලියෙන් ) ඉදිකරන ලද අතර එය බෞද්ධයන් විසින් භාවිතා කරන ලද බවට විශ්වාස කෙරේ. [2] [3] ක්‍රි.ව. 9-10 වැනි සියවස්වලට අයත් කුළුණු සෙල්ලිපියකින් නාලන්ද ගෙඩිගේ බෞද්ධ ආරාමයක් බව අනාවරණය විය. [4] සිංහල භාෂාවෙන් සටහන් කර ඇති අතර, එහි විහාරස්ථානය සඳහා සාදන ලද නීති සංග්රහයක් ඇතුළත් වේ. [4] සමහර විද්වතුන් මෙම ගොඩනැගිල්ල විස්තර කරන්නේ උච්චාරණ තාන්ත්‍රික ඉගෙනීම සහිත මහායාන ලබ්ධියකට කැප වූ ද්‍රාවිඩ ගෘහ නිර්මාණ ශිල්පයක් ලෙස වන අතර එය වජ්‍රයාන (තාන්ත්‍රික) බෞද්ධ සබඳතා පිළිබඳ පැරණි ස්මාරකයක් ලෙස හැඳින්වේ. [5]

නාලන්ද ගෙඩිගේ නිර්මාණය කර ඇත්තේ හින්දු කෝවිලක මණ්ඩපයක්, පිවිසුම් ශාලාවක් (මුලින් සෙවිලි කර ඇති), හිස් සෙලෝවකට කෙටි මාර්ගයක් සහ ශුද්ධ මධ්‍යස්ථානය වටා ගිලන් රථයක් සමඟ ය. මුල් හින්දු දේව ප්‍රතිමා සීමිත සංඛ්‍යාවක් පන්සල තුළ පවතී, කෙසේ වෙතත්, අභයභූමියට ඉහළින් ටයිම්පනම් හි දකුණු පැත්තේ කුබෙර දෙවියන්ගේ ප්‍රතිමාවක් දිස්වන අතර එය ශ්‍රී ලංකාවේ පමණක් දැකිය හැකි ලක්ෂණයකි.

1975 දී වෙහෙස මහන්සි වී නැවත එකලස් කරන ලද පොහොසත් ලෙස සරසා ඇති මුහුණත කොටස් ප්‍රධාන වශයෙන් දකුණු ඉන්දියානු විලාසිතාවේ ඇත. ඒවා නිශ්චිතව කාල නිර්ණය කළ නොහැකි වුවද, ඒවා 8 සිට 11 වැනි සියවස් අතර කාලය තුළ ආරම්භ වූ බවට විශ්වාස කෙරේ,

උපුටා ගැනීමකි,

( විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
By කතෘ මණ්ඩලය // 2024 සැප් 20 වන සිකුරාදා
මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද ගෙඩිගේ ශ්‍රී ලංකාවේ හරි මැද ලක්ෂ්‍යයේ පිහිටා තිබෙන බව පුරාතණයේ සිටම පැවත එන කරුණකි. බෝවතැන්න ජලාශයෙන් වටවී ඇති උස් බිමක ගෙඩිගේ පිහිටීම හේතුවෙන් වඩාත් සුන්දර වටපිටාවක් නිර්මාණය වී තිබේ. නාලන්ද ගෙඩිගේ භූමියට නීල වර්ණයෙන් ඈතින් පෙනෙන රමණීය දුම්බර කඳුවැටිය හේතුවෙන් තවත් මනස්කාන්ත සිතුවම් රැසක් නෙත් අභියස සිතුවම් කිරීමට සමත්ව ඇත.

පුරාණ සම්පූර්ණ ගල් විහාරයක් ලෙස සැලැකෙන නාලන්ද ගෙඩිගේ සම්බන්ධයෙන් පළමුව වාර්තා වන්නේ ඉංග්‍රීසි ජාතිකයන්ගේ වාර්තාවලය. රාවණා රජුගේ පුත් ඉන්ද්‍රජිත් ඔහුගේ යාග හෝම කටයුතු සඳහා මෙම ස්ථානය භාවිතා කරන ලද බවටත්, මෙම ස්ථානයේ විශ්ව ශක්තිය ගැබ්ව ඇති බවටත් විශ්වාසයන් පවතී.

වර්ෂ 1893 දී ප්‍රසිද්ධ වැඩ දෙපාර්තුමේන්තුව විසින් එකල කුඹුරු යායක මැද පිහිටා තිබු නාලන්ද ගෙඩිගේ නටබුන් සහිත ගොඩනැගිල්ල රජයට පවරාගෙන තිබේ. මුල්ම පුරා විද්‍යා කොමසාරිස් එච්.සී. බෙල් ද මහතා විසින් මෙම ස්ථානය ගවේෂණය කොට ඇති බවට වාර්තාවල සඳහන්ව ඇත.

බෙල් මහතා විශ්‍රාම යාමෙන් පසු නාලන්ද ගෙඩිගේ පිළිබඳව එතරම් අවධානය යොමු නොවුණු අතර, පසුව ගෙඩිගේ ප්‍රතිසංස්කරණය කටයුතු කඩිනම් වුයේ මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ඉඳි කිරීමට පියවර ගත් බෝවතැන්න ජලාශය හේතුවෙනි. ගෙඩිගේ පැවැති බිම බෝවතැන්න ජලශයට යටවීමට නියමිතව පැවතීම හේතුවෙන් එහි කොටස් සියල්ලම ගලවා සංකේත යොදා පුරාවිද්‍යා කාර්යාලයේ තැබීමට පියවර ගන්නා ලදි. මිසරයේ අස්වාන් වේල්ල ඉදි කිරීමේදී අබු සිම්බල් දේවාලය ගලවා ඉවත් කොට යළි එය වෙනත් ස්ථානයක ඉඳි කරන ලද අයුරින් නාලන්ද ගෙඩිගේද යළි සකස් කිරීමට සැලැසුම් කෙරිණි.

එම ප්‍රදේශය ආශ්‍රිත කඳු ගැටයක යළි ගෙඩිගේ ඉදි කිරීමට මුලින්ම සැලැසුම් සකස් කෙරුණත්, පසුව එය එම ස්ථානයේම පෙර පරිදිම ඉඳි කිරීමට පියවර ගන්නා ලදි. එවකට සංස්කෘතික කටයුතු අමාත්‍ය ඊ. ඇල්. බී. හුරුල්ලේ මහතාගේ තීරණයකට අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති මහාචාර්ය පී. එල්. ප්‍රේමතිලක මහතාගේ අධික්ෂණය යටතේ නැවත ඉදි කිරීමේ කටයුතු සිදු කෙරිණි. ඒ අනුව නාලන්ද ගෙඩිගේ පිහිටි පැරණි ස්ථානයේම අඩි 23 ක් බිම උස්සා හතරැස් බිම් කඩක යළි පෙර පරිදිම නාලන්ද ගෙඩිගේ ස්ථාපිත කරන ලදි. ශ්‍රී ලංකාවේ මෑත යුගයේ සිටි ජ්‍යෙෂ්ඨතම පුරාවිද්‍යාඥයකු වූ මහාචාර්ය පී. එල්. ප්‍රේමතිලක ශුරීන්ගේ විශිෂ්ට මෙහෙවර නොවුණේ නම් ඇතැම් විට නාලන්ද ගෙඩිගේ මහවැලි ජලාශයට යටවී සඳහටම අපට අහිමි වන්නට ඉඩ තිබිණි. සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කොට යළි සකස් කරන ලද මෙරට එකම පෞරාණික ගොඩනැගිල්ල වන්නේද නාලන්ද ගෙඩිගේ පමණී. එහෙත් මෙම ගොඩනැගිල්ල අද දකින අයකුට එය නැවත සකස් කරන ලද ගොඩනැගිල්ලක් බවට හඳුනා ගැනීමට පවා නොහැකි ලෙස අති විශිෂ්ට ලෙස ප්‍රතිනිර්මාණය කොට තිබේ. පැරණි අයුරින් ඉද්‍ි කරන ලද නාලන්ද ගෙඩිගේ 1985 වසරේ ජුනි 13 වැනිදා යළි විවෘත කෙරිණි.

