RC Consultants

RC Consultants 'RC Consultants' provide management services to local and international clients. Our aim is unlock s

25/11/2023

Just Remind !!!
වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකාරී, බැංකු, වාස්තු විද්‍යාඥ යන ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක නියැලෙන තැනැත්තන් අද (2023 ජුනි 01) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මුදල්, ආර්ථික ස්ථායිකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ගැසට් නිවේදනය අනුව මෙලෙස දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙත ලියාපදිංචි වීම අනිවාර්ය වන පිරිස් වන්නේ

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ලියාපදිංචි සාමාජිකයින්
ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයින්
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයින්
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයින්
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයින්
ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනයේ සාමාජිකයින්
ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරුන්
ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ ව්‍යාපාර ලියාපදිංචි කර ඇති පුද්ගලයින්
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයින් (ත්‍රී රෝද රථ, මෝටර් බයිසිකල් සහ අත් ට්‍රැක්ටර් හැර)
ශ්‍රී ලංකාවේ නිශ්චල දේපළක් මිල දී ගෙන ඇති ‌හෝ අත්පත් කරගෙන ඔප්පුවක් හුවමාරු කර ගෙන ඇති පුද්ගලයින්
මාසිකව සේව්‍ය සේවක දෙපාර්ශවයෙන්ම එක්ව රු. 20,000ට වැඩි දායකත්ව මුදලක් ඕනෑම පාරිතෝෂිත අරමුදලකට හිමිකම් කියනු ලබන සේවකයින්
දේශීය අධිකාරීන්ගෙන් ගොඩනැගිලි අනුමත සැලසුමක් ලැබූ ඕනෑම අයෙකු
ශ්‍රී ලංකාව තුළ මාසිකව රු. 100,000 ක් හෝ වාර්ෂිකව රු. 1,200,000 ක ගෙවීමක් ලබන වෙනත් ඕනෑම අයෙකු

මීට අමතර ඉහත ලැයිස්තුවට ඇතුලත් නොවුවද, 2023 දෙසැම්බර් 31 වන දිනට වයස අවුරුදු 18ක් සම්පුර්ණ වී ඇති හෝ 2024 ජනවාරි 01 දින හෝ ඊට පසු වයස අවුරුදු 18ට එළඹෙනවිට සියළු තැනැත්තන්ද මෙම නව විධිවිධානයට යටත් වනු ඇති.

බදු ගෙවන ඔබට ස්තූතියි !!!

Happy New Year 2022 ❤️
01/01/2022

Happy New Year 2022 ❤️

23/12/2021

හැමෝම හිතාගෙන ඉන්නේ ඩොලර් සංචිත අඩුවෙන්නේ ආනයනය කරාම කියල. ඒත් බොහෝ දෙනෙක්ට නොතේරෙන දෙයක් තමයි ආනයනය වැඩි වෙන්නේ සල්ලි අච්චු ගැහුවහම කියල.

📌 අපට අපගේ විදෙස් සංචිත සහ රුපියල් ගැන සිහිපත්වනුයේ ආර්ථිකය අවසන් අඩියට කඩා වැටුණට පසුවය. මේ දිනවල විදේශ සංචිතවල තත්ත්ත්වය සම්බන්ධයෙන් බොහෝ තැන්වල කතාබහ වෙති. ආර්ථික විද්වත්හු ඒ ගැන විවිධ විවරණ දෙති. කොහොම වුණත් සංචිත පහළයන්නෙ ඇයි කියල සොයා බැලීමත් වැදගත්ය.

📌 ඇතැමුන් සිතාසිටිනුයේ රජය ආනයන තහනම් කළද ආණ්ඩුව හොර රහසේ භාණ්ඩ ගෙන්වන බවය. එලෙස භාණ්ඩ ගෙන්වන්නේ නැතිනම් මේ ආකාරයෙන් රුපියල බාල්දු නොවන බව සාමාන්‍ය ජනතාවගේ අදහසයි. විදේශයක සිටින මා මිතුරෙක් මැතකදී විමසා සිටියේ “ඩොලර් නම් අතේ තියෙනව. ඒවා දැන්ම රුපියල් කරන්නද? නැත්නම් තව කාලයක් ගිහිල්ල රුපියල්වලට හරවන්නද යනුවෙනි.

📌 ආනයන තහනම ඉවත් කළොත් රටේ මේ තියෙන ගැටලු තවත් උග්‍රවන බව තමයි තව පිරිසකගේ අදහස. ඒ වගේම රුපියල දිනෙන් දින කඩාවැටීම හමුවේ අපේ ආර්ථිකය කඩා වැටෙනවා නේද? තවත් පිරිසක් ප්‍රශ්න කරති. යම් යම් පුද්ගලයන් තමන් සිටින, තමාට වැටෙහන තත්ත්වය අනුව පවතින අර්බුද විවිධාකාරයෙන් විග්‍රහ කරමින් සිටිති.

