13/03/2026
" කලියුගයෙන් සිහගිරියට චාරිකාවක් "
- පළමුවන කොටස -
සීගිරි රාජධානියේ සැඟවුණ පුරාණ තොරතුරු සොයමින් ඒ බිමේ සැරි සරන්නෝ බොහෝය. මෙම පෙදෙසේ සහ ලංකාවේ ප්‍රාග් ඉතිහාසය සොයා යන පර්‍යේශකයන්, විද්වතුන් සහ පුරාවිද්‍යා නිලධාරීන් ද බොහෝ දෙනෙකු සිටී, ඔවුන් කැටපත් පවුරේ සහ පර්වතයේ බටහිර බෑවුමේ ගුහා තුළ ඇදි "සීගිරි සිතුවම්" පිළිබඳව හා ජලමල් උද්‍යානයේ සීමිත කොටසකට වැඩි අවධානයක් යොමුකොට මාළිගා සංකීර්ණයේ ඇති අනෙකුත් පුරාණ නටබුන් හා ඒ භූමියේ මූලාරම්භය කෙසේ සකස් වුනිදැයි යන්න ගවේෂණාත්මක කටයුතු අතපසුකොට හෝ වංශකතාවේ සදහන් කරුණු මත පමණක්ම හිඳ වැළලී තිබෙන අපට වසන් වූ හිතාමතාම වසන් කෙරූ සත්‍ය තොරතුරු සෙවීමට වැඩි උනන්දුවක් නොදක්වයි. නැතිනම් සීගිරි භූමියේ පුරාණම තොරතුරු පිළිගත නොහැකි හුදෙක්ම එකිනෙකාගේ අභිමතාර්ථ පරිදි ගෙතූ ප්‍රලාප ලෙස හෝ සනාථ කිරීමට අපහසු සාක්ෂි නොමැති ප්‍රබන්ධ ලෙස පවසයි, නැතිනම් ඔවුන් එයට මැලිකමක් දක්වයි.
සත්‍ය වශයෙන්ම සීගිරියේ මුල් නිර්මාතෘවරු කවුරුද යන්න මතභේදයට තුඩුදුන් මාතෘකාවකි. මේ භූමියේහි ප්‍රාග් ඉතිහාසයට අදාල සොයා නොගත් සැඟවුණු ස්ථාන බොහොමයක් තවමත් නිරුපද්‍රිතව ඇත. ක්‍රමානුකූලව එම ස්ථාන කැණීම් කර මතුකැර ගතහොත් අප මුතුන් මිත්තන් ගේ පුරාණ තාක්ෂණය සහ ඔවුන්ගේ අපූරු නිමැවුම් ද දැකබලා ගැන්මට පිළිවන, මේ වන විට ඒ අපූරු තාක්ෂණය අපගෙන් අතුරුදහන්ව ඇත. ඒවා මතුකැර ගැනීමෙන් අපට ඒ කාලය පිලිබද අවබෝධයක් ලබා ගතහැක. අප දන්නා සත්‍ය නම් ඉංග්‍රීසි අධිරාජ්‍ය සමයේ අප දිවයිනේ වූ පුරාණ තොරතුරු බැහැරකොට ඔවුන් විසින් අපට ලියාදුන් නව ඉතිහාස කරුණු පමණක් අපට පාසැල් වල ඉගෙන ගැනීමට සිදුවිය. නමුත් සත්‍යය එය නොවේ , ඔවුන්ගේ එම ක්‍රියා කලාප නිසාම ඒකී පුරාණ කාල වකවානු පිළිබඳව සදහන් කරුණුද ඉතා අල්පය. එසේ වුවද අපගේ නොයෙකුත් ඉතිහාසය ග්‍රන්ථවල සහ දැනට ඉතිරිවී තිබෙන පුස්කොළ ග්‍රන්ථවල ස්වල්ප වශයෙන් හෝ එම තොරතුරු සදහන් කොට තිබේ. එම තොරතුරු එකින් එක ගෙන පෙලගැසුවහොත් ඉතා අසීරුවෙන් අප දිවයිනේ පුරාණ හෙළ ඉතිහාසය ගොඩනැගීමට හැකියාව ඇත. ක්‍රමවත්ව ගවේෂණය කලහොත් එය කිරීමට අපහසු කටයුත්තක් ද නොවේ. ප්‍රාග් යුගයට අදාල ස්ථාන සහ සීගිරි භූමිය පිළිබඳ එසේ සොයා බැලුවහොත් අපහට වැටහීයන ප්‍රධාන කාරණයක් වන්නේ එම සෑම ස්ථානයක්ම ඉතා ඈත කාල වකවානුවකට විහිදී යන ඉතා දියුණු ශිෂ්ටාචරයක නෂ්ටාවශේෂ බොහොමයක් සැඟව ගිය ප්‍රදේශ කිහිපයක්ම අප දිවයිනේ තිබෙන බවකි, බොහොමයක් ඉතිහාස ගවේෂකයින් ද පුරාවිද්‍යා