කෙසේ නමුත් මෙම අපුර්වතම ගොඩනැගිල්ල කවුරුන් විසින් ඉඳි කරන ලද්දක්ද යන්න සම්බන්ධයෙන් ඉතිහාසයේ සාක්ෂි කිසිවක් දැන ගන්නට නොලැබේ. එහෙත් නාලන්ද ගෙඩිගේ අවට ගැන සඳහන් ඉතිහාස මුලාශ්‍රවල මේ පිළිබඳව ඇතැම් දේ සඳහන්ව පවතී. මහාවංශයේ සඳහන් වන පරිදි පළමුවන පරාක්‍රමබාහු රජු බලය තහවුරු කර ගැනීමට 1153 ත් 1186 ත් අතර කාලයේදී ගජබාහු සහ මානාභරණ යන රජවරුන් සමග කරන ලද සටන්වලදී නාලන්දේ බලකොටුවක් පිහිටුවාගෙන ඇති බවය.

එමෙන්ම වර්ෂ 1818 උඩරට කැරැල්ල පැවැති සමයේ බ්‍රිතාන්‍ය සේනාංකයක් මෙහි ස්ථාපිත කොට ස්ථාන ගත කොට තිබූ බව පැවැසේ. බ්‍රිතාන්‍යයන් විසින් බලකොටුව ඉදිකර තිබූ කඳුගැටය කොටුවේගොඩැල්ල ලෙස අදටත් හඳුන්වනු ලබයි.

මෙහි පුරා විද්‍යාඥයන් සිදු කරන ලද කැණීම්වලදී බොහෝ දුරට ගෙවීගිය ටැම් ලිපියක් හමුව තිබේ. එමගින් එවකට මෙම ස්ථානයේ විහාරයක් පැවැති බවට තොරතුරු හෙළිව තිබේ. විෂමාචාර ලෙස හැසිරෙන විහාර කාර්මිකයන් විහාර භූමියෙන් නෙරපිය යුතු බවත්, මිනීමරුවන්, සොරුන් විහාර භූමියට වැද්ද නොගත යුතු බවත්, විහාරයේ සියලු‍ කටයුතු සංඝ සම්මුතියෙන් සිදු කළ යුතු බවටත් එහි දක්වා ඇති බව සඳහන්ය. එය ගෙඩිගේ අසල පිහිටි පුරාවිද්‍යා කෞතුකාගාරයේ තබා ඇත. එමගින් හෙළි වන්නේ එවකට මෙම ස්ථානයේ විහාරයක් පැවැති බවය. ක්‍රි. ව. නවවන හා දහවන සියවස්වලට අයත් බව අක්ෂර විකාශනය මත නිගමනය කර ඇති එම කරුණු පදනම් කොට ගෙන ක්‍රි. ව. අටත් දහයත් අතර කාලයේදී නාලන්ද ගෙඩිගේ නිර්මාණය කොට ඉඳි කරන්නට ඇතැයි ඉතිහාසඥයන්ගේ මතය වී තිබේ.

ක්‍රි. ව. හයවැනි හා නවවැනි සියවස දක්වා වූ කාලය ඉන්දියාවේ පල්ලව අධිරාජ්‍ය සමයේ පැවැති මාමල්ලපුරම් පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුතම අවිධිය ලෙස සැලකෙන නරසිංහවර්මන් රජුගේ කාලයේ ගෘහ නිර්මාණ ශෛලියට අනුව නාලන්ද ගෙඩිගේ නිර්මාණය වී තිබේ. ශෛලමය වහල ශිඛරයක් ලෙසින් නිර්මාණ කිරීම පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයේ අනන්‍යතාව දක්වන සලකුණකි. එම ලක්ෂණ හේතුවෙන් නාලන්ද ගෙඩිගේ පල්ලව සම්ප්‍රාදයට අයත් බව පිළි ගැනේ. ඒ අනුව බලන විට දකුණු ඉන්දීය පල්ලව වාස්තු විද්‍යාවට අනුව ඉදි කොට ඇති මෙරට එකම ගොඩනැගිල්ල වන්නේද නාලන්ද ගෙඩිගේ පමණී. මෙහි වහලය ඇතුළු සම්පූර්ණ ගොඩනැගිල්ලම කලු‍ගල් භාවිතා කරමින් ඉදි කොට ඇති අතර, ඒවා ඉතාමත්ම සියුම්ව එකිනෙකට වද්දවා තිබේ. ගඩොල් භාවිත කරමින් ගොඩනැගිල්ල වටා ප්‍රාකාරයක් නිර්මාණය කොට තිබේ.

නාලන්ද ගෙඩිගේ නිර්මාණය කොට ඇති ආකාරයට දකුණු ඉන්දියාවේ පාලර් නදී මුවදොර මහාබලිපුරම්හි කඳු ගැටයක් මත මාමල්ල ශෛලියේ නිර්මාණ සම්පූර්ණනේම කලු‍ගල් පමණක් භාවිතා කරමින් නිර්මාණ කොට ඇත. එකී ලක්ෂණ හේතුවෙන්ද නාලන්ද ගෙඩිගේ පල්ලව සම්ප්‍රදායට අයත් බවට පිළි ගැනේ.

හින්දු සේම බෞද්ධ වාස්තු විද්‍යාත්මක ලක්ෂණද මෙහි දැකිය හැකි අතර, පිවිසුම බෞද්ධ විහාරස්ථානයක් මෙන් නිර්මාණය කොට තිබේ. ගොඩනැගිල්ල ප්‍රවේශයේ සඳකඩ පහණ, කොරවක්ගල, පියගැට පෙළ ආදියෙන් යුක්ත වන අතර, කොරවක් ගලෙහි ලියවැලකින් සමන්විත මකර රුවක්ද නිර්මාණය කොට ඇත. නාලන්ද ගෙඩිගේ ශිලා ස්තම්භ 24 කින් සමන්විත ආලින්දයක්, අන්තරාලයක් සහ මණ්ඩපයක් ඊට එකතු කොට ඇති අයුරු දැකිය හැක.

මෙම ගොඩනැලිල්ලේ කැටයම් දෙස බැලීමේදී හින්දු කෝවිලක රුවක්සේ පෙනෙන අතර, එහෙත් මෙහි මැද්දේ ගර්භය තුළ අනුරාධපුර යුගයට අයත් ලක්ෂණ සහිත අභය මුද්‍රාවෙන් ඇති බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණ කොට තිබේ.

නාලන්ද ගෙඩිගෙට ඇති පිවිසුමේ කලු‍ගල් උළුවස්සක් සවි කොට ඇති අතර, එය චාම් කැටයම් සහිත වේ. ගෙඩිගෙට ඇතුළු වූ විට එහි උතුරු දෙසින් ගඩොලින් කරන ලද වේදිකාවක් මත කුඩා ස්ථුපයක් ඇති අතර, එහි පේසා වළලු‍ තුනක්ද දැකිය හැකිය. ඊට යාබදව ඉදි කරන ලද බෝධි වෘක්ෂයක්ද දැකිය හැක.

මෙම ස්ථානය නැරඹීමට දේශීය සංචාරකයන් මෙන්ම විදේශීය සංචාරකයන් විශාල පිරිසක් නිරන්තරයෙන් පැමිණෙති. එහෙත් එහි විවිධ දැනුම්දීම් සඳහන් නාම පුවරු වැඩි බහුතරයක් සිංහල බසින් පමණක් ප්‍රදර්ශණය කොට තිබීම හේතුවෙන් තමන් අපහසුතාවලට පත්වෙන බව විදෙස් සංචාරකයෝ පවසති.

නාලන්ද ගෙඩිගේ ප්‍රදේශයේ කරන ලද විවිධ කැණීම්වලින් හමු වූ පුරාවස්තු රැසක් ඒ අසල ඇති කෞතුකාගාරයේ ස්ථාපිත කොට තිබේ. පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව මගින් පාලන වන මෙමගින් නාලන්ද ගෙඩිගේ සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ලබා ගැනීමට එහි යන නරඹන්නන්ට හැකියාව ලැබී තිබේ.