📌 මෙහිදී අප පළමුව තේරුම් ගත යුත්තක් ඇත. එනම් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය යනු රටක ආර්ථිකය හොඳට දුවනවද නරකට දුවනවද යැයි පරීක්ෂා කර බලන මීටරය වැනි දෙයක් නොවන බවයි. එහි අරුත “ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම කිසිම ප්‍රශ්නයක් නැහැ, අපිට භය වෙන්න කිසිම හේතුවක් නෑ” යන්න නම් නොවේ. ‍විවිධ හේතු නිසා එක් එක් රටවල මුදල් ඒකක අවප්‍රමාණය විය හැකිය. උදාහරණයක් ලෙසින් ඇමරිකාව වැනි දියුණු රටක පොලිය වැඩි කිරීම/අඩු කිරීම වැනි දේ බලපා හැකිය. නමුත් මේ රුපියල වැටෙන්නෙ අපේ මූල්‍ය පද්ධතියෙ ඇති රුපියල් ප්‍රමාණය වැඩි කිරීම නිසාය. මුදල් අච්චු ගැසූ හැම මොහොතකම රුපියල කඩා වැටුණි.

📌 2015 වසරේදී උද්ධමනය අඩුයි යැයි පවසමින් මුදල් අච්චු ගැසීය. එහි ප්‍රතිඵලය වූයේ 131 ට තිබූ රුපියල 151 දක්වා අවප්‍රමාණය වීමයි. 2018දිත් එම ක්‍රමයම අනුගමනය කෙරුණි. එහිදී රුපියල 181ට ඉහළ ගියේය. මේ මොහොතේ ඩොලරය රුපියල් 200 සීමාවේ තබාගෙන සිටිනුයේ කෘතිමවය. මීට පෙරද සල්ලි අච්චු ගැසීය. එවිට රුපියල කඩා වැටෙද්දි සංචිතවලින් ඩොලර් වෙළඳ පොළට මුදාහැර, ණය වී ලබාගත් ඩොලර් සංචිතවලට මුදා හැරියේය. ඒ මුදල් නැවත රුපියල අවප්‍රමාණය වීම නැවැත්වීමට යෙදවීය. සල්ලි අච්චු ගැහීම මේ මොහොතේ වඩා භයානක වනුයේ ණය ගෙවීමට ඇති සංචිත සල්ලි අච්චු ගැසීමෙදී එන්න එන්නම අඩු වන නිසාය. සල්ලි අච්චු ගැහුවාම කොහොමද සංචිත අඩුවන්නේ යන ප්‍රශ්නය දැන් ඔබට පැන නැගෙනු ඇත. ඊට පිළිතුර නම් ආනයන වැඩි වෙන නිසා. එසේ නම් මුදල් අච්චු ගැසීම සහ ආනයන අතර ඇති සම්බන්ධය කුමක්ද? අප අච්චු ගසන්නේ රුපියල්ය. එහෙත් භාණ්ඩ ගෙන්වීමේදී ගෙවන්නේ ඩෙලර්වලිනි. එය සිදුවනුයේ මෙලෙසිනි.

