Bhagye Sambudu Pooja

Call Directions

Bhagye Sambudu Pooja දහම් ඇස විවර වේවා! ඔබට අවශ්‍ය සියලුම පිරිකර සුපිරිසිදුව අප වෙතින්....
භාග්‍ය සම්බුදු පූජා 0767517744 (Cl,Whatsapp)

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වචනය සත්‍යයකි!.ඊට වෙනස් අයුරින් කිසිවක් සිදු නොවේ!.🙏☸️
06/09/2026

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වචනය සත්‍යයකි!.ඊට වෙනස් අයුරින් කිසිවක් සිදු නොවේ!.🙏☸️

උදාවු නිකිනි (අගෝස්තු) මාසය සැමට සුබ වේවා! යහපතක්ම වේවා!🙏☸️❤️🌼Sasheela Bhagye Hapuarachchi
31/07/2026

උදාවු නිකිනි (අගෝස්තු) මාසය සැමට සුබ වේවා! යහපතක්ම වේවා!🙏☸️❤️🌼
Sasheela Bhagye Hapuarachchi

29/07/2026

වස්තුව කෝට්ටේ රාජා❤️👑️
Kotte Rajamaha Viharaya - ඓතිහාසික කෝට්ටේ රජ මහා විහාරය Kotte Raja - මංගල හස්ථිරාජයා

29/07/2026

කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි❤️🙏

28/07/2026

*මහ බෝසත් ගුණ පිළිසිඳ ගනිමින්☸️🙏

*කතරගම දෙවි හාමුදුරුවෝ වඩින ❤️🙏

පින්බර ඇසළ පුන් පොහොය අදයි!🙏🌼

🙏🌼භාග්‍ය සම්බුදු පූජා☸️🙏
01/07/2026

🙏🌼
භාග්‍ය සම්බුදු පූජා☸️🙏

තනතුරු,ධනය,කුලය,බලය වෙනුවට,**සසර ගමන නිමා කරන සැබෑ 'සමජීවිකතාව': විවාහයට පෙර සෙවිය යුතු ඒ උතුම් සමානකම් හතර...**විවාහයක්...
29/06/2026

තනතුරු,ධනය,කුලය,බලය වෙනුවට,

**සසර ගමන නිමා කරන සැබෑ 'සමජීවිකතාව': විවාහයට පෙර සෙවිය යුතු ඒ උතුම් සමානකම් හතර...**

විවාහයක් සඳහා සහකරුවෙක් හෝ සහකාරියක් තෝරාගන්නා විට, සාමාන්‍ය ලෝකයේ මිනිසුන් බොහෝවිට හොයන්නේ කුලගොත්, මිල මුදල්, උගත්කම්, රූපය හෝ කේන්දර ගැලපෙනවාද කියන කාරණායි. නමුත් මේ භෞතික ගැලපීම් කොතරම් තිබුණත්, මනසින් දෙතැනක නම් එතන කවදාවත් සැබෑ සැනසීමක් නැහැ.

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, මෙලොව ජීවිතයත් සාර්ථක කරගෙන, සසර ගමනත් සුවපත් කරගෙන, අවසානයේ සසර දුකින්ම එතෙර වීමට නම් දෙදෙනා අතර 'ලෝකෝත්තර' ගැලපීමක් තිබිය යුතු බවයි. පරමාර්ථ ධර්මයට අනුව මේ ගැලපීම් හතර, හුදෙක් ලෞකික විවාහයක් 'කල්‍යාණ මිත්‍රත්වයක්' බවට පත් කරන අයුරු අපි ගැඹුරින් විමසා බලමු.

**1. සම සද්ධා (සමාන ශ්‍රද්ධාව):**

මෙය දෙන්නාම එකට පන්සල් යාම හෝ මල් පහන් පූජා කිරීම පමණක්ම නෙවෙයි. මේ සසරේ ඇති බියකරු බව දැකලා, එයින් මිදෙන්නට තියෙන එකම සරණ තුනුරුවන් පමණයි කියන අකම්පිත විශ්වාසය (අවෙච්චප්පසාදය) දෙදෙනා තුළම එකලෙස පිහිටීමයි. හේතු-ඵල දහම ගැනත්, කර්මය හා
කර්මඵල ගැනත් දෙදෙනාටම ඇත්තේ එකම දැක්මක් නම්, ඔවුන්ගේ ජීවිතයේ පදනම කිසිද‍ා සෙලවෙන්නේ නැහැ.