බෝවතැන්න ජලාශයෙන් වට වූ උස් බිමක පිහිටි නාලන්ද ගෙඩිගේ වටා පවතින ගස්වැල් හේතුවෙන් වන මැද පිහිටි ආරාණ්‍ය සේනාසනයක් පරිද්දෙන් එය තව තවත් සුන්දර වී පවතී. දැඩි නිස්කලංක බවකින් හෙබි සිත සුවපත් කරන අසිරිමත් ස්ථානයක් ලෙස නාලන්ද ගෙඩිගේ හා ඒ ආශ්‍රිත කලාපය හැඳින්විය හැකිය.)
゚viralシviralシfypシ゚viralシalシ ゚viralシalシ #සිංහමුඛ #නාලන්දාගෙඩිගේ #මාතලේ

   ゚viralシviralシfypシ゚viralシalシ  ゚viralシalシ            #සිංහමුඛ
24/03/2026

゚viralシviralシfypシ゚viralシalシ ゚viralシalシ #සිංහමුඛ

" කලියුගයෙන්  සිහගිරියට චාරිකාවක් "-  පළමුවන කොටස -සීගිරි රාජධානියේ සැඟවුණ පුරාණ තොරතුරු සොයමින් ඒ බිමේ සැරි සරන්නෝ බොහෝ...
13/03/2026

" කලියුගයෙන් සිහගිරියට චාරිකාවක් "

- පළමුවන කොටස -

සීගිරි රාජධානියේ සැඟවුණ පුරාණ තොරතුරු සොයමින් ඒ බිමේ සැරි සරන්නෝ බොහෝය. මෙම පෙදෙසේ සහ ලංකාවේ ප්‍රාග් ඉතිහාසය සොයා යන පර්‍යේශකයන්, විද්වතුන් සහ පුරාවිද්‍යා නිලධාරීන් ද බොහෝ දෙනෙකු සිටී, ඔවුන් කැටපත් පවුරේ සහ පර්වතයේ බටහිර බෑවුමේ ගුහා තුළ ඇදි "සීගිරි සිතුවම්" පිළිබඳව හා ජලමල් උද්‍යානයේ සීමිත කොටසකට වැඩි අවධානයක් යොමුකොට මාළිගා සංකීර්ණයේ ඇති අනෙකුත් පුරාණ නටබුන් හා ඒ භූමියේ මූලාරම්භය කෙසේ සකස් වුනිදැයි යන්න ගවේෂණාත්මක කටයුතු අතපසුකොට හෝ වංශකතාවේ සදහන් කරුණු මත පමණක්ම හිඳ වැළලී තිබෙන අපට වසන් වූ හිතාමතාම වසන් කෙරූ සත්‍ය තොරතුරු සෙවීමට වැඩි උනන්දුවක් නොදක්වයි. නැතිනම් සීගිරි භූමියේ පුරාණම තොරතුරු පිළිගත නොහැකි හුදෙක්ම එකිනෙකාගේ අභිමතාර්ථ පරිදි ගෙතූ ප්‍රලාප ලෙස හෝ සනාථ කිරීමට අපහසු සාක්ෂි නොමැති ප්‍රබන්ධ ලෙස පවසයි, නැතිනම් ඔවුන් එයට මැලිකමක් දක්වයි.
සත්‍ය වශයෙන්ම සීගිරියේ මුල් නිර්මාතෘවරු කවුරුද යන්න මතභේදයට තුඩුදුන් මාතෘකාවකි. මේ භූමියේහි ප්‍රාග් ඉතිහාසයට අදාල සොයා නොගත් සැඟවුණු ස්ථාන බොහොමයක් තවමත් නිරුපද්‍රිතව ඇත. ක්‍රමානුකූලව එම ස්ථාන කැණීම් කර මතුකැර ගතහොත් අප මුතුන් මිත්තන් ගේ පුරාණ තාක්ෂණය සහ ඔවුන්ගේ අපූරු නිමැවුම් ද දැකබලා ගැන්මට පිළිවන, මේ වන විට ඒ අපූරු තාක්ෂණය අපගෙන් අතුරුදහන්ව ඇත. ඒවා මතුකැර ගැනීමෙන් අපට ඒ කාලය පිලිබද අවබෝධයක් ලබා ගතහැක. අප දන්නා සත්‍ය නම් ඉංග්‍රීසි අධිරාජ්‍ය සමයේ අප දිවයිනේ වූ පුරාණ තොරතුරු බැහැරකොට ඔවුන් විසින් අපට ලියාදුන් නව ඉතිහාස කරුණු පමණක් අපට පාසැල් වල ඉගෙන ගැනීමට සිදුවිය. නමුත් සත්‍යය එය නොවේ , ඔවුන්ගේ එම ක්‍රියා කලාප නිසාම ඒකී පුරාණ කාල වකවානු පිළිබඳව සදහන් කරුණුද ඉතා අල්පය. එසේ වුවද අපගේ නොයෙකුත් ඉතිහාසය ග්‍රන්ථවල සහ දැනට ඉතිරිවී තිබෙන පුස්කොළ ග්‍රන්ථවල ස්වල්ප වශයෙන් හෝ එම තොරතුරු සදහන් කොට තිබේ. එම තොරතුරු එකින් එක ගෙන පෙලගැසුවහොත් ඉතා අසීරුවෙන් අප දිවයිනේ පුරාණ හෙළ ඉතිහාසය ගොඩනැගීමට හැකියාව ඇත. ක්‍රමවත්ව ගවේෂණය කලහොත් එය කිරීමට අපහසු කටයුත්තක් ද නොවේ. ප්‍රාග් යුගයට අදාල ස්ථාන සහ සීගිරි භූමිය පිළිබඳ එසේ සොයා බැලුවහොත් අපහට වැටහීයන ප්‍රධාන කාරණයක් වන්නේ එම සෑම ස්ථානයක්ම ඉතා ඈත කාල වකවානුවකට විහිදී යන ඉතා දියුණු ශිෂ්ටාචරයක නෂ්ටාවශේෂ බොහොමයක් සැඟව ගිය ප්‍රදේශ කිහිපයක්ම අප දිවයිනේ තිබෙන බවකි, බොහොමයක් ඉතිහාස ගවේෂකයින් ද පුරාවිද්‍යා නිලධාරීන් සහ විද්වත් ආචාර්ය , මහාචාර්ය පඬිවරුන්ද ලංකාද්වීපය පිළිබඳව සහ පුරාණයේ මෙහි සිටි මනුෂ්‍යයින් පිළිබඳව නොයෙක් මත පලකරති, පර්‍යේශන කොට සනාථ කර ද තිබේ. ඒ ඇසුරෙන් ඔවුන් විවිධ නිගමන වලටද පැමිණෙති. නමුත් කවුරුන් කෙසේ අදහස් දැක්වූව ද පුරාණයෙහි වූ ශිෂ්ටාචාරය සහ එහි විසූ මුතුන් මිත්තන්ගේ තාක්ෂණය හෝ ඔවුන් තැනූ විස්මිත නිර්මාණ ද එකල අප දිවයින ස්වාභාවය ද අපට සොයා ගැනීමටවත් නොහැකි ලෙස ස්වාභධර්මයා විසින් හෝ සඟවා තිබේ. එනිසාම හෙළ ජීවන රටාව සහ වෙනත් රටවල් සමග ගනුදෙනු හා වෙළදාම් කල ආකාරය කෙබඳු වීද යන්න නිවැරදි මත ඉදිරිපත් කිරීමට තවම අපොහොසත් වී ඇත, ඒ වනයම් කරුණක් නිසා නොව ඉංග්‍රීසි අධිරාජ්‍ය සමයේ ඒකී පුරාණ තොරතුරු සදහන් වටිනා ග්‍රන්ථ විශාල සංඛ්‍යාව ක් මෙරටින් රැගෙන යන ලද අතරේ එච්.ඩබ්ලිව්. කොඩ්රින්ටන් මහතා ලියූ නව ලංකා ඉතිහාසයට එම තොරතුරු ඇතුළු නොකොට ඔහු ඒ අගනා පුරාණ හෙළ ඉතිහාස කරුණු ජනවහරෙන් ආ ගොතන ලද ප්‍රබන්ධ ලෙස බැහැරකොට ඒ ඒ යුගයන් පිළිබඳ සදහන්වන පුරාණ ඉතිහාසගත කරුණු අපගෙන් ඉවත්කොට ඇත. එකල පැවැතුණ දියුණු ශිෂ්ටාචාරයන් පිළිබඳව නූතන ලංකාවේ ඉතිහාස පුරාවිද්‍යා ගවේෂකයින් හට කිසිදු අයුරකින් හෝ අවබෝධයක් ලබාගැනීමට අපොහොසත් වී ඇත. තවද මහාවංසය සහ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ප්‍රකාශකොට තිබෙන අදහස් පමණක් නිවැරදි යැයි අදහන බොහෝ විද්වතුන් එම තොරතුරු ඇසුරෙන් නොයෙකුත් ලිපි ලේඛන ද පළකර එමගින් එකිනෙකා පරයා නැගී සිටින්නට වෙරදරනවා මිස අප දිවයිනේ වූ පුරාතන ශේෂ්ඨ යුගයන් පිළිබඳ කැණීම් කොට ගවේෂණය කිරීමට කිසිදු උත්සහයක් නොදක්වයි. තම ශිෂ්‍යයින්ටද ඒවා එළි පෙහෙළි කොට නොදෙයි. තවම ලංකාවේ ඇති ප්‍රාග් යුගයන්ට අදාළ භූමි ප්‍රදේශ ආශිතව කිසිදු සංරක්ෂණ වැඩ පිළිවෙළක් හෝ නිසි පිළිගැනීමක් මේ වන තෙක්ම ලැබී නැත.
කෙසේ හෝ අප රටෙහි විද්වත් පඬිවරුන් සහ ඉතිහාසය සොයා යන්නන් ද පුරාවිද්‍යා නිලධාරීන් ද ප්‍රාග් ඉතිහාසය පිළිබඳව විවිධ අදහස් , මත පලකරති, ඔවුන් නොයෙකුත් දේශන මගින් නොයෙකුත් කරුණු කාරණා ඉදිරිපත් කර සිටිති. නමුත් කිහිපදෙනෙකු හැර ඒකී පුරාතන යුගයන් පිළිබඳව නිවැරදි තොරතුරු කිසිවෙකුත් ඉදිරිපත් කොට නැත. ඒ අතරින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට රටට මහඟු සේවයක් කල ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මහතා සහ එතුමගේ පුත්‍ර ආචාර්ය සිරාන් දැරණියගල මහතා ද නූතන පර්‍යේශන කටයුතු වල නියැළෙන මහාචාර්ය රාජ් සෝමදේව මහතා ද අප රටට මහඟු සම්පතකි.
කෙසේ හෝ "සෙල්‍ය දීප" නැතිනම් "සේල දීප" තවත් අයුරකින් කිවහොත් "සෙල දිබ" (ඉන්දියානුවන් කියනුයේ ගල් කඳු සහිත රට) "සෙල දිබ" යනුවෙන් බිඳී විත් හෙළ දිව" සෑදුනි.
මෙම ලියුම් කරු එක් අවස්ථාවකදී අපවත් වී වදාළ සියම් මහ නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ සබරගමු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක බලංගොඩ බෝම්බුව ශ්‍රී බෝධිමණ්ඩලාරාමාධිපති,
කූරගල ශ‍්‍රී පාද දිවා ගුහා රජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත වටද්දර ඤාණිස්සර හිමියන් සමග හෙළ ඉතිහාස කාරණා ගැන කතාබහ කරමින් සිටිනා විට එහිමියන් මෙසේ පවසන ලදී,
"හෙළ දීප, සිව්හෙළ, සිංහල දීප" ගල් කඳු සහිත රටේ මිනිසුන් යනුයි. අප දිවයින හැඳින්වීමට නම් රාශියක් භාවිතා කර ඇත, ""ලංකා, ලංකාදීප, තම්බපණ්ණි, තම්බපාණි, තම්බපණ්ණ, රත්නදීප, ලංකාපුර, මලයනාඩු, අමරප්දීප, හෙළ දිව, හෙළ දිව පුර, ගිරිහෙළ පුර, සිංහලද්වීප, සිංහල දීප, සිරි සීහළ දීප, සෙරන්ඩිප්, තැප්‍රොබේන්, තැප්‍රොබෙනි, සීලාන්, සෙලිකේ, සෙයිලාන්, සෙල දිබ, හෙළය, හෙළු රට, එළු රට, කොළම්බ මලය, කෝල මහා මලය, සෙයිලම, සාර සමුද්‍රය ආදී නම් රැසකින් ලංකාව හශුන්වන ලදී. විදේශ්කයින් එවකට හැඳින් වූ මේ නම් වලින් ඔවුන් ලංකාව නම්කොට ඇත්තේ ලංකාව ඔවුනට පෙනෙන සංකේත දර්ශකයක් වසයෙන් ඔවුන්ගේ බසට හුරු නම් වලිනි. මේ වෙනස් කම් ඇතිවීමට හේතුව එයයි.
මෑත කාලයේ එනම් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ රාජ්‍ය කාලයෙහි නොබැඳි සමුළුව සඳහා මෙහි පැමිණි (කොළඹට) දේශ දේශාන්තර නායක නායිකාවෝ නම් දෙකක් හැරෙන්නට කිසිම වෙනත් නුහුරු නමකින් ලංකාව නම්කොට නැත, එනම් "සීලන්කන්" හා "සිලෝන්" යන නම් දෙක පමණකි. මීට හේතු කිමෙක්දැයි බුද්ධිමතුන් සෙවිය යුතුය ? , ඊට ප්‍රධාන හේතුව වන්නේ කොළඹට පැමිණි ඔවුනට සංකේතාත්මක වසයෙන් විවහාර කරන්නට කොළඹ දකින ඔවුනට සංකේතයක් නොමැති වීමයි.
මෙහි ලංකා යනු ලඛී ලක්ඛණය ධාතුවෙන් සෑදි ඇත.