නිලධාරීන් සහ විද්වත් ආචාර්ය , මහාචාර්ය පඬිවරුන්ද ලංකාද්වීපය පිළිබඳව සහ පුරාණයේ මෙහි සිටි මනුෂ්‍යයින් පිළිබඳව නොයෙක් මත පලකරති, පර්‍යේශන කොට සනාථ කර ද තිබේ. ඒ ඇසුරෙන් ඔවුන් විවිධ නිගමන වලටද පැමිණෙති. නමුත් කවුරුන් කෙසේ අදහස් දැක්වූව ද පුරාණයෙහි වූ ශිෂ්ටාචාරය සහ එහි විසූ මුතුන් මිත්තන්ගේ තාක්ෂණය හෝ ඔවුන් තැනූ විස්මිත නිර්මාණ ද එකල අප දිවයින ස්වාභාවය ද අපට සොයා ගැනීමටවත් නොහැකි ලෙස ස්වාභධර්මයා විසින් හෝ සඟවා තිබේ. එනිසාම හෙළ ජීවන රටාව සහ වෙනත් රටවල් සමග ගනුදෙනු හා වෙළදාම් කල ආකාරය කෙබඳු වීද යන්න නිවැරදි මත ඉදිරිපත් කිරීමට තවම අපොහොසත් වී ඇත, ඒ වනයම් කරුණක් නිසා නොව ඉංග්‍රීසි අධිරාජ්‍ය සමයේ ඒකී පුරාණ තොරතුරු සදහන් වටිනා ග්‍රන්ථ විශාල සංඛ්‍යාව ක් මෙරටින් රැගෙන යන ලද අතරේ එච්.ඩබ්ලිව්. කොඩ්රින්ටන් මහතා ලියූ නව ලංකා ඉතිහාසයට එම තොරතුරු ඇතුළු නොකොට ඔහු ඒ අගනා පුරාණ හෙළ ඉතිහාස කරුණු ජනවහරෙන් ආ ගොතන ලද ප්‍රබන්ධ ලෙස බැහැරකොට ඒ ඒ යුගයන් පිළිබඳ සදහන්වන පුරාණ ඉතිහාසගත කරුණු අපගෙන් ඉවත්කොට ඇත. එකල පැවැතුණ දියුණු ශිෂ්ටාචාරයන් පිළිබඳව නූතන ලංකාවේ ඉතිහාස පුරාවිද්‍යා ගවේෂකයින් හට කිසිදු අයුරකින් හෝ අවබෝධයක් ලබාගැනීමට අපොහොසත් වී ඇත. තවද මහාවංසය සහ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ප්‍රකාශකොට තිබෙන අදහස් පමණක් නිවැරදි යැයි අදහන බොහෝ විද්වතුන් එම තොරතුරු ඇසුරෙන් නොයෙකුත් ලිපි ලේඛන ද පළකර එමගින් එකිනෙකා පරයා නැගී සිටින්නට වෙරදරනවා මිස අප දිවයිනේ වූ පුරාතන ශේෂ්ඨ යුගයන් පිළිබඳ කැණීම් කොට ගවේෂණය කිරීමට කිසිදු උත්සහයක් නොදක්වයි. තම ශිෂ්‍යයින්ටද ඒවා එළි පෙහෙළි කොට නොදෙයි. තවම ලංකාවේ ඇති ප්‍රාග් යුගයන්ට අදාළ භූමි ප්‍රදේශ ආශිතව කිසිදු සංරක්ෂණ වැඩ පිළිවෙළක් හෝ නිසි පිළිගැනීමක් මේ වන තෙක්ම ලැබී නැත.
කෙසේ හෝ අප රටෙහි විද්වත් පඬිවරුන් සහ ඉතිහාසය සොයා යන්නන් ද පුරාවිද්‍යා නිලධාරීන් ද ප්‍රාග් ඉතිහාසය පිළිබඳව විවිධ අදහස් , මත පලකරති, ඔවුන් නොයෙකුත් දේශන මගින් නොයෙකුත් කරුණු කාරණා ඉදිරිපත් කර සිටිති. නමුත් කිහිපදෙනෙකු හැර ඒකී පුරාතන යුගයන් පිළිබඳව නිවැරදි තොරතුරු කිසිවෙකුත් ඉදිරිපත් කොට නැත. ඒ අතරින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට රටට මහඟු සේවයක් කල ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මහතා සහ එතුමගේ පුත්‍ර ආචාර්ය සිරාන් දැරණියගල මහතා ද නූතන පර්‍යේශන කටයුතු වල නියැළෙන මහාචාර්ය රාජ් සෝමදේව මහතා ද අප රටට මහඟු සම්පතකි.
