26/07/2026
💥ගුරුකම් යනු මොනවාද 💥
ගුරුකම් කියන්නෙ මොනවද? ඇයි මේවා කරන්නෙ? ඔන්න ඔය ප්‍රශ්නෙට පිළිතුරු හොයා ගත්තොත් ඉහත මාතෘකාවට පිළිතුර නිකම්ම ලැබෙනවා. අපේ රටේ පාලන ත්‍රන්ත්‍රය ගැන එක එක මත පළ කරන අය බොහොම ඉන්නවා. උපදෙසුත් දෙනවා. එනම් සමාජවාදය ගැන, ප්‍රජාතන්ත්‍රවාදය ගැන, ඒකාධිපතිකම ගැන වගේ දේවල්. මේ හැම දෙයක්ම නරක නැහැ. හරියට කරනවා නම් එදා ඉඳලා අද වෙනකම් අපේ රටේ කලකෝලාහල, ජාති ප්‍රශ්න, ඉඩම් ප්‍රශ්න මේ එකක්වත් හරියට විසඳන්නැතුව වචනයට පමණක් සීමා කිරීම නිසා එක එක මිනිසුන් ඒ කිව්වේ බලය පාවිච්චි කරන්න බැරි මිනිස්සු එක එක ක්‍රම හදාගත්තා ස්වකීය ප්‍රශ්න විසඳාගන්න. සමහරු දේවාල පස්සේ ගියා. සමහරු සෙත්කවි, වස්කවි කිව්වා. ඒ ක්‍රමය අදත් පවතිනවා. මේ එකක්වත් නැති එකා ගුප්ත ශාස්ත්‍රය, නැත්නම් මන්ත්‍ර ශාස්ත්‍රය උපයෝගි කළා. ඒක අදත් පවතිනවා. ශාස්ත්‍රයට මොකක්වත් වුණේ නැහැ. කරන අය වෙනස් වුණා. වැඩිපුරම මේ ගුරුකම් කරන්න ඒවා අනුගමනය කරන්න පෙලඹුණේ තමාට අසාධාරණය කරන, හතුරුකම් කරන අයව මර්දනය කරන්න. ඒක කොච්චර නිවැරදි ද කියනවා නම් කෙනකුට මරණය පවා ගෙනදෙන්න තරම් භයංකාර වුණා. කෙනකුට එළිපිට කරන්න ඒ කිව්වේ ප්‍රසිද්ධියේ පළිගන්න බැරි වුණාම රහසේම කරනවා. මේක කරන්නෙ ඇසට නොපෙනෙන බලවේගයකට කියලා. ඒ ක්‍රමය සාර්ථක ක්‍රමයක්. ඒක පියවි ඇසට නොපෙනෙන නිසා සමහරු විශ්වාස කරන්නෙ නැහැ. දැන් බලන්න මනුෂ්‍යයාට කරන්න බැරි සමහර ඒවා බල්ලා කරනවා. ඒ ඇහැට නොපෙනෙන ඉවෙන්. ඒ වගේ යක්ෂ, ප්‍රේත, ගෙවල වගේ ඇසට නොපෙනෙන බලවේගයන් ලවා බොහොම වැඩ කරගන්න ගුරුකම්කාරයා දක්ෂ වුණා.
රාජසිංහ රජ්ජුරුවන්ට විෂ මැතිරූ උණ කටුව ගහපු බරණ ගණිතයා ගුරුනාන්සේ ජීවිතයෙන් පළි ගත්තේත් එහෙමයි. බැලූ බැල්මට ගණිතයා ගුරුන්නාන්සේ වැරදි වුණාට වැරැද්ද කළේ රජතුමා. ඒ තම දුවට රජතුමා කළ ද්‍රෝහිකමක් නිසා. රජ අණ නිසා බරණ ගණිතයා අසරණ වුණා. බරණ ගණිත ගුරුන්නාන්සේ නිසා රජතුමා ජීවිතය හැර ගියා. ඒ ගුරුකම්වල හැටි. මේ වගේ තද වැරදිවලට ගුරුකම් කළාට ගෙදරට යන්ට පාර ටිකක් ලොකු නොකරාට ගුරුකම් කරන්න එපා. ඒවා නැවත හදාගන්න බැහැ. නමුත් කොතැනක හෝ පුංචි වැරදීමකින් ගොඩක් අය මේ ශාස්ත්‍රය මූල්‍යමය ප්‍රශ්නවලට හරවා ගත්තා.
මේ ගුරුකම් කරන එක නරක දෙයක් හැටියට පෙනුණට, සැලකුවට, වැරදියි කිව්වට හරියටම හේතුව හොයාගෙන යනකොට ඇතුළු පැත්ත සත්‍යයක්. විශේෂයෙන් වශී ගුරුකම් ඇති වුණේ එහෙමයි. හොඳට හිතාගන්න පුරුද්දෙන් එකක් සඳහන් කරන්නම්. ඔය වලපනේ පැත්තේ දේවාලවල කොහොම කිව්වත් අපිට ඕන ඕන කෙනාව වශී කරන්න බැහැ. කවදාහරි ආලවන්ත සම්බන්ධකමක් නොතිබුණොත් වශිය අහක යනවා. ඕනම කෙනෙක්ව වශී කරලා දෙනව කියලා කිව්වට එහෙම කරන්න බැරි බව මම වගකීමෙන් පරණ පාරම්පරික ගුප්ත ශාස්ත්‍රය කරන කෙනෙක් හැටියට කියනවා. ඔය අලුතින් බිහිවෙලා ඉන්න ගුරුකම් කරන මෑණියන් වහන්සේලාගෙන් ප්‍රවේශම් වුණොත් හොඳයි.
