30/07/2026
නූතන බලශක්ති විප්ලවයේ යෝධ පියවරක් තබමින් , පැය 20 ක් දක්වා වූ අඛන්ඩ විද්‍යුත් බලශක්ති ධාරිතා සැපයුමක් ලබාදෙන CEYCELL සුවිශේෂි නව විද්‍යුත් කෝෂය ( බැට්රිය ) හදුන්වා දීම 2026 ජූලි 27 වෙනිදා මහත් උත්සවශ්‍රීයෙන් යුතුව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සදහා මැලේසියානු මහකොමසාරිස් Badli Hisham Adam මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නේපාල තානාපති Vijaya Kumar Raut මහතාගේ හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් G.M.R.D. අපොන්සු මහතාගේ සම්භාවනීය සහභාගිත්වයෙන් සිදුකෙරනි.
මෙම CEYCELL නවෝත්පාදන බැට්රිය ආචාර්ය ප්‍රභාත් කුලසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතු Power Hands Holdings සමූහය යටතේ ක්‍රියාත්මක වන Power Hands Energy සමාගමට පේටන්ට් බලපත්‍රය හිමි දේශීය නිෂ්පාදන බලගන්වන ශ්‍රී ලංකේය නිර්මාණයකි.
සූර්ය බලශක්තියෙන් උත්පාදනය වන විද්‍යුතය , උසස් තත්ත්වයේ, ලිතියම් නොවන , තාප රසායනික තාක්ෂණය ( Advanced Non Lithium thermo - Chemical Technology ) යටතේ ගබඩා කිරීම මෙම CEYCELL බැට්රියෙන් සිදුවෙයි.
ආරක්ෂිත සහ විශ්වසනීය ක්‍රියාකාරිත්වයෙන් යුතු මෙම CEYCELL බැට්රිය කිලෝවොට් 5 ( 5kW ) සිට කිලෝවොට් 25 ( 25kW ) දක්වා වූ පරාසයකින් මෙන්ම 50Kw , 100Kw වැනි විශාල පරාසයක් ( Containerized Solutions ) දක්වාම ගෘහස්ථ පාරිභෝජනයේ සිට මහා පරිමාණ කර්මාන්ත ශාලා දක්වා වූ පාරිභෝගිකයන්ගේ බලශක්ති ඉල්ලුම වෙනුවෙන් නිර්මාණය කොට වෙළෙද පොළට හදුන්වා දී තිබෙයි.
වර්තමානයේ බලශක්තිය වෙනුවෙන් වැයකල යුතු විශාල පිරිවැය ඉතිරි කරගැනීමට දිගුකාලීන පිලියමක් වන මෙම CEYCELL බැට්රිය එසේත් නැත්නම් ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ නොවන බලශක්ති ගබඩා පද්ධතිය ( Offgrid Energy Storage System ) ගෘහස්ථ පාරිභෝජනයේ සිට මහා පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයන් දක්වා යොදා ගැනීම මහත් ආර්ථික වාසි අත් කර දෙන්නක් වෙයි.
දෙමුහුන් තාප-රසායනික බලශක්ති ගබඩා පද්ධති ( Hybrid Thermo - Chemical Energy Storage System) ක්‍රියාකාරිත්වය නිසා පරිසර හිතකාමි බැට්රියක්ද වන CEYCELL බැට්රිය පුනර්ජනනීය බලශත්තීන් වෙත යොමුවන වර්තමානය තුල තිරසාර බලශක්ති සංරක්ෂනය හා කාර්යක්ෂමතාව ඉහල නංවන ප්‍රමුඛ අවස්ථාවක්ද වෙයි.
මෙම අවස්ථාවට බලශක්ති අමාත්‍යංශයේ ලේකම් G.M.R.D. අපොන්සු , ශ්‍රී ලංකා තිරසාර බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල , පවර් හෑන්ඩ්ස් හෝල්ඩිංග්ස් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ ෂැරෝන් ලුඩ්වික් , එහි අධ්‍යක්ෂ ෂෙහාන් කුලසිංහ , පවර් හෑන්ඩ්ස් හෝල්ඩිංග්ස් සමූහයේ සමූහ ප්‍රධාන විධායක නිළධාරි ඩෙන්සිල් පෙරේරා , පවර් හෑන්ඩ්ස් එනර්ජි සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි ඉන්ෆාස් ආබ්ඩීන් , එහි අධ්‍යක්ෂ තරිදු ජයතිලක ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.