G E M S A P P H i R E

G E M S A P P H i R E Gemstone Buyers & Sellers

ඔබ සැමටසුපින්බර වෙසක් පුන් පොහෝ දිනක්වේවා...!
05/05/2023

ඔබ සැමට
සුපින්බර
වෙසක් පුන් පොහෝ දිනක්
වේවා...!

11/11/2022
ඈත අතී‍තයේ පටන්ම ශ්‍රී ලංකාව මැණික් කර්මාන්තය සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. මේ නිසාම 'රත්න දීප' යන අන්වර්ථ නාමයෙන්ද ශ්‍රී ල...
11/11/2022

ඈත අතී‍තයේ පටන්ම ශ්‍රී ලංකාව මැණික් කර්මාන්තය සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. මේ නිසාම 'රත්න දීප' යන අන්වර්ථ නාමයෙන්ද ශ්‍රී ලකාව හඳුන්වයි. 1292 දී මාර්කෝ පෝලෝ විසින් සිය ලිපියක ලංකාව ගැන මෙසේ සඳහන් කරයි. ˝ප්‍රමාණයෙන් තරමක් කුඩා වුවත් ඉතා අනර්ඝ දිවයිනක් වූ ශ්‍රී ලංකාවේ ඇල දොළ ගංගා වලින් පවා මුතු මැණික් හමු වේ˝. දෙවන ශත වර්ශයේ විසූ ටොලමි විසින් සඳහන් කරන පරිදි අතීතයේ ලංකාවේ මැණික් කර්මාන්තයේ මූලික ස්ථානයක් හිමිව තිබුනේ 'තරිප්පු' (beryl) සහ 'කොරන්ඩම්' (sapphire) වලටය. සිව්වන සහ පස්වන ශතවර්ශ වලදී පර්සියානු සහ අරාබි වෙළඳුන් මුතු මැණික් වෙළඳාම සඳහා ලංකාවට පැමිණි බව සඳහන් වේ.

මැණික් බහුලව හමුවන ප්‍රදේශ
භූගෝලීය වශයෙන් සලකන විට ලංකාව ඉතාමත් පැරණි දූපතක් වේ. එහි වූ පාෂාණ ස්ථර වලින් 90% ක් ම අයත්වන්නේ ප්‍රාග් කේම්බ්‍රියානු යුගයට (වසර මිලියන 560 – 2400 පෙර) වේ. මෙම පාෂාණ අතර වන ආග්නේය පාෂාණ, කැල්සියම් තැන්පතු, මඩ තැන්පතු වල සිදුවන දීර්ඝ කාලීන විපර්යාසයන් හේතුවෙන් මැණික් සෑදීම සිදුවේ.

බොහෝ විට මැණික් ඉල්ලම් දක්නට ලැබෙන්නේ ගංගා ආශ්‍රිතවය. භූමි ප්‍රමාණයන් සමග සලකන විට මැණික් ඉල්ලම් සොයාගැනීමේ වැඩිම සම්භාවිතාවයක් ඇත්තේ ශ්‍රී ලංකාවේය. විශාල වශයෙන් මැණික් ඉල්ලම් හමුවන රුවන් පුරය හෙවත් රත්නපුරයට එම නම පටබැඳී ඇත්තේද මැණික් ව්‍යාපාරය සඳහා මෙම ප්‍රදේශය දක්වන ප්‍රසිද්ධිය නිසාමය.

ශ්‍රී ලංකාවේ නිල් මැණික්
නිල් මැණික් අතරින් ලංකාවේ නිල් මැණික් වලට අද්විතීය ස්ථානයක් හිමි වන්නේ ඒවාටම ආවේනික වූ පැහැය, සුපිරිසිඳු බව හා දීප්තිමත් බව නිසාමය.

අන්තර්ජාලය ඇසුරිනි.

😲 🇱🇰 😲ලොව විශාලතම ආරු නුල් නිල් මැණික් පොකුර මෙරට ගෙවත්තකින් හමුවී ඇති බව ශ්‍රී ලංකා බලධාරීන් සඳහන් කර සිටිනවා. කිලෝග්‍ර...
27/07/2021

😲 🇱🇰 😲

ලොව විශාලතම ආරු නුල් නිල් මැණික් පොකුර මෙරට ගෙවත්තකින් හමුවී ඇති බව ශ්‍රී ලංකා බලධාරීන් සඳහන් කර සිටිනවා. කිලෝග්‍රෑම් 510ක බරකින් යුත් මෙහි කැරට් මිලියන 2.5ක් පමණ අඩංගු වන බවට සැලකෙන අතර එය “සෙරන්ඩිපිටි නිල් මැණික්” ලෙස නම් කර ඇත.

ජාතික ස්වර්ණාභරණ සහ මැණික් අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලයෙන් සිදුකළ විමසීමකදී මෙය කුරුවින්ද කුලයට අයත් ආරුනුල් මැණික් පොකුරක් ලෙසට හඳුනා ගත් බවයි.

රත්නපුරය දිස්ත්‍රික්කයේ ජිවත්වන මැණික් ව්‍යාපාරිකයෙකු ගේ නිවස පිහිටි ගෙවත්තේ කම්කරුවන් පිරිසක් විසින් ලිඳක් හාරමින් සිටියදී මෙම මැණික් පොකුර සොයා ගෙන ඇත.

