Polonnaruwe api - පොළොන්නරුවේ අපි

Polonnaruwe api - පොළොන්නරුවේ අපි වැව් බැඳී රාජ්‍යයේ හද බැඳී සන්නිවේදකයා.
(1)

23/04/2026

හැකර්ලා ගත්ත අපෙ සල්ලි අපි ආපහු ගෙන්න ගන්න ඕනෙ නැද්ද??
සහෝදරවරුනි

සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා
14/04/2026

සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා

කොහොමද 🙄🥳
29/03/2026

කොහොමද 🙄🥳

තව දුරටත් අපි ලෝකෙන් කොන් වෙලා නෑ මිත්‍රවරුනි ..දෙන්න උණුසුම් අත්පොළසන් නාදයක්..👏 මේ තරම් කාලයක් අපි හිටියෙ ඉරාන් මිසයිල...
21/03/2026

තව දුරටත් අපි ලෝකෙන් කොන් වෙලා නෑ මිත්‍රවරුනි ..
දෙන්න උණුසුම් අත්පොළසන් නාදයක්..👏

මේ තරම් කාලයක් අපි හිටියෙ ඉරාන් මිසයිල කාලපෙන් පිට කියලනේ ලෝකෙම යුධ විශේෂඥයෝ කිව්වේ​..

ඒත් ඉරානෙන්​ ඉන්දියන් සාගරයේ තියෙන 'ඩියේගෝ ගාර්ෂියා' ඇමරිකානු-බ්‍රිතාන්‍ය යුධ කඳවුරට ඊයේ (20) මිසයිල වලින් ගැහුවට පස්සෙ අපිටත් හීක් ගෑවුනා. ඉරානයේ ඉඳන් ඔය ගහපු දූපතට තියෙන දුර කිලෝමීටර් 4,000 ක් වගේ. ඒ කියන්නෙ අපිටත් වඩා දුරින්. (සිතියම බලන්න)
​දන් වෙද්දි ඉරානය ගාව මීට කලින් හිතුවට වඩා ගොඩක් දුර (කිලෝමීටර් 4,000 ට වඩා) යන්න පුළුවන් මිසයිල තියෙනවා කියලා ලෝකෙම දැන ගත්තෙ ඊයෙ..
​ඔය සිතියමේ ලොකු රතු රවුමෙන් පෙන්නන්නේ අන්න ඒ කිලෝමීටර් 4,000 ක විතර අලුත්ම දුර ප්‍රමාණය. ඒ කියන්නේ යුරෝපයේ සෑහෙන කොටසකට, රුසියාවට, චීනයට, අප්‍රිකාවට වගේම ලංකාව ඇතුළු දකුණු ආසියාවටම ඒගොල්ලන්ගේ මිසයිල වලින් ගහන්න පුළුවන් කියන එක මේකෙ පැහැදිලිවම තියෙනවා.

ඉතිං මෙතන ඉඳලා තීන්දු තීරණ ගනිද්දි වෙනදට වඩා පරිස්සම් වෙන්න වෙයි. සිවිල් ගුවන් යානා වලට අවසර දීම ඇරුනම ප්‍රහාරක යානා වලට මත්තල ට අවසර නොදී ඉන්න එක උනත් සෞඛ්‍යයට ගුණ වෙයි.

මොකෝ අපිට මිසයිල වගේ ඇන්ටිලා හිටියට "ඇන්ටි මිසයිල් සිස්ටම්" නෑ නෙව...😀

ඉරානෙ ඉඳන් 4000KM වඩා ඈතින් තියෙන ඩියගෝ ගාර්ශියා අයිලන්ඩ් එකට ඉරානෙන් බැලස්ටික් මිසයිල් 2ක් ගහලා.ටාගට් එක ඩියගෝ ගාර්ශියා...
21/03/2026

ඉරානෙ ඉඳන් 4000KM වඩා ඈතින් තියෙන ඩියගෝ ගාර්ශියා අයිලන්ඩ් එකට ඉරානෙන් බැලස්ටික් මිසයිල් 2ක් ගහලා.
ටාගට් එක ඩියගෝ ගාර්ශියා වල තියෙන ඇමරිකන් බේස් එක.

