25/03/2026
🕌🤲✅ ව්‍යාපාරයේ සාර්ථකත්වයට ඉස්ලාමය පෙන්වා දෙන වෙළඳ ලක්ෂණ
1️⃣ සත්‍යතාව සහ අවංකභාවය
📖 නබි ﷺ තුමාණෝ වදාළහ:
“අවංක සහ විශ්වාසවන්ත වෙළෙන්දා නබිවරුන්, සිද්දීකින් සහ ශුහදාවරුන් සමඟ සිටී.”
📚 තිර්මිදි 1209
2️⃣ විශ්වාසවන්තභාවය (අමානා)
📖 නබි ﷺ තුමාණෝ වදාළහ:
“විශ්වාසවන්තභාවය නොමැති අයෙකුට ඊමාන් නොමැත.”
📚 මුස්නද් අහ්මද් 12567
3️⃣ දෙපාර්ශ්වයේ එකඟතාවය
📖 “ඔබ එකිනෙකාගේ දේපළ අසාධාරණ ලෙස භුක්ති නො විඳින්න; දෙපාර්ශ්වයේ එකඟතාවය මත වෙළඳාම් කරන්න.”
📚 අල් කුරආන් 4:29
4️⃣ කිරුම් මිණුම්වල යුක්තිය
📖 “කිරුම් මිණුම් යුක්ති සහගතව ඉටු කරන්න.”
📚 අල් කුරආන් 6:152
📖 “බර කිරීමේ දී අඩු නො කරන්න.”
📚 අල් කුරආන් 55:9
5️⃣ දෝෂ හෙළි කිරීම
📖 නබි ﷺ තුමාණෝ වදාළහ:
“එය ජනතාවට පෙනෙන ලෙස ඉහළින් තැබිය යුතු නො වේද? අප ව රවටන අය අපට අයත් නොවෙති.”
📚 මුස්ලිම් 102
6️⃣ මෘදු හැසිරීම
📖 නබි ﷺ තුමාණෝ වදාළහ:
“විකුණන විට, මිලදී ගන්නා විට, ණය ඉල්ලන විට මෘදු ලෙස හැසිරෙන අයට අල්ලාහ් කරුණාව දක්වයි.”
📚 බුහාරි 2076
7️⃣ පැහැදිලි ගිවිසුම්
📖 නබි ﷺ තුමාණෝ වදාළහ:
“විකුණන්නා සහ මිලදී ගන්නා වෙන් වන තුරු ඔවුන්ට තෝරා ගැනීමේ අයිතිය ඇත.”
📚 බුහාරි 2112, මුස්ලිම් 1531
8️⃣ හලාල් ආදායම
📖 නබි ﷺ තුමාණෝ වදාළහ:
“මනුෂ්‍යයෙකු තම අතින් (උත්සාහයෙන්) උපයා ගන්නා ආහාරය හොඳ ම ආහාරය වේ.”
📚 බුහාරි 2072
🕌❌🚫 තහනම් වෙළඳ ලක්ෂණ
1️⃣ පොළිය (රිබා)
📖 “අල්ලාහ් වෙළඳාම හලාල් කළේය; පොළිය හරාම් කළේය.”
📚 අල් කුරආන් 2:275
📖 නබි ﷺ පොළිය ගන්නා, දෙන්නා, ලියන්නා හා සාක්ෂි දෙන්නා ඇතුළු සියලු දෙනාට ශාප කළහ.
📚 මුස්ලිම් 1598
2️⃣ වංචානික සහ රැවටිලි වෙළඳාම
📖 නබි ﷺ තුමාණෝ වදාළහ:
“අපව රවටන අය අපට අයත් නොවෙති.”
📚 මුස්ලිම් 101
3️⃣ කිරුම් මිණුම්වල වංචා කිරීම
📖 “මිණුම් අඩු කරන අයට විනාශය ඇත.”
📚 අල් කුරආන් 83:1-3
4️⃣ භාණ්ඩ සඟවා මිල ඉහළ දැමීම
📖 නබි ﷺ තුමාණෝ වදාළහ:
“භාණ්ඩ රඳවා මිල ඉහළ දමන්නා පාපකාරයෙකි.”
📚 මුස්ලිම් 1605
5️⃣ හරාම් භාණ්ඩ වෙළඳාම
📖 නබි ﷺ තුමාණෝ වදාළහ:
“මත්පැන්, එය පානය කරන්නා, විකුණන්නා, මිලදී ගන්නා ඇතුළු සියලු දෙනාට අල්ලාහ් ශාප කරයි.”
📚 අබූ දාවූද් 3674
📖 “ඔබට ඌරු මස් තහනම් කර ඇත.”
📚 අල් කුරආන් 5:3
6️⃣ සූදුව සහ සුරාව
📖 “මත්පැන් සහ සූදු ශයිතාන්ගේ අපවිත්‍ර ක්‍රියා වේ.”
📚 අල් කුරආන් 5:90
7️⃣ අපැහැදිලි හා අවදානම් ගිවිසුම් (ඝරර්)
📖 නබි ﷺ තුමාණෝ අපැහැදිලි වෙළඳාම තහනම් කළහ.
📚 මුස්ලිම් 1513
8️⃣ අල්ලස් සහ දූෂණ
📖 නබි ﷺ තුමාණෝ වදාළහ:
“අල්ලස් දෙන සහ ගන්න දෙපාර්ශ්වය ම ශාප ලැබූවෝ වෙති.”
📚 තිර්මිදි 1337
9️⃣ සොරකම් කළ භාණ්ඩ වෙළඳාම
📖 නබි ﷺ තුමාණෝ වදාළහ:
“සොරකම් කළ දේ බව දැනගෙන ඒවා මිලදී ගන්නා අය පාපයට සහභාගී වෙති.”
📚 බයිහකී
RS Enterprises Distributors (Pvt) Ltd