කෙසේ හෝ "සෙල්‍ය දීප" නැතිනම් "සේල දීප" තවත් අයුරකින් කිවහොත් "සෙල දිබ" (ඉන්දියානුවන් කියනුයේ ගල් කඳු සහිත රට) "සෙල දිබ" යනුවෙන් බිඳී විත් හෙළ දිව" සෑදුනි.
මෙම ලියුම් කරු එක් අවස්ථාවකදී අපවත් වී වදාළ සියම් මහ නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ සබරගමු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක බලංගොඩ බෝම්බුව ශ්‍රී බෝධිමණ්ඩලාරාමාධිපති,
කූරගල ශ‍්‍රී පාද දිවා ගුහා රජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත වටද්දර ඤාණිස්සර හිමියන් සමග හෙළ ඉතිහාස කාරණා ගැන කතාබහ කරමින් සිටිනා විට එහිමියන් මෙසේ පවසන ලදී,
"හෙළ දීප, සිව්හෙළ, සිංහල දීප" ගල් කඳු සහිත රටේ මිනිසුන් යනුයි. අප දිවයින හැඳින්වීමට නම් රාශියක් භාවිතා කර ඇත, ""ලංකා, ලංකාදීප, තම්බපණ්ණි, තම්බපාණි, තම්බපණ්ණ, රත්නදීප, ලංකාපුර, මලයනාඩු, අමරප්දීප, හෙළ දිව, හෙළ දිව පුර, ගිරිහෙළ පුර, සිංහලද්වීප, සිංහල දීප, සිරි සීහළ දීප, සෙරන්ඩිප්, තැප්‍රොබේන්, තැප්‍රොබෙනි, සීලාන්, සෙලිකේ, සෙයිලාන්, සෙල දිබ, හෙළය, හෙළු රට, එළු රට, කොළම්බ මලය, කෝල මහා මලය, සෙයිලම, සාර සමුද්‍රය ආදී නම් රැසකින් ලංකාව හශුන්වන ලදී. විදේශ්කයින් එවකට හැඳින් වූ මේ නම් වලින් ඔවුන් ලංකාව නම්කොට ඇත්තේ ලංකාව ඔවුනට පෙනෙන සංකේත දර්ශකයක් වසයෙන් ඔවුන්ගේ බසට හුරු නම් වලිනි. මේ වෙනස් කම් ඇතිවීමට හේතුව එයයි.
මෑත කාලයේ එනම් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ රාජ්‍ය කාලයෙහි නොබැඳි සමුළුව සඳහා මෙහි පැමිණි (කොළඹට) දේශ දේශාන්තර නායක නායිකාවෝ නම් දෙකක් හැරෙන්නට කිසිම වෙනත් නුහුරු නමකින් ලංකාව නම්කොට නැත, එනම් "සීලන්කන්" හා "සිලෝන්" යන නම් දෙක පමණකි. මීට හේතු කිමෙක්දැයි බුද්ධිමතුන් සෙවිය යුතුය ? , ඊට ප්‍රධාන හේතුව වන්නේ කොළඹට පැමිණි ඔවුනට සංකේතාත්මක වසයෙන් විවහාර කරන්නට කොළඹ දකින ඔවුනට සංකේතයක් නොමැති වීමයි.
මෙහි ලංකා යනු ලඛී ලක්ඛණය ධාතුවෙන් සෑදි ඇත.
"ලංකා මජ්ජයේ අංකියතේනි ලංකා" ලංකාව මැද අංශක 89 ක් පෙරදිග මධ්‍යයේ පිහිටි ලංකාව ඈත මුහුදේ එන නාවිකයනට ශිෂ්ණයකි (ලකුණ) හෙවත් ලකුණකි.තවත් විස්තර කලහොත් ඉලක්කයකි. තවදුරටත් පැහැදිලි කලහොත් ඉද්දකි, ඒ අනුව ද්‍රවිඩ බසෙන් මේ ඉලක්කයට "ඉලංග" යයි විවහාර කරති.
"ඉලක්කෙයි, ඉලංගෙයි, ඉළංකෙ" යනුවෙන් විවහාර කරයි. මේ අනුව පසුගිය කාල වකවානුව තුළ විනාශකාරී කොටි ත්‍රස්තවාදීන් " ඊළම" ඉල්ලනවා යැයි පැවසුවේ ලංකාවෙන් කොටසක් නොව මුළු ලංකාවමයි. මෙයවත් නොතේරෙන අයවළුන් ඉන්ටර්නෙට් මගින් එක් එක් පුද්ගලයින් ලංකාව පිළිබඳ වෙනත් දේවල් සහ කියාපු දේ ලියා ඇත. මේවා පිළිගන්නා උගතුන්ද මේ රටේ සිටිති. මේවා සපුරා වැරදි සහගත දේවල් වේ.
මෙහිදී එක් කරුණක් මතක් කල යුතු වේ. " පොත පත බැලුවාට පතපොත ලීවාට නිති නෑ මයි වැටහෙන්නේ ගුණවත්කම නැණවත්කම තිබුනෝතින් ලොව සැම දේමත් වැටහෙන්නේ" යනුවෙන් උන්වහන්සේ එසේ සදහන් කර සිටියේය.
