DN engineering solutions & constructions

DN engineering solutions & constructions Preparing BOQ, Drawing Architectual building plans, Estimating for bank loans & constructions etc

26/04/2026

Cute Idea

23/01/2026
04/12/2025
24/10/2025
24/10/2025
03/10/2025

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

11/06/2025
ණය නැතිව ගෙයක් හදා ගන්න නම් මෙන්න මේ දේවල් අදාළයි...🏠 අපි හිතනවා ගෙයක් හදන්න නම් සල්ලි විතරයි ඕනෙ කියලා... තියෙන සල්ලි ට...
01/06/2025

ණය නැතිව ගෙයක් හදා ගන්න නම් මෙන්න මේ දේවල් අදාළයි...

🏠 අපි හිතනවා ගෙයක් හදන්න නම් සල්ලි විතරයි ඕනෙ කියලා... තියෙන සල්ලි ටික අතට ගත්තම ගෙවල් හදන්න පුළුවන් කියලා. ඒත් මේක එච්චර සරල නෑ. ගෙයක් හදන්න සල්ලි ඕනෙ තමයි, ඉඩම ඕනෙ තමයි, ඒත් මේවා විතරක් නෑ. මුදල් කළමනාකරණය, හරියට සැලසුම් කරගන්න එක, හොඳ කොන්ත්‍රාත්කරුවෙක් හොයාගන්න එක...
මේවත් එක හා සමානව වැදගත්.

🔨 ගෙයක් හදන්න යන වැඩියෙන්ම කරදරයක් වෙන්නෙ ඔය බාස්ලා හරහා. ඔයා දන්නවද, සමහර බාස්ලා තියෙන්නෙ අපේ සල්ලි කාලා, අපේ මනස කාලා, අපේ සැලසුම වෙනස් කරලා, ගෙ අතරමග දාලා යන්න. ඇත්ත කතා කරොත්, මෙතනදි අපි ගොඩක් වෙලාවට ලොකු වැරැද්දක් කරනවා.

💰 අද අපි බලමු ඔය ලොකු වැරැද්ද මොකක්ද කියලා. කොච්චර සල්ලි තිබ්බත්, කොච්චර හොඳට කළමනාකරණය කළත්, මිල අඩු තැනින් බඩු ගත්තත්, අපි කරන වැරැද්ද තමයි නිවස හදන්න දෙන බාස් මහත්තයලත් එක්ක කටවචනෙන් එකඟතා හදාගන්න එක! ගෙයක් කියන්නෙ ඔයාගෙ ජීවිතේ විශාලම ආයෝජනයක්. ඒක කටවචනෙන් කියලා භාර දෙන්න එපා.

📝 ඔයා හිතන්න - ගෙයක් හදන්න ඔයා ආයතනයක් තෝරගත්තොත් ඉතින් ආයතනය වගකීම් සහගතව වැඩ කරනවා. හේතුව ඔවුන් කීර්තිනාමය රඳවාගන්න ඕනෙ. නමුත් එහෙම උනත් ගැටළු ඇති වෙන්න පුළුවන්. එහෙනම් පෞද්ගලික බාස් කෙනෙක් එක්ක කරන ගනුදෙනුවල තත්ත්වය කොහොමද කියලා හිතන්න !

📋 මෙන්න තියෙන්නෙ ඔයාලට ගෙයක් හදනකොට අනිවාර්යෙන්ම කරන්න ඕනෙ දේවල්:

**1. ගිවිසුමක් අත්සන් කරන්න**
පොඩි වැඩකට උනත් ලිඛිතව ගිවිසුමක් ලබා ගන්න. ඔයා ලක්ෂ ගානක් වියදම් කරන්න යනවා, ඒත් රුපියල් 500ක් වියදම් කරලා ගිවිසුමක් ලියාගන්න බෑ කියලද ?

