Biz Biz Lanka

Biz Biz Lanka We are always expecting to introduce Guaranteed Business Opportunities for Sri Lankan Agri Investors & Farmers.

01/01/2026

Welcome 2026 with new expectations!
Biz Biz Lanka (PVT) Ltd, will always be behind your Success.

Welcome 2025 with new expectations! Cheers to new beginnings! May this year bring you success, happiness, and a plenty o...
01/01/2025

Welcome 2025 with new expectations!

Cheers to new beginnings!
May this year bring you
success, happiness, and a plenty of
unforgettable moments.

Biz Biz Lanka (PVT) Ltd, will always be behind your Success.

JOB VACANCY- රැකියා ඇබෑර්තුFull-time Farm Workes (Male)ඔබ කෘෂි වගාබිමක  වෙහෙස වී සේවය කිරීමට හැකි ශක්තිමත් අධිෂ්ඨානශිලී ...
22/04/2024

JOB VACANCY- රැකියා ඇබෑර්තු
Full-time Farm Workes (Male)
ඔබ කෘෂි වගාබිමක වෙහෙස වී සේවය කිරීමට හැකි ශක්තිමත් අධිෂ්ඨානශිලී අයෙක් ද?

ආකර්ශනීය වැටුප් සහ දීමනා සහිත දිගුකාළීන රැකියාවකට අප හා එක්වන්න.

රට පුරා ගොවිබ්ම් 200කට ආසන්න සංඛ්‍යාවකට කළමණාකරන සේවා සපයන අපේ ආයතනයේ නවතම කාෂි වගාබිම් වල
මොණරාගල/ පුත්තලම/ හම්බන්තොට දිස්ත්‍රික්ක වල පුරප්පාඩු සඳහා අදම අයදුම් කරන්න.

වැඩි විස්තර සඳහා පහත ඡායාරූපය බලන්න. එහි අපේක්ෂිත සුදුසුකම් සමඟ ඔබේ සුදුසුකම් ගැළපේ නම් ඉතා ඉක්මනින්වට්ස්ඇප් පණිවිඩයක් ඔස්සේ අයදුම් කරන්න.

JOB VACANCY- රැකියා ඇබෑර්තුFull-time Resident Farm Supirindent (Male)ඔබ කෘෂි වගාබිමක සේවක කණ්ඩායම් අධීක්ෂණය කර මෙහෙයවීමට...
22/04/2024

JOB VACANCY- රැකියා ඇබෑර්තු
Full-time Resident Farm Supirindent (Male)

ඔබ කෘෂි වගාබිමක සේවක කණ්ඩායම් අධීක්ෂණය කර මෙහෙයවීමට හැකියාවක් ඇති කාර්යශූර දක්ෂ කණ්ඩායම් නායකයෙකුද?

රට පුරා ගොවිබ්ම් 200කට ආසන්න සංඛ්‍යාවකට කළමණාකරන සේවා සපයන අපේ ආයතනයේ නවතම කාෂි වගාබිම් වල නේවාසික සුපරීක්ෂක/ වැඩ අධිකාරී තනතුර සඳහා අදම අයදුම් කරන්න.

වැඩි විස්තර සඳහා පහත ඡායාරූපය බලන්න. එහි අපේක්ෂිත සුදුසුකම් සමඟ ඔබේ සුදුසුකම් ගැළපේ නම් ඉතා ඉක්මනින් ඊමේල් ඔස්සේ අයදුම් කරන්න.

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!
14/04/2024

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!

කෘෂි ව්‍යාපෘතියකට ආයෝජකයින් අවශ්‍යයි.කැබිතිගොල්ලෑව පිහිටි වගාවට ඉතා කදිම ඉඩමක් සඳහා ආයෝජකයින් අවශ්‍යයි. වසර 5 ක හෝ 10ක ග...
26/01/2024

කෘෂි ව්‍යාපෘතියකට ආයෝජකයින් අවශ්‍යයි.

කැබිතිගොල්ලෑව පිහිටි වගාවට ඉතා කදිම ඉඩමක් සඳහා ආයෝජකයින් අවශ්‍යයි. වසර 5 ක හෝ 10ක ගිවිිසුම් කාලයක් සඳහා, ආරම්භයේදී අවමව රුපියල් ලක්ෂ 85ක් ආයෝජනය කළ හැකි ආයෝජකයෙක් අවශ්‍යයි.

