Elon AzerShri LLC

Elon AzerShri LLC Consultant in General Visa’s and Migration

ඉඩක් ලැබෙන හැම වෙලේම මේ දේවල් ලෑස්ති කරගන්න. වෙනම පොඩි ෆයිල් එකක් තියාගන්න. ඒ වගේම ඩ්‍රයිවර් එකක හරි පෙන් ඩ්‍රයිවර් එකක ...
14/01/2023

ඉඩක් ලැබෙන හැම වෙලේම මේ දේවල් ලෑස්ති කරගන්න. වෙනම පොඩි ෆයිල් එකක් තියාගන්න. ඒ වගේම ඩ්‍රයිවර් එකක හරි පෙන් ඩ්‍රයිවර් එකක හරි මේ හැම ඩොකියුමන්ට් එකක්ම පිළිවෙලට ස්කෑන් කරලා නේම් කරලා පී.ඩී.එෆ් ෆෝමැට් එකෙන් තියාගන්න.

1. පාස්පෝර්ට් එක වර්තමාන සහ කල් ඉකුත් වූ ඒවා ඇත්නම් ඒවාද ස්කෑන් කර තබාගන්න. තවද,

නැතිවූ හෝ අස්තානගත වූ පාස්පෝර්ට් එකක් ඇත්නම් ඒ පිළිබදව ළගම ඇති පොලිඩ් ස්ථානයේ පැමිණිල්ලක් කර, එම පැමිණිලි පත්‍රයද පාස්පෝර්ට් එක සාදා නිම වීමෙන් අනතුරුව ඔබගේ ෆයිල් එකේ තබාගන්න. එයද විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය සහිත වීම ඉතාමත් වැදගත්.

2. බැක්ග්‍රවුන්ඩ් කිහිපයක් සහිත මිණුම් කිහිපයක් සහිත ෆොටෝ
(පිළිවෙලකට කොණ්ඩය සහ ඇදුම් ගැන මනාව සැලකිලිමත් වන්න)

මෙම බයෝමෙට්‍රික්ස් ෆොටෝස්, කිසි ආකාරයකින් එඩිට් කරන්න එපා ඒ ආකාරවම ස්වාභාවික රූප රාමුව දෙන්න. එසේ නොවුනහොත් ඔබේ වීසා පත රිජෙක්ට් වීමටත් හේතුව වේ.

3. උප්පැන්න සහතිකය සිංහල හෝ දමිළ - ඉංග්‍රීසියට පරිවර්තනය කරගන්න. මේ සදහා රජයේ අනුමැතිය ලත් පරිවර්තන නිළධාරි කෙනෙකුගෙන් පමණක් එය සිදු කරගන්න.

තවද පාස්පෝර්ට් එකේ සදහන් පරිදි නම එම ඉංග්‍රීසි අකුරින්ම පිරවිය යුතුව තිබේ.

උදා:- වික්‍රමසිංහ
Passport- Wickramadinghe
BC translation- Wickramasingha

මෙම E අකුර සහ A අකුර ගැන සැළකිලිමත් වන්න.

හිස්තැන් එහෙම එකට ලියා ඇති අවස්ථාවන් වල එම තැනට අදාළව දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු වන්නේ අධිකරණ අමාත්‍යාංශයේ අනුමැතිය හරහා ය.

4. විවාහ සහතිකද ඉහත කී ආකාරයටම පරිවර්තනය කරගන්න.

5. සියළුම අධ්‍යාපනය සහතික, අධ්‍යාපනය අමාත්‍යාංශයේ සහතික කිරීම අත්‍යාවශ්‍ය වේ

6. රැකියාව සම්බන්ධ සියළුම ලිපි ලේඛන ද ඒ ආකාරව තබාගන්න.

7. වැක්සීන් සහතිකය ඩිජිටල් එක, අදාළ MOH කාර්‍යාලේන් ලබාගැනීමට කටයුතු කරන්න.