"ලංකා මජ්ජයේ අංකියතේනි ලංකා" ලංකාව මැද අංශක 89 ක් පෙරදිග මධ්‍යයේ පිහිටි ලංකාව ඈත මුහුදේ එන නාවිකයනට ශිෂ්ණයකි (ලකුණ) හෙවත් ලකුණකි.තවත් විස්තර කලහොත් ඉලක්කයකි. තවදුරටත් පැහැදිලි කලහොත් ඉද්දකි, ඒ අනුව ද්‍රවිඩ බසෙන් මේ ඉලක්කයට "ඉලංග" යයි විවහාර කරති.
"ඉලක්කෙයි, ඉලංගෙයි, ඉළංකෙ" යනුවෙන් විවහාර කරයි. මේ අනුව පසුගිය කාල වකවානුව තුළ විනාශකාරී කොටි ත්‍රස්තවාදීන් " ඊළම" ඉල්ලනවා යැයි පැවසුවේ ලංකාවෙන් කොටසක් නොව මුළු ලංකාවමයි. මෙයවත් නොතේරෙන අයවළුන් ඉන්ටර්නෙට් මගින් එක් එක් පුද්ගලයින් ලංකාව පිළිබඳ වෙනත් දේවල් සහ කියාපු දේ ලියා ඇත. මේවා පිළිගන්නා උගතුන්ද මේ රටේ සිටිති. මේවා සපුරා වැරදි සහගත දේවල් වේ.
මෙහිදී එක් කරුණක් මතක් කල යුතු වේ. " පොත පත බැලුවාට පතපොත ලීවාට නිති නෑ මයි වැටහෙන්නේ ගුණවත්කම නැණවත්කම තිබුනෝතින් ලොව සැම දේමත් වැටහෙන්නේ" යනුවෙන් උන්වහන්සේ එසේ සදහන් කර සිටියේය.
කෙසේ හෝ එකල පුරාණයේ හෙළ ශිල්ප ශාස්ත්‍ර පවා වෙනත් රටවල පැතිරුණ බව පුරාණ ග්‍රන්ථ වල සදහන්ව ඇත. ඒ පිළිබඳව කලාසූරී අරිසෙන් අහුබුදු ශූරීන්ගේ "ඉරහද නැගි රට හෙවත් යටගිය වංශය" නැමැති ඉතිහාස ග්‍රන්ථයෙහි මෙසේ සදහන් කොට ඇත,

"මාලි රජු කලැ ද
සමුළුවෙකි මේ බිමෙහි සොද
ඉරුවේදය ඒ සද
පෙරැළුනේ සකු බසට නිසි ලෙද"
(ඉරහඳ නැගි රට හෙවත් යටගිය වංශය , 122 පිටුව , 10 වන කවිය)