පළමු වසර තුළ සමස්ථ ආයෝජන මුදල ඉක්මවා ආදායම් ලැබීමට සැළැසුම් කර ඇති, වෘත්තීය කෘෂි උපදේශකයින් විසින් අධීක්ෂණය කරන ව්‍යාපෘතියකි.

කැමැත්ත ඇති ඕනෑම අයෙකුට ආපසු ගෙවන ගාස්තුවකට යටත්ව දළ ව්‍යාපෘති වාර්තාව පරිශිලනය කළ හැකිය.

වැඩි විස්තර සඳහා 0766642607 අමතන්න.

ලංකාවේ පළමු වරට කාටත් විවෘත Community Farming ව්‍යාපෘතියක් Biz Biz Lanka වෙතින්දැනට අප සමාගමේ උපදේශන සහ කළමණාකරණ සේවා ලබ...
06/01/2024

ලංකාවේ පළමු වරට කාටත් විවෘත Community Farming ව්‍යාපෘතියක් Biz Biz Lanka වෙතින්

දැනට අප සමාගමේ උපදේශන සහ කළමණාකරණ සේවා ලබාගන්නා සාර්ථක වගාබිමක හිමිකාරීත්වය ඔබ සමඟ බෙදාගනිමින්, නව්‍ය සාමූහික ගොවි බිමක් නිර්මාණය කිරීමට තීරණය කළ බව සතුටින් දන්වමු.

පුත්තලම වනාතවිල්ලුව පිහිටි, දේශීය සමාගමකට අයත් වගාබිමේ ප්‍රතිලාභ භුක්ති විඳීමට දැන් සිට ඔබටත් අවස්ථාව ඇත.

මෙම හිමිකම වසර 03ක් දක්වා වලංගු අතර, ඔබට ලැබෙන ප්‍රතිලාභ ප්‍රමාණයට සාපේක්ෂව ආපසු ගෙවන මූල්‍යමය තැන්පතුවක් පමණක් සමාගම විසින් අයකරගනී.

පොල්,කෙසෙල්, කජු, අඹ සහ වෙනත් වගාවන් සහිත මෙම වගාබිම පිහිටා ඇත්තේ පුත්තලම, වනාතවිල්ලුව නඟරයට ආසන්නයෙනි. එතැන් සිට ගඟේවාඩියට සහ විල්පත්තු අභය භුමියට ඉතා කෙටි වේලාවකින් ළඟාවිය හැකි අතර, කොළඹ සිට පැය තුනකින් පොදු ප්‍රවාහනය භාවිත කර ඉඩමට ළඟාවිය හැකිය.

ඔබට සහ පවුලේ සාමාජිකයින්ට කැමැති ඕනෑම වේලාවක වගාබිම වෙත පැමිණ කෘෂිකාර්මික කටයුතු වලට සම්බන්ධ වෙමින් තමන්ගේම වගාබිමක අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව උදාකරගත හැකිය. එහිදී සේවකයින්ට සහය වෙමින් ප්‍රායෝගික කෘෂි කර්මයේ යෙදීමට හැකියාව ඇත.

ඊට අමතරව සෑම මාස දෙකකට වරක්ම පොල්ගෙඩි 50ක් සහ කෙසෙල්, අඹ හා වෙනත් එළවළු පළතුරු කිලෝ 10ක් ඇතුළත් රුපියල් 10,000/-ක් පමණ වටිනා පැකේජයක් ඔබ වෙත සපයන අතර, එය අපගේ ජා-ඇළ කාර්යාලයෙන් හෝ ඔබට ආසන්නතම දුම්රිය ස්ථාන‍ෙයන් ලබාගැනීමට හැකිවේ.

