02/10/2026
රුපියල් 1500ට 2TB පෙන් ගන්න ගිහින් අන්තිමට නාගත්ත උන් කවුද ඉන්නේ? 🥲 PC එකට ගැහුවම 2TB පෙන්නුවට, ඇතුලේ තියෙන්නේ 8GB චිප් එකක් කියලා තේරෙද්දි පරක්කු වැඩියි බං!..
ගොඩක් උන් හිතන්නේ මේවා වැඩ කරන්නේ නැත්නම් NTFS හරි exFAT විදිහට Format කරාම හරි යයි කියලා. හැබැයි ඒකෙන් කිසිම වැඩක් නෑ. මේ Fake පෙන්ඩ්රයිව් පිටිපස්සේ තියෙන්නේ පට්ටම ඇඩ්වාන්ස් Hardware Scam එකක්. 🧠💻
1️⃣ Firmware Spoofing (පෙන් එකේ මොළය හැක් කිරීම)
මේ කපටි ස්කෑම් කාරයෝ කරන්නේ 8GB හෝ 16GB වගේ තියෙන පට්ට ලාභ, බාල පෙන්ඩ්රයිව් තොගයක් අරන්, ඒකෙ තියෙන "Controller Chip" (පෙන් එකේ මොළය විදිහට වැඩ කරන කොටස) එකේ ප්රෝග්රෑම් එක (Firmware) Hack කරන එක.
2️⃣ Windows එක ඇන්දවීම
උබ පෙන්ඩ්රයිව් එක PC එකට ගැහුවම, Windows කෙලින්ම කතා කරන්නේ අර Controller Chip එකට. Chip එක හැක් කරලා තියෙන නිසා ඒක Windows වලට බොරු කියනවා "මගේ ඉඩ 2TB" කියලා. Windows එකත් රැවටිලා My Computer එකේ ලස්සනට 1900GB+ Free space පෙන්නනවා. ඔයා මොන විදිහට Format කරත් මේක හදන්න බෑ, මොකද ඔයා Format කරද්දිත් Windows කතා කරන්නේ අර හැක් කරපු Chip එකටමයි.
3️⃣ Loop Writing (ෆයිල් Corrupt වෙන ඇත්තම හේතුව)
මේක තමයි භයානකම සීන් එක. හිතන්න මේක ඇත්තටම 8GB පෙන් එකක් කියලා. ඔයා 5GB ෆිල්ම් එකක් දැම්මොත් ඒක කිසි අවුලක් නැතුව කොපි වෙනවා. හැබැයි උබ තව 5GB එකක් දැම්මොත්, පෙන් එකේ ඉඩ නෑනේ. එතකොට මේ Hack කරපු පෙන් කරන්නේ පරණ ෆයිල් ටික මකාගෙන අලුත් ෆයිල් ටික ඒක උඩින් ලියන එකයි (Looping / Overwriting).
ඔයාට පෙන් එක ඇතුලේ ෆයිල් දෙකේම නම් සහ Size එක ලස්සනට පෙන්නනවා. හැබැයි පරණ ෆිල්ම් එක ප්ලේ කරන්න හැදුවොත් "File Corrupted" කියලා එන්නේ අන්න ඒකයි.
💡 මේවගෙන් බේරෙන්නේ කොහොමද?
රුපියල් 1500ට 2TB පෙන් මේ ලෝකේ කොහේවත් නෑ. අඩුවට දැක්කම පැනලා ගන්න එපා. ඒ වගේම මේක Fake ද කියලා අල්ලගන්න Format කරලා බැ. සැක නම් 'H2testw' හෝ 'FakeFlashTest' වගේ සොෆ්ට්වෙයාර් එකක් දාලා මුළු පෙන් එකටම Data ලියලා චෙක් කරලාම බලන්න ඕනේ.
ඇත්ත කියපන්, මේ වගේ ලණුවක් කාලා අමාරුවේ වැටිච්ච උන් කවුද ඉන්නේ? අත්දැකීම් තියෙන අය කමෙන්ට් එකක් දාහන් 👇