ඒත් ලංකාවෙ විපක්ෂෙ සෙට් එක (ස්පෙෂලි සිරිකොත අනාථයෝ ටික) දැන් නාහෙන් අඬනවා "US aircrafts මත්තල නවතන එකට අනුර ඉඩ දුන්නෑ, හඥේ දැන් ඇමරිකාව තරහවෙයි, අපිට මෙහෙම කරයි, මේ රට විනාසයි" ගගා.

අපි ඇම්මොන්ට ඉඩ දීලා තිබ්බනම් ඩියගෝ ගාර්ශියාවලට ගිය එකක් මෙහෙටත් ආවනම් ඉතින් "කිඹුලාපිටිය නිල්මිණී රතිඥ්ඥා සහ ගිණිකෙලි" එකෙන් අහස්කූරු අරන් තමයි ග!හන්න වෙන්නෙ. 🤌

18/03/2026

දැන් එතකොට පරණ එකට ගහන්නම බැරිද 😒

15/03/2026

Fuelpass එකට Log වෙලා QR එක ගත්ත එකෙක් ගෙන් පෙට්‍රල් ලීටරයක් ඕනා 😂😂😂😂

ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද (15) උදෑසන 6 සිට..
14/03/2026

ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද (15) උදෑසන 6 සිට..

10/03/2026

කෝල් එකක් Answer කරද්දි හෙලෝ වෙනුවට කියන්න පුලුවන් වෙන වචනයක් කියන් යන්න 🙃

දියව් දියව්
10/03/2026

දියව් දියව්

09/03/2026

ගබඩා කරල තිබ්බ තෙල් වල මිල වැඩිවෙන්න ඇත්තෙ තෙල් වාෂ්ප වෙලා වෙන්න බෑද 🫠🤡

🌊 සබ්මැරීන් නාශක යාත්‍රාවක් තනියම ගිල්වා දැමූ.. අදටත් බිතාන්‍ය වැසියන් හිසනමා ගරු කරන ලාංකිකයා - ගිල්බට් රිචඩ් 🇱🇰⚓🔥ලෝක ය...
07/03/2026

🌊 සබ්මැරීන් නාශක යාත්‍රාවක් තනියම ගිල්වා දැමූ.. අදටත් බිතාන්‍ය වැසියන් හිසනමා ගරු කරන ලාංකිකයා - ගිල්බට් රිචඩ් 🇱🇰⚓🔥

ලෝක යුද්ධ ගැන අපි අහලා තියෙන්නේ පොත්වලින්, එහෙමත් නැත්නම් හොලිවුඩ් චිත්‍රපටවලින්... ඒ හැම තැනකම හිටියේ සුදු ජාතික වීරයෝ... හැබැයි මීට අවුරුදු 80කට විතර කලින්, ලෝකයම ගිනිගත්ත දෙවන ලෝක යුද්ධයේ මහා සයුර මැද, සුදු ජාතිකයන් පවා පුදුම කරවපු, මරණය පෙනි පෙනී සතුරා දණගැස්වූ එකම එක සිංහල ලේ ඇති වීරයෙක් හිටියා...

ඔහු නමින් ගිල්බට් රිචඩ් අලස් (Gilbert Richard Alles). මේ ඔහු ලංකාවේ තේජස ලෝකය හමුවේ තැබූ ඒ අසහාය වීරකතාවේ දිගහැරුමයි.. 👇

🚢1940 දශකයේ මුල් භාගය වන විට මුළු ලෝකයම යුද ගින්නෙන් ඇවිළෙමින් තිබුණා. බ්‍රිතාන්‍ය කිරීටයට යටත් විජිතයක්ව තිබූ ලංකාවෙනුත් තරුණයන් රැසක් බ්‍රිතාන්‍ය හමුදාවට බැඳුණේ නාසි සහ ජපන් ආක්‍රමණයට එරෙහිව සටන් කරන්නයි. ඒ අතරින් ගිල්බට් රිචඩ් කියන්නේ හරිම සුවිශේෂී තරුණයෙක්. ඔහු තෝරාගත්තේ නාවික හමුදාවයි. ඒත් සාමාන්‍ය නාවික හමුදාවක් නෙවෙයි ලෝකයේ භයානකම රාජකාරියක් හිමි රාජකීය සබ්මැරීන් බලඝණය

ඔහු සේවය කළේ HMS Tantivy නම් බ්‍රිතාන්‍ය සබ්මැරීනයේයි. එහි ඔහුට හිමිවූයේ Gun Layer හෙවත් සබ්මැරීනයේ ප්‍රධාන කාලතුවක්කුව මෙහෙයවන්නාගේ භයානක භූමිකාව.