කෙසේ හෝ එකල පුරාණයේ හෙළ ශිල්ප ශාස්ත්‍ර පවා වෙනත් රටවල පැතිරුණ බව පුරාණ ග්‍රන්ථ වල සදහන්ව ඇත. ඒ පිළිබඳව කලාසූරී අරිසෙන් අහුබුදු ශූරීන්ගේ "ඉරහද නැගි රට හෙවත් යටගිය වංශය" නැමැති ඉතිහාස ග්‍රන්ථයෙහි මෙසේ සදහන් කොට ඇත,
"මාලි රජු කලැ ද
සමුළුවෙකි මේ බිමෙහි සොද
ඉරුවේදය ඒ සද
පෙරැළුනේ සකු බසට නිසි ලෙද"
(ඉරහඳ නැගි රට හෙවත් යටගිය වංශය , 122 පිටුව , 10 වන කවිය)
එහි සදහන් රජුන් ගැන අතීත කතාවක් මෙසේ වෙයි,
සූමාලින්තා, මිථාන, මාලින්තා යන සහෝදරයින් තිදෙනා තම පුත්‍රයෝ සමග සේනාවක් පිරිවරා ඉන්දියාවට ගොස් දේව ගෝත්‍රිකයින්ගේ යාගහෝම කඩාකප්පල් කිරීමට යෙදුනි. එනම් දේව ගොත්‍රිකයන් අහිංසක සතුන් සහ කන්‍යාවන් බිලි දී තම ජීවිතය හා පරමාත්මය සැපවත් කිරීමට යැයි කියා පවත්වනු ලබන යාගහෝම කඩාකප්පල් කරන්නට යෙදුනි. මේ නිසාම දේව ගෝත්‍රිකයින්ගේ බැගෑපත් ඉල්ලීම මත "විශ්ණු" නැමැත්තා මොවුනට එරෙහිව සටනට ඉදිරිපත් විය. මිථාන රජු එම සටනේදීඉය ගියේය, සුමාලින්තා සහ මලින්තා දෙසොහොයුරන් සටනින් පැරද "පාතාල ලෝකයට" පසු බැස්සේය. (පාතාල ලොව යනු වර්තමාන රුහුණු ප්‍රදේශය සහ මුහුදට ගිලීගිය කුඩා රාවණා, මහා රාවණා භූමි ප්‍රදේශය ඇතුලුව මැදගස්කරය හරහ දකුණු ඇමරිකාව තෙක් විහිදී තිබූ භූමි ප්‍රදේශය හෙවත් "අත්ලන්තිස්" මහ දිවයින "හෙළන්කා" යනුවෙන්ද හැදින්විනි.
" අශක්නුවන්තස්තෙ විෂ්ණුං
ප්‍රතියොද්ධුං බලර්දිතං
ත්‍යක්ත්වා ලංකාං ගතා
වස්තුං පාතාලං සහ පත්නයං "
(රාමායනය, උත්තර කාණ්ඩ, 8 වන සර්ග)
මේ අතර හිස් වූ ලංකා රාජ්‍යත්වයට පත් වෙස්සගිරියෙහි (වෛශ්‍රවගිරිය) ජනපදයක් තනාගෙන සිටි පුලතිසි පුත්‍ර විස්වස් (විශ්‍රවස්) සෘෂිගේ සහ සුකීරා දේවියගේ පුත්‍රයා වන වෙසවුණු (වෛශ්‍රවන කුවේර) රජු ලංකාපුර රාජධානිය අත්පත් කැර රාජ්‍ය පාලනය කරන්නට විය. එකල හෙළ ද්විපයේ වෙළඳ ( වෛශ්‍ර ) අධිපත්‍ය ඔහු සතු විය. වෛශ්‍රවන කුවේර රජු සීගිරිය ඉතා අලංකෘත වූ මනරම් මැදුරක් සහ පුරවරයක් ලෙස වැඩි දියුණු කොට " ආලකමන්දාව " යන නමින් සීගිරිය හැදින්වීය. එය රාමායණයේ සහ මහාවංසයේ මෙසේ මෙසේ සදහන් කොට ඇත,
" කුවේරා ධ්‍යුෂිතං පුරා යක්ෂරාජා නිවේශනම් "
(රාමයනය )
" කත්වා රාජඝරං තථ දසසංනයං මනොරමං
දුතියාලකමන ංච කුවේරොව තහිං වශී "
(මහාවංශය, 39 පරිච්ඡේදය, 5 වන ගාථාව )
වෛශ්‍රවණ කුවේර රජු පිලිබද සදහන් කරනවිට සදහන් කල යුතුම අයෙකු වන්නේ හෙළ සුර්ය පෙළපතින් පැවත එන පුලතිසි මහා සෘෂිහු ගේ තොරතුරු කිහිපයක් පිළිබදවය. එකල අප හෙළ දීපයේ තොරතුරු ඉතා අල්පය. පුරාණ පුස්කොළ ග්‍රන්ථ සහ භාරතයේ පුරාණ ග්‍රන්ථ වල මෙතුමන්ගේ තොරතුරු ස්වල්පයක් සදහන්ව ඈත.