එහි සදහන් රජුන් ගැන අතීත කතාවක් මෙසේ වෙයි,
සූමාලින්තා, මිථාන, මාලින්තා යන සහෝදරයින් තිදෙනා තම පුත්‍රයෝ සමග සේනාවක් පිරිවරා ඉන්දියාවට ගොස් දේව ගෝත්‍රිකයින්ගේ යාගහෝම කඩාකප්පල් කිරීමට යෙදුනි. එනම් දේව ගොත්‍රිකයන් අහිංසක සතුන් සහ කන්‍යාවන් බිලි දී තම ජීවිතය හා පරමාත්මය සැපවත් කිරීමට යැයි කියා පවත්වනු ලබන යාගහෝම කඩාකප්පල් කරන්නට යෙදුනි. මේ නිසාම දේව ගෝත්‍රිකයින්ගේ බැගෑපත් ඉල්ලීම මත "විශ්ණු" නැමැත්තා මොවුනට එරෙහිව සටනට ඉදිරිපත් විය. මිථාන රජු එම සටනේදීඉය ගියේය, සුමාලින්තා සහ මලින්තා දෙසොහොයුරන් සටනින් පැරද "පාතාල ලෝකයට" පසු බැස්සේය. (පාතාල ලොව යනු වර්තමාන රුහුණු ප්‍රදේශය සහ මුහුදට ගිලීගිය කුඩා රාවණා, මහා රාවණා භූමි ප්‍රදේශය ඇතුලුව මැදගස්කරය හරහ දකුණු ඇමරිකාව තෙක් විහිදී තිබූ භූමි ප්‍රදේශය හෙවත් "අත්ලන්තිස්" මහ දිවයින "හෙළන්කා" යනුවෙන්ද හැදින්විනි.

" අශක්නුවන්තස්තෙ විෂ්ණුං
ප්‍රතියොද්ධුං බලර්දිතං
ත්‍යක්ත්වා ලංකාං ගතා
වස්තුං පාතාලං සහ පත්නයං "
(රාමායනය, උත්තර කාණ්ඩ, 8 වන සර්ග)

මේ අතර හිස් වූ ලංකා රාජ්‍යත්වයට පත් වෙස්සගිරියෙහි (වෛශ්‍රවගිරිය) ජනපදයක් තනාගෙන සිටි පුලතිසි පුත්‍ර විස්වස් (විශ්‍රවස්) සෘෂිගේ සහ සුකීරා දේවියගේ පුත්‍රයා වන වෙසවුණු (වෛශ්‍රවන කුවේර) රජු ලංකාපුර රාජධානිය අත්පත් කැර රාජ්‍ය පාලනය කරන්නට විය. එකල හෙළ ද්විපයේ වෙළඳ ( වෛශ්‍ර ) අධිපත්‍ය ඔහු සතු විය. වෛශ්‍රවන කුවේර රජු සීගිරිය ඉතා අලංකෘත වූ මනරම් මැදුරක් සහ පුරවරයක් ලෙස වැඩි දියුණු කොට " ආලකමන්දාව " යන නමින් සීගිරිය හැදින්වීය. එය රාමායණයේ සහ මහාවංසයේ මෙසේ මෙසේ සදහන් කොට ඇත,

" කුවේරා ධ්‍යුෂිතං පුරා යක්ෂරාජා නිවේශනම් "
(රාමයනය )

" කත්වා රාජඝරං තථ දසසංනයං මනොරමං
දුතියාලකමන๬ ංච කුවේරොව තහිං වශී "
(මහාවංශය, 39 පරිච්ඡේදය, 5 වන ගාථාව )

වෛශ්‍රවණ කුවේර රජු පිලිබද සදහන් කරනවිට සදහන් කල යුතුම අයෙකු වන්නේ හෙළ සුර්ය පෙළපතින් පැවත එන පුලතිසි මහා සෘෂිහු ගේ තොරතුරු කිහිපයක් පිළිබදවය. එකල අප හෙළ දීපයේ තොරතුරු ඉතා අල්පය. පුරාණ පුස්කොළ ග්‍රන්ථ සහ භාරතයේ පුරාණ ග්‍රන්ථ වල මෙතුමන්ගේ තොරතුරු ස්වල්පයක් සදහන්ව ඈත.
පුලතිසි රජුගේ රාජ්‍ය පාලන කාලය ලෙස ක්‍රි: පෙ: 2606-2616 අතර කාලය ලෙස පැරණි පොත පතේහි සදහන්ව ඇත. පුරාණ මූලාශ වල එම කාල වකවානුව හඳුන්වන්නේ " ද්වාපර " යුගය නමින්‍ ය. "ද්වාපර " යුගයේ ආයුෂ අති මහත් වේ යැයි සඳහන්ව තිබේ. අප පුලතිසි මහා සෘෂිහු අති දක්ශ වෙදදුරෙකු ලෙස ප්‍රකට වේ. ඔහු හිරාණ්‍ය කෂිපු මහා සෘෂි පරපුරෙහි වූවෙකි. එකල ලොව පැවැති ප්‍රථම ජෝතිෂ - ආර්යුවේද සංගායනාව වූ " මැද දෙරණ " වෙද සමුළුව පැවැත් වීමට මුල් වූයේද පුලතිසි මහා සෘෂිහුය. තෙමසක් කල් පැවැතුණ මෙම මහා වෙද සමුළුවෙහි එක් සමුළුවක් හෙළ දීපයෙහිද පැවැති බව හා ඊට සරිලන මහ මැදුරක් ලෙස සීගිරිය යොදාගත් බවක් ද ධන්වන්තරී මහ සෘෂිහුද එයට ආරාධනා ලද බවක්ද පැරැණි පුස්කොළ ග්‍රන්ථ වල දක්වා ඇත. පුලතිස් මහා සෘෂිහු " මැද දෙරණ " වෙද සමුළුවට දියෙන් හෝ ගොඩින් නොගොස් අහසින් (ගුවන් යානාවකින් ) ගිය බවක් පුරාණ ආයුර්වේද ග්‍රන්ථ වල සදහන් කොට ඇත. එකල අප හෙළ දීපය මහා දැනුම් මධ්‍යස්ථානයක් වූවාට කිසිම සැකයක් නැත.
කෙසේ හෝ පසුව පුලස්ති පුත්‍ර විශ්‍රවස් මුනි දෙවනුව සරණපාවා ගත් භාර්යාවන් තිදෙනාගෙන් එක් කුමරියක් වන පුෂ්පොත්කටා(කෙකසී, කේසනී) කුමරියට දාව උපන් දරුවන්ගෙන් එක් පුත්‍රයෙක් වූ රාවණ කුමරු තම වැඩිමහල් සොයුරාගෙන් "ආලකමන්දා" රාජ්‍යය අත්පත් කර ගත්තේය. රාවණා කුමරු හට ආලකමන්දාවේ (ලංකාපුරයේ) උරුමය ලැබෙන්නේ තම මවුගේ පාර්ශ්වයෙනි. එකල මේ ද්වීපයේ පාලන කටයුතු සිදුකල ප්‍රධාන මධ්‍යස්ථාන හතක් පැවතුනි. මේ ද්වීපයේ පාලණ කටයුතු සිදුකළ එම ගිරි රාජධානි සියල්ලම හැඳින්වූයේ " ලංකාපුරය " යන නාමයෙනි. එම ගිරි රාජ්‍යයන් හත නම් සිවගිරිය(සීගිරිය), මලයගිරිය(සෙන්කඩගල), මහේන්ද්‍රගිරිය(රුහුණු), චන්ද්‍රගිරිය(සබරගමුව), ඉන්ද්‍රගිරිය(කූරගල), හෙළගිරිය(දෙවුන්දර), මුලගිරිය(මුල්කිරිගල) ලෙස හැදින්වුනි. පාලන කටයුතු සිදුකල මෙම මධ්‍යස්ථාන සියල්ලක්ම මහා රාවණ රජු අත්පත් කර මුළු හෙළද්වීපයම එක්සේසත් කලහ.
එපමණක් නොව තම රාජ්‍ය පාලනය ඉන්දියාවේ සහ දකුණු ඇමරිකාව ඇතුළු භූමි ප්‍රදේශ කරාද ව්‍යාප්ත කලේය. මුළු අධිරාජ්‍යයේම පාලන කටයුතු සිදුකළ ප්‍රධාන බලකොටු 24 ක් තිබුනි. සීගිරියේ(ලංකාපුරයේ) වෛශ්‍රවන කුවේර රජුට අයත්ව තිබූ අහසින් ගමන් කල හැකි යානය(අහස් යාත්‍රාව) ද මහා රාවණ රජු සතුවිය. රාවණ රාජ්‍ය කාලයට පෙර සිටම මෙ බිමේ ගුවන් යානා තාක්ෂණය පැවතුනි. එකල ලංකාපුරය(සීගිරිය) අලංකෘත පුරවරයක් ලෙස විවිධ ගොඩනැගිලි වලින් වැඩි දියුණු වූවාට කිසිම සැකයක් නැත. රාමායණය ලියූ වාල්මිකී මුනිවරයා පවා ලංකාපුර රාජධානියේ වූ දර්ශනීය මලිගය ගැන අතිශෝක්තියෙන් තොරව තම කෘතියෙන් බොහෝ විස්තර ලියා තැබුවේය.