වගාබිමේ දැනට කුඩා නිවාඩු නිකේතනයක් පවතින අතර, එය 2024 වසරේදී විදෙස් සංචාරකයින් ඉලක්ක කරගෙන අදාළ ඉඩමේ ඇරඹෙන Agro-Tourism ව්‍යාපෘතියක් වෙනුවෙන් වැඩි දියුණු කිරීමට නියමිතය. අදාළ සාමුහික ගොවිබිමේ සාමාජිකයින් වන ඔබටත්, වසරකට දෙවරක් එහි නොමිලේ ගතකිරීමට අවස්ථාව හිමිවේ. එහි දී වනගත කඳවුරු අත්දැකීම් සහ වෙනත් සංචාරක අත්දැකීම් ලබාගැනීමේ හැකියාවද ඔබ ලැබේ.

මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වන ඔබට, වසර තුනකින් පසු ඔබේම වගාබිමක් ආරම්භ කිරීමට අවශ්‍ය මඟපෙන්වීම් ලබාදෙන, විධිමත් කෘෂි කළමණාකරණ පාඨමාලාවක් හැදෑරිමටද අවස්ථාව ලැබෙන අතර, එය ප්‍රායෝගික සහ න්‍යායික වශයෙන් වඩා සංවිධානාත්මකව පැවැත්වීමට සැළැසුම් කර ඇත.

අවමව සාමාජිතයින් පස්දෙනෙකු සඳහා මෙම අවස්ථාව ලැබෙන අතර, උපරිමව ලැබෙන සාමාජික අවස්ථා ගණන අටකි.

සීමිත අවස්ථාවන් සහිත, ඉතා වටිනා අත්දැකීමක් ලබාගෙන, අක්කර 05ක සාර්ථක වගාබිමක හිමිකම ලබාගැනීමට ඔබත් කැමැති නම්, 076 664 2607ට Community Farming යනුවෙන් WhatsApp පණිවිඩයක් එවන්න.

අපගේ අනෙකුත් ව්‍යාපෘති සඳහා www.bizbiz.lk වෙබ් අඩවිය බලන්න. වැඩි විස්තර සඳහා 0766642607/0706642607/0777043804 අංක වලට අමතන්න.

ඔබේ කෘෂි ව්‍යාපෘතියක සිහිනය ඉතා පහසුවෙන්  සැබෑ කරගන්න කැමැතිද? අප සමාගම සමඟ ලියාපදිංචි වී ඇති ප්‍රශස්ථ තත්වයේ කෘෂි ඉඩම් ...
03/01/2024

ඔබේ කෘෂි ව්‍යාපෘතියක සිහිනය ඉතා පහසුවෙන් සැබෑ කරගන්න කැමැතිද?

අප සමාගම සමඟ ලියාපදිංචි වී ඇති ප්‍රශස්ථ තත්වයේ කෘෂි ඉඩම් හිමිකරුවන් සමඟ සම්බන්ධ වී බදු පදනමින් හෝ හවුල් පදනමෙන් කෘෂි ව්‍යාපෘතියක් ඇරඹීම මඟින් ඔබේ සීමිත ආයෝජන මුදලට වැඩි වටිනාකමක් ලබාගන්න.

සින්නක්කර ඉඩමි සඳහා විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කළ විට, කෘෂි ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට අවශ්‍ය පිරිවැය සපුරා ගැනීමට අවස්ථාව නොලැබී යන අසාර්ථක ආයෝජකයෙකු නොවී, අතේ ඇති මුදලින් ලාභදායක කෘෂි ව්‍යාපෘතියක් අරඹන්න.

වසර 5සිට 15 දක්වා වඩාත් හොඳම කෘෂි ව්‍යාපෘතියක නියැලීමට ඔබටත් අවශ්‍ය නම්, ඉතා කුඩා ආයෝජනයකින් ඔබේ සිහින ව්‍යාපෘතිය ආරම්භ කිරීමට දැන් අවස්ථාව ඇත.

අප සමඟ ලියාපදිංචි වී ඇති කෘෂි ඉඩම් අතරින් අක්කර 03ට වැඩි ඉඩම් සඳහා අප සමාගමේ උපදේශකයින් විසින් සකස් කළ ව්‍යාපෘති සැළසුම් පවතින අතර ආයෝජකයින් සඳහා ඒවා අධ්‍යයනය කිරීමේ පහසුකම් සළසා ඇත. එවිට, ඔබේ අනාගත කෘෂි ව්‍යාපෘතියේ ආදායම්- වියදම් ප්‍රමාණ සහ ලාභ ප්‍රමාණ ගැන පැහැදිළිව අවබෝධ කරගත හැකිය.