📌 සල්ලි අච්චු ගැසූ විට බැංකුවලට ණයට දීමට මූල්‍ය පද්ධතිය තුළ ඕනෑ තරම් මුදල් ඇත. සල්ලි අච්චු ගැහුවෙ නැතිතම් බැංකුවලට ණයට දෙන්න ඇත්තේ තැන්පත්කරුවන්ගේ මුදල්ය. තැන්පත්කරුවන්ගෙන් මුදල් වැඩිපුර තැන්පත් කර ගැනීමට නම් වැඩි පොලියක් ගෙවිය යුතුය. ඉන් අදහස් වූයේ මිනිස්සු වියදම් නොකර මුදල් ඉතුරු කළ යුතුය. නමුත් එවිට ආර්ථික වර්ධනය සිදුවනුයේ සෙමිනි. මන්ද මුදල් ඉතුරු කරනවා යනු නව ඉදිකිරීම් අඩුය, යන්ත්‍රසූත්‍ර මිලදී ගැනීම් අඩුය. එමගින් ආර්ථිකය හිරවේ. එවිට බැංකුවලට ණයට දීමට ඇති මුදල් අඩුය. ඒත් දැන් සිදුකරනුයේ මහ බැංකුව සල්ලි අච්චු ගැසීමය. එවිට බැංකුවලට මහ බැංකුවෙන් මුදල් ඉක්මනින් ගෙන ආයෙත් සාමාන්‍ය මිනිස්සුන්ට ණයට දිය හැකි. එවිට වැඩිපුර ණය දෙනවා යනු ආර්ථික ගමන වේගවත් වීමකි. Credit හොඳට යනවා යැයි පවසන්නේ එයටය. නමුත් එහිදී ආනයන වැඩි වේ. කවුරුන් හෝ බැංකුවෙන් ණයක් ‍ගෙන බිල්ඩිම් ඉදිකළහොත් රුපියල්වලින් ගෙවීම් කළද ඒ සඳහා භාවිත වන යකඩ ගෙන්වන්නේ ආනයනය කරය. සිමෙන්ති ආනයනය කර, වීදුරු ආනයනය කර. බිල්ඩිම හදන කෙනා රුපියල්වලින් ගෙවීම් සිදුකළද අන්තිමේදී වැයවන්නේ ඩොලර්වලිනි. ආනයන කෙතරම් තහනම් කළද පළක් නොවන බව සහ එය රුපියල අවප්‍රමාණය වීමට බලපෑමක් නැතැයි මා නිරන්තරයෙන් පවසන්නේ එනිසාය. ඊට වඩා ගැළපෙන්නේ ආනයන තහනම ඉවත් කර, පද්ධතියේ ඇති රුපියල් ප්‍රමාණය අඩු කිරීම. එවිට ඉබේම ආනයන අඩු වේ. ආනයනවලට ඇති ඉල්ලුම අඩු වේ. ඩොලර් පද්ධතිය වැය නොවේ. එය ඉතිරි වේ. නිෂ්පාදනය වැඩි කිරීම සහ කාර්යක්ෂම බව තුළින් අපේ ආර්ථිකය වර්ධනය කළ හැකිය.

📌 මුදල් වැඩිපුර අච්චු ගහපු ගමන් ආනයන වැඩි වෙනව කියල බොහෝ දෙනාට වැටහෙන්නේ නැත. ආනයන කෙතරම් තහනම් කළද ආනයනය කළ හැකි දේට මිනිසුන් යොමු වේ. උදාහරණයක් ලෙසින් ගතහොත් බැංකුවෙන් ණයක් ගෙන වාහනයක් මිලදී ගැනීමට සිටි පුද්ගලයෙක් දැන් වාහන ගෙන්වන්න බැරි නිසාත්, නිවාස ණය පොලිය අඩු නිසා ගෙයක් හැදීමට උත්සාහ කරයි. නැතිනම් පරණ වාහනයක් මිලදී ගනියි. එවිට පැරණි වාහනය විකුණූ පුද්ගලයා පරිගණකයක් මිලදී ගන්නා යැයි තීරණය කළහොත් ඒත් අන්තිමට වියදම යන්නෙ ඩොලර්වලින්මයි. එහෙම නම් අපේ රටේ සන්නාම සහිත භාණ්ඩ පරිභෝජනය කළාම ඩොලර් ඉතිරි වේ යැයි යමෙක් තර්ක කළ හැකිය. එහෙත් නවීන නිෂ්පාදන බිහිවනුයේ රටවල් ගණනාවක අමුද්‍රව්‍ය එකතු වීය. උදාහරණයකට ශ්‍රී ලාංකික සන්නාමයක් වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ගනිමු. අපි විදෙස් සංචාරයන් යෑමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පමණක් භාවිත කළද, ඒ වෙනුවෙන් අපි ගෙවන්නා වූ මුදල් ලෝකෙ වටේටම සැරිසරයි. එකී ගුවන්යානයට ගහන තෙල් අපේ නොවේ. ගුවන්යානය නිර්මාණය කළ යකඩ අපේ නොවේ. මේ ආකාරයෙන් අපේ නොවන ගැන දිගු ලැයිස්තුවක් විය හැකිය. එනිසාය අපේ ආර්ථිකය අනෙකුත් ආර්ථික හා සම්බන් කිරීම වැදගත් වනුයේ. එවිට විදෙස් රටක අයෙක් මුදල් වියදම් කළද‍ ඉන් කොටසක් අපේ රටටද ගලා ඒ.