"ලංකා නාම පුරී රම්‍යා නිර්මිතා විශ්වකර්මණා"

(රාමායනය, උත්තර කාන්ඩය, 3 වන සර්ග)

අදට අවුරුදු 5000 කට ඉහත සිටියා යැයි රාජාවලියේ සදහන් වන රාවණ රජතුමා (රාජාවලිය, ඒ. වී. සුරවීර සංස්කරණය, 168 පිටුව) අදට අවුරුදු 8000 කට ඉහත දී සිටි බවට එම කාල පරිච්ඡේදය ගවේෂණය කොට කැණීම් කර ලබාගත් මෙවලම් හා මිනිස් අස්ථි කොටස් වල වාර්තා මගින් අනුමාන කරයි.
දැනට තිබෙන මහාවංසය ලියවෙන්නේ අප පුරාණ හෙළ අටුවා ගිනිතබා නැවත ලිවීමෙනි. ඒ අනුව අදාළ සිදුවීම් වලින් අවුරුදු 1000 කට පසුවය. එම සිදුවීම හේතුවෙන් රාජ නාම වල වෙනසක් සිදුවී තිබෙන බව සෙල්ලිපි සහ මහාවංසය සියුම්ව නිරීක්ෂණය කොට බලන ඕනෑම කෙනෙකුට පෙනීයන කරුණකි. එසේ නමුත් මහාවංසය "රාවණ " පුවත බැහැර කලමුත් මහාවශයේම 64 වන පරිච්ඡේදයේ 42 වන ගාථාවෙහි ඉන්දියාවේ සිට පැමිණි රාම කුමරුන් විසින් මහා රාවණ රජතුමාව ඝාතනය කල බව සදහන් කර ඇත.
" රාමයණ භාරතාදි ලොකියාසු කථා සුපි
විකකට කෙචච තසස රාවණ ඝාතනො "
(මහාවංසය, 64 පරිච්ඡේදය, 42 වන ගාථාව)

බොහෝ දෙනෙකු දැන සිටින සහ මහාවංසයේ සඳහන්ව ඇත්තේ ද සීගිරිය යනු කාශ්‍යප රජතුමා තම පියාණන් වන ධාතුසේන රජු ඝාතනය කිරීමෙන් පසුව බියේ සැඟවී සිටීමට නිර්මාණය කල ස්ථානයක් බව හා සීගිරිය කාශ්‍යප රජු විසින් ගොඩනගන ලද රාජධානියක් වශයෙනි. නමුත් කාශ්‍යප රජු විසින් කරන ලද්දේ සීගිරිය නැවත ප්‍රතිසංස්කරණය කොට ගොඩනැගීමයි. මෙහි ඉදිකිරීම් රටාව දෙස විමර්ශනශීලීව බැලුවහොත් සැඟවී සිටීමට නිර්මාණය කලේද ? යන්න පවා සිතීමට අපහසු වන අතර එය ගැටලු සහගත කාරණාවකි.
පුරාවිද්‍යා පර්‍යේශන වලට අනුව සොයාගෙන ඇත්තේ සීගිරි ගොඩනැගිලි තනා තිබෙනුයේ යුග සතරකදී සහ සීගිරි උද්‍යානය තනා තිබෙනුයේ යුග පහකදී බවය. අක්කර තුනහමාරක භූමි භාගයක් පුරා එච්. සී. පී. බෙල් මහතා කල කැණීම් වාර්තා අනුව නිගමනය කරනු ලැබූවේ සීගිරිය යනු රජවරුන් කිහිපදෙනෙකු විසින් විවිධ අවස්ථාවලදී තැනූ නිර්මාණයක් බව ද එම වාර්තා වල සදහන් කොට ඇත. ඉතා සුඛෝපභෝගී මාළිගාව සහ එලිමහන් රංග පීඨය, කුඩා පොකුණු වලින් පිරීගිය ජලමල් උද්‍යානය, උණුසුම් හා ශීත මාළිගා සංකීර්ණය, මනාව සැලසුම් කෙරූ ජල මාර්ග පද්ධති, විවේක ස්තාන සහ උමං පද්ධති ද එච්. සී. පී. බෙල් මහතා විසින් ක්‍රොන්ක්‍රීට් කර වසා දැමුණු සීගිරි පව්ව ඇතුළත පිහිටි මාළිගා සංකීර්ණයේ කොටස් හා උතුරු දොරටුව දෙසින් වැටී ඇති ප්‍රධාන මාවත ඇතුළු සීගිරි ගලෙහි මාළිගා සංකීර්ණයට ඇතුළු විය හැකි " සිංහ සෝපානය " (Lift) මේ අතරින් ප්‍රධාන කොටස් කිහිපයකි. මෙම සෝපානය පිළිබදව රාමායණයෙහි මෙසේ සදහන්කර ඇත.
" උත්තරද්වාර මාසද්‍ය යත්‍ර තිෂ්ඨති රාවණං "
( රාමායණය, යුද්ධ කාන්ඩය, 41 වන සර්ග )

අප පුරාණ හෙළ භූමියේ දැනුම් සහ හිරු පරපුරේ ඉතිහාසය ගවේෂණයේ යෙදෙන විද්වතුන් කිහිපදෙනෙකු අතරින් එක් පුද්ගලයකු වන සාහිත්‍යශූරී ආචාර්ය පී. එස්. ටී චූලවංස මහතානන්ගේ " හෙළ සත්‍ය ඉතිහාසයේ එතිහාසික මග නැඟුම " නැමැති කෘතියේ ලංකාපුරය ගැන මෙසේ සඳහන්ව ඇත.
" ඉන්දියාවේ ආයුර්වේද ග්‍රන්ථ වලත් බලවත් රස බෙහෙත් නාමයන් තුළත් රාමයනය, මහා භාරතය ආදී වීර කාව්‍යයන් තුළත් ලංකාවේ රාමයනය වීර කාව්‍යයේත් සදහන් මෙම කවියට අපේ අවධානය යොමු කරමු.