8. අධ්‍යාපනය සහතික WES අනුමැතිය ලබාගැනීමට කටයුතු ඔබ විසින්ම කරගන්නේ නම් හොදයි.
World Educational System

9. ඉතාමත් සොලිඩ් රීසන්ස් ඇතුළත් SOP - State of Purpose ලිපියක් සකසා ගන්න. එය Educational Visa පතක් නම්- නැවත ලංකාවට ඔබ ඒමට අනිවාර්යයෙන්ම නියමිත බව පිළිගත යුතු කරුණු මගින් සනාථ විය යුතු මයි.
Work Visa අයදුමක් නම් - ඔබ මැනෙවින් එම රට ට යහපත් ලෙස සහ එම රටෙහි මුදල් එම රටටම වියදම් කෙරෙන බවට සදහන් විය යුතුයි. (ස්පොන්සර් කෙනෙක් - එම්ප්ලෝයර් කෙනෙක් එම වීසා පත එවනවා නම් එලෙස බරපතල විය යුතු නෑ) නමුත් පෞද්ගලිකව අයදුම් කරනවා නම් අනිවාර්යයෙන් ම හොද ලිපියක් අවශ්‍ය වේ.

10. මුදල් පෙන්වීමේ දී, නිශ්චල හා චංචල දේපළ හරියාකාරව ඔබට හිමි අයුරු පෙන්විය යුතුයි. එක වරම ආ මුදල් සම්බන්ධයෙන් කිසි පොසිටිව් ෆීඩ් බැක් එකක් ලැබෙන්නේ නෑ. එම නිසා දේපළ හා මුදල් සම්බන්ධයෙන් ඉතාමත් සැළකිලිමත් වන්න. මන්ද සමහර එම්බසි වලින් ඔප්පු වල පත්තිරු වල අංක පවා අදාල ආයතන වලින් චෙක් වෙනවා.
මුදල් දාලා පෙන්වන ස්පොන්සර්ස් ලාගේ ඔබට දෙන ස්ථීර තැන්පතු ඔප්පුවේ සදහන් මුදල එම්බසි එකෙන් හෙඩ් ඔෆිස් එකෙන් චෙක් කරන වෙලාවට පෙන්වන්නේ නෑ. මේවා ඔබ දන්නේ නෑ. නමුත් සත්‍ය නම් ඒවා බැංකු නිළධාරියා සහ මුදල් පෙන්වන කෙනා අතර ඇති ගණුදෙනුවකි. අවසානයේ බොද වන්නේ ඔබේ සිහිනයයි!!

ඉහත සදහන් සියළුම ලිපි ගොනු විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගෙන තබාගැනීම ඔබට පහසුයි.

ඉතිං තවත් ලියන්න කැමති, ඔබට වැදගත් සංක්‍රමණික වීසා රෙගුලාසි පිළිබදව.

නිතරම හැමදේම ගැන අප්ඩේට් වෙලා ඉන්න...

සුභ ගමන්!!!

හිතවත් සංක්‍රමණිකයන් වෙත ලියමි,"අනේ අපටත් කුරුල්ලන්ට මෙන් තටු තිබුනා නම්, හිතෙන හිතෙන වෙලාවට සීමාවන් පසුකර ඉගිලී යන්න, ස...
13/01/2023

හිතවත් සංක්‍රමණිකයන් වෙත ලියමි,

"අනේ අපටත් කුරුල්ලන්ට මෙන් තටු තිබුනා නම්, හිතෙන හිතෙන වෙලාවට සීමාවන් පසුකර ඉගිලී යන්න, සෘතුවෙන් සෘතුවට ගිහින් කෑම හොයන් නවාතැන් හොයන් උන් උන්ගෙම ලෝකයක්ක හරි ලස්සනට ජීවීතේ ගෙවනවා" මේ අමාරු කාලේ අනේ අපේ එවුන්ටත් එහෙම තටු තිබුනා නම් කියලා හිතුනු වාර අනන්තයි මටත්... අපේ අයගේ ප්‍රශ්න වලට පුළුවන් අන්දමින් උදව්වක් කරන්න බලනවා...!

මෙය අප ඔබට ලියන පළමු ලිපියයි! නොලියාම බැරි ප්‍රශ්න වලට පිළිතුරු ලිපියකි මේ!!