📌 ශ්‍රී ලන්කන් සමාගමේ ගුවන්යානයක් පාවිච්චි කළා මෙන් මුළු ආර්ථිකයකම මිනිස්සු වැඩි වැඩියෙන් වියදම් කරද්දි ආනයන වැඩි වේ. එසේ නැති වුණොත් බඩුවල මිල අධික ලෙස ඉහළ යයි. අනෙක් පසින් සල්ලි අච්චු ගැසීමේදී බඩුවල ඉල්ලුම වැඩි වීම නිසා ඩොලර්වලට ඇති ඉල්ලුමද වැඩි වේ. එවිට රුපියල අවප්‍රමාණ වේ. එවැනි මෙහොතක මහ බැංකුව සංචිතවල ඇති ඩොලර් විකුණා ඩොලර් රැක ගැනීමට උත්සාහ ගනියි. ඉදින් සංචිත අඩු වේ.

📌 සංචිත අඩු වෙද්දී මහ බැංකුව නැවත වෙළෙඳ පොළෙන් ඩොලර් මිලදී ගනී. ඒ සංචිත නැවත ගොඩනැගීම වෙනුවෙනි. එවිට නැවත වරක් ඩොලර් අඩු වේ. ආයෙත් රුපියල අවප්‍රාමාණය වේ. අපි මේ දවස්වල අපේ ණය ගෙවන්නෙ අපේ සංචිතවලිනි. ඊට හේතුව නම් ණය ශ්‍රේණිගත කිරීම් ආයතන අපේ ණය ශ්‍රේණිය පහත දමා ඇත. එනිසා වෙළෙඳ පොළෙන් නැවත ණය ගැනීම අසීරුය. මිත්‍ර රාජ්‍යයක් අපිට ඩොලර් දුන්නොත් හැරෙන්න ඩොලර් සංචිත ගොඩගැනීම පවතින තත්ත්වය තුළ ඉතා අසීරුය. චීනයෙන්, ඉන්දියාවෙන්, බංග්ලාදේශයෙන් ස්වොප් ගිවිසුම් Swap agreement) මගින් අපේ භාෂාවෙන් කියනවා නම් යාළුකමට අත මාරුවට දෙන මුදල්ය. ආනයන මෙතරම් තහනම් කළද, ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් වුණත් රුපියල අවප්‍රමාණය වෙන්නෙ ඇයි, අපේ සංචිත අඩු වෙන්නෙ ඇයි කියන ප්‍රශ්නය අපි අපෙන්ම අසාගත යුත්තකි. එලෙස ස්වයං ප්‍රශ්න නැගීමකින් පමණි මෙහි ඇති ගැටලුව වටහාගත හැකි වනුයේ.

📌 අප මේ පිළිබඳ කෙතරම් පැහැදිලි කළ ද මේ දේ මහ බැංකු නිලධාරින් දන්නේ නැත්දැයි බොහෝ දෙනා අසති. ඒ ප්‍රශ්න නැගීම නිවැරදිය. ඒ අපි බෞද්ධ වුවද, ධර්මයේ ඇති කරුණු දැනගත්තද නිවන් දකින්නෙ නැත. ධර්මය දැනීමයි ධර්මය අනුගමනය කිරීම සහ ධර්මය ප්‍රගුණ කිරීම යනු එකිනෙකට පරස්පර කරුණු තුනකි. එලෙසින්ම මේ ආර්ථික ගැටලුවේදී කරුණු දැනගත් පමණින් ක්‍රියාත්මක නොවේ. එහෙත් මෙරට ජනයා බලා සිටිනුයේ නිවැරදි ප්‍රතිපත්ති භාවිත කර අපේ මුදල්වල වටිනාකම ඉතිරි කර දෙන දිනයක් උදාවන තුරුය.

🔗 https://www.advocata.org/sinhala-archives/2021/12/17/fremsha-wpq-yoa-fvd-ix-wvqfjkafk-fldfyduo

12/12/2021
1906 ජපානයේ ඉපදුනු කොලු පැටියෙක්. දුප්පත්කම නිසා පාසල් යන්න ලැබුනේ නෑ.ඒ හින්දා අවුරුදු 15 දී මොහු ටෝකියෝවේ ගරාජයක රස්සාව...
07/11/2021

1906 ජපානයේ ඉපදුනු කොලු පැටියෙක්. දුප්පත්කම නිසා පාසල් යන්න ලැබුනේ නෑ.ඒ හින්දා අවුරුදු 15 දී මොහු ටෝකියෝවේ ගරාජයක රස්සාවට ගියා.

හැබයි ගරාජයේ හිමිකරු ඔහුට දුන්න රැකියාව තමා ඔහුගේ දරුවා බලාගැනීම. ඔහු කලේ දරුවාව පිටේ එල්ලාගෙන මුලු ගරාජය පුරාම ඇවිද්දා.. එහි වෙන වැඩ හොඳ අවධානයකින් බැලුවා.

