Hasaranga Gem Cutters

Hasaranga Gem Cutters We have 30 years experience about diamond cutting. we get both gem and diamond cutting orders.

you can get precision cutting service for your gems and diamonds

21/12/2025

"ඇයි එයාපෝට් එකේ වතුර බෝතල් තහනම්?" - ඔබේ ගුවන් ගමන අපායක් වීමට ගොස්, අවසන් මොහොතේ ලෝකයම බේරාගත් "Lucozade බීම බෝතලයේ" ත්‍රාසජනක කතාව! ✈️🥤🕵️‍♂️

(ලෝකයේ අංක 01 බුද්ධි අංශ මෙහෙයුම - Operation Overt)

අපි කවුරුත් කැමති නෑ ගුවන් තොටුපළක ආරක්ෂක නිලධාරීන් ළඟ රස්තියාදු වෙන්න. විශේෂයෙන්ම අපි බොන්න ගෙනාපු වතුර බෝතලය, සිසිල් බීම බෝතලය, නැත්නම් ලොකු සෙන්ට් බෝතලය කුණු කූඩෙට විසි කරන්න කියලා ඔවුන් අණ කරනකොට අපිට පොඩි කේන්තියක් එනවා. "හෑන්ඩ් ලැගේජ් එකේ නිකන් වතුර ටිකක් ගෙනියන්න බැරි ඇයි?" කියලා අපි හිතනවා. නමුත් ඔබ දන්නවාද? අද අපි අත්විඳින මේ නීතිය නිකම්ම දාපු එකක් නෙවෙයි. මීට වසර ගණනාවකට පෙර, හරියටම කිව්වොත් 2006 වසරේදී ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපළේදී සිද්ධ වෙන්න ගිය මහා විනාශයක් නිසා තමයි මේ නීතිය ආවේ. එදා බ්‍රිතාන්‍යයේ MI5 සහ ඇමරිකාවේ CIA ඒජන්තවරුන් නිදි නොලැබූ රාත්‍රීන් ගණනාවක් ගත කරමින් කරපු මෙහෙයුම සාර්ථක නොවුණා නම්, අදටත් අපිට අහන්න ලැබෙන්නේ ලෝක ඉතිහාසයේ සිදුවූ දරුණුතම ගුවන් ඛේදවාචකය ගැනයි. මේ කතාව පටන් ගන්නේ ලන්ඩනයේ සාමාන්‍ය මහල් නිවාසයක අඳුරු කාමරයක් ඇතුළෙන්.

2006 වසරේ මුල් භාගයේදී බ්‍රිතාන්‍ය බුද්ධි අංශවලට (MI5) අතිශය රහසිගත ඔත්තුවක් ලැබුණා යම් කිසි පිරිසක් එංගලන්තයේ සිට ඇමරිකාව සහ කැනඩාව බලා පියාසර කරන මගී ගුවන් යානා ඉලක්ක කරගෙන ලොකු සැලැස්මක් හදනවා කියලා. හැබැයි ගැටලුව වුණේ මොවුන් ගුවන් යානයට ආයුධ ගෙනියන්නේ කොහොමද කියන එකයි. මොකද 2001 සැප්තැම්බර් ප්‍රහාරයෙන් පස්සේ ලෝකයේ හැම එයාපෝට් එකකම ආරක්ෂාව උපරිම කරලයි තිබුණේ. පිහියක්, කතුරක් තියා නියපොතු කපන කටර් එකක්වත් ගුවන් යානයට ගෙනියන්න බැරි තරම් ආරක්ෂාව දැඩියි. ඉතින් කොහොමද මේ අය බෝම්බයක් ගෙනියන්නේ? මෙන්න මෙතන තමයි MI5 නිලධාරීන්ගේ ඔළුව රත් වුණේ. ඔවුන්ට තේරුණා මේ ගනුදෙනු කරන්නේ සාමාන්‍ය අපරාධකාරයෝ එක්ක නෙවෙයි, ඊට වඩා ගොඩක් ඉහළ තාක්ෂණයක් පාවිච්චි කරන පිරිසක් එක්ක කියලා. බුද්ධි අංශ නිලධාරීන් වහාම ක්‍රියාත්මක වුණා. ඔවුන් සැකකරුවන්ගේ ගෙවල්වලට හොර රහසේම ඇතුළු වෙලා, වයර් රෙකෝඩර් සහ කුඩා කැමරා හයි කළා. ඔවුන්ගේ දුරකථන ටැප් කළා. ඒ ඇසෙන දෙයින් සහ පෙනෙන දෙයින් බුද්ධි අංශ නිලධාරීන්ගේ ලේ හිම වුණා. මේ කණ්ඩායම ලෑස්ති වුණේ ලෝකයේ කිසිම ස්කෑනර් යන්ත්‍රයකට අහු නොවෙන අලුත්ම ජාතියේ ආයුධයක් හදන්නයි. ඒ තමයි "දියර බෝම්බ" (Liquid Explosives).