ලංකාව තුළ, සහ තුන්වෙනි ලෝකයේ රටවල් ගණනාවක අද වන විට පවතින්නේ ආර්ථිකමය පරිහානියට පත්වෙමින් කෙමෙන් කෙමෙන් දුප්පත් වේගෙන යන ස්වාභාවයකි. එයට හේතුව සියළුම දෙනා දූශිතව දුර දිග නොබලා තමන් ගැනත් තමන්ගේ මඩිය තර කරගැනීමට සිතා රැකියාව නියුතු ස්ථානයේ ඉදලා මුදල් කෑදර කමින් මඩි ගැසීම රට ආර්ථික මෙන් පරිහානියට ලක් වීම බලය ඇති නැති සැමගේ නොමනා ක්‍රියා නිසා ඇති වුන තත්ත්වයකි. කී දෙනෙක් හර්ද සාක්ශියට එකගව ජීවත් වූවාද අපි කිසි කෙනෙක් නොදනිමු අප තරම් අප ගැන අනුන් නොදනී. (හුදෙක් ලාංකිකයන් ගැන) නමුත් කට ඇරපු ගමන් අපි ලොකු පුටු වලට ඇගිල්ල දික් කරනවා. අද ඔයාලට කිව්වට මොකද මමත් බනින්නේ මහ පුටුවල ඉන්න සහ හිටපු හොරුන්ට ය.

ඒ මහ පුටු වල ඉදන් හොරා කන තත්ත්වයට පත් වෙලා අද අපිටද රට දාලා යන්න පත් කරපු ඈයෝ ඔබෙත් මගෙත් පන්තියේ නියෝජනය කරපු අයමයි. දෙමව්පියනි, ඔබේ දරුවාට යහපත් කම, නොමනා කම කුමක්ද යන්න මැනවින් උගන්වන්න, මොකද දැන් ලංකාව කිව්වහම මුළු සමස්ත ලෝකයම හිතන්නේ හොරාකන මිනිස්සු කියලා. ඉතින් වීසා දෙනවාට වඩා ඉක්මනින් බෑ කියනවා.

මේ සදහා එක් එක් සොලිඩ් රීසන්ස් යොදාගනිමින් අප, අපගේ කර්තවය අසීරූ තා රාශියක් මැද කරගෙන යනවා. ඒ අතර 100%ක් අප භාරගන්නා ඔබගේ ෆයිල් එක නිසි ලෙස අවසාන කිරීමට කන්සල්න්ට් හට ඉතාමත් නිවැරදි දත්ත සහ ඔබගේ ආකල්පය නිවැරදිව ඔබගේ කන්සල්න්ට් වෙත ලබාදෙන්න.

ඔබ හට අවශ්‍ය ‍සෑම දේම හරියාකාරව කතා බහ කරගැනීමෙන් අනතුරුව, සියල්ලම නිසි කාල පරිච්ඡේදයකට අනුව කරගැනීමට දෙපාර්ෂවයෙන්ම නිසි අවබෝධයක් තිබීම ඉතාමත් වැදගත්.

කන්සල්ටන්ට් හට බොරු පවසා ඔබේ වීසා බලපත්‍රය ලබා ගැනීමට යන්නේ නම් කොතනක හරි ඇනගත්තොත් එයට වැරදි කන්සල්න්ට් නෙමෙයි බව හොදින් මතක තබාගන්න.

සාවද්‍ය ලේඛන ඉදිරිපත් කිරීමෙන් වලකින්න.
කන්සල්ටන්ට් හෝ එලෙස ලේඛන සෑදීමට යනවා නම් ඔහු හොද කන්සල්න්ට් කෙනෙක් නොව බව කරුණාවෙන් සලකන්න. එවිට ඔබේ මොළයෙහි ක්‍රියාකාරීත්වය ඔබම මැනගන්න, මන්ද එකී ලිපි ලේඛන සාවද්‍ය යයි ඔප්පු උනොත් දඩුවම් ලබන්නේ ඔබත් ඔබේ සිහිනයත් බව මතක තියාගන්න.