තරුණ වයසෙදි ඔහු ඒ දවස්වල ප්‍රසිද්ධ කොම්පැනියක් වුන ටොයෝටා සමාගමේ මිකෑනික් වරයෙක් විදිහට බැඳුනා.කාලය ගතවුනා. ඔහු දැන් ඉතා දක්ෂ මිකෑනික් වරයෙක්.
ඔහුත් අනික් මිකෑනික් වරුන් ට වඩා වෙනස්. අනික් අයගේ සිහිනය වුනේ කොහොම හරි ජපානයේ හොඳම වාහන නිපදවන සමාගමේ මිකෑනික් වරයෙක් වීම.
ඒ අපේ මේ කොලුවා ඔවුන්ගෙන් වෙනස් වුනේ ඔහු දැකපු සිහිනයයි.
ඒ ඔහුගේම මෝටර් රථ සමාගමක් නිර්මාණය කිරීමයි.

ඉතින් තමාගේ ම මෝටර් රථයක් නිපදවන්න සිහින දැකපු මේ තරුණයාට ටොයෝටා සමාගම අදාල පරීක්ෂණ කටයුතු කරන්න ඉඩ දුන්නා. හැබයි ඒකට වැයවෙන මුදල් සේරම කොලුවා විසින් දැරිය යුතුයි. ඉතින් ඔහු කෙතරම් මේ සඳහා මුදල් වැය කෙරුවාද කීවොත් බෝඩිමට සමුදී ගරාජයේ බංකුවක් මත නිදාගත්තා.
මේ විදිහට ඔහු අවුරුදු දෙකක් බංකුව මත නිදාගත්තා. ඒ තමන්ගෙ සිහින රථය ඉලිදක්වන්න.එහි ප්‍රථිපලය සිහින මෝටර් රථය එලිදැක්වීම.
ඒත් ටොයෝටා සමාගම මේ මෝටර් රථය නිපදවීම ප්‍රතික්ශේප කරා.

කතාව ඉවර කරන්න කලින් ප්‍රශ්නයක් අහන්නද
ඔබ ඔහු නම් කුමක් කරයිද?

ඔහු නැවතත් තමන්ගේ පරීක්ෂණ කටයුතු ගෙන ගියා. බංකුව මත තවත් අවුරුදු කීපයක් නිදාගන්න සිදුවුනා.
අවසානයේ ඒ අඩුපාඩු මගහැරපු ඔහුගේ නව මෝටර් රථය ටොයෝටා සමාගමට ඉදිරිපත්කරා...
සමාගම එය පිලිගත්තා..
කතාව එතනින් නවතින්නෙ නෑ. අවසානයේ ඔහුගේ සිහිනය සැබෑවෙන්න ඔන්න මෙන්න තියෙද්දි දෙවන ලෝක යුද්ධය ආරම්භ වුනා.
ඉතින් කිසිම ආයෝජකයෙක් මේ මෝටර් රථයට ආයෝජනය කරන්න ඉදිරිපත්වුනේ නෑ. ඔහු වසර ගණනාවක් ආයෝජකයින්ට ලිපි ලීවා. අවසානයේ ආයෝජකයින් දෙදෙනෙක් ඉදිරිපත්වුනා.ඔහුගේ නව මෝටර් රථ කම්හල ඉදිවුනා...

සියල්ල සතුටෙන් විසිරගියා කියලාද හිතන්නේ....

නෑ... 1945 දී ඇමරිකාව විසින් ජපානයට හෙලූ බෝම්බ ප්‍රහාරයකින් මේ කර්මාන්ත ශාලාව පොලොවට සමතලා වුනා.මේ වෙනකොට මේ තරුණයා එකතුකල මුදල්... පොදිගැසූ හීන යලිත් දියවුනා. හිටපු තැනටත් අන්තයට වැටුනා.

ඔබ මොහුනම් කුමක් කරයිද..?

ඒත් මොහු කතාව අපිට මෙතනින් නතරකරන්න ඉඩදෙන්නේ නෑ...

මොහු නව නිපැයුම් කරුවෙක්. ඒ වගේම හොඳ ව්‍යවසායකයෙක්. ඒ මොහු කල්පනා කලා කොහොමද ආයෙ වැඩේ ගොඩදාන්නෙ කියලා.

ඔහු ආයෙමත් කාර් එක හදන්න ගියේ නෑ, මොකද ඒ වෙනකොට ජපානයේ කාර් මිල ඉතා ඉහලයි. කවුරුවත් ගන්නෙත් නෑ...

