MDC House Plan Designer

MDC House Plan Designer UR Dream House #

New House plan design at MawathagamaClient Mr PTAGD LankathilakaDesign and Drawn By MDC0772038772සිහින කැදැල්ල සැබැවිම ❤...
31/03/2025

New House plan design at Mawathagama
Client Mr PTAGD Lankathilaka
Design and Drawn By MDC
0772038772
සිහින කැදැල්ල සැබැවිම ❤️

New Fish Tank yard design at PanaduraClient Mr. NonisDesign and Drawn By MDC+94 77 203 8772සිහින කැදැල්ල සැබැවිම ❤️MDC H...
09/12/2022

New Fish Tank yard design at Panadura
Client Mr. Nonis
Design and Drawn By MDC
+94 77 203 8772

සිහින කැදැල්ල සැබැවිම ❤️
MDC House Plan Designer

💚
29/03/2022

💚

ගාල්ල අවට සාධාරණ මිලට සියලුම ඉදිකිරිම් සදහා විමසන්න.පවතින මිලගණන් සමග සැසදිමේදී ඉතාම අඩුම මිල ගණන් වන අතර ඉතාම විශ්වාසවන...
29/03/2022

ගාල්ල අවට සාධාරණ මිලට සියලුම ඉදිකිරිම් සදහා විමසන්න.පවතින මිලගණන් සමග සැසදිමේදී ඉතාම අඩුම මිල ගණන් වන අතර ඉතාම විශ්වාසවන්තව වැඩ නිමකර දේ.

0765583673
Highly recommend person.
Specially Wanduramba area.

New House plan design at RambukkanaClient Mr AshanDesign and Drawn By MDC0772038772සිහින කැදැල්ල සැබැවිම ❤️
29/03/2022

New House plan design at Rambukkana
Client Mr Ashan
Design and Drawn By MDC
0772038772

සිහින කැදැල්ල සැබැවිම ❤️

🏘️ New House plan design 📌 ️Location at Rambukkan👷Design and Drawn By MDC
17/11/2021

🏘️ New House plan design
📌 ️Location at Rambukkan
👷Design and Drawn By MDC

🏘️ New House plan design 📌 ️Location at Anuradhapura👩‍🏫 Client Mrs Kumudini Galagedara👷Design and Drawn By MDC
20/08/2021

🏘️ New House plan design
📌 ️Location at Anuradhapura
👩‍🏫 Client Mrs Kumudini Galagedara
👷Design and Drawn By MDC

විජ්ජාවක් නොවන වාස්තු විද්‍යාව✅ වාසයට සුදුසු සේ නිවසක් නිර්මාණය කිරීම වාස්තු විද්‍යාව ලෙස අපි දකිමු. වාස්තු විද්‍යාව යනු...
19/08/2021

විජ්ජාවක් නොවන වාස්තු විද්‍යාව

✅ වාසයට සුදුසු සේ නිවසක් නිර්මාණය කිරීම වාස්තු විද්‍යාව ලෙස අපි දකිමු. වාස්තු විද්‍යාව යනු නිවැසියන් බිය වද්දා නිවෙස තැනින් තැන කඩා වෙනස් කිරීමට උපදෙස් දෙන හා නිවසේ කුරුපා ගලවා වෙනස් කරන දෙයක් නොවේ. නිවාස සැලසුම්කරුවන්, පෙදරේරුවන් හා වඩු කාර්මිකයින්ගේ ඉතා පරිණත දැනුම යොදා නිර්මාණය කළ ගෘහයක් කිසිවක් නොදත් ගතානුගතික බහුභූතයින්ගේ අඥාන උපදෙස් නිසා විනාශ කර දමන්නේ ඇයි?
නිවසක අඩංගු විය යුතු වැදගත් සාධක පිළිබඳව කතා කිරීමට ඔවුන් අපොහොසත්ය. වහලයේ කුරුපා ගැන කතා කරති. බිත්තිවල කුරුස මුළු ගැන කතා කරති. උළුවස්ස මත යටලී දැමීම ගැන කතා කරති. මෙවැනි තවත් අර්ථ ශුන්‍ය ප්‍රලාප කියති. ළිඳ ගෙදරට මුළු වැටී ඇති බව කියති.