" කණු ලංකේති නගරි රාවණාස්ස දුරාත්මජං
දක්ෂිණස්ස සමුද්‍රස්ස තිරේ වසති දක්ශිණෝ "

දකුණු ලක මුහුදු තීරයේ රාවණ රාජධානියේ ලංකාපුරය තිබූ බව මෙහි දක්වා තිබේ, බලංගොඩ රාජකීය පණ්ඩිත වටද්දර ඤාණිස්සර හිමියන් පවසන්නේ ලංකාපුරය තිබුණේ කූරගල බවයි. එතැන මුල් මානවයාගේ පිහිටීම පිළිබඳවත් බලංගොඩ මානවයා පිළිබඳවත් ඇති දත්ත නිසා එසේ වීමට ඉඩ තිබේ. සීගිරිය ද ලංකාපුරයක් ලෙස පිළිගැනීමට හැකිය. වර්තමානයේත් රාජ්‍ය නිල නිවෙස් කීපයක්ම රටේ ඇති බැවින් ලංකාපුරය පිළිබඳ එතරම් වාද කිරීමක් අවශ්‍ය නැත. "
(හෙළ සත්‍ය ඉතිහාසයේ එතිහාසික මග නැගුම, 59 වන පිට )

සීගිරි ඉතිහාසය පිළිබදව සාහිත්‍යශුරී ආචාර්ය පී. එස්. ටී. චුලවංශ මහතාගෙන් එක් අවස්ථාවක මා විමසා සිටි අවස්ථාවක එතුමා මෙසේ අදහස් දක්වන ලදහ, එය මෙසේ සටහන් කරමි.
" සුර අසුර ගෝත්‍ර හා ඒරාන ආර්ය ගෝත්‍ර එකම ගණයේ ශේෂ්ඨ ශිෂ්ටාචාර ආරම්භකල ජාතීන් බව නිසැකය, ඒ හැර අතීත ශක්‍ර ගෝත්‍රය පර්සියානු පාළකයින් නියෝජනය කලේය. අතීතයේ හෙළ පාළකයින් අතරද ශක්‍ර යෙදීම් පැවත ඇත. ඈත අතීතයේ ශක්‍ර ගෝත්‍රය නියෝජනය කල මීට අවුරුදු දහස් ගණනකට පෙර දේව නායක ශක්‍ර නම් පඬිවරයෙකු හෙළ දීපයේ ජීවත් විය. ඔහුගේ ශක්‍ර දුතිකා නම් දියණියට සුර පත්ම, සිංහ මුඛ,අජුම්බි, හා තාරක නම් පුතුන් සිව් දෙනෙකු සිටියාය. ඒ දරුවන්ගේ පියා "සිංහ වීරවන" ලෙස හදුනාගත හැක. මින් සිංහ මුඛ කුමරා මහත් තේජෝ බලයෙන් යුක්ත වූවාය. ඒ හැර ඔහු හෙල කිරුළ පැළඳීමට තරම් මහජන ප්‍රසාදයට පත්ව සිටියේය. මේ කුමරුවන් මව් පර්ශ්වයෙන් ශක්‍ර ගෝත්‍රිකයින් වූ අතර පිය පාර්ශ්වයෙන් සුර්ය ගෝත්‍රිකයන් වූහ. (යක්ඛ යනු සුර්යයාට කියන නමකි) ලංකාපුර යනු හෙළ ද්වීපයේ ආරක්ෂිත බලකොටු සඳහා ව්‍යවහාර වූ නාමයකි. නමුත් දකුණු ඉන්දියාවේ "ලංකා" නාමයෙන් හඳුන්වනු ලබන්නේ ගොහොරු බිම්‍ ය. හෙළ ද්වීපයේ රජරට නමින් හඳුන්වනු ලබන ප්‍රදේශයට අයත් "ලංකා" බලකොටුව අතීත කාලයේහි "සිංහ මුඛ" නමින් හැදින්වූයේ සිංහ මුඛ කුමරා හෙළ කිරුළ පැළඳීමෙන් පසුව වේ. සිංහ මුඛ කුමරු විසින් රුහුණු පුර ප්‍රාන්තීය රජ්‍ය පාලනය සුර පද්ම කුමරුට පවරන ලදුව තාරක කුමරු කළුතර හා බටහිර තැනිතලා භූමි පාලකයා වසයෙන් පත් කරන ලදී. එහෙත් අජුම්බි කුමරා ගැන පසුවට කිසිවක් සදහන් නොවේ.
එතුමා පැවසූ තොරතුරු අද ඉතිහාසයේ දක්නට නැත. සොයා ගැනීමටවත් නැත. මෙම සිදුවීම වඑතමාන සීගිරියේ ඉතිහාස කතාවේ අතීත තොරතුරු වලට පෙල ගැස්මක් යැයි පිළිගැනීම නිවැරදි වේ.
ක්‍රි: ව: 434 දී හෙළ අටුවා ශක්‍ර දෙවිඳු ඇතැම් දෙවි දේවතාවුන් විසින් අන්ත්‍රාස්දාන කලා යැයි පිළිගත්තත් සත්‍ය වශයෙන්ම සිදුවූයේ හෙළ අටුවා විනාශ කර දැමීමකි. හෙළ අටුවා ඉතිහාසයේ මෙවැනි සත්‍ය වූ කරුණු සඳහන්ව තිබුණා විය හැක. ක්‍රි: ව: 434 සිට ක්‍රි: ව: 463 දක්වා හෙළ රජකම් කලෝ ද්‍රවිඩ පාළකයින් වූහ. ඔවුන් සොත්තිසේන, ජත්තග්‍රාහක, මිත්තසේන, පඩි පාරින්ද, කුඩා පාරින්ද, දිටීය, පීඨිය වසයෙන් හැදින්වේ. මෙම කාලිංඝ ද්‍රවිඩ පාලන කාලය උපයෝගී කොටගෙන අපගේ හෙළ අටුවා විනාශ කිරීමට කාළිංඝ සොළී භික්ෂූන් ක්‍රියාත්මක වූ බව ඉතා පැහැදිලි වේ. මෙම පාලනය පැවති විසිනව අවුරුදු පුරා හෙළ සිංහල භික්ෂූන් වහන්සේලාත් සිංහල ජන ප්‍රධානින් වනගතව විසූහ. ධාතුසේන කුමරා ද්‍රවිඩ බලය විනාශකොට හෙළ රජ කිරුළ පැළදුවේ මහත් අභියෝග මධ්‍යයේය. එතුමාට කාළිංඝ සහ ස්වදේශීය (යක්ඛ) බිසවුන් සිරි අතර ප්‍රධාන බිසෝ තනතුර දැරුවේ කාළිංඝ දේවියකි. ඇයගේ පුත්‍රයා මුගලන් කුමරු වේ. ස්වදේශීය යක්ඛ බිසවගේ පුත්‍රයා කාශ්‍යප කුමරුවන් වේ. කාශ්‍යප කුමරු රාජ්‍යත්වයට පත්වූයේ පිය රජු මරණයට පත්කර බව කියැවේ. මහා විහාරයේ සිටි කාළිංඝ භික්ෂූන්ගේ ප්‍රසාදය නොලැබූ කාශ්‍යප රජතුමා තම මුතුන් මිත්තන් ගොඩනැගූ රාජ්‍යත්වය කල නටබුන් වූ සීගිරිය තම රාජ්‍ය මධ්‍යස්ථානය කොට ගනිද්දී එහි බොද්ධ භික්ෂුන් වැඩසිටි බව සනාතවෙයි. භික්ෂුන්වහන්සේලා තම පර්වත ආරාමය කාශ්‍යප රජතුමාට භාරදී පිදුරංගල පර්වතයට වැඩම කල සේක.

සටහන : හේමාල් ද අල්විස් @
7/3/2026

( ඉතිරි කොටස බලාපොරොත්තු වන්න.......)
#සිංහමුඛ #සීගිරිය ゚viralシalシ ゚viralシviralシfypシ゚viralシalシ

"චා භාග්" පොකුණු නිර්මාණයේ ආරම්භය ලංකාවෙන්ද ?සීගිරිය වටා කොටු පවුරු තුනක් සහ දිය අගල් දෙකක් දක්නට ලැබේ. එම දිය අගල් වලින...
04/03/2026

"චා භාග්" පොකුණු නිර්මාණයේ ආරම්භය ලංකාවෙන්ද ?

සීගිරිය වටා කොටු පවුරු තුනක් සහ දිය අගල් දෙකක් දක්නට ලැබේ. එම දිය අගල් වලින් එගොඩ වී මාළිගාව දෙසට ගමන් කරන විට කෙලින් මාවත නැගෙනහිර සහ බටහිර දිශා ගතව පිහිටා ඇත. මෙහි දක්නට ඇති විශේෂත්වය නම් මාර්ගයේ එක් පෙදෙසක දක්නට ලැබෙන පොකුණු සහ ගොඩනැගිලි නටබුන් ඒ අයුරින්ම මාර්ගයේ අණෙක් පසත් දැකීමට ලැබීමයි. පවුරු සහ දිය අගල් පසුකර යනවිට දක්නට ලැබෙන්නේ ජල උද්‍යානයයි. මෙම ස්ථානයේ එල් (L) අකුරේ හැඩයට තැනූ පොකුණු සතරක් දක්නට ලැබේ.
මෙම පොකුණු නිර්මාණ ලක්ෂණ අතින් ක්‍රි: ව: 16 සහ 17 වන සියවස්වල ඉන්දියාවේ මෝගල් අධිරාජ්‍ය කාලයේ ඉදිකළ පොකුණු වලට සමානකමක් දක්වයි. ඉන්දියාවේ එම පොකුණු හැදින්වූයේ
"චා බාග්" (භාග සතර) යන නමිනි. නමුත් සීගිරියේ ඇති මෙම පොකුණු ඉදිවී තිබෙන්නේ ක්‍රි: ව: පළමුවන සියවසටත් බොහෝ ඈත කාලයේදී වේ. කෙසේ හෝ අපට පිළිගැනීමට සිදුවන්නේ ඉන්දියාවට කලින් මෙම පොකුණු නිර්මාණ හෙළ දීපයේ තිබුණු බවය.

