Aruna Electricals

  • Home
  • Aruna Electricals
Directions

Aruna Electricals home electrical solutions

07/07/2020
විදුලියෙන් සුරැකෙමු 1        Trip Switch එක කියල කියන්නේ ගෙදරක විදුලි උපකරණ වල වගේම අපේ ආරක්ෂාවටත් අත්‍යවශම උපාංගයක්.Res...
07/07/2020

විදුලියෙන් සුරැකෙමු 1

Trip Switch එක කියල කියන්නේ ගෙදරක විදුලි උපකරණ වල වගේම අපේ ආරක්ෂාවටත් අත්‍යවශම උපාංගයක්.
Residual Circuit Current Breaker (RCCB), Residual Current Device (RCD), එහෙමත් නැත්නම් Trip Switch ඒකෙන් ඇත්තටම වෙන්නෙ මොකක්ද?
විදුලි පරිපථයක සජීවී වයරය (Live wire) තුලින් ගමන් කරන ධාරාව පරිපථය හරහා ගමන්කර නැවත උදාසීන වයරය (Neutral wire) තුලින් පැමිනෙන ධාරාවට සමාන වෙන්න ඕන. යම්කිසි දෝෂයකින් ධාරාවන් දෙක අතර වෙනසක් උනොත් Trip Switch එක off වෙනවා.

ඊලඟ ප්‍රශ්නෙ, කොහොමද ධාරාවෙ වෙනසක් වෙන්නෙ?
බොහෝ වෙලාවට සිද්ධවෙන්නෙ විදුලිය භූගත වීමක්. අභ්‍යන්තර පරිපථයෙ දෝෂයක් නිසා හෝ බාහිරින් සම්බන්ධ කරන විදුලි උපකරණවල දෝෂයක් නිසා හෝ ධාරාව භූගත වෙන්න පුළුවන්. පද්ධතියෙ තියන භූගත රැහැන (Earth wire) හරහා හෝ දෝෂ සහිත භාණ්ඩ ස්පර්ශ කිරීමකදී මිනිස් සිරුර හරහා ( අපි Current වදිනව කියන්නෙ ) මේ විදුලි ධාරාව භූගත වෙනවා. දෝෂ නැති Trip Switch එකක් මේ වෙලාවට off වෙනවා.

අපේ ඇග හරහා විදුලිය භූගත වීම භයානකයිනේ?
ඔව්, 30 mA වඩා වැඩි ධාරාවක් (1000 mA = 1 A) ශරීරය හරහා ගමන් කිරීම මිනිසුන්ට හානිදායකයි. සමහරවිට මරණය පවා සිද්ධ වෙනවා. ඒ නිසා Trip Switch එක නිර්මාණ කරල තියෙන්නෙ 30 mA ට වඩා වැඩි ධාරාවක් භූගත උනොත් , එහෙමත් නැත්නම් සජීවී හා උදාසීන කම්බි අතර වෙනස 30 mA ක් නම් off වෙන විදියට.

වැදගත්ම දේ,
• Trip Switch එක නිවැරදිව ක්‍රියාකාරීද කියල Button එක ඔබා මාසෙකට සැරයක් පරීක්ෂා කරන්න.
• භූගත රැහැන් පද්ධතියෙ දෝෂ නැතිනම් භාහිර උපකරණවල දෝෂයකදී උනත් අපට විදුලි වැදීමකින් තොරව ආරක්ෂා වෙන්න පුළුවන්.

Aruna Electricals
Matara
0717889775

06/07/2020

🔌 ගෙදරක විදුලි පද්ධතියෙ D Board එකේ තියන Trip Switch එක කියන්නෙ මොකද්ද ?

🔌 ඒකෙන් කෙරෙන්නෙ මොකද්ද ?

🔌 Current වැදීමකදි Trip Switch එක off වෙන්නෙ ඇයි ?

🔌 අකුණු ගහන වෙලාවට Trip එක off වෙනවද ?

මේ වගේ ප්‍රශ්න තියනම් අපිත් එක්ක රැදිල ඉන්න. ඉදිරි ලිපි මගින් උත්තර දෙන්නම්.

06/07/2020

නිවාස , ව්‍යාපාරික ස්ථාන වයරින් කිරීමේ වසර 30 අත්දැකීම් හා පළපුරුද්ද Aruna Electricals සතුවේ. අප දැනටමත් දකුණු පළාතේ විවිධ ප්‍රදේශවල සේවා සපයා ඇත.

නවීන තාක්ෂණික සම්මුතියන්ට අනූකූලව, නිසි ප්‍රමිතියෙන් යුතුව හා ඔබේ අවශ්‍යතාවයන්ට මුල්තැන දෙමින් වයරින් කිරීම අපේ අරමුණයි.

නිවාස සදහා නවීන විදුලි ආලෝකකරණ රටාවන්ට මුල්තැන ලබාදීම,
වගකීම හා විශ්වසනීය පසු සේවාව,
හා තවත් ප්‍රතිලාභ රැසක්
අප හා සම්බන්ධ වන ඔබ සදහා හිමිවේ.

Aruna Electricals
Matara
071 788 9775

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Aruna Electricals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed business?

Share