ඔබේ ආයෝජනයෙන් ඇරඹෙන ව්‍යාපෘතියකදී, ගිවිසුම් සකස් කර දීමේ සිට, උපදේශන සේවා, තාක්ෂනික සේවා සහ අස්වනු අලෙවි කර ගැනීමේ සේවාවන් අප සමාගමෙන් ලබාගත හැකිය.

වැඩි විස්තර සඳහා 076 66 42 607 අමතන්න. නැතහොත් අපේ www.bizbiz.lk වෙබ් අඩවිය බලන්න.

ඔබේ ඉඩමට ආයෝජකයෙකු හවුල් කර ගඅනීමට අවශ්‍ය නම් හෝ ඔබේ ආයෝජන මුදලට ගැලපෙන කෘෂි ව්‍යාපෘතියක් හඳුනාගැනීමට අවශ්‍ය නම් හෝ https://bit.ly/biz_inv_st පෝරමය පුරවන්න. අපේ නියෝජිතයෙකු ඉතාමත් ඉක්මනින් ඔබ සමඟ සම්බන්ධ වෙනු ඇත.

සාර වේවා! සුබ  වේවා! සරුසාර වේවා!
01/01/2024

සාර වේවා! සුබ වේවා! සරුසාර වේවා!

15/12/2023

නිධානයක් වගේ ඉඩමක් තියාගෙන නිකං බලං ඉන්නේ ඇයි?
ලංකාවේ ඕනෑම ප්‍රදේශයක තියෙන ඔබේ හිස් ඉඩමෙන්, ආදායම් උපයන්නට කැමැතිද?

ඔබේ ඉඩමට ගැලපෙන, ඔබ කැමැති ඕනෑම වගාවක් අරඹන්නට අවශ්‍ය මූලික උපදේශන සේවාව, සම්පූර්ණ තාක්ෂනික දැනුම, පළපුරුදු සේවකයින්, රෝපණ ද්‍රව්‍ය ඇතුළු සියළුම අවශ්‍යතා අපගේ සමාගමෙන් විශ්වාසනීයව සපුරාගන්න.

ඔබට ඉඩමක් නොමැති නම් ශක්තිමත් ගිවිසුම් සහිතව බදු පදනමින් ලබාගත් රජයේ හෝ පුද්ගලික ඉඩමක ඔබේ වගාව අරඹන්න. අවශ්‍ය නීතිමය උපදෙස් සහ සෙසු උපදේශන සියල්ලත් විශ්වාසනීයව අපගේ සමාගමෙන් ලබාගන්න.

ඉඩමක් හිමි ඔබට, වගාවක් ඇරඹීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් සපුරාගත නොහැකි නම්, ව්‍යාපෘති වාර්තාවක් මත හෝ දේපළ ඇප මත ආයෝජනයෙන් 60%ක් දක්වා පිළිගත් දේශිය මූල්‍ය සමාගම් වලින් ණය පහසුකම් ලබාගන්න. ව්‍යාපෘති වාර්තා සැකසීමේ සිට සියලු උපදේශන සහ මඟපෙන්වීම් අපගේ සමාගමෙන් ලබාගන්න.

නැතහොත් අපගේ වගා ව්‍යාපෘති වල නෛතික හවුල්කරුවෙකු වෙමින් ආයෝජනය කරන්න. ඔබේ ධෘරිතාවය මත කෙටිකාලීන හෝ දිගුකාළීන වගා ව්‍යාඵෘති සමඟ සම්බන්ධ වෙන්න.

අස්වනු අලෙවි කිරීමේ අපහසුතා ඇති ඔබට, අපගේ විශේෂ වගා ව්‍යාපෘති සඳහා සම්බන්ධ විය හැකිය. වැඩි විස්තර ලබාගැනීම සඳහා ඔබගේ ඉඩම පිහිටි ප්‍රදේශය සමඟ අපගේ නියෝජිතයින්ගෙන් විමසන්න.

වඳුරු, රිලා, මොණර ගහණය නිසා, වගා කළ නොහැකි - සෝදා පාළුව සහිත තෙත් කලාපීය ඉඩම් සඳහා සුදුසු දැව වගා ව්‍යාපෘතියක් 2024 ජනවාරි සිට ආරම්භ වේ. දැන්ම ලියාපදිංචි වී සූදානමින් සිටින්න.