සටහන : Hemal De Alwis
03/03/2026
#සිංහමුඛ #මහාරාවණා #පොකුණු

26/02/2026

#මහාරාවණා #ලංකාපුර #සිංහමුඛ

24/02/2026

පුරාණ හෙළබිමේ වන වැදුණ ජනතාවගෙන් පැවතෙන ගෝත්‍රය "වැද්දෝ" #මහාරාවණා #ලංකාපුර #වැද්දා

24/02/2026

#මහාරාවණා #ලංකාපුර #කොඩි

සුනාමිකැළණිතිස් රජු දවස සහ ඉන් පෙරද අප මහ දිවයින සොබාවික වියසයන් හේතුවෙන් මහා ජල ගැලීම් කිහිපයකටම ගොදුරු වූ බව බොහෝ විද්...
17/02/2026

සුනාමි

කැළණිතිස් රජු දවස සහ ඉන් පෙරද අප මහ දිවයින සොබාවික වියසයන් හේතුවෙන් මහා ජල ගැලීම් කිහිපයකටම ගොදුරු වූ බව බොහෝ විද්වතුන් නොපිලිගත් අතර රාජාවලියෙහි සදහන් ලෙස එසේ වූයේ නැතැයි ද ඔවුහු විවිධ මත ගෙනහැර තර්ක කලහ, නමුත් මෑතකදී ඇති වූ සුනාමි වියසනයට පසුව එම සියලුම කරුණු නිවැරදි බව ඔවුන් පිලිගහ. අපද එම බියකරු අවස්ථාව ඇසින් දුටුවෙමු.
ලංකාවේ ගිණිකොනදිග සහ දකුණු ප්‍රදේශයේ මුහුදු පතුලේ කවුළු ඇති ලෝහමය ආරක්ෂක බැම්මක් (ප්‍රකාරයක්) ඇතිබව කිමිදුම් කරුවෝ පවසති. මහා රාවණ යුගයේ හෝ ඊට පෙර සිටම හෙළ ද්වීපයෙහි ගිණිකොනදිග තිබුණා යැයි සදහන්වන ආකාශ වස්තු පරික්ෂනාගාරයක් සහිත මාළිගයෙහි වටා තිබූ ගල් පර්වතය සහිත පවුර එය වන්නට පුලුවන, (මෑතකදී ඇතිවූ සුනාමි තත්ත්වය හේතුවෙන් මෙය හොදින් දර්ශනය වූ බව කිරින්ද අවට ප්‍රදේශවාසීහු 2010 දී එම ප්‍රදේශයේ කල සංචාරයකදී මෙම ලියුම් කරුට පවසා ඇත)
ලංකාපුරයේ ඇතුල්වීමේ දොරටුවල ආරක්ෂාව සඳහා ආරක්ෂකයින්ට අමතරව ඊ විදිය හැකි යන්ත්‍ර යොදා තිබුණි, එම පවුරු රන් ආලේපකොට තිබූ අතර ඇතුලතින් කොරල්, නිල් මැණික් හා මුතු අල්ලා තිබූ ඉතා උස් වූද පළල් වූද පවුරු වටා තිබූ දියඅගල් පළල් හා ගැඹුරු විය.
ලංකාධීශ්වර මහා රාවණා රජුගේ රාජ්‍ය පාලන සමයෙහි ලංකාපුරය අත්පත් කොට ගැනුමට බොහෝ ඉන්දියානුවෝ උත්සාහ කලහ, ඒ යුගයේ ලංකාපුරය තාක්ෂණය අතින් ඉතා දියුණු වූ අතරම ලෝහ විද්‍යාව පිළිබඳ හසළ දැනුම ඇති අය සුලබ විය. ඔවුන් විසින් සතුරන්ට කිසි කලෙකවත් විනාශනොකල හැකි ලෝහමය පුරයන් තුනක් ගොඩනගා තිබුණි. මෙය විනාශ කිරීමට හැකි විෂ හෝරාවක් ඔවුන් සතුව නොවීය. එය විනාශ කිරීමේ විෂ හෝරාව තිබුණේ ද මහා රාවණ රජු සතුවය, එම ශාස්ත්‍රය ලබාගැනීම ලෙහෙසි පහසු කටයුක්තක් නොවුවද විභීෂණ රවටා උපක්‍රමයකින් එය ලබාගත් බව කියැවේ. ඒ විෂ හෝරාව "ශිවාලිඛිත නැකත" ලෙස හැදින්වෙයි. උපක්‍රමයෙන් ලබාගත් එම නැකත උපයෝගී කොටගෙන ලංකාපුරයට පැමිණි ඉන්දියානු සේනා අයෝමය පුරයන් විනාශ කල බව පුරාතන සටහන් වලින් හෙළිවේ.

මුලින් සදහන් කල පරිදි වසර දොළසක් පුරා පැවැති යුද්ධය නිමාවීමත් සමගම මහ ලංකාව විශාල ජල ගැල්මකින් යටවිය. එය ක්‍රිස්තියානි බයිබලයේ විස්තර වන "ජල ගැල්ම" වේ. මහා රාවණ රාජධානියද දියුණු ශිෂ්ටාචරය සමග ඉන්පසු විනාශ වූ අතර ඉතිරි වූයේ නිකොබාස්, කුඩා රාවණා, මහා රාවණා කෝට්ටේ නමින් හඳුන්වන කුඩා භූමි ප්‍රදේශය හා The Cocos Keeling Group, Mauritius, මැඩගස්කරය, මාලදිවයින් දූපත් සහ ලංකාවේ දැනට ඉතිරි වූ භූමි ප්‍රදේශය පමණි. "රාජාවලිය" සහ "විත්ති කඩඉම්" පොත්වල විස්තර වන ලෙස දහයෙන් අටක් රට ගිලුණු බව සදහන් වේ.
ලිපියේ පෙර සදහන් කල පරිදිම රාජාවලිය, සද්ධර්මාලංකාරය හා විත්ති කඩඉම් පොත් සදහන් කරන අන්දමට මහා රාවණ රාජ යුගයේ රටෙන් වැඩි කොටසක් මුහුදු බත්වී ඇති අතරම එය ජල ගැලීම් වලින් දෙවැන්න වේ. පළමුවැන්න තාරක යුගයේ (කි. පෙ. 110) සහ තෙවැන්න කැලණිතිස්ස යුගයේ (කි. පෙ. 2) සිදුවූ බව පැවසේ.

අරිසෙන් අහුබුදු ශූරීන්ගේ "ඉරහද නැගි රට හෙවත් යටගිය වංශය" ග්‍රන්ථයේහි මහා රාවණ රජ පුවත මෙසේ දැක්වේ,

" පුරා තෙ මසක් තුළ
පැවැතුණ ගිලුම් කලබල
නිසා රවුලිදු දෙන
තිබිණි මැදුරේ රැකුම් ලබමින"

කවි පද පෙළ උපුටා ගැනීම ,

( ඉරහඳ නැගි රට හෙවත් යටගිය වංශය / "රවුළු අවසන් කිස" / පරි, 153 පිටුව )
කතෘ : කලාශූරී අරිසෙන් අහුබුදු ශූරීන්

සටහන : HML@
#කුඩාරාවණා #මහාරාවණා #රාවණ #සුනාමි #ලංකාපුර

Address

Makuluduwa
Piliyandala
10300

Website

Alerts

Be the first to know and let us send you an email when Those who seek the hidden Hela Purana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share