පුලතිසි රජුගේ රාජ්‍ය පාලන කාලය ලෙස ක්‍රි: පෙ: 2606-2616 අතර කාලය ලෙස පැරණි පොත පතේහි සදහන්ව ඇත. පුරාණ මූලාශ වල එම කාල වකවානුව හඳුන්වන්නේ " ද්වාපර " යුගය නමින් ය. "ද්වාපර " යුගයේ ආයුෂ අති මහත් වේ යැයි සඳහන්ව තිබේ. අප පුලතිසි මහා සෘෂිහු අති දක්ශ වෙදදුරෙකු ලෙස ප්‍රකට වේ. ඔහු හිරාණ්‍ය කෂිපු මහා සෘෂි පරපුරෙහි වූවෙකි. එකල ලොව පැවැති ප්‍රථම ජෝතිෂ - ආර්යුවේද සංගායනාව වූ " මැද දෙරණ " වෙද සමුළුව පැවැත් වීමට මුල් වූයේද පුලතිසි මහා සෘෂිහුය. තෙමසක් කල් පැවැතුණ මෙම මහා වෙද සමුළුවෙහි එක් සමුළුවක් හෙළ දීපයෙහිද පැවැති බව හා ඊට සරිලන මහ මැදුරක් ලෙස සීගිරිය යොදාගත් බවක් ද ධන්වන්තරී මහ සෘෂිහුද එයට ආරාධනා ලද බවක්ද පැරැණි පුස්කොළ ග්‍රන්ථ වල දක්වා ඇත. පුලතිස් මහා සෘෂිහු " මැද දෙරණ " වෙද සමුළුවට දියෙන් හෝ ගොඩින් නොගොස් අහසින් (ගුවන් යානාවකින් ) ගිය බවක් පුරාණ ආයුර්වේද ග්‍රන්ථ වල සදහන් කොට ඇත. එකල අප හෙළ දීපය මහා දැනුම් මධ්‍යස්ථානයක් වූවාට කිසිම සැකයක් නැත.
කෙසේ හෝ පසුව පුලස්ති පුත්‍ර විශ්‍රවස් මුනි දෙවනුව සරණපාවා ගත් භාර්යාවන් තිදෙනාගෙන් එක් කුමරියක් වන පුෂ්පොත්කටා(කෙකසී, කේසනී) කුමරියට දාව උපන් දරුවන්ගෙන් එක් පුත්‍රයෙක් වූ රාවණ කුමරු තම වැඩිමහල් සොයුරාගෙන් "ආලකමන්දා" රාජ්‍යය අත්පත් කර ගත්තේය. රාවණා කුමරු හට ආලකමන්දාවේ (ලංකාපුරයේ) උරුමය ලැබෙන්නේ තම මවුගේ පාර්ශ්වයෙනි. එකල මේ ද්වීපයේ පාලන කටයුතු සිදුකල ප්‍රධාන මධ්‍යස්ථාන හතක් පැවතුනි. මේ ද්වීපයේ පාලණ කටයුතු සිදුකළ එම ගිරි රාජධානි සියල්ලම හැඳින්වූයේ " ලංකාපුරය " යන නාමයෙනි. එම ගිරි රාජ්‍යයන් හත නම් සිවගිරිය(සීගිරිය), මලයගිරිය(සෙන්කඩගල), මහේන්ද්‍රගිරිය(රුහුණු), චන්ද්‍රගිරිය(සබරගමුව), ඉන්ද්‍රගිරිය(කූරගල), හෙළගිරිය(දෙවුන්දර), මුලගිරිය(මුල්කිරිගල) ලෙස හැදින්වුනි. පාලන කටයුතු සිදුකල මෙම මධ්‍යස්ථාන සියල්ලක්ම මහා රාවණ රජු අත්පත් කර මුළු හෙළද්වීපයම එක්සේසත් කලහ.
එපමණක් නොව තම රාජ්‍ය පාලනය ඉන්දියාවේ සහ දකුණු ඇමරිකාව ඇතුළු භූමි ප්‍රදේශ කරාද ව්‍යාප්ත කලේය. මුළු අධිරාජ්‍යයේම පාලන කටයුතු සිදුකළ ප්‍රධාන බලකොටු 24 ක් තිබුනි. සීගිරියේ(ලංකාපුරයේ) වෛශ්‍රවන කුවේර රජුට අයත්ව තිබූ අහසින් ගමන් කල හැකි යානය(අහස් යාත්‍රාව) ද මහා රාවණ රජු සතුවිය. රාවණ රාජ්‍ය කාලයට පෙර සිටම මෙ බිමේ ගුවන් යානා තාක්ෂණය පැවතුනි. එකල ලංකාපුරය(සීගිරිය) අලංකෘත පුරවරයක් ලෙස විවිධ ගොඩනැගිලි වලින් වැඩි දියුණු වූවාට කිසිම සැකයක් නැත. රාමායණය ලියූ වාල්මිකී මුනිවරයා පවා ලංකාපුර රාජධානියේ වූ දර්ශනීය මලිගය ගැන අතිශෝක්තියෙන් තොරව තම කෘතියෙන් බොහෝ විස්තර ලියා තැබුවේය.