ඔහු ඒ හින්දා එයට පිලියමක් ලෙස මෝටර් බයිසිකලයක් නිපදෙව්වා.

1949 දී අශ්වබල 3 ක Dream මෝටර් බයිසිකලය ලොවට බිහිවුනා...

ඒ විතරක් නෙවේ එය මොහුව කෝටිපතියෙකු කලා.
වැඩේ නැගලා ගියා කියලා ඔහු මෝටර් බයිසිකල් මුදලාලි කෙනෙක් වෙලා ආතල් එකේ ඉන්න හිතුවේ නෑ. ආපහු ඔහුගේ සිහින මෝටර් රථය නිපදවන්න තීරණය කරා. මෙවර සියල්ල හොඳින් සිදුවුනා.
අවසානයේ ඔහු නිපදවු මෝටර් රථය ලොව ඉතා ජනප්‍රිය වුනා. ඒ විතරක් නෙවේ අද වනවිට තමන් මිකෑනික් වරයෙක් ලෙස වැඩකරපු ටොයෝටා සමාගම සමග කරට කර සිටින මෝටර් රථ සමාගමක්...
මෙච්චර අමාරු ගමන්ක් පසුකරපු ඒ මෝටර් රථ තමා...

"හොන්ඩා" HONDA

මේ කොලුවාගෙ නම තමා සොයිචිරෝ හොන්ඩා.
අපි දන්නවා මේ හොන්ඩා රථය පදවාගෙන යන ඔබටත් මේ වගේම බාදක වලින් පිරුනු අතීතයක් ඇති. මෙය කියවපු හැමෝටමත් එහෙම ඇති.ඒ බාධක ජයගත්ත අය වෙන්න ඇති.
කියන්න ඕනෙ වුනේ මෙච්චරයි.

බාධක එන එක ඔබට පාලනය කරන්න බෑ..
ඒත් ඔබට පුලුවන් පරාජය වෙන එක පාලනය කරන්න...

Copied

ඔබ දුප්පත් ද පොහොසත් ද? "මගේ දියණියට දිළිඳු පුද්ගලයෙක් හා විවාහ වෙන්නට බැහැ" එසේ පවසන්නේ ලොව අංක එකේ ධනවතෙකු වෙන බිල් ගේ...
02/11/2021

ඔබ දුප්පත් ද පොහොසත් ද?

"මගේ දියණියට දිළිඳු පුද්ගලයෙක් හා විවාහ වෙන්නට බැහැ" එසේ පවසන්නේ ලොව අංක එකේ ධනවතෙකු වෙන බිල් ගේට්ස්.

මීට වසර කිහිපයකට පෙර එක්සත් ජනපදයේ පැවති මූල්‍ය ආයෝජන ගැන සම්මන්ත්‍රණයක දී එහි ආරාධිත කථිකයෙක් ලෙස සහභාගී වූ බිල් ගේට්ස්ගෙන් කෙනෙක් ඇසුවේ හාස්‍යයජනක ප්‍රශ්නයක්.

ඒ තමයි, ලෝකයේ ධනවත්ම මිනිසා වෙන ඔහු, තම දියණිය දිළිඳු, සාමාන්‍යය කෙනෙක් හා විවාහවීම පිළිගන්නවා ද කියලා.

ඔහුගේ පිළිතුර සෑම කෙනෙක් තුළම විශේෂ වෙනසක් ඇතිකරන්නට හේතු වුනා.

බිල් -

මුලින්ම තේරුම්ගන්න ඕනේ දේ තමයි ධනය කියන්නේ ලොකු බැංකු ගිණුමක් නෙමෙයි කියන එක. ධනය කියන්නේ මූලිකවම ධනය නිපදවන්න ඇති හැකියාව.

උදාහරණයකට ලොතරැයි දිනුමක් හරි සූදුවෙන් හරි ලොකු මුදලක් දිනන කෙනෙක් ගන්න. ඔහු මිලියන 100 ක් දිනුවත් ධනවතෙක් නෙමෙයි: ඔහු මුදල් ගොඩක් ඇති දුප්පතෙක්. මේ නිසා තමයි ලොතරැයි දිනුම් හිමියන්ගෙන් 90% ක්ම ඉන් වසර පහක් ඇතුලත කඩා වැටුන ආර්ථිකයක⁣ට හිමිකම් කියන්නේ.

තව ඉන්නවා ධනවත් මිනිස්සු. හැබැයි ඔවුන්ට මුදල් නැහැ.