ඔබගේ අක්කර 3ට වැඩි වගාබිමෙන් වැඩි ආදායමක් ලැබීමට අවශ්‍ය කළමණාකරණ උපදේශන අපගෙන් ලබාගන්න. වගකීමක් සහිතව ඔබේ වගාබිමේ ආදායම වැඩිකිරීමට අපේ පළපුරුදු කළමණාකරුවන්ගේ මඟපෙන්වීම් සාධාරණ අයකිරීම් යටතේ ලබාදිය හැකිය.

කිසියම් ගැටළුවක් නිසා, අතහැර දමා ඇති ඔබේ වගා ඉඩමෙන් යළි සක්‍රීයව ආදායම් උපදවා ගැනීමට අවශ්‍ය ද? දිගු කාළීන බදු පදනමෙන් නව ආයෝජකයෙකු සමඟ සම්බන්ධ වී ඔබේ ආදායම තහවුරු කරගන්න.

ඔබගේ වගාබිම පාලනය කිරීමට අවශ්‍ය මිනිස් ශ්‍රමය/ යන්ත්‍ර සූත්‍ර/ සැළසුම් සහගත ආයෝජන සඳහා අවශ්‍ය පිරිවැය සපයා ගැනීමට නව ආයෝජකයින් හඳුන්වාදීමද සිදු කෙරේ. සම්පූර්ණ විස්තර සමඟ අපගේ නියෝජිතයින් අමතන්න.

වැඩි විස්තර සඳහා 076 66 42 607/ 070 6 42 607/ 0777 043 804 අංක වලින් අප අමතන්න. වැඩි විස්තර සඳහා www.bizbiz.lk වෙත පිවිසෙන්න.

නැතහොත් 076 664 2607 ට Whatsapp පණිවිඩයක් එවන්න.

වගාවෙන් දියුණු වන්නට සිතන, නිසි මඟ පෙන්වීම් නොමැති ඔබේ මිතුරන්ටත් මේ පණිවිඩය Share කරන්න. අපේ පිටුවට Like කර නවතම කෘෂි ව්‍යාපෘති පිළිබඳව නිරන්තරව දැනුම්වත් වෙන්න.

ප්‍රජා ගොවිතැන ගැන ඔබ දැනුවත්ද? නවීන වචන දෙකක්  ලෙස පෙනුණ ද Community farming හෙවත් ප්‍රජා දායකත්ව ගොවිතැන ආසියානු අපට ආ...
05/12/2023

ප්‍රජා ගොවිතැන ගැන ඔබ දැනුවත්ද?

නවීන වචන දෙකක් ලෙස පෙනුණ ද Community farming හෙවත් ප්‍රජා දායකත්ව ගොවිතැන ආසියානු අපට ආගන්තුක සංකල්පයක් නොවේ. සහභාගීත්ව කෘෂිකර්මය ලෙස හඳුන්වන්නේද මෙයයි. කුඹුරු සහ හේන් ගොවිතැනේදී අත්තම් ක්‍රමය හුරු අපට මෙය බැහැරින් හඳුන්වා දිය යුතු ක්‍රමවේදයක් නොවේ.

රැකියාවේ පහසුවට තදාසන්න ප්‍රදේශයකට පැමිණ ජිවිත් වූවද, විවේක කාලයට තමන්ටම තනිව භුක්ති විඳිය හැකි කෘෂිකාර්මික ගොවිබිමක සරල හිමිකම ලබාදීම නවීන සංකල්පයේ අරමුණයි. එකම සමාගමක සේවය කරන පිරිසක් හෝ, එකම ප්‍රදේශයක වාසය කරන පිරිසක් සංවිධානය වී, මනා කළමණාකාරීත්වයෙන් පවත්වාගෙන යන ගොවිපොළක සාමාජිකයින් බවට පත්වීම හෝ නව ගොවිපොළක් ආරම්භ කිරීම මෙහි ක්‍රමවේදයයි.