**2. සම සීල (සමාන සීලය):**

සීලය කියන්නේ නීති මාලාවක් නෙවෙයි. එය තමන්ගේ සිත, අකුසල් වලින් (රාග, ද්වේෂ, මෝහ) සහ සතර අපායෙන් බේරාගැනීමට ගොඩනගා ගන්නා වූ ආරක්ෂිත ප්‍රාකාරයයි. එක්කෙනෙක් පංචශීලය රකිමින් සිත සංවර කරගන්නට උත්සාහ කරද්දී, අනෙකා පව්කම් වලට (බොරු කීම, සුරාපානය, සතුන් මැරීම ආදියට) යොමු වෙනවා නම් එතන ගැටුමක් ඇතිවීම අනිවාර්යයි. සමාන සීලයක් ඇති තැන දෙදෙනාම එකිනෙකාගේ ආධ්‍යාත්මික පාරිශුද්ධත්වයට ගෞරව කරනවා.

**3. සම චාග (සමාන අත්හැරීම):**

ලෞකිකව දන් දීම, අනුන්ට උදව් කිරීම මෙයට අයත් වුණත්, ලෝකෝත්තර අර්ථයෙන් 'චාගය' කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. ඒ තමයි 'අත්හැරීම'. තමන්ගේ 'මමත්වය', උඩඟුකම, සහ ලෝකයේ දේවල් තමන්ගේ කරගෙන දැඩිව අල්ලාගෙන ඉන්න ස්වභාවය (උපාදානය) අත්හැරීමයි. පවුල් ජීවිතයක් තුළ
තුළ ගැටුමක් ආවාම තමන්ගේ මතය හෝ අහංකාරකම අත්හරින්න දෙදෙනාම සූදානම් නම්, එතන පුදුමාකාර නිවීමක් තියෙනවා. ලෝක ස්වභාවය තේරුම් ගෙන බැඳීම් ලිහිල් කරගන්නා සමාන මානසිකත්වයක් දෙදෙනාටම තිබීම මෙයින් අදහස් කෙරෙනවා.

**4. සම පඤ්ඤා (සමාන ප්‍රඥාව):**

මේ හතරෙන් වැදගත්ම සහ ගැඹුරුම කාරණය මෙයයි. ප්‍රඥාව කියන්නේ පොත්පත් කියවා ලබාගන්නා උගත්කම නෙවෙයි. ලෝකයේ පවතින කිසිම දෙයක් තමන්ගේ කැමැත්තට (ඉච්ඡාවට) අනුව දිගින් දිගටම පවත්වාගෙන යන්න බැහැ කියන 'අනිච්ච' ස්වභාවයත්, එසේ පවත්වන්නට යාමෙන් උරුම වෙන්නේ අනිවාර්ය වෙහෙසක් හා පීඩාවක් (දුක්ඛ) බවත්, ඒ ස්වභාවධර්මය ඉදිරියේ තමන්ට කිසිදු සරණක් නැති බවත් (අනත්ත) දකින නුවණයි. මේ යථාර්ථය දෙදෙනාම දකිනවා නම්, ඔවුන් එකිනෙකාගෙන් යථාර්ථවාදී නොවන දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අනිච්චත්වයට පත්වෙන ලෝකයක, වෙනස් වන මිනිසුන් විදියට, කිසිවක් දැඩිව ග්‍රහණය කරගන්නේ නැතිව (උපාදානයෙන් තොරව) ඔවුන් ආදරය කරනවා.
මෙන්න මේ උතුම් සමානකම් හතර (සමජීවිකතාව) දෙදෙනෙක් තුළ පිහිටියොත්, ඒ විවාහය හුදෙක් සසරට ගැටගැසෙන ලෞකික බන්ධනයක් පමණක්ම වෙන්නේ නැහැ. එය සසර කතරින් එතෙර වීමට එකිනෙකාට අත්වැලක් වන, සැබෑම 'කල්‍යාණ මිත්‍ර' හමුවීමක් බවට පත්වෙනවා!

☸️🙏

29/06/2026

සම්බුදු ශ්‍රී සද්ධර්මයෙන් සදා නිවෙන්නට මේ සිංහල ද්වීපය භාග්‍යවන්ත වූ උත්තම පොසොන් පොහොය අදයි!!!🙏☸️
සියලුම සිංහල බෞද්ධයන්ට පින්බර පොසොන් මංගල්‍යයක් වේවා!!!🙏❤️

28/06/2026

ශ්‍රී සද්ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත්වන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා!!!🙏☸️❤️🙏

14/06/2026

තථාගත චරිතය,හුදී පෘථක්ජන චරිත මට්ටමෙන් බලන්න තරම් මෝඩ වෙන්න එපා🙏☸️

☸️භාග්‍ය සම්බුදු පූජා☸️

Address

Piliyandala

Telephone

+94767517744

Website

Alerts

Be the first to know and let us send you an email when Bhagye Sambudu Pooja posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share