20/09/2026
අටපිරිකර පූජාවේ ආනිසංස 🙏☸️
✳️අටපිරිකරක් සම්පූර්ණ වීමට නම් ,
01. පාත්‍රය
02. පෙරහංකඩය
03. පටිය
04. තනිපට සිවුර
05. දෙපට සිවුර
06. අඳන සිවුර
07. දැළි පිහිය
08. ඉදිකටුව සහ නූල් බෝලය
යන කොටස් ඇතුලත් විය යුතුය. උපත ලැබූ ඕනෑම කෙනෙක් මෙම අටපිරිකර පූජාව සිදුකරන්නේ නම් පහත සඳහන් ආනිසංස කැමති විය යුතුයි.
🔴 තුන් සිවුරු ( තනිපට සිවුර, දෙපට සිවුර, අඳනකඩ ) පිදීමේ අනුසස් 08 කි.
01. රන්වන් සිරුරක් ලැබීම.
02. ශරීරයේ දූවිලි නොවැළකීම.
03. ප්‍රභාශ්වර (රැස් විහිදෙන) ශරීරයක් ලැබීම.
04. මහත් වූ ප්‍රතාප ඇතිවීම.
05. ශරීරය ඉතා සිනිඳු වීම.
06. සසරදී හිසෙහි සුදු වස්ත්‍ර ලක්ෂ ගණනින් දරයි.
07. සසර සෑම භවයකදීම කහ වස්ත්‍ර ලක්ෂ ගණනින් දරයි.
08. සසර සෑම භවයකදීම රතු වස්ත්‍ර ලක්ෂ ගණනින් දරයි.
🔴 පාත්‍ර පිදීමේ අනුසස් 10 කි.
01. රන්, මැණික්, රිදී තලි පරිභෝග කරයි.
02. උපද්‍රවයක් කිසිදා සිදු නොවේ.
03. අනතුරක් කිසිදා නොවේ.
04. හැම කල්හිම ගරු පුද ලබයි.
05. ආහාර පාන, වස්ත්‍ර, සයනාසන නොමදව ලබයි.
06. තම භෝගයෝ නොනැසෙති.
07. ස්‍ථීර වූ සිත් ඇතිව වෙසේ.
08. සෑම කල්හිම ධර්මය කැමති වේ.
09. මද කෙලෙස් සහිත වේ.
10. ආශ්‍රව රහිතව වෙසේ.
🔴 දැළි පිහිය පිදීමේ අනුසස් 07 කි.
01. හැම කල්හිම සූරයෙක් වේ.
02. නොවිසිරි සිත් ඇත්තෙක් වේ.
03. විශාරද්‍යත්වයෙන් යුක්ත වේ.
04. ධෛර්යය ඇතිව වෙසේ.
05. වීර්යය ඇතිව වෙසේ.
06. ඔසවා ගත් සිත් ඇත්තේය.
07. කෙලෙස් සිඳින සූක්ෂ්ම ශුද්ධ ඥාණය ලබයි.
🔴 ඉදිකටු නූල් පිදීමේ අනුසස් 07 කි.
01. සැක නැතිව සැරිසරයි.
02. සැක සිඳ භවයේ හැසිරෙයි.
03. රූ ඇතිව වෙසේ.
04. භවභෝග සම්පත් විඳියි.
05. තියුණු නුවණින් යුතුව භවයේ හැසිරෙයි.
06. ගැඹුරු, සියුම් ස්ථාන සහිත අර්ථයන් දකියි.
07. මොහඳුර දුරු කරන වජ්‍ර සම ඥාණ ශක්‍තීන් ලබයි.
🔴 පෙරහන්කඩ පිදීමේ අනුසස් 05 කි.
01. සෑම දෙනාම ඉක්මවා දිව්‍යායුෂ විඳියි.
02. සොරුන් හට කිසිදා හිංසා කල නොහැකිය.
03. සතුරන්ට කිසිදා විපත් පැමිණවිය නොහැක.
04. ආයුධ, විෂ ආදියෙන් අනතුරු නොවේ
05. අතුරු මරණ නොමැත. පරමායුෂ විඳියි.
🔴 පටි පිදීමේ අනුසස් 06 කි.
01. සමාධීන්හි අකම්පිත වේ.
02. සමාධි හි වශීභාවයට පැමිණෙන්නේ ය.
03. නොබිඳෙන පිරිස් ඇත්තේ වේ.
04. හැම කල්හිම තම වදන් අනුන් විසින් පිළිගන්නේ ය.
05. එළඹ සිටි සිහි ඇත්තේ වේ.
06. කිසිදු භවයකදී හෝ තැති ගැනීමක් ඇති නොවේ.
මෙහි එන ආනිසංස හොඳ හැටි කියවා තේරුම් ගෙන අටපිරිකර පූජාව සිදු කරන්නේ නම් ඔබට සසරෙහි මේවා අත්විඳ සසර දුකින් නිදහස්ව උතුම් නිවන අවබෝධ කරගත හැකි උතුම් පිංකමක් වනු ඇත.
තෙරුවන් සරණයි! 🙏
All credits goes to original respective owners Chanlo Puja Bhanda Cycle Pure Incense Cycle Pure CYCLE PURE Agarbathies fans Janith Swarnasinghe mobile photography & videography Janith Swarnasinghe Cavadi Samindu Amritha Incense Sri Lanka Saubhagya Incense Sticks Chanlo Rice Mill SOORYA Sun Match Sapumal 🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️ Chanlo Rice Mill Chanlo Puja Bhanda