විශේෂයෙන් සුදුමැලි පැහැයට හුරු නිලකින් යුත් වන අතර එය ජාත්‍යන්තර වෙළෙදපොලේ ඇස්තමේන්තුගත වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 100ක් පමණ වන බවයි සැලකෙන්නේ.

ඔබ සැමටසුපින්බර පොසොන් පොහෝ දිනක්වේවා...!
24/06/2021

ඔබ සැමට
සුපින්බර පොසොන් පොහෝ දිනක්
වේවා...!

වචනයෙන් නොකියනහදවතේ ගැඹුරටම කාවැදුනනිහඬ ආදරයේ හිමිකරු"තාත්තා" ❤️ලොව සියළු පියවරුන්ට උපහාරයක් වේවා...!
20/06/2021

වචනයෙන් නොකියන
හදවතේ ගැඹුරටම කාවැදුන
නිහඬ ආදරයේ හිමිකරු
"තාත්තා" ❤️

ලොව සියළු පියවරුන්ට උපහාරයක් වේවා...!

දක්ෂයෙකුට බිම වැටුණු දෙයත් කලාවක්...
19/06/2021

දක්ෂයෙකුට බිම වැටුණු දෙයත් කලාවක්...

ලොව තෙවැනියට විශාලතම දියමන්තිය බොට්ස්වානා රාජ්‍යයෙන් සොයගැනේ  💎 ලොව තෙවැනියට විශාලතම දියමන්තිය ලෙසට විශ්වාස කෙරෙන කැරට් ...
18/06/2021

ලොව තෙවැනියට විශාලතම දියමන්තිය බොට්ස්වානා රාජ්‍යයෙන් සොයගැනේ 💎

ලොව තෙවැනියට විශාලතම දියමන්තිය ලෙසට විශ්වාස කෙරෙන කැරට් 1098ක දියමන්තියක් අප්‍රිකාවේ බොට්ස්වානා රාජ්‍යයෙන් සොගෙන තිබේ.

එම දියමන්තිය එරට ගැබරෝනේ අගනගරයේ සිට සැතපුම් 75ක් දුරින් පිහිටි ජ්වැනෙනග් (Jwaneng) දියමන්ති පතලෙන් සොයා ගැනීමට හැකි වූ බව එහි කැනීම් කටයුතු කරන ඩෙබ්ස්වානා සමාගම සඳහන් කරයි.

අදාල දියමන්තිය බොට්ස්වානා ජනාධිපති මොක්වීට්සි මසිසි වෙත ඩෙබ්ස්වානා දියනමන්ති සමාගම විසින් පිළිගන්වා තිබේ. මෙය බොට්ස්වානා රාජ්‍යයෙන් මෑත කාලයේදී හමුවූ දෙවන විශාලතම දියමන්තිය වේ.

මීට පෙර 2015 වර්ෂයේදී ලොව දෙවන විශාලතම දියමන්තිය වන කැරට් 1109ක ලෙසෙඩි ලා රෝනා දියමන්තිය බොට්ස්වානා හී කැරොවේ දියමන්ති පතලෙන් සොයාගෙන තිබේ.

එය 2017 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් මිලියන 53කට අලෙවි කෙරිණි.

“අපේ මූලික විශ්ලේෂණ වලට අනුව මෙය ලෝකයේ තෙවැනියට විශාලතම දියමන්තිය විදිහට සලකන්න පුලුවන්. ඒත් දැනට දියමන්තිය අලෙවි කිරීම සම්බන්ධයෙන් රජය අපිට නිල දැණුම් දීමක් කර නැහැ.” යනුනේ කැනීම් කළ ඩෙබ්ස්වානා සමාගමේ කළමනාකරන අධ්‍යක්ෂක ලිනෙට්ටී ආම්ස්ටේ්‍රාන්ග් ප්‍රකාශ කරයි.

මෙම දියමන්තිය මිලිමීටර් 72ක දිගකින්ද් මිලිමීටර් 52ක පළලකින් සහ මිලිමීටර් 27ක ඝණකමින් යුක්තයි. බොට්ස්වානා හී ඛණිජ අමාත්‍ය ලොෆොකෝ මොයාගි පවසන්නේ දියමන්තිය හැදින්වීමට මෙතෙක් නමක් යෝජනා වී නොමැති බවයි.

මෙම දියමන්තිය සොයාගත් ජ්වැනෙනග් පතලේ කෑනීම් ප්‍රථමයෙන්ම ආරම්භ කර ඇත්තේ 1982 වර්ෂයේදී වන අතර එයින් වසරකට කැරට් මිලියන 12.5ක පමණ දියමන්ති කැනීම්කර සොයගනු ලබයි.

ලොව විශාලතම දියමන්තිය ලෙස සැලකෙන්නේ 1905 වර්ෂයේදී දකුණු අප්‍රිකාවෙන් සෙයාගත් කැටර් 3106 කලිනන් දියමන්තයයි.

සටහන නුවන් සේනාරත්න

තැවී දැවෙන සිත් නිවී පහන් වේවා...පින්බර උතුම් වෙසක් මංගල්‍යයක් වේවා...
26/05/2021

තැවී දැවෙන සිත් නිවී පහන් වේවා...
පින්බර උතුම් වෙසක් මංගල්‍යයක් වේවා...

Connect  with G E M S A P P H i R E
16/05/2021

Connect with G E M S A P P H i R E

G E M S A P P H i R E
14/05/2021

G E M S A P P H i R E

Address

Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when G E M S A P P H i R E posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share