✅ ගෘහ මූලිකයාට අගුණය කියා නිවසේ යම් වෙනස් කිරීමක් කරන ලෙස උපදෙස් දීමෙන් ජීවිතයට ආදරය ඇති අය එසේ කිරීමට පෙලඹෙති. මුදල් අග හිඟකම් හෝ ජීවිත පිළිබඳ ගැටලු මතුවූ අවස්ථාවල ඒවාට සුදුසු විසඳුම් ‍සොයනු වෙනුවට වාස්තු විද්‍යාව දන්නා අය යැයි කියාගන්නා අයට තම ජීවිතයේ ඉතිරි ටිකද කඩා දැමීමට භාරදෙන අය තවමත් අප සමාජයේ සිටිති. වැරදි උපදෙස් පිළිපැදීමට ගොස් තව තවත් රටට ණයකරුවන් වී තම ප්‍රශ්නය වඩාත් උත්සන්න වී නිසි උත්තර සොයා ගැනීමට තිබූ කාලය පුහු මනස්ගාත වෙනුවෙන් කැපකර ජීවිත විනාශ කරගත් අය ගැන තොරතුරු මේ සමාජය තුළ ඕනෑ තරම් තිබේ.

✅ නිම කළ නිවසක මා ඉහත කී වැරදි තිබේ නම් ඒවා වෙනස් කළ යුතුය. එයට පවුල් අවුල් මුදල් ප්‍රශ්න ඈඳා නොගත යුතුය. නිවසක් තුළ නිවැරැදි වාතාශ්‍රය නොමැති කල ළෙඩ දුක් ඇතිවිය හැක. ශක්තිමත්ව නොසෑදූ බිත්ති පුපුරායන්නේ නම් ඒවා නිවැරැදිකොට සකස් කළ යුතුය. ආරක්ෂාව පිළිබඳව නොසලකා සෑදූ දොර ජනෙල් නැවත ශක්තිමත් දොරගුළු දමා නිවැරැදි කළ යුතුය. මේවා කිරීමට නැවත මුදල් වැය වේ. එය භාර වන්නේ නිවසේ ප්‍රධානියා වන ගෘහ මූලිකයාටය. ගෘහ මූලිකයාට නිවසේ වැරදි බලපාන්නේ එලෙසය. නිවසේ බිත්ති හා වහලය පිළිබඳ පමණක් නොව දරුවන්ගේ ජීවිත ගැන හා අධ්‍යාපනය ගැනද බිරිඳගේ ජීවිතය ගැනද, ගෘහ මූලිකයාට භාර වී ඇත. ගෘහයන් හී ඇති දෝෂ බැලීමට එන බොරුකාරයින් කිසිදාක “මේ නිවසේ වරදක් නැත” කියා පැවසූ අවස්ථාවක් දැකීම අසීරුය.

✅ පුරාණයේදී නිවාස නිර්මාණකරුවන් සැලකිල්ලට ගත් අංග අතර කුරුස මුල්ලට බිත්ති නොබැඳීම, වහලය සඳහා බිත්ති මුදුන් තුනක් එක දිගට නොතැබීම, උළුවස්සට ඉහළින් යටලී නොතැබීම, ගෙදරට මුළු වැටෙන සේ ළිඟ නොකැපීම, ඉදිරිපස දොරට කෙළින් පසුපස දොර ස්ථානගත නොකිරීම සහ මෙවැනි තවත් දේවල්ය.

✅ ගැඹුරට වළවල් හාරා කණු සිටුවා වහලේ ලී ශක්තිමත් වැල්පටින් වෙළුම් යොදා සැදීම තුළ වාස්තු විද්‍යාව තිබුණි. මැටි යොදා ගල්වලින් නිවාස සාදන කල යම් යම් වැරදි සිදුවෙන්න පටන් ගත් නිසා ඒ පිළිබඳව අසා දැන ගත යුතු පිරිස් වෙත ගොස් වැරදි නිවැරැදි කර නිවෙස් තනන ලදී.