"ලංකා නාම පුරී රම්‍යා නිර්මිතා විශ්වකර්මණා"
(රාමායනය, උත්තර කාන්ඩය, 3 වන සර්ග)
අදට අවුරුදු 5000 කට ඉහත සිටියා යැයි රාජාවලියේ සදහන් වන රාවණ රජතුමා (රාජාවලිය, ඒ. වී. සුරවීර සංස්කරණය, 168 පිටුව) අදට අවුරුදු 8000 කට ඉහත දී සිටි බවට එම කාල පරිච්ඡේදය ගවේෂණය කොට කැණීම් කර ලබාගත් මෙවලම් හා මිනිස් අස්ථි කොටස් වල වාර්තා මගින් අනුමාන කරයි.
දැනට තිබෙන මහාවංසය ලියවෙන්නේ අප පුරාණ හෙළ අටුවා ගිනිතබා නැවත ලිවීමෙනි. ඒ අනුව අදාළ සිදුවීම් වලින් අවුරුදු 1000 කට පසුවය. එම සිදුවීම හේතුවෙන් රාජ නාම වල වෙනසක් සිදුවී තිබෙන බව සෙල්ලිපි සහ මහාවංසය සියුම්ව නිරීක්ෂණය කොට බලන ඕනෑම කෙනෙකුට පෙනීයන කරුණකි. එසේ නමුත් මහාවංසය "රාවණ " පුවත බැහැර කලමුත් මහාවශයේම 64 වන පරිච්ඡේදයේ 42 වන ගාථාවෙහි ඉන්දියාවේ සිට පැමිණි රාම කුමරුන් විසින් මහා රාවණ රජතුමාව ඝාතනය කල බව සදහන් කර ඇත.
" රාමයණ භාරතාදි ලොකියාසු කථා සුපි
විකකට කෙචච තසස රාවණ ඝාතනො "
(මහාවංසය, 64 පරිච්ඡේදය, 42 වන ගාථාව)
බොහෝ දෙනෙකු දැන සිටින සහ මහාවංසයේ සඳහන්ව ඇත්තේ ද සීගිරිය යනු කාශ්‍යප රජතුමා තම පියාණන් වන ධාතුසේන රජු ඝාතනය කිරීමෙන් පසුව බියේ සැඟවී සිටීමට නිර්මාණය කල ස්ථානයක් බව හා සීගිරිය කාශ්‍යප රජු විසින් ගොඩනගන ලද රාජධානියක් වශයෙනි. නමුත් කාශ්‍යප රජු විසින් කරන ලද්දේ සීගිරිය නැවත ප්‍රතිසංස්කරණය කොට ගොඩනැගීමයි. මෙහි ඉදිකිරීම් රටාව දෙස විමර්ශනශීලීව බැලුවහොත් සැඟවී සිටීමට නිර්මාණය කලේද ? යන්න පවා සිතීමට අපහසු වන අතර එය ගැටලු සහගත කාරණාවකි.
පුරාවිද්‍යා පර්‍යේශන වලට අනුව සොයාගෙන ඇත්තේ සීගිරි ගොඩනැගිලි තනා තිබෙනුයේ යුග සතරකදී සහ සීගිරි උද්‍යානය තනා තිබෙනුයේ යුග පහකදී බවය. අක්කර තුනහමාරක භූමි භාගයක් පුරා එච්. සී. පී. බෙල් මහතා කල කැණීම් වාර්තා අනුව නිගමනය කරනු ලැබූවේ සීගිරිය යනු රජවරුන් කිහිපදෙනෙකු විසින් විවිධ අවස්ථාවලදී තැනූ නිර්මාණයක් බව ද එම වාර්තා වල සදහන් කොට ඇත. ඉතා සුඛෝපභෝගී මාළිගාව සහ එලිමහන් රංග පීඨය, කුඩා පොකුණු වලින් පිරීගිය ජලමල් උද්‍යානය, උණුසුම් හා ශීත මාළිගා සංකීර්ණය, මනාව සැලසුම් කෙරූ ජල මාර්ග පද්ධති, විවේක ස්තාන සහ උමං පද්ධති ද එච්. සී. පී. බෙල් මහතා විසින් ක්‍රොන්ක්‍රීට් කර වසා දැමුණු සීගිරි පව්ව ඇතුළත පිහිටි මාළිගා සංකීර්ණයේ කොටස් හා උතුරු දොරටුව දෙසින් වැටී ඇති ප්‍රධාන මාවත ඇතුළු සීගිරි ගලෙහි මාළිගා සංකීර්ණයට ඇතුළු විය හැකි " සිංහ සෝපානය " (Lift) මේ අතරින් ප්‍රධාන කොටස් කිහිපයකි. මෙම සෝපානය පිළිබදව රාමායණයෙහි මෙසේ සදහන්කර ඇත.