වශී ගුරුකම් කරවන්නෙ හීලෑකරගත් ප්‍රේත බලවේගයකින් එක්තරා ක්‍රමයකට අනුව. ඒක හරියට හීලෑ කරගත් අයෙක් වගේ. කියන දේ කරනවා එච්චරයි. පසුගිය දිනවල එල්.ටී.ටී.ඊ අය කළේත් ඕකමයි. සිංහල මිනිහෙක් පෙන්නලා මරපන් කිව්වාම මරනවා. මානසිකත්වය ඒ තරමටම හදනවා. හැබැයි ඒ බලය හැමදාම පවතින්නෙ නැහැ. ඒ කාලය ඇතුළත ගුරුකම කරන්න ඕනෑ.
ත්‍රස්තවාදි සමයේ මරණයට පත්වුණු සමහර සොල්දාදුවො කීපදෙනෙක් මෙහෙම දේ කරනවා. ඒ මැරෙන මොහොතේ පහළ වූ චුති චිත්තය නිසා. ඒ මැරෙන මොහොතේ තම සගයාට උදව් කරන අටියෙන් මැරුනම එයාගේ චුති චිත්තය උඩ ජීවත්වන අයට උදව් කරනවා. හැබැයි ටික කලයි. එහෙම කරන්නෙ මරණයට පත්වන විටම අනිකාගේ ශරීරයට ඇතුළුවෙලා. එතැන පවතින්නෙ සිත ඇති කය නැති ප්‍රාණයක්. ඒ අනුව මුදල් හොයනවා. මේ ක්‍රමයෙන් වශී ගුරුකම් හැර අනිත් ගුරුකම් කරවනවා. ඒ කිව්වේ හතුරන්ගෙන් පළිගැනීම වගේ දේවල්.
ඔය බල්ලන් පූසන් වැනි සතුන්ට ඇති සමහර බලය මිනිසුන්ට නැහැ. පිටරටවල නම් තව තව සතුන් මේ විදියට පුරුදු කරනවා. මේවා ගොඩක් දුර යන්නෙ නැහැ. එහෙනම් වැඩිදුර පවතින්නෙත් නැහැ. මේවා කොහොම තිබුණත් පියවි ඇසට පෙනෙන්නේ නැති නිසා විශ්වාස කරන්නෙ නැහැ. ඒ කාලේ මිනිස්සු මේ පෘථිවිය භ්‍රමණය වනවා කිව්වාම විශ්වාස කළේත් නැහැනේ.
වශී ගුරුකම් ගුප්තව කළාම ගුප්තව පල දෙනවා. කවුද කළේ කියලා දන්නෙ කළ කෙනා විතරයි. මේ වශී ගුරුකම වැඩිපුරම කරන්නෙ ස්ත්‍රී පක්ෂයයි. ඒ ඇයි ද කිව්වොත් ඒ අයට විතරයි වැඩිපුරම අසාධාරණය වන්නේ. පිරිමි අයටත් නොවෙනව නොවෙයි. ඒ අවස්ථාවට එකම පිහිට වශී ගුරුකම තමයි. පිරිමි/ගැහැනු දෙපාර්ශ්වයෙන් කිනම් පාර්ශ්වයක් සාධාරණ හේතුවක් නැතුව දාලා ගියාම ඒ කිව්වේ හැරදාලා ගියාම ගෙන්වා ගන්න වෙනත් ක්‍රමයක් නැහැ. මේක එක අතකින් පින් වැඩක්. හරියට කළොත් නිවැරදිව ප්‍රතිඵල ලැබෙනවා. ඒක වගකීමෙන් තමයි ලියන්නෙ. හැබැයි මේ ගුරුකම අහක යන්න ලොකු දෙයක් ඕනෑ නැහැ. පුංචි වරදක් ඇති ගුරුකමක් අහක යන්න. අනික තමයි ගුරුකම කරල සති – මාස ගණන් තියලා කළාම හරියන්නෙ නැහැ. හැකි ඉක්මනින් දෙන්න ඕනෑ. විශේෂයෙන් වශී ගුරුකම් වැඩි රස්නෙට වැඩි සීතලයට දෙන්න බැහැ.
කවුරු කොහොම කිව්වත් නිවැරදිව වශී ගුරුකම කළොත් ප්‍රතිඵල ඉතා නිවැරදියි. ඒක වගකීමෙන් සටහන් කරනවා. මේ ගුරුකම්වලට ප්‍රශ්නය මුදල් නොවේ. නිවැරදි ක්‍රමයයි. නිවැරදි ක්‍රමය, නිවැරදි මන්ත්‍ර, නිවැරදි ජප කිරීම් තමයි. ඉගෙන ගන්න ඕනෑ, අනුගමනය කරන්න ඕනෑ. යන්ත්‍ර මැතිරීම හැර මේ වගේ ගුරුකම් කරුවලේ සවස 6න් පසුව ආරම්භ කර ඉර උදාවන්ට පෙර අවසන් කරන්න. ඒකට හේතුවක් තිබෙනවා. අපේ වැඩේ කරන ඒ ප්‍රේත/භූත බලවේගවලට හිරු එළිය වැටෙන්ට ප්‍රථම කරන්න ඕනෑ. ඊට පසු එයාලට විශ්වයේ හිරු එළිය ඇති තැන ඉන්න වරම් නැහැ.