🌑 දිනේ 1944 සැප්තැම්බර් මාසයේ දවසක්... ස්ථානය මලක්කා සමුද්‍ර සන්ධිය ආසන්න මුහුද... HMS Tantivy සබ්මැරීනය නිහඬව මුහුදු පතුලේ ගමන් කරමින් හිටියේ සතුරු ජපන් නැව් සොයමින්... සබ්මැරීනයක් ඇතුළත ජීවිතය කියන්නේ හරිම පීඩාකාරී දෙයක්.. ඔක්සිජන් අඩුයි, ඉඩකඩ සීමිතයි, හැම වෙලාවකම තියෙන්නේ මරණ බය...

හදිසියේම සබ්මැරීනයේ රේඩාර් තිරය මත අමුතු සංඥාවක් දිස්වුණා... ඒ ජපන් හමුදාවට අයත් සබ්මැරීන් නාශක යාත්‍රාවක්

🔥 හිතන්නවත් වෙලාවක් නැහැ ඊළඟ තත්පරයේ දී සටන ආරම්භ වුණා.. හදිසියේම HMS Tantivy සබ්මැරීනයේ ඇතිවුණු කාර්මික දෝෂයක් නිසා ඔවුන්ට සිද්ධ වුණා මුහුදු මතුපිටට එන්න.. මෙය සබ්මැරීනයකට තියෙන ලොකුම අවාසියක් මොකද මතුපිටට ආ සැණින් ඔවුන් සතුරාට ලෙහෙසි ඉලක්කයක් වෙනවා.

මුහුදු මතුපිටට එනකොට ජපන් සතුරු යාත්‍රාව ඉතාම ආසන්නයේ තිබුණා.. දෙපැත්තෙන්ම වෙඩි ප්‍රහාර එල්ල වෙන්න ගත්තා.. මුහුද හරිම රළුයි රළ ගෙඩි සබ්මැරීනයේ තට්ටුවට ගහන්නේ ඕනෑම කෙනෙක්ව මුහුදට ඇදලා දාන්න පුළුවන් වේගයකින්

මේ වෙලාවේ සබ්මැරීනයේ තට්ටුව මත තිබුණු කාලතුවක්කුව ක්‍රියාත්මක කරන්න කෙනෙක් අවශ්‍ය වුණා... සතුරු වෙඩි උණ්ඩ වැස්සක් වගේ පතිත වෙද්දී, තට්ටුව මතට යනවා කියන්නේ සියයට සියයක්ම මරණය වැළඳගැනීමක්.

බ්‍රිතාන්‍ය නිලධාරීන් ඇඹරෙද්දී ලංකාවේ මේ අභීත පුත්‍රයා, ගිල්බට් රිචඩ් ඉදිරිපත් වුණා. සර්, මම යන්නම්.. ඔහු කිව්වේ එච්චරයි... අලස් සබ්මැරීනයේ ඇතුළත ආරක්ෂිත කලාපයෙන් මිදී, රළු මුහුදේ පතිත වන රළ ගෙඩි අතරින් ඉහළ තට්ටුවට දිව ගියා.. ඔහු අසල සිටි අනෙක් සෙබළුන්ට සතුරු ප්‍රහාර හමුවේ නැවත සබ්මැරීනය ඇතුළට දිව ගියා.

දැන් ගිල්බට් තනිවෙලා..