" උත්තරද්වාර මාසද්‍ය යත්‍ර තිෂ්ඨති රාවණං "
( රාමායණය, යුද්ධ කාන්ඩය, 41 වන සර්ග )
අප පුරාණ හෙළ භූමියේ දැනුම් සහ හිරු පරපුරේ ඉතිහාසය ගවේෂණයේ යෙදෙන විද්වතුන් කිහිපදෙනෙකු අතරින් එක් පුද්ගලයකු වන සාහිත්‍යශූරී ආචාර්ය පී. එස්. ටී චූලවංස මහතානන්ගේ " හෙළ සත්‍ය ඉතිහාසයේ එතිහාසික මග නැඟුම " නැමැති කෘතියේ ලංකාපුරය ගැන මෙසේ සඳහන්ව ඇත.
" ඉන්දියාවේ ආයුර්වේද ග්‍රන්ථ වලත් බලවත් රස බෙහෙත් නාමයන් තුළත් රාමයනය, මහා භාරතය ආදී වීර කාව්‍යයන් තුළත් ලංකාවේ රාමයනය වීර කාව්‍යයේත් සදහන් මෙම කවියට අපේ අවධානය යොමු කරමු.
" කණු ලංකේති නගරි රාවණාස්ස දුරාත්මජං
දක්ෂිණස්ස සමුද්‍රස්ස තිරේ වසති දක්ශිණෝ "
දකුණු ලක මුහුදු තීරයේ රාවණ රාජධානියේ ලංකාපුරය තිබූ බව මෙහි දක්වා තිබේ, බලංගොඩ රාජකීය පණ්ඩිත වටද්දර ඤාණිස්සර හිමියන් පවසන්නේ ලංකාපුරය තිබුණේ කූරගල බවයි. එතැන මුල් මානවයාගේ පිහිටීම පිළිබඳවත් බලංගොඩ මානවයා පිළිබඳවත් ඇති දත්ත නිසා එසේ වීමට ඉඩ තිබේ. සීගිරිය ද ලංකාපුරයක් ලෙස පිළිගැනීමට හැකිය. වර්තමානයේත් රාජ්‍ය නිල නිවෙස් කීපයක්ම රටේ ඇති බැවින් ලංකාපුරය පිළිබඳ එතරම් වාද කිරීමක් අවශ්‍ය නැත. "
(හෙළ සත්‍ය ඉතිහාසයේ එතිහාසික මග නැගුම, 59 වන පිට )
සීගිරි ඉතිහාසය පිළිබදව සාහිත්‍යශුරී ආචාර්ය පී. එස්. ටී. චුලවංශ මහතාගෙන් එක් අවස්ථාවක මා විමසා සිටි අවස්ථාවක එතුමා මෙසේ අදහස් දක්වන ලදහ, එය මෙසේ සටහන් කරමි.
" සුර අසුර ගෝත්‍ර හා ඒරාන ආර්ය ගෝත්‍ර එකම ගණයේ ශේෂ්ඨ ශිෂ්ටාචාර ආරම්භකල ජාතීන් බව නිසැකය, ඒ හැර අතීත ශක්‍ර ගෝත්‍රය පර්සියානු පාළකයින් නියෝජනය කලේය. අතීතයේ හෙළ පාළකයින් අතරද ශක්‍ර යෙදීම් පැවත ඇත. ඈත අතීතයේ ශක්‍ර ගෝත්‍රය නියෝජනය කල මීට අවුරුදු දහස් ගණනකට පෙර දේව නායක ශක්‍ර නම් පඬිවරයෙකු හෙළ දීපයේ ජීවත් විය. ඔහුගේ ශක්‍ර දුතිකා නම් දියණියට සුර පත්ම, සිංහ මුඛ,අජුම්බි, හා තාරක නම් පුතුන් සිව් දෙනෙකු සිටියාය. ඒ දරුවන්ගේ පියා "සිංහ වීරවන" ලෙස හදුනාගත හැක. මින් සිංහ මුඛ කුමරා මහත් තේජෝ බලයෙන් යුක්ත වූවාය. ඒ හැර ඔහු හෙල කිරුළ පැළඳීමට තරම් මහජන ප්‍රසාදයට පත්ව සිටියේය. මේ කුමරුවන් මව් පර්ශ්වයෙන් ශක්‍ර ගෝත්‍රිකයින් වූ අතර පිය පාර්ශ්වයෙන් සුර්ය ගෝත්‍රිකයන් වූහ. (යක්ඛ යනු සුර්යයාට කියන නමකි) ලංකාපුර යනු හෙළ ද්වීපයේ ආරක්ෂිත බලකොටු සඳහා ව්‍යවහාර වූ නාමයකි. නමුත් දකුණු ඉන්දියාවේ "ලංකා" නාමයෙන් හඳුන්වනු ලබන්නේ ගොහොරු බිම් ය. හෙළ ද්වීපයේ රජරට නමින් හඳුන්වනු ලබන ප්‍රදේශයට අයත් "ලංකා" බලකොටුව අතීත කාලයේහි "සිංහ මුඛ" නමින් හැදින්වූයේ සිංහ මුඛ කුමරා හෙළ කිරුළ පැළඳීමෙන් පසුව වේ. සිංහ මුඛ කුමරු විසින් රුහුණු පුර ප්‍රාන්තීය රජ්‍ය පාලනය සුර පද්ම කුමරුට පවරන ලදුව තාරක කුමරු කළුතර හා බටහිර තැනිතලා භූමි පාලකයා වසයෙන් පත් කරන ලදී. එහෙත් අජුම්බි කුමරා ගැන පසුවට කිසිවක් සදහන් නොවේ.