ඔවුන්ගේ සැලැස්ම පිටින් බලද්දි හරිම සරලයි වගේ පෙනුනට, ඇත්තටම ඒක යක්ෂයෙක්ට විතරක් හිතන්න පුළුවන් තරමේ අතිශය බිහිසුණු සහ සූක්ෂම නිර්මාණයක්. ඔවුන් මේ මාරාන්තික මෙහෙයුම සඳහා තෝරාගෙන තිබුණේ එංගලන්තයේ ඕනෑම පොඩි කඩයකින් ගන්න පුළුවන් "Lucozade" සහ "Oasis" කියන හරිම සාමාන්‍ය පැණි බීම බෝතල් විතරයි. හැබැයි මේ අහිංසක පෙනුම පිටිපස්සේ හැංගිලා තිබුණේ මරණය.

ඔවුන් මේ බෝතල්වල උඩ තියෙන පියන (Cap) ඇරියේ නෑ. මොකද පියන කැඩුවොත් සීල් එක කැඩෙනවා, එතකොට කාට හරි සැක හිතෙන්න පුළුවන්. ඒ වෙනුවට ඔවුන් කළේ හරියට දොස්තර කෙනෙක් සැත්කමක් කරනවා වගේ වැඩක්. ඔවුන් බොහොම ඉවසීමෙන්, බෝතලයේ අඩිය පැත්තෙන් (Bottom) ඉතාම සියුම්, ඇහැට පේන්නේ නැති පුංචිම පුංචි හිලක් විද්දා. ඊට පස්සේ සිරින්ජරයක් (Syringe) පාවිච්චි කරලා, බෝතලේ ඇතුලේ තිබුණු ඇත්ත පැණි බීම ටික බින්දුවක් නෑර එළියට ඇද්දා. දැන් බෝතලේ හිස්. ඊළඟට තමයි භයානකම කොටස පටන් ගත්තේ. ඔවුන් අර හිස් වෙච්ච බෝතල් ඇතුළට ආපහු සිරින්ජරයෙන්ම පිරෙව්වේ බීම නෙවෙයි; රසායනාගාරවල පාවිච්චි කරන, ඉතාම අධි සාන්ද්‍රණයක් සහිත "හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්" (Hydrogen Peroxide) පදනම් කරගත් දියර පුපුරණ ද්‍රව්‍යයක්.

මේක කොච්චර සියුම්ව කළාද කියනවා නම්, අර ඇතුළට දාපු රසායනික දියරයේ පාට, නියම Lucozade බීම එකේ පාටට වඩා පොඩ්ඩක් හරි වෙනස් වෙයි කියලා සැකේට, ඔවුන් ඒකට "Tang" වගේ තැඹිලි පාට බීම කුඩු වර්ග පවා එකතු කළා. අන්තිමට බැලුවම කාටවත්ම කියන්න බෑ මේ තියෙන්නේ බීමක් නෙවෙයි බෝම්බයක් කියලා. බෝතලයේ අඩියේ විදපු හිල ආපහු පේන්නේ නැති විදිහටම සීල් කළා. දැන් මේක ඕනෑම ස්කෑනර් මැෂින් එකකට දැම්මොත් පේන්නේ නිකන්ම නිකන් වතුර බෝතලයක් විදිහට විතරයි.