මහා සාගරයේ රළ පහරවල් ඔහුට වදිනවා.. එක අතකින් සතුරු යාත්‍රාවෙන් මැෂින් තුවක්කු ප්‍රහාර එල්ල වෙනවා ඔහු ඒ කිසිම දෙයකින් සැලුණේ නැහැ ඔහු කාලතුවක්කුව අතට ගත්තා ඔහුගේ ඉලක්කය වූයේ සතුරු යාත්‍රාවේ හදවත...

ඔහුගේ පළමු වෙඩි මුරයම සතුරු යාත්‍රාවට මාරාන්තික පහරක් එල්ල කළා.. අලස් වේගයෙන් කාලතුවක්කුව නැවත ක්‍රියාත්මක කරමින්, සතුරාට හිස ඔසවන්නට ඉඩක් දුන්නේ නැහැ ජපන් සෙබළුන් පුදුම වුණා සබ්මැරීනයක තට්ටුවක් මත තනි මිනිසෙක් මෙතරම් දරුණු ප්‍රහාරයක් එල්ල කරන්නේ කොහොමද කියලා

අලස්ගේ ඒ අසාමාන්‍ය ධෛර්යය නිසා ජපන් යාත්‍රාව අකර්මන්‍ය වුණා HMS Tantivy සබ්මැරීනය සහ එහි සිටි සිය ගණනක් පිරිස බේරුණේ අලස් තනිවම කළ ඒ ජීවිත පරිත්‍යාගශීලී සටන නිසයි..

🎖️ මෙම සටනින් පසු, බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් අලස්ගේ වීරත්වය ගැන වාර්තා කළා 1945 වසරේදී ඔහුට Distinguished Service Medal (DSM) නමැති උසස්ම හමුදා ගෞරව සම්මානය පිරිනමනු ලැබුවා.

මෙම පදක්කම පිරිනමනු ලබන්නේ සටන් බිමේදී පෙන්වන අතිශය දුර්ලභ ගණයේ නිර්භීතකම වෙනුවෙන. ගිල්බට් රිචඩ් අලස් මහතා එම සම්මානය දිනාගත්තේ ලංකාවේ නාමය ලෝක ඉතිහාස පොත්වල ලියවමින්..

🇱🇰 යුද්ධය අවසාන වූ පසු ඔහු නැවත තම මව්බිමට පැමිණියා.. ඔහු කළ ඒ මහා සේවය වෙනුවෙන් ඔහුට ලැබිය යුතු නිසි ගෞරවය එදා සමාජයෙන් ලැබුණාද යන්න ගැටලුවක් වුවත්, ලංකා නාවික හමුදාවේ (එකල Royal Ceylon Navy) මුල්කාලීන ගොඩනැගීමට ඔහුගේ අත්දැකීම් මහඟු පිටුවහලක් වුණා.

📢 අපේ රටේ ඉතිහාසය කියන්නේ රජවරුන්ගේ කතා විතරක් නෙවෙයි ලෝකයම ගිලගත් මහා යුද්ධවලදී, ලෝකයේ බලවත්ම ජාතීන් සමඟ කරට කර සටන් වැදුණු මෙවැනි අසහාය මිනිසුන් ලංකාවේ ඉඳලා තියෙනවා. අපි රිචඩ් අලස් වැනි වීරයන් ගැන කතා නොකළොත්, අනාගත පරපුර හිතන්නේ ලාංකිකයන් කියන්නේ හැමදාම අනුන්ගෙන් උදව් ගත්ත ජාතියක් කියලා විතරයි...

හැබැයි මතක තියාගන්න ලාංකියන් කියන්නේ සබ්මැරීන් පවා දණගැස්වූ මිනිසුන් ඉන්න ජාතියක්..

මෙම ලිපිය කියවා අවසන් නම්, අපේ මේ වීරයා වෙනුවෙන් එක "Like" එකක් දාලා, මේ කතාව මුළු ලංකාවටම පේන්න Share කරන්න. අපේ අභීත ඉතිහාසය ගැන ලෝකයම දැනගත යුතුයි! 🇱🇰🙌

Address

Polonnaruwa
51000

Website

Alerts

Be the first to know and let us send you an email when Polonnaruwe api - පොළොන්නරුවේ අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Polonnaruwe api - පොළොන්නරුවේ අපි:

Share