හොඳම උදාහරණ තමයි බහුතරයක් ව්‍යවසායකයෝ. ඔවුන් දැනටමත් ධනයට පාර හොයාගෙන ඉන්න අය. මුදල් නැතත් ඔවුන් මූල්‍යය දැනුමෙන් පොහොසත්. අන්න ඒකයි ⁣නියම ධනවත් බව කියන්නේ.
එතකොට ධනවතා සහ දිළින්ඳා එකිනෙකාගෙන් වෙනස්වෙන්නේ කොහොමද?

සරලවම ධනවතා ධනවත්වීම සඳහා මියයන්නට සූදානම් අතරේ දුප්පතා ධනවත්වීමට මිනීමරන්නට සූදානම්.

අලුත් දේවල් ඉගෙනගන්න, පුහුණුවෙන්න, නිරන්තරයෙන් තමන්ව වැඩි දියුණු කරන්න උත්සාහ කරන තරුණ කෙනෙක් දුටුවාම - විශ්වාස කරන්න, ඔබ ඒ දකින්නේ ධනවතෙක්.

රජයට බැන බැන, සියලු ධනවත්තු හොරු යැයි කියමින් වටේම ඉන්නා අයට දොස්දෙවොල් තබන තරුණ පුද්ගලයෙක් එහි අනිත් පැත්ත! ඔහු දිළින්දෙක්.

විධිමත් තොරතුරු සහ පුහුණුව තමන්ව ඉහළට නංවන බව ධනවතා හිතන අතරේ දුප්පතා හිතන්නේ ඔහුට ඉහළ යන්න නම් අනිත් අය ඔහුට ඒවා සැපයිය යුතු බවයි.

ඉතින්, මගේ දුව දිළින්ඳෙක් හා විවාහ වෙන එකට මම අකැමැති වෙන්නේ කිසිසේත්ම මුදල් නිසා නෙමෙයි. මම කතාකරන්නේ ධනය නිපදවන්න ඔහු තුල ඇති හැකියාව ගැනයි.

මෙහෙම කියනවාට සමාවෙන්න. ඒත් ගොඩක් අපරාධකරුවෝ දුප්පතුන්. මුදල් ඉදිරියේ ඔවුන් උමතු වෙනවා. ඒ නිසා තමයි ඔවුන් හොරකමට පෙළඹෙන්නේ. ඔවුන්ට එය පුදුම සතුටක්, ඇයි ඉතින් තමන්ගේ මහන්සියෙන් ධනය උපයන්න ඔවුන් දන්නේ නැහැ නේ!

එක දවසක්, බැංකුවක ආරක්ෂක නිළධාරියෙක්ට මුදල් පිරුණු බෑගයක් හම්බවුනා. ඔහු ඒක බැංකු කළමනාකරුට භාරදුන්නා.

ගොඩක් අය ඔහු මෝඩයෙක් කියලා හිතුවා. ඒත් ඇත්ත කතාව නම් ඔහු මුදල් අත නැති ධනවතෙක්.

ඉන් වසරකට පස්සේ ඔහුට ඒ බැංකුවේම පිළිගැනීමේ නිලධාරියෙක් හැටියට වැඩකරන්න ලැබුණා. තෙවසරකින් ඔහු පාරි⁣භෝගික කළමනාකාර ධුරයටත්, එයිනුදු දස වසරකින් ප්‍රාදේශීය කළමනාකරුවෙක් හැටියටත් සේවානියුක්තිකයින් සිය ගණනක් තමන් යටතේ අපූරුවට කළමනාකරණය කරනවා. දන්නවා ද ඔහුගේ වාර්ෂික බෝනස් මුදලේ අගය? එය ඔහු අර භාරදුන්න මුදල් ප්‍රමාණයට වඩා විශාලයි!

ඉතින්, ධනය කියන්නේ නිවැරදිව හිතන මනසට!

Copied -
Author unknown

Happy Customers ❤️ as at 31st August 2021
31/08/2021

Happy Customers ❤️ as at 31st August 2021

30/08/2021
ව්‍යාපාරය සමාගමක් ලෙස ලියාදිංචි කිරීමට අවශ්‍ය ඔබට,මේ සඳහා  RC Consultants පහත සේවා ඔබ වෙත සපයයි.1. සමාගම් Register කිරීම...
08/08/2021

ව්‍යාපාරය සමාගමක් ලෙස ලියාදිංචි කිරීමට අවශ්‍ය ඔබට,
මේ සඳහා RC Consultants පහත සේවා ඔබ වෙත සපයයි.

