08/09/2025
ප්‍රතිලාභීන් 60කට අධික පිරිසකගේ සක්‍රීය සහභාගීත්වය සමග සාර්ථක වැඩසටහනක නිමාව සනිටුහන් කරන්නට *පාතදුම්බර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය* විදිහට අපට හැකි වුණා...
කේක් නිෂ්පාදන ක්ෂේත්‍රයට අවතීර්ණ වී ව්‍යාපාරික මට්ටමින් කේක් සැකසීම හා අලංකරණය කිරීමට කැමැත්තක් දක්වන අයට සාම්ප්‍රදායික කේක් වට්ටෝරුවෙන් මිදී මේ වන විට වෙළදපළ තුළ ඉතා ජනප්‍රිය සහ රැල්ලක් වී පවතින Pot Cake (මුට්ටි කේක්) / Brownies & Ganash / Chocolate Roll Cake ඇතුලු උසස් කේක් වර්ග කීපයක ප්‍රායෝගික තාක්ෂණික පුහුණුවක්
දෙදිනක් පුරා ක්‍රියාත්මක කළ අතර අගෝස්තු 28 සහ 29 යන දෙදින වළල සේවා පියස පරිශ්‍රයේ මෙම වැඩසටහන සිදු කෙරුනා...