08/02/2026
💎 තෝරමල්ලි පවුල (Tourmaline Family)
🧪 Tourmaline යනු කුමක්ද?
Tourmaline යනු Borosilicate ඛනිජ පවුලකට අයත් ඉතා සංකීර්ණ ව්‍යුහයක් සහිත මැණික් කාණ්ඩයකි ( Borosilicate ඛනිජ පව්ල යනු Boron + Silicon + Oxygen එකතුවෙන් සැදූ silicate mineral family එකක්) . මෙහි විශේෂත්වය වන්නේ විවිධ ලෝහ අයන (Al, Mg, Fe, Mn, Li, Na, Ca, K) එකිනෙකට ආදේශ විය හැකි බැවින් ලොව වැඩිම වර්ණ විවිධත්වයක් ඇති මැණික් පවුල වීමයි.
🔬 සාමාන්‍ය ව්‍යුහ සූත්‍රය (Structural Formula):
X Y₃ Z₆ (T₆O₁₈) (BO₃)₃ V₃ W
මෙය සාමාන්‍ය රසායනික සූත්‍රයක් නොව ව්‍යුහ සූත්‍රයක් වන අතර:
• X ස්ථානය: Na, Ca, K හෝ හිස්
• Y ස්ථානය: Li, Mg, Fe²⁺, Mn²⁺, Al, Cr, V
• Z ස්ථානය: Al, Mg, Fe³⁺
• T ස්ථානය: Si (ප්‍රධාන වශයෙන්)
මෙම ආදේශන ඉහල ස්ථාන වලට තිබිම හේතුවෙන් වර්ණ සහ වර්ග ගණනාවක් නිර්මාණය වේ.
Tourmaline එකේ special එක = chemical composition එක fix නැහැ.
එක structure එකක් තුළ metal ions swap වෙනවා. එක තමයි color diversity reason.
🔷 ස්ඵටික පද්ධතිය (Crystal System)
Tourmaline අයත් වන්නේ Trigonal crystal system එකටය.
• දිගටි ප්‍රිස්ම ස්ඵටික (Elongated prism)
• හරස්කඩේ වටකුරු ත්‍රිකෝණාකාර හැඩය
⭐ විශේෂ ලක්ෂණයක්: Tourmaline Hemimorphic crystal වේ → ස්ඵටිකයේ ඉහළ සහ පහළ අග දෙක සමාන නොවේ
(ඒ නිසා crystal එකේ එක් අගයක් flat / blunt වෙද්දී
අනිත් අගය sharp pyramidal වෙනවා)
⚠ විශේෂ භෞතික ලක්ෂණ
🔌 Pyroelectric & Piezoelectric
• රත් කළ විට
• හෝ අතේ උණුසුම හා ඝර්ෂණයට ලක් කළ විට
කුඩා කඩදාසි/දුහුවිලි ආකර්ෂණය කරගනී. ඒක නිසා tourmaline rubbing test එකක් කරන්න පුළුවන්
🌈 Strong Pleochroism
විවිධ දිශාවලින් බලන විට වර්ණ 2–3ක් පෙනේ. (C-axis දිශාවෙන් ගොඩක් dark
table view එකෙන් light)
Dichroscope භාවිතයෙන් ඉතා පැහැදිලිව ද්විවර්ණ පෙන්වයි
🌈 Tourmaline වර්ග (Varieties)
1️⃣ Rubellite
• රෝස සිට තද රතු
• Mn²⁺ සහ Mn³⁺ ionic states හේතුවෙන් රතු වර්ණය ලැබේ
• Rubellite සහ Ruby දෙකම artificial light එකෙත් රතුම පෙනෙනවා. (Pink tourmaline වලින් Rubellit වෙන්කරගන්න වැදගත් ලක්ෂණයකි)
• Pink tourmaline artificial light වල orange/pink වර්ණය පෙන්වයි.
• Inclusions බහුලයි
2️⃣ Indicolite
• ලා නිල් සිට තද නිල්
• Fe²⁺ – Fe³⁺ intervalence charge transfer හේතුවෙන් නිල් වර්ණය ලැබේ
3️⃣ Paraiba Tourmaline
• Neon Blue / Greenish Blue වර්ණ වලින් ඇත
• Cu²⁺ ප්‍රධාන වර්ණකය වන අතර Mn color modifier ලෙස ක්‍රියා කරයි
• ලොව වටිනාම සහ දුර්ලභම Tourmaline වර්ගයයි.
4️⃣ Watermelon Tourmaline
• මැද රෝස / රතු වර්ණය ඇත
• වටේ කොළ ස්වභාවික වර්ණ කලාපීකරණයක් පෙන්වයි
5️⃣ Schorl
• තද කළු වර්ණයෙන් හමුවේ
• Iron බහුල ගලකි
• බහුලවම හමුවන Tourmaline වර්ගය වේ
6️⃣ Verdelite
• කොළ පැහැති Tourmaline වර්ග සියල්ල මෙයට අයත් වේ.
📊 භෞතික ගුණාංග (Physical Properties)
• Hardness: 7 – 7.5
• Specific Gravity: 3.02 – 3.26
• Refractive Index: 1.614 – 1.666
• Birefringence: 0.018 – 0.040 (ඉතා ඉහළ)
• Lustre: Vitreous
• Cleavage: Indistinct
• Transparency: Transparent – Opaque
🔬 ඇතුළත් කිරීම් (Inclusions)
• Trichites – ඉතා සිහින් නූල් වැනි (Thread-like) ව්‍යුහයන්.
• Growth tubes (C-axis parallel) – නළ වැනි
• Tourmaline growth zoning color bands
• Liquid inclusions - නළ වැනි කුහර තුළ දියර පිරී තිබීම
• Cat’s Eye effect – tubes සමාන්තරව තිබේ නම් මෙය දිස්වේ
🔥 ප්‍රතිකාර (Treatments)
• Heat treatment තද වර්ණ සහිත ගල් ලා පැහැති කිරීම (Fe related absorption bands අඩු කිරීමෙන් වර්ණය පිරිසිදු කරයි)
• Irradiation මගින් රෝස/රතු තද කිරීම සිදු කරයි
• Acid cleaning (මතුපිට ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදු කරයි.)
• Fracture filling (සමහර Rubellite වල)
🌍 ප්‍රධාන මූලාශ්‍ර
• 🇧🇷 Brazil – ප්‍රධාන නිෂ්පාදකයා වේ
• 🇦🇫 Afghanistan / 🇵🇰 Pakistan – උසස් Rubellite, Indicolite ගල් හමුවේ
• 🇲🇿 Mozambique – Paraiba type හමුවේ
• 🇱🇰 Sri Lanka – Dravite (කහ/දුඹුරු/කොළ) පැහැති ගල් හමුවේ
පැරණි කාලයේ සිටම ප්‍රසිද්ධය. විශේෂයෙන් කහ සහ දුඹුරු (Dravite) වර්ගයේ තෝරමල්ලි ලංකාවේ බහුලව හමුවේ. (Elahera / Balangoda / Ratnapura gravels) secondary alluvial deposits වල
Tourmaline යනු වර්ණ දේදුන්නක් වැනි මැණික් පවුලකි. Paraiba සහ Rubellite ඉතා වටිනා අතර දෘඪතාව 7–7.5 නිසා දෛනික භාවිතයට සුදුසු ශක්තිමත් මැණිකකි