එතකොට මේක පුපුරවන්නේ කොහොමද? ඒකට ඔවුන් පාවිච්චි කළේ අපි සාමාන්‍යයෙන් ගෙදර දොරේ පාවිච්චි කරන "AA සයිස් බැටරි කෑලි" සහ වෙඩින් වලදී ෆොටෝ ගන්න පාවිච්චි කරන "ඩිස්පෝසබල් කැමරාවක" (Disposable Camera) ෆ්ලෑෂ් එක පත්තු කරන පුංචි කෑල්ලක් විතරයි. මේ ඔක්කොම සාමාන්‍ය හෑන්ඩ් බෑග් එකක දාගෙන, හොඳට ඇඳ පැළඳගෙන, හිනාවෙලා කතා කර කර කිසිම බයක් සැකක් නැතුව ප්ලේන් එකට නගින්න ඔවුන්ට පුළුවන්. ඔවුන්ගේ ප්ලෑන් එක වුණේ, ප්ලේන් එක අහසට නැග්ගට පස්සේ, සීට් එකේ ඉඳගෙනම හෝ වැසිකිළියට ගිහින් අර බෝතලේ පියන ඇරලා, බැටරි කෑල්ලයි කැමරා කෑල්ලයි එකතු කරලා පොඩි "ඉලෙක්ට්‍රික් ෂොක්" (Spark) එකක් දෙන එක විතරයි. ඒ දේ කරපු සැැනින්, මුළු ප්ලේන් එකම අහසෙදිම යකඩ ගොඩක් බවට පත් වෙලා, ගිනි බෝලයක් වෙලා මහ මුහුදට කඩාගෙන වැටෙනවා.

ඔවුන්ගේ ඉලක්කය වුණේ නිකම්ම එක ප්ලේන් එකක් නෙවෙයි. එකම වෙලාවක, ලන්ඩනයේ ඉඳන් ඇමරිකාව බලා යන මගී ගුවන් යානා 07ක්, අඩි 30,000ක් උඩ අත්ලාන්තික් සාගරයට ඉහළ අහසේදී එකවර පුපුරවා හරින්නයි ඔවුන් සැලසුම් කරලා තිබුණේ. බුද්ධි අංශ මැදිහත් නොවුණා නම්, එදා දවස අවසන් වෙන්න තිබුණේ ලෝකයේ දරුණුතම ඛේදවාචකයෙන්.

MI5 නිලධාරීන් මේ සැකකරුවන්ව දවස් ගාණක් තිස්සේ "සෙවනැලි" වගේ ෆොලෝ කළා. ඔවුන් කොච්චර සියුම්ව මේක කළාද කියනවා නම්, අර මහල් නිවාසය ඇතුලේ සැකකරුවන් බෝම්බ හදන හැටි, බෝතල් වලට දියර පුරවන හැටි බුද්ධි අංශවලට "ලයිව්" අහගෙන ඉන්න පුළුවන් වුණා. නමුත් ප්‍රශ්නය වුණේ මේකයි. බ්‍රිතාන්‍ය බුද්ධි අංශවලට (MI5) අවශ්‍ය වුණා තව ටික කාලයක් මේක දිහා බලාගෙන ඉඳලා, මුළු ජාලයම අල්ලගන්න. ඔවුන්ට ඕන වුණේ සාක්ෂි එකතු කරගන්න. නමුත් ඇමරිකානු බුද්ධි අංශවලට (CIA) මේක දරාගන්න බැරි වුණා. ඔවුන් කිව්වේ "තවත් බලාගෙන ඉන්න බෑ, එක තත්පරයක් හරි වැරදුනොත් ප්ලේන් 7ක් පුපුරනවා. දහස් ගාණක් මැරෙනවා. ඒ අවදානම ගන්න බෑ, දැන්ම අල්ලන්න" කියලා. දෙපැත්ත අතර ලොකු මත ගැටුමක් ගියා. ඒ අතරේ 2006 අගෝස්තු 9 වැනිදා රෑ තීරණාත්මක මොහොත උදා වුණා. සැකකරුවන් එක්කෙනෙක් පාස්පෝට් එකත් අරගෙන, බඩුත් ලෑස්ති කරගෙන එයාපෝට් එකට යන්න ලෑස්ති වෙනවා කියලා බුද්ධි අංශවලට සිග්නල් ලැබුණා. තවත් බලාගෙන ඉන්න බැරි තැන, එදා රෑම බ්‍රිතාන්‍ය පොලිසිය ලන්ඩන් නුවර පුරා හදිසි මෙහෙයුම් දියත් කළා.