✅ පැරැන්නෝ විද්‍යාව හදාරා නොමැති වූවත් කබොක් ගල් මැටි බදාමයෙන් කුරුසය හැඩයට බඳින බිත්තියේ ශක්තිය අඩු බව දැන සිටියහ. බිත්ති හතරකින් එක් ස්ථානයකට පැමිණෙන ගල් තුන් මුල්ලකට වඩා අඩු බැඳීමකින් ඇතිවන සම්බන්ධවීම ඉතා දුර්වලය. බිත්ති මුළු පිපිරීමට ලක් වේ. මැටි බදාමය ශක්තිමත් මාධ්‍යයක් නොවීම ඊට හේතුව විය. කුරුස මුල්ලක් සහිත බිත්ති බැඳීම ගෘහ මූලිකයාට අගුණ බව පැවසීම සුදුසුය. බිත්ති පුපුරා යාමෙන් ඔහුට නැවතත් කරදරයට පත්වීමට සිදුවන බැවිනි.
නමුත් වර්තමාන වාස්තුකරුවන් සේ පෙනී සිටින අය මෙම සරල සත්‍ය නොදැන මිනිසුන්ගේ ජීවිත අවදානමක් මේ තුළින් සිදුවනු ඇතැයි පවසා සිටීම මොනතරම් ඛේදනියද? වර්තමානයේ ඉදිකරනු ලබන ඉතා සුවිසල් මන්දිර තට්ටු සිය ගණනක් උසය. ඉහළම මාලයට යන තෙක් ඒවායේ ඇත්තේ කුරුස මුළුය. අගුණයක්ද නැත. කොන්ක්‍රීට් යොදා ශක්තිමත් කම්බි යොදා සාදන ලද එම ගොඩනැගිලි සඳහා මේ කුරුස තහනම් ක්‍රමය වලංගු නැත. එසේ නම් දැන් සාදන නිවෙස්ද කොන්ක්‍රීට් හා ශක්තිමත් කම්බි යොදා සාදන බැවින් සාමාන්‍ය නිවෙස්වලටද එය බලනොපානු ඇත.

✅ උළුවස්සට ඉහළින් යටලී තැබීම නොකළ යුතුවන්නේ ද පෙර කලය. දැන් උළුවසු හා ජනෙල් මට්ටමට ඉහළින් සෑම නිවසකම කොන්ක්‍රීට් කඳක් යොදා ඇත. නැතිනම් උළුවහු උඩ කඳට යට ලීයේ බර දැනී ලීය පහත් වී දොර වැසීමට බාධා ඇති වනු ඇත. නමුත් ඒ බිය තුරන් කළ යුතුවේ. ගෘහමූලිකයා මියයාමට හෝ ඔත්පලවීමට මෙය හේතුවක් ලෙස දැක්වීම තවමත් පුරුද්දක් කරගත් අයගෙන් උපදෙස් නොගැනීම ගුණදායකය.

✅ ළිඳට මුළු වැටීම පිළිබඳව කතාකිරීමේ දී වැරදි ස්ථානයක ළිඳ කැපීමෙන් ගෙහිමියා වළකනු පිණිස ඉතා ඥානවන්ත පුද්ගලයින් විසින් ප්‍රකට කළ පණිවිඩයකි. මැටි සහ කබොක් අත්තිවාරම ආසන්නයේ ළිං කැපීම හෝ වළවල් හෑරීම නොකළ යුතුය. බිත්තියට ආසන්නව පිහිටි ළිඳේ කන්ඩිය ඛාදනය වී බිත්තිය දක්වා පැමිණ දුර්වල අත්තිවාරම ඛාදනය වී වහලේ බර සහිත බිත්තිය කඩාවැටීමට ඉඩ ඇති බැවින් ළිඳ බිත්ති මුල්ලෙන් ඈත් කිරීමට පැරණි මිනිසුන් ගත් පියවරක් ලෙස මෙය හැඳින්විය යුතුය. නූතන වාස්තු වේදීන් නොදන්නා මෙම සරල දෙය ඉතා ඥානවන්තව ජ්‍යාමිතිය උපයෝගී කරමින් රේඛා ඇඳ ළිඳ කැපිය යුතු ස්ථානය පෙන්වාදීමට පැරැන්නෝ සමත් විය.

✅ ඉදිරි දොරින් බැලූ කල පසුපස දොරින් පිටත පෙනෙන්නේ නම් එය වහා වෙනස් කළ යුතු බව පවසා ඇත්තේ, නිවස ඉදිරියට පැමිණ ගේ තුළ බලන කෙනෙකුට ගෙය හරහා පිටුපස ප්‍රදේශ‍ය ද දැක ගැනීමට හැකිවීමෙන් ගේ තුළ පෞද්ගලිකත්වය නොරැකෙන බවද සොර සතුරන් හට නිවසේ පිහිටීම හොඳ හැටි අවබෝධ කර ගැනීමට හැකිවන බවද වටහාගත් බැවිනි. එහි වෙනස් අද්භූත හේතුවක් හෝ මරණයකට හේතුවක් දැක්වීම විද්‍යාත්මක නොවේ.

💚💚💚😍😍😍😍
25/07/2021

💚💚💚😍😍😍😍

Address

Wanduramba
60060

Telephone

+94772038772

Website

Alerts

Be the first to know and let us send you an email when MDC House Plan Designer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MDC House Plan Designer:

Share