1. සමාගම් Register කිරීමේ උපදෙස්
2. නම සෙවීම සහ වෙන් කිරීම (Name Search / Name Reservation)
3. සාංගමික ව්‍යවස්ථාවලිය සකස් කිරීම (Article of Association)
4. Form 01,Form 18, Form 19 සකස් කිරීම.
5. සංස්ථාපන සහතිකය ලබාදීම. (Certicate of Incorporation )
7. Form 01 හි සහතික කළ පිටපතක් ලබා ගැනීම
8. ආයතනික බැංකු ගිණුම විවෘත කර දීම
9. නොමිලේ බදු උපදේශනය
10. නොමිලේ ව්‍යාපාර උපදේශනය

පෞද්ගලික සමාගමක් ලියාපදිංචිය සඳහා
අමතන්න / Whatsapp කරන්න 0773046993 .
Facebook / Messenger හරහා සම්බන්ධ වීමට 👎
https://www.facebook.com/rcconsultants101/
සියලුම තොරතුරු අපවෙත Online ක්‍රමයට ලබාදිය හැක.

මුල්ම article එක විදිහට ලියන්න යන්නෙ  අලුත්ම වැඩක් කරපු ශ්‍රී ලාංකික entrepreneur කෙනෙක් ගැන.ඒ තමා කමාජ් සිල්වාමේ වෙද්දි...
25/06/2021

මුල්ම article එක විදිහට ලියන්න යන්නෙ අලුත්ම වැඩක් කරපු ශ්‍රී ලාංකික entrepreneur කෙනෙක් ගැන.

ඒ තමා කමාජ් සිල්වා
මේ වෙද්දි කමාජ් සිල්වාගේ ව්‍යාපාර ක්ෂේත්‍ර කිහිපයක පැතිරිලා තියනවා.

ගල්කිස්සේ ඉපදුනු ඔහු ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරලා ඉන් පස්සෙ එංගලන්තයේ උසස් අධ්‍යාපනය හදාරපු කෙනෙක්.

ඉන් පස්සේ කැනඩාවේ රැකියාවෙ යෙදිලා ඉඳලා පසුව රැකිවා අහිමි උනාට පස්සෙ ඔහු බැංකු ගිණුමේ තිබ්බ ඩොලර් 700කින් තමා ව්‍යාපාර ආරම්භ කරන්නෙ.

මෙතන ඉඳලා කරුණු විදිහට දක්වන්නම් ඔහුගේ ජයග්‍රහණ හා ඔහු මෙතෙක් කරලා තියන දේවල්.

•මුලින්ම තමන්ගේ ආරම්භකම ව්‍යාපාරය විදිහට Sneakertub company එක ආරම්භ කරනවා.

•ඒක තමයි මුලින්ම පටන් ගත්තු sneaker subscription service එක nike subscription service එකක් පටන් ගන්නෙත් ඊට අවුරුදු කීපයකට පස්සේ.

•ඒ වගේම කමාජ් සිල්වා තමයි dragon's den එකෙන් deal එකක් දිනපු පළවෙනි සහ එකම ලාංකිකයා.

•ඒ වගේම ඔහු Milk Toronto නමින් පටන් ගන්නවා clothing shop එකක් සහ clothing line එකක් පටන් ගන්නවා ඒ company එක toronto වල award win කරපු business එකක්.

•ඒ වගේම මෑත කාලේ ගොඩක් ජනප්‍රිය උන wasthi cap එක එහෙම හැදුවේ මේ Milk Tornto company එකෙන්.

•වර්තමාන වන විට Mil Music නමින් Record Label එකක් ද ආරම්භ කර තිබෙනවා.

•ඒ වගේම එම Record Label එක සමඟ මේ වන විට ලහිරු පෙරේරා,wasthi යන අය ක්‍රියාකාරීව සම්බන්ධ වෙලා ඉන්නවා.

°තමන්ගේ youtube channel එක සහ podcast එක මඟින් අනාගතයේ ව්‍යවසායකයන් වෙන්න ඉන්න අයට උපදෙස් හා උපකාර සැපයීමටත් කටයුතු කරනවා.

•මුල්ම article එක විදිහට Kamaj silva ගැන ලියන්න හිතුවේ ඔහු මටත් ලොකු අභිප්‍රේරණයක් උන පුද්ගලයෙක් නිසා.

•ඔබටත් anchor,spotify,apple වගේ platfom වලින් කමාජ් සිල්වාගේ podcast එක අහන්න පුළුවන්.

•ඒවගේම Kamaj TV,Kamaj කියන youtube channel වලිනුත් Kamaj Silva reach කරන්න ඔයාලට පුළුවන්.



උපුටාගැනීමකි.

Address

Wennappuwa
61170

Alerts

Be the first to know and let us send you an email when RC Consultants posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to RC Consultants:

Share