එදා රෑ එංගලන්තයේ ගෙවල්, ඉන්ටර්නෙට් කැෆේ සහ සැක කටයුතු ස්ථාන ගණනාවකට කඩා වැදුණු පොලිසිය, ප්‍රධාන සැකකරුවන් 24 දෙනෙක්ව අත්අඩංගුවට ගත්තා. Al-Qaeda සම්බන්ධ ත්‍රස්තවාදීන්ගේ කණ්ඩායමේ ප්‍රධානියා Abdulla Ahmed Ali. ඔවුන්ගේ ගෙවල් පරීක්ෂා කරද්දි පොලිසියට හිතාගන්න බැරි දේවල් හම්බුණා. අර දියර පුරවපු බීම බෝතල්, බැටරි, වයර් සහ ඔවුන්ගේ සැලැස්ම විස්තර කරන වීඩියෝ පට සියල්ලම පොලිසිය සොයාගත්තා. සමහර බෝතල් තිබුණේ ගෙනියන්නම ලෑස්ති කරලා සීල් කරලා. ඒ කියන්නේ පොලිසිය පැයක් හරි පරක්කු වුණා නම්, අද ලෝක ඉතිහාසය වෙනස් වෙන්න තිබුණා. බුද්ධි අංශවල ඒ කැපවීම නිසා එදා සිද්ධ වෙන්න ගිය මහා විනාශයක් නූලෙන් නතර වුණා.

හැබැයි මේ සිද්ධියත් එක්කම මුළු ලෝකයේම ගුවන් ගමන් ආරක්ෂාව එක රැයකින් වෙනස් වුණා. පහුවදා උදේ එයාපෝට් වලට ආපු මගීන්ට දකින්න ලැබුණේ පුදුම දෙයක්. එදා ඉඳන්ම ගුවන් යානා ඇතුළට වතුර බෝතල්, දියර වර්ග, ජෙල් වර්ග ගෙන යාම සම්පූර්ණයෙන්ම තහනම් කළා. මුල් දවස්වල තත්ත්වය කොච්චර දරුණුද කියනවා නම්, පොඩි ළමයින්ට කිරි බෝතලයක්වත් ගෙනියන්න දුන්නේ නෑ. සමහර අම්මලාට සිද්ධ වුණා සිකියුරිටි එක ඉස්සරහා තමන්ගේ දරුවාගේ කිරි බෝතලේ බීලා පෙන්නන්න, ඒකේ වස නෑ කියලා ඔප්පු කරන්න. පස්සේ තමයි ඒ නීතිය ටිකක් ලිහිල් කරලා "මිලි ලීටර් 100" (100ml) සීමාව ගෙනාවේ. ඉතින් අදටත් ඔබ ගුවන් තොටුපළකදී වතුර බෝතලේ විසි කරන්න සිද්ධ වෙද්දි, ආරක්ෂක නිලධාරියා එක්ක පොඩ්ඩක්වත් තරහ ගන්න එපා. ඒ නීතිය තියෙන්නේ නිකම්ම නෙවෙයි; කවදා හරි දවසක සාමාන්‍ය Lucozade බෝතලයක් අස්සේ හැංගිලා එන්න පුළුවන් මරණයෙන් ඔබව බේරාගන්නයි. බුද්ධි අංශ නිලධාරීන් කියන්නේ තිරය පිටුපස ඉඳන් නිහඬව ලෝකය බේරාගන්න පිරිසක් කියන එකට මේක හොඳම උදාහරණයක්.

එයාපෝට් එකේදි ඔයා ආසාවෙන් ගත්ත සෙන්ට් බෝතලේ, ක්‍රීම් එක කුණු කූඩෙට දාන්න කිව්වම එදා ආරක්ෂක නිලධාරියා එක්ක පුදුම තරහක් නේද ආවේ? මේක කියෙව්වට පස්සේ ඒ තරහ නිවුණද?. පහළින් කමෙන්ට් කරන්න. 👇

නොකී කතා - Untold Stories තවත් දැනගැනීමට follow කරන්න

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම ‘නොකී කතා – Untold Stories’ පිටුව Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

21/12/2025
20/12/2025
20/12/2025
20/12/2025

Address

No. 8A , Kotugoda Road
Seeduwa
11410

Telephone

+9477-6962188

Website

Alerts

Be the first to know and let us send you an email when Hasaranga Gem Cutters posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hasaranga Gem Cutters:

Share