එතුමා පැවසූ තොරතුරු අද ඉතිහාසයේ දක්නට නැත. සොයා ගැනීමටවත් නැත. මෙම සිදුවීම වඑතමාන සීගිරියේ ඉතිහාස කතාවේ අතීත තොරතුරු වලට පෙල ගැස්මක් යැයි පිළිගැනීම නිවැරදි වේ.
ක්‍රි: ව: 434 දී හෙළ අටුවා ශක්‍ර දෙවිඳු ඇතැම් දෙවි දේවතාවුන් විසින් අන්ත්‍රාස්දාන කලා යැයි පිළිගත්තත් සත්‍ය වශයෙන්ම සිදුවූයේ හෙළ අටුවා විනාශ කර දැමීමකි. හෙළ අටුවා ඉතිහාසයේ මෙවැනි සත්‍ය වූ කරුණු සඳහන්ව තිබුණා විය හැක. ක්‍රි: ව: 434 සිට ක්‍රි: ව: 463 දක්වා හෙළ රජකම් කලෝ ද්‍රවිඩ පාළකයින් වූහ. ඔවුන් සොත්තිසේන, ජත්තග්‍රාහක, මිත්තසේන, පඩි පාරින්ද, කුඩා පාරින්ද, දිටීය, පීඨිය වසයෙන් හැදින්වේ. මෙම කාලිංඝ ද්‍රවිඩ පාලන කාලය උපයෝගී කොටගෙන අපගේ හෙළ අටුවා විනාශ කිරීමට කාළිංඝ සොළී භික්ෂූන් ක්‍රියාත්මක වූ බව ඉතා පැහැදිලි වේ. මෙම පාලනය පැවති විසිනව අවුරුදු පුරා හෙළ සිංහල භික්ෂූන් වහන්සේලාත් සිංහල ජන ප්‍රධානින් වනගතව විසූහ. ධාතුසේන කුමරා ද්‍රවිඩ බලය විනාශකොට හෙළ රජ කිරුළ පැළදුවේ මහත් අභියෝග මධ්‍යයේය. එතුමාට කාළිංඝ සහ ස්වදේශීය (යක්ඛ) බිසවුන් සිරි අතර ප්‍රධාන බිසෝ තනතුර දැරුවේ කාළිංඝ දේවියකි. ඇයගේ පුත්‍රයා මුගලන් කුමරු වේ. ස්වදේශීය යක්ඛ බිසවගේ පුත්‍රයා කාශ්‍යප කුමරුවන් වේ. කාශ්‍යප කුමරු රාජ්‍යත්වයට පත්වූයේ පිය රජු මරණයට පත්කර බව කියැවේ. මහා විහාරයේ සිටි කාළිංඝ භික්ෂූන්ගේ ප්‍රසාදය නොලැබූ කාශ්‍යප රජතුමා තම මුතුන් මිත්තන් ගොඩනැගූ රාජ්‍යත්වය කල නටබුන් වූ සීගිරිය තම රාජ්‍ය මධ්‍යස්ථානය කොට ගනිද්දී එහි බොද්ධ භික්ෂුන් වැඩසිටි බව සනාතවෙයි. භික්ෂුන්වහන්සේලා තම පර්වත ආරාමය කාශ්‍යප රජතුමාට භාරදී පිදුරංගල පර්වතයට වැඩම කල සේක.
සටහන : හේමාල් ද අල්විස් @
7/3/2026
( ඉතිරි කොටස බලාපොරොත්තු වන්න.......)
#සිංහමුඛ #සීගිරිය ゚viralシalシ ゚viralシviralシfypシ゚viralシalシ