නැගෙනහිර ආසියාතික රටවලින් ඇරඹුණු මෙම සංකල්පය, දැන් බටහිර රටවලද අත්හදා බලමින් පවතී. තමන් විසින් සාමාජිකත්වය දක්වන ගොවිබිමක් වෙත සීමිතව ආයෝජනය කරන නාගරිකයෝ, සිය විවේකය ගත කරන්නට සති අන්තයේ හෝ වාර්ෂික නිවාඩුවේ එම ගොවි බිම තෝරා ගනිති. එහිදී, අවශ්‍යතාවය පරිදි එම ගොවිබිමේ ශ්‍රමය ටද දායක වී, අස්වැන්නේ ප්‍රතිශතයක්ද තමන් වෙත හිමිකර ගනී.

තමන්ගේම වගාබිමකට මහා පරිමාණව ආයෝජනය කිරීමට පෙර, කෘෂිකර්මය ගැන ප්‍රායෝගික අත්දැකීම් වැඩි දියුණු කරගැනීමට මෙම සහභාගීත්ව කෘෂිකර්මයේ දී සාමාජිකයින්ට අවස්ථාව ලැබේ. එය අනාගත ආයෝජනයකි. ගොවිබිමක ගතකිරීම මඟින් මානසික තෘප්තියක්ද ලැබේ. පවුලේ පිරිස සමඟ ඵලදායීව කාලය ගත කිරීමටද අවස්ථාව ලැබේ. එය වැයකරන කුඩා පිරිවැයකින් ලබාගත හැකි ඉහළම මට්ටමේ අත්දැකීමකි.

සෑම මසකට වරක් හෝ කන්නයකටම වරක්, ගොවිබිමේ වැවෙන බෝග වලින් තීරණය කරගත් ප්‍රතිශතයක් සාමාජිකයින්ට පිරිනැමේ. එය තමන් වගාබිම වෙනුවෙන් කරන ආයෝජනයට වඩා බෙහෙවින්ම වැඩි අගයකි. මෙම සියල්ලමගොවිබිමෙන්ම තමන් වෙත සෘජුවම ලැබෙන නැවුම් අස්වැන්න බැවින්, එය පවුලේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකටද සහයෝගය ලබාදේ.

ඔබත් කණ්ඩායමක් වශයෙන් එකතු වී, මෙරට තුල ඔබේම සහභාගීත්ව කෘෂිකර්ම ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කැමැති නම් එවැනි වගාබිමක් කළමණාකරණය කර පවත්වාගෙනයාම සඳහා අවශ්‍ය සහයෝගය අප සමාගමෙන් ලබාගත හැකිය.

වැඩි විස්තර සඳහා www.bizbiz.lk වෙබ් අඩවිය බලන්න. නැතහොත් 076 66 42 607 අංකය අමතන්න.

Are you aware of Community farming?

Although it may seem like two modern words, community farming is not a foreign concept to us Asians. This is also known as participatory agriculture. It is not a method that we need to introduce to those of us who use the "Atum system" for paddy farming and farming.

The modern concept aims to provide a simple right to an agricultural plot that can be enjoyed in leisure time, even if one lives in the suburbs for the convenience of work. A group of people working in the same organization or living in the same area can become members of a well-managed farm or start a new farm.

This concept, which started in East Asian countries, is being tried in Western countries today. Urban people who invest a limited amount of money in their membership farm choose that farm for a weekend or annual vacation. There they also contribute to the labor of the farm as needed and claim a percentage of the harvest.

Participatory agriculture to develop experience in agriculture before making a large-scale investment in their farms. It is an investment in the future. Spending time on a farm also provides mental satisfaction. There will also be an opportunity to spend productive time with family. It's a top-notch experience at a fraction of the cost.

If you also want to join a group and start your own participatory agriculture project in Sri Lanka, you can get the support you need to manage and maintain such a cultivation area.

For more information visit www.bizbiz.lk. Or call 076 66 42 607.

Address

214, Nittambuwa Road
Veyangoda
11100

Opening Hours

Monday 08:00 - 15:00
Tuesday 08:00 - 15:00
Wednesday 08:00 - 15:00
Thursday 08:00 - 15:00
Friday 08:00 - 15:00

Telephone

+94766642607

Alerts

Be the first to know and let us send you an email when Biz Biz Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Biz Biz Lanka:

Share