**2. මුදල් ගෙවීම් හැමදාම ලිඛිතව හා ලදුපත් සහිතව කරන්න**
මුදල් දෙනකොට ඒවා ලිඛිතව සටහන් කරන්න, ලදුපත් ලබා ගන්න. සමහර බාස්ලා ලක්ෂයක් අරගෙන පස්සෙ කියනවා අනූදාහයි කියලා, ඔයාට මොකද හිතාගන්න ඒක ලක්ෂයක්ද අනූදාහක්ද කියලා.

**3. කරන්න තියෙන වැඩ ලිඛිතව දෙන්න**
ඔයා කැමති දේ පැහැදිලිව ලිඛිතව දෙන්න. "ඒ ගැන කිව්වේ නෑ" "ඒ ගාන කිව්වේ අර වැඩේට විතරයි" "ඇහුවේ නෑ" වගේ දේවල් අහන්න එපා පස්සෙ.

**4. වැඩ අතරමඟ දාලා යන බාස්ලාට ප්‍රවේශම් වෙන්න**
ඔයාට තේරෙනවාද මේ මොකක්ද වෙන්නෙ කියලා? බාස් ගොඩක් වෙලාවට මුදල් බොහොමයක් අරගෙන, පොඩි වැඩක් දාලා යනවා. උදාහරණයක් විදියට නානකාමරයක් හදන්න දුන්නොත්, ඔහු මුදල් මුළුමනින්ම වගේ අරගෙන, ෆිටින් ඇතුලු සියලු වැඩ නොකර යනවා. ඔයා නැවත වෙන කෙනෙක්ට එය භාර දෙන්න අවශ්‍ය වෙනවා. ඒ කෙනා තවත් මුදල් ඉල්ලනවා. අන්තිමට වැඩේ අතරමඟ නැවතුනොත් කවුරුත් වගකීම භාර ගන්නෙ නෑ!

🏗️ අහල කියල ඉගෙන ගත්ත තව දෙයක් තමයි - නීතිමය පියවර ගන්න පහසු වෙන්නෙ ඔයා ලිඛිතව දේවල් කළොත් විතරයි. වෘත්තියක් තියෙන හැම කෙනෙක්ම වගකීමක් භාර ගන්න ඕනෙ. ඔයා හරිහැටි ලිඛිතව හරි ගිවිසුම් හදන් නැත්තං ඔයාට ලැබෙන්නෙ මොකක්ද?

⚠️ ඔයා ගෙයක් හදන්න ගිහින් මොකක් හරි වැරදුනොත් මොකද වෙන්නෙ? වියදම දෙගුණ, තෙගුණ වෙනවා. අමුද්‍රව්‍ය වල වටිනාකම නාස්ති වෙනවා. ඔයාගෙ කාලය, මානසික ශක්තිය, ගෙවන මුදල... මේ ඔක්කොම නාස්ති වෙනවා.

📌 ඉතින් මතක තියාගන්න ගෙයක් හදනවා කියන්නෙ මුදල් විතරක් නෙවෙයි, මුදල් කළමනාකරණය වගේම මානව කළමනාකරණයත් වැදගත්. ඕනෑම වැඩක් කරන්න කලින් හරියට සැලසුම් කරලා, ගිවිසුම් හදාගෙන කරන්න.

🙏 ගෙයක් හදන්න බලාපොරොත්තුවක් තියෙන ඔයා මේ දේවල් කියවලා වැඩකට ගන්න.

✍️ මතක තියාගන්න, ගෙයක් හදන්න පුළුවන් ණය නැතිව - ඒත් පරිස්සමෙන් පියවරෙන් පියවර යා යුතුයි!

coppied

🤍🩶🖤🤍🩶🖤
09/04/2025

🤍🩶🖤🤍🩶🖤

Address

Polonnaruwa

Telephone

+94712260129

Website

Alerts

Be the first to know and let us send you an email when DN engineering solutions & constructions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share