23/04/2026
"අයියේ, අර කඩේ මීට වඩා ගොඩක් අඩුවට CCTV ගහලා දෙනවනේ..." 😅
මේ කතාව අහලා නැති CCTV installer කෙනෙක් ලංකාවේ නැතුව ඇති. Client ව නැති වෙයි කියන බයට ගොඩක් අය කරන්නේ profit margin එක අඩු කරලා, අනිත් අයට වඩා අඩුවට quotation එක දෙන එක. මේකට අපි කියන්නේ "𝐓𝐡𝐞 𝐈𝐧𝐬𝐭𝐚𝐥𝐥𝐞𝐫 𝐓𝐫𝐚𝐩"කියලා.
බැලූ බැල්මට වැඩක් (site එකක්) සෙට් වුණා වගේ පෙනුණට, Lowest price එකට compete කරන්න ගියාම ඇත්තටම වෙන්නේ ඔයාගේ CCTV business එක long term කඩාගෙන වැටෙන එක. ඇයි ඒ?
1️⃣ 𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 එක බිංදුවට බහිනවා:
ලාබෙට වැඩේ දෙන්න ගියාම ඔයාට සිද්ධ වෙනවා cheap cables, බාල power supplies සහ low quality BNC/Balun දාන්න. සමහරවිට conduit නැතුව නිකන්ම wire අදින්නත් වෙනවා.
2️⃣ 𝐑𝐞𝐩𝐮𝐭𝐚𝐭𝐢𝐨𝐧 එක සම්පූර්ණයෙන් විනාශ වෙනවා:
මාස 6න් කැමරා offline යද්දී, client කවදාවත් හිතන්නේ නෑ "මම අඩු ගාණට ඉල්ලපු නිසානේ මෙහෙම වුණේ" කියලා. එයාලා අනිත් අයට කියන්නේ "අරයා හරියට වැඩේ කළේ නෑ, බාල බඩු දැම්මේ" කියලා. ඔයාට එන්න තියෙන referrals ඔක්කොම එතනින්ම block වෙනවා.
3️⃣ Free Maintenance වලට කාලය නාස්ති වීම:
Quality අඩු බඩු දැම්මම හැමදාම repair වලට යන්න වෙනවා. ඔයාට අලුත් site එකක් කරන්න තියෙන කාලය, සල්ලි, සහ energy එක මේ බොරු warranty claims වලට නැතිවෙලා යනවා.
ඔයාගේ brand එක build කරන්න ඕනේ quality එක සහ after sales service එක උඩ. CCTV pilot අපි නිතරම කියන දෙයක් තමයි, professional විදියට වැඩ කරනවා නම්, ඔයාගේ කාලයට සහ මහන්සියට හරියන වටිනාකමක් ගන්න කියන එක.
කවුරුහරි ඔයාගේ post එකක් හරි quotation එකක් හරි copy කළාට, ඔයාගේ skill එකයි service එකයි copy කරන්න කාටවත් බෑ. Business එකක් විදියට හරියට grow වෙන්න නම් proper systems පාවිච්චි කරන්න වෙනවා, ඒ නිසා තමයි ඉස්සරහට එන්න තියෙන CCTV pilot app එක හරහා මේ වගේ business management ප්‍රශ්න ගොඩකට අපි විසඳුම් ගේන්නේ.
හැමතිස්සෙම Value එක sell කරන්න, Price එක නෙවෙයි. Quality එකට ගෙවන්න ලෑස්ති හොඳ clients ලා ඕන තරම් ඉන්නවා.
. 🔥
🚀