තවද ඔබගේ අධ්‍යාපන සුදුසුකම අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා ද ඊට අඩුවෙන්ද, ඊට වැඩියෙන්ද යන්න පැවසීම ලැජ්ජාවට කරුණක් නොවේ ඒ සදහා දැන් නොයෙකුත් වර්ගීකරණයට ඉතාමත් කෙටි කලකින් පොයින්ට්ස් ක්‍රමය යටතේ ඔබහට අත්පත් කරගැනීමට පහසු කුඩා කලකින් නිම කිරීමට පාඨමාලා ඇත. (මාස 2ක් වැනි කෙටි කලකින්, අසයින්මන්ට් පමණි)

මූල්‍ය ගනුදෙනු ඔබ සහ ආයතනය සතු අන්‍යෝන්‍ය අවබෝධය මත ඇති වන ගිවිසුමකට යටත් වනවා නම් හොදයි.

ඔබ යන්න බලාපොරොත්තු වන මාර්ගයෙන් ඔබට අත් වන වාසී සහ අවාසී. අවාසී දැනගත යුතුව තිබේ, වාසී නම් බෝනස් එකක් යැයි සිතා ගන්න. එම අවාසී අවම කරගන්න යහපත් උපකාර ලැබෙනවා ද බලන්න.
(නිතර ඇහෙන අතරමන් කර දාලා යන සිදුවීම් සහ ගැහැනු උදවිය පත්වන ගැටළු) මුදල යනු තාවකාලික දෙයක් වන අතර ආත්ම ගරුත්වය සහ සමාජයට මුහුණ දෙන විදිහ ගැන පණින්න පෙර සිතන්න.

දැනට රොමේනියාව හා ආසන්න රටවල් සහ දැනුවත් වූ පරිදි ස්වීඩනයේ සහ තව නොයෙකුත් රටවල් වලින් ගිය සතියේ සිට අප රටේ සිසුන් හට TRP ( Temporary Resident Permits) ලබා දිම නවතා ඇත.
රැකියා සදහා අයදුම්පත් වලට දැනට ලොකු ප්‍රශ්නයක් නොමැති අතර එයද තව මසකින් පමණ අපට අපේක්ෂා කිරීමට සිදු වේ!!!

එම නිසා තීරණ ගනිද්දී සුදුසුම හොදම දේ කිරීම අවබෝධයෙන් කිරීම ඔබේ කාරණාවක් වේ! ඒ සදහා අප කරන්නේ අවස්ථාව අනුව සුදුසුකම සපුරාලීමට හැකි වන පුද්ගලයින් යොමු කිරීමයි.

පසුවට ලියමි, වෙන රටක සිට කොහොමද ලාංකිකයෙක් වීසා සදහා අයදුම් කරන්නේ කියලා...

කුරුල්ලන් මෙන් නිදහසේ තටු සලා පියඹලා ගිහින් ඔබේ ආදරණීයන්ට හෙට දවසක් තනන දවස වැඩි ඈතක නොවේවා!!!

අදහස් දක්වන්න. 👇🙏

This is the new page replaced for the previous one was hacked with more than 2000 client base.Welcome!!We would like to ...
11/01/2023

This is the new page replaced for the previous one was hacked with more than 2000 client base.

Welcome!!

We would like to announe you that we will be offering you an opportunity for Free IELTS course for our migration candidates!!

📔📒📖📚📝🖊️📘📕

Do not stay by not knowing the policies of the countries which you are planning to migrate. Our team will be your guides until you reach your Dream Destination.

✈️✈️✈️✈️ Things to know before you take off!!!
🔐 knowing the rules and the conditions in a specific country is your key to success and not being trapped by scams.

So you are one message away from us!!!
Feel free to whatsapp us for more information 💚 +971543591617

We will update our email and the website in few days since they are under construction after the recovery.

Good Luck!! 🇫🇮🇩🇪🇮🇪🇮🇹🇮🇱🇯🇴🇯🇵🇺🇸🇬🇧🇦🇿

Make a profitable income in real estate field and make your dreams for a  European Destination through Dubai.+9715435916...
11/01/2023

Make a profitable income in real estate field and make your dreams for a European Destination through Dubai.

+971543591617
Simply WhatsApp us for more information.

Address

Trincomalee

Website

Alerts

Be the first to know and let us send you